Menu Close

107. ජීවිතයක අගය

VPN බ්ලොක් කලාට පස්සෙ ඇඳිරි නීතියත් වැටුණාම…මං ඔහේ කල්පනා කර කර උන්නෙ මේ දවස් දෙක මිනිස්සුන්ගෙ ජීවිත වලට කල හදිය….
.
පෙර දවසක හිනාවෙන් සතුටින් ජීවිතේ ගතකල මිනිස්සු අද අඬා වැටෙනව….සමහර අයට අඬන්න වත් සිහියක් නෑ….බෝම්බ පිපිරීමෙන් මොහොතකට පසුව මීගමුවෙ රෝහල සහ නවලෝක රෝහල අසලට ගියාම ….ඒ මිනිස්සුන්ගෙ මුහුණු වල තිබ්බ හිස් බව දැක්කම…මට ආවෙ මහම කම්පනයක්….
.
අඩුම ගානෙ අඬන්නවත් කඳුලක් එන්නෙ නැතිව තුවාලවෙච්ච  අය තුෂ්ණීම්භූත වෙලා….සිහියක් ඇති අය තමන්ගෙම අය වෙනුවෙන් අඬනව….ජීවිතේ කොච්චර අවිනිශ්චිත ද….?
.
තමන්ගේ ආගම ට අදාලව වැදගත් ම දවසෙ දේව මෙහෙයට ගිය සතුටින් උන්න පවුල්….මොහොතකින් විනාස කල බෝම්බයට හිත්පිත් නොතිබුණාට….ගෙන ආ පුද්ගලයාට ඒ එක් හිනාමූණකින් වත් ලතෙත් බවක් ඇතිඋනා නම් කියල මට සිය දහස් වාරයක් හිතුණා…..
.
අම්මලා ට තාත්තලාට දරුවනුත්….දරුවන්ට දෙමව්පියනුත් නැති කල …එකම අඳුරු දවසක් ඒක….උදේ පටන් ගත් රූපවාහිනී විකාශයන්ගෙ මැරුන සංඛ්‍යාව එකින් එක වැඩිවෙමින් සඳහන් වෙනකොට….හූල්ලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ…..
.
ඊට පසු දවස අද මේ ලියන දවස…උදේ කඩ අරින කොටම ටවුන් එකට දුවල අත්‍යාවශ්‍ය බඩු ටික අරන් එන ගමන් පුතාල කීවෙත් ….අම්මේ මිනිස්සුන්ගෙ මූණු හුඟාක් අද වෙනස් නේද කියල….හැමම හැම දෙනම තවකෙක් දිහා සැකෙන් බලන්න හුරු වෙලා…එකිනෙකාට හිනාවෙන අමතක වෙලා….අපි අපිටම ආගන්තුක වෙලා….
.
දෙනෝදාහක් වාහන යන මහ පාරත් හරිම භයංකාර නිහඬබවක….ජීවිතේ ගැන මිනිස්සුන්ට දැනෙන අස්ථාවර භාවය….කොහොම කියල ඉවර කරන්නද.
.
බඩු අරන් ගෙට ගොඩ වෙනකොටම…..මීගමුවෙ වතුරට වස දාල කියල කතාවක් හැම තැනින්ම එන්න ගත්තා…ගිනි පෙනෙල්ලෙන් බැට කෑ කෙනා කණාමැදිරි එලියටත් බයයි….වතුර…මනුස්සයෙක් ගෙ මූලිකම අවශ්‍ය දේ….අනික් පැත්තට වාහනේ අරන් සුපර්මාකට් ගානෙ ගියේ වතුර ගන්න….එතකොටත් පෝලිම වතුර වලට….කේස් දෙකක් උස්සන් ගෙදර ඇවිල්ල ලිඳෙන් මූණ සෝදන්න බැරල් වලට වතුරත් ගත්තා…..පසුව ඒක කටකතාවක් කියල ආරංචි උනා….නමුත් කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි මට්ටමකට අපි ඇවිල්ලා දැන්….
.
මගෙ පුතා හුඟාක් ම වෙලා නිහඬව ඉඳල අහපු එක් දෙයක් ගැන මාත් තාම මේ හිතනවා…
.
අම්මා…මිනිස්සු හැම තිස්සෙම compare කරනවනෙ තමන්ට ඇතිදේ අනුන්ට ඇතිදේ එක්ක….
ඒ හුඟක් වෙලාවට අනේ මට නෑනෙ අරයට තරම් කියලනෙ හිතෙන්නෙ…ඒත් මෙහෙම දේ වුණාම මොකුත් නොවුණ මිනිස්සු තමන් කොච්චර වාසනාවන්ත ද අනෙක් අයට වඩා කියලා හිතනව ඇති නේද……
.
ඇත්තෙන්ම අපි හුඟාක් වාසනාවන්ත …අවාසනාවන්ත මිනිස්සු….අපේම මිනිස්සු කොටසක් එක්ක දුක කඳුල බෙදාගන්නවත් යන්න බැරි වෙන්න තරම් අද හවස් වෙද්දි පරිසරයත් වෙනස් වෙන්න අරන්……මහා වැස්ස හඬා වැටෙන්නෙ ඒ දුකත් එක්ක…..
.
ජීවිතේ දුකක්…..ඇත්තෙන්ම දුකක්…..

විසිරි

%d bloggers like this: