Menu Close

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 9 – බැංගලෝරයේ ගිණි කෙළි

  බැංගලෝරයේ ගිනිකෙළි

පින්තූරය www.thecricketmonthly.com වෙතිනි

ඉන්දියාවත් පාකිස්තානයත් ලෝක කුසලානයක පිළිමළුන් පිටු දැකීමේ අවස්ථාවක මුණගැසුණු අවස්ථාවක, ගිණි පුලිඟු විසි වීමට ඇති ඉඩ බලාපොරොත්තු විය යුත්තක් වුවත්, මේතරම් විශාල ප්‍රමාණයකින් සිදු වේ යයි අනුමාන කළේ නැත. 

ශ්‍රීනාත් ශ්‍රීපාත් විසින් ද ක්‍රිකට් මන්ත්ලි සඟරාවට රචනා කළ ලිපියෙහි පරිවර්තනයකි. 

 1996 ලෝක කුසලානයේ අර්ධ අවසාන පූර්ව තරගය : ඉන්දියාව සහ පාකිස්තානය බැංගලෝරයේදී

ඉන්දියාවට ලකුණු 39ක ජයක්

සිදු වුයේකුමක්ද ?

පසුගිය වාරයේ ශූරයින් වූ පාකිස්තානය මූලික වටයේ තරග  ඉතා පහසුවෙන්ම ජයගන්නා ලද අතර,  ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයන් හේතුවෙන් ඉන්දියාව පසුකර තිබුණේ දුෂ්කර කාළ පරිච්ඡේදයකි.  නමුත් ඉන්දියාවට ක්‍රීඩා කරන්නට හමු වන්නේ තමන්ගේම ජනතාවක් මධ්‍යයේය, 55,000 අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක්, විස්තර විචාරක සුනිල් ගවෙස්කාර් එය විස්තරකළේ “මීට කලින්  මෙහෙම  ජනසන්නිපාතයක්” තමා දැක නැති බවයි. මේ වනවිට පකිස්තානයේ නායකත්වය දැරූ වසීම් අක්‍රම් අබාධයකට ගොදුරු වී තිබූ නිසා එම වගකීම අමීර් සොහායිල් බාරගෙන තිබුණි. 
ආරම්භක පිතිකරු නව්ජෝට් සිං සිදූගේ ලකුණු 93 නොවන්නට, මන්දගාමීව මැද ඕවර් ක්‍රීඩා කිරීම නිසා ඉන්දියාව ගමන් කළේ මධ්‍යම  ප්‍රමාණයේ ලකුණු ගණනකින් අවසන් වන ඉනිමක පෙරනිමිති පහළ කරමිණි. අවසන් මොහොතේ එල්ල කළ හදිසි ප්‍රහාරය,  අවසන් ඕවර තුන තුළ ලකුණු 51ක්, සඳහා අජේ ජඩේජා පන්දු 25කින් ලබාගත් ලකුණු 45 නිසා ඔවුන්ව ලකුණු 287ක් දක්වා රැගෙන යන්නට හේතු විය. පිළිතුරු වශයෙන් ඉන්දියානු  වේග පන්දු යවන්නන්ගේ ද්විත්ව ප්‍රහාරයට පෙර අතුව පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන්   මුල් ඕවර 10 තුලදී ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන් පසු පාකිස්තානයේ ගමන මන්දගාමී විය. එක් පන්දුවකට එක් ලකුණකටත් බොහෝ සෙයින් අඩු වේගයකින් ලකුණු රැස් කිරීම ප්‍රමාණවත් වුවත්, ඉන්දීය දඟ පන්දු යවන්නන්ගේ යෙදූ ප්‍රතිරෝධය තුළ ලකුණු ලබා ගැනීම මන්දගාමී විය. ප්‍රවීණ පිතිකරු ජාවෙඩ් මියැන්ඩාඩ් පන්දු 64 කදී ලකුණු 38ක් ලබා ගනිමින් කඩුල්ළේ රැඳී සිටියද, මෙවර අවසන් පන්දුවේදී ලකුණු හයක්(ඔහු ඉන්දියාවට එරෙහිව සාජාහිදී එසේ කළ බව ඔබට මතක ඇතැයි සිතමි) හෝ අවසන් ඕවර් වල දැඩි ප්‍රහාරයක් නොවීය. 
පින්තූරය ගත්තේ www.thecricketmonthly.com වෙබ් අඩවියෙනි
 එය සදානුස්මරණිය වන්නේ ඇයි ?
 
 “1996 ලෝක කුසලානය” සහ “ඉන්දියා-පකිස්තාන” යන වචන කණ්ඩ මනසෙහි චිත්‍රණය කරන දසුන් දෙකක් වන්නේ, “අජේ ජඩේජා වකාර් යුනිස්ගේ අවසන් පන්දු ඕවර් දෙක තුළ පන්දුවෙන්-පන්දුවට ලබාගත් හතරේ, හයේ පහරවල් මගින් තරගය උඩි යටිකුරු කළ ආකාරය” සහ “චින්නසාමි ක්‍රීඩාංගනයේදී වෙන්කටේෂ් ප්‍රසාද්ගේ එක් පන්දුවකට් වේගවත් හතරේ පහරක්එල්ල කළ අමීර් සොහයිල් ඔහුට පිත්තෙන් පන්දුව ගිය දිසාව පෙන්වමින් කළ අවමානය, සහ ඉන්පසු පන්දුවෙන්ම ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රසාද් සමත් වීම” යන සිද්ධි දෙකය.   
තවත් අතකින් එය ඉන්දු පකිස්තාන් ක්‍රිකට් වංශ කතාවේ සන්ධිස්ථානයකි : 1989න් පසු පාකිස්තානය ඉන්දියාවේ සංචාරය කළ පළමු අවස්ථාව එය වුණු අතර, කිසිදු ලෝක කුසළාන පිළිමළුන් පිටු දැකීමේ තරගයකදී මේ එදිරිවාදීන් හමු වී නොතිබිණ. එය මියැන්ඩාඩ්ගේ අවසන් ලෝක කුසලාන තරගය වුවා පමණක් නොව, ලෝක කුසලාන හයකට ක්‍රීඩා කරමින් වාර්තාවක්ද එකතු කළ අවුරුදු 22ක දිගු ක්‍රීඩා දිවියද එසේ නිමා කරන්නට ඔහුට සිදු විය.  90 දශකයේ අනිකුත් තරග මෙන්ම, ටෝනි ග්‍රෙග්ගේ සුපිරි වාග් මාලාව ක්‍රීඩාංගනයේ සිදු වන ක්‍රියාදාමයට අමුතුම ගැම්මක් එක් කළේය. 
ඔවුන් මෙසේ පැවසූහ
ජාවෙඩ් [මියැන්ඩාඩ්] අවුරුදු ගණනාවක්  තිස්සේ අපට ඉගැන්වූ පාඩමක්  තිබේ, ඒ පන්දු යවන්නෙකු ඔබට හිසරදයක් වෙයි නම් ඔහුගේ  ඒකාග්‍රතාවය මදක් බිඳ දමන්න, වෙන්කටේෂ් ඔහුගේ ඒකාග්‍රතාවය රඳවාගෙන ඔහු කළ දේම කළේ, මා බවුන්සර් පන්දුවක් බලාපොරොත්තුවෙන් සිටි  මොහොතකය”

– අමීර් සොහායිල් වෙන්කටේෂ් ප්‍රසාද් ඔහුගේ කඩුල්ල දවා ගත් පන්දුව ගැන අදහස් දක්වමින්(2018 දී ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින්)

%d bloggers like this: