Menu Close

108. ආදරණීය මිනිස්සු

පසු ගිය දවස් ටික යනු ජීවිතේ අසීරු ම දවස් ය….දන්නා කියන අය සහ කිසිදාක නොදන්නා අය පවා තමන්ගේම මිනිසුන් යැයි හැඟුණ දවස් ය…..
.
හදිසියේ ඉහ මත මහා බරක් වැටුණා සේ ආ ආරංචිය සමග මීගමු නවලෝක රෝහලට ගියා ද ඉගිල්ලුණාදැයි මටම සිතාගත නොහැක….
.
නමුත් වාහනයෙන් බට මොහොතේ සිට අපූරු මිනිසුන් දුටිමි…ඔවුන් දෙකොට්ටාසයකි…එක් කොටසක් සෞඛ්‍ය වෘත්තිකයන් වන අතර අනෙක් අය සාමාන්‍ය අපි සේම පුරවැසියන් ය….
.
මම සෞඛ්‍ය වෘත්තිකයෙක් වෙමි….එතැන කාර්‍ය භාරය ලෝකයේ කොහේ කොතැන අසීරු ආපදාවකදී ද එකම සේ කැපවෙන බව දන්නා නිසා ඒ ගැන නොලියමි….
.
නමුත් මේ සටහන…මගේ රටේ ආදරණීය මිනිසුන් ගැනය….ඔවුන් ඒ මොහොතේ පාරට බැස්සේ කඩිනම්ම අවශ්‍යතාවයකටය….තමන්ගේ හෝ අනුන්ගේ කාගේ හෝ ලෙඩෙක් වෙනුවෙන්…..මහා මාර්ගය අවහිරතාවයෙන් තොරව වාහන ධාවනය හසුරවන්නට ඒ මිනිසුන් උත්සුක වුන අන්දම අපූරුය….
.
හඬා වැටෙන සියක් ජනතාව අස්වසන්නවුන්‍ ය….රෝද පුටු ට්‍රොලි තල්ලු කරන් දුවන අයය…..ඒ ආදරණීය ම මිනිසුන් ය….
.
කෙටිම කෙටි පණිවුඩයකින් …ලේ දෙන්නට රොක් වූ මිනිසුන් දැක ඇස් පුරා ආවේ කඳුලුය…එතරම්ම නිහතමානී කැපවීමක්…මිනිසුන් අතරේ එක මොහොතින් පැන නගන අන්දම විශ්මයකි….
.
මගේ පුතා කීවේ විදේශයක අයෙක්ගේ ඉන්ස්ටග්‍රෑම් සටහනක මෙසේ තිබුණා යැයි කියාය….එහි සිංහල අදහස මෙයයි
.
ශ්‍රී ලංකාවේ මිනිසුන් ලේ දීමට පොදි කන ආකාරය දුටු විට මට ලංකාවට ගුවන් යානයෙන් පැමිණීමට සිත් නොදේ….මට සිත් දෙන්නේ ලංකාව වෙත උඩින් පැන වහාම ඒමටය….කියාය…..
.
තුවාලකරුවන් රැගෙන යන්නට මෙන්ම අනෙක් මිනිසුන් අස්වසන්නට කැපවෙන අපේ රටේ මිනිසුන් ඉතාම ආදරණීයයන්‍ ය….
.
එතරම්ම ආදරණීය මිනිසුන් පිරි රටක මෙවන් ඛේදවාචකයක් ඇති වූයේ මන්දැයි මම තවම              සිතාගත නොහැකිව බලා ඉමි…….
.
මිනිසුනේ….මගේ ආදරය ඔබටමයි

විසිරි සිහින

%d bloggers like this: