Menu Close

කන්දෙන් පස්සේ බැංකොක්

කන්ද උඩ
Phu Kradueng කන්ද උඩට ගියාම තියෙන්නේ මාර තැනිතලාවක්.. මම ඒ නගින වෙලාවේ දැනන් උන්නේ නැහැ ඒම තැනිතලාවක් ගැන. පස්සේ තමයි දන්නේ මෙහෙම හුට්ටප්පරයක්. කන්ද උඩට නැග්ගාම නැග්ග තැනම තියෙනවා බයිසික්ල පොට්ස් එකක්. එතනින් බයිසිකල් එකක් ගත්තා. හවස දෙක පහුවෙලා නිසා මට ලොකු රවුමක් යන්න බයිසිකල් එක ගන්න බැරිවුනා. පෙඩි රවුමක් යන්න බයිසිකල් එක ගන්න හැකි වුනා. ඉතින් බයිසිකල් ගමනත් සුප්පා. ඇත්තටලම ලංකාවේ කදු තියෙනවා තමයි ඒ වගේ කන්දක් නැගගෙන නැගගෙන ගිහින් තියෙන ෆ්ලැට් ලෑන්ඩ් එකක එක්ස්පීරියන්ස් එක නැහැ. ඒක මැක්සා
පයිනස් ගන් තිබුනා. ලස්සන ගල් වැටි තිබුනා. මම බයිසිකලේ එකෙන් සූස් ගාල ගියා. ගිහින් පොටා් ටික ගහන් මගදි හම්බුන තායි සෙට් එක්කත් කතා බහකුත් දාලා ගියා කෑම්ප් සයිට් එකට. මගේ අම්බේ විසාල ග්‍රවුන්ඩ් එකක් එක්ක පට්ටම විසාල කෑම්පින් සයිට් එකක්. තායි සිටි එකක්ම බස්සත හැකි ඒකේ.
බයිසිකලය බාරදීම.
මේ තැන්වල ගියාම ඉතින් හැමදාම එකම පස්නේ ලැංවේජ් පස්නේ. මුලදි බයිසිකල් එක ගන්න තැනදි සහ මෙතැන බාර දෙද්දි එකම පස්නේ ලැංවේජ්. දන්න අක්කියෙක් ආවා ඉංගිරිසි ටිකක්. එයා කිව්වා විස්තරේ. හුටස්. මට ආයේ යන්න බැහැ ඊලග දවස වෙනකල්. මම නවතින්න ඕනාලු. ඒ කියන්නේ මම 2න් පස්ස් නැග්ග නිසා බහින්න බැහැ අලියා ඉන්නවා කොටියා ඉන්නවාලු පාරේ. යද්දි රෑ වෙයිලු. අනික ඒක නිතියක් ලු.
ඇත්ත අලි බෙටි තියුනා ආපු පාරේ. මේක මහ කැලේ පේන තෙක් මානේ. බයානක තමයි.ඒත් මම රෑ නවතින්න ලෑස්ති වෙලා ආවේ නැහැ. මම යන්න ඕනි.මොකද ඊලග දවසේ බහින්න හිටියොත් මගේ ෆ්ලයිට් එක මිස් වෙන්න යම් ඉඩක් තියෙනවා. රෑ නවතින්න පුලුවන්. ඒත් උදේ බහිද්දි ආයේ උදේ දහය විතර වෙයි. මේ ඉන්නේ බැංකොක් වලින් කිලෝමීටර 500ක් විතර ඈත. එතකොට මට බැංකොක් ඊලග දවසේ රෑ 10 ෆ්ලයිට් එකට යන්න අමාරු වෙයි. සැර කතාවක්. ඉතින් ඒ නිසා මම තීරණය කලා බහින්න.
මම ගිහින් එතන තිබුන වයිල් ලයිෆ් හෝ මිලිටරි යුනිෆෝම් ඇදන් උන්න ඔපිසියේ ඔපිසරයෙක් හමු වුනා.ඔවුන් ටෙන්ට්, බෙඩ්සීට්, ජැකට් සහ මෙට්ට ඇද ඇතිරිලි ආදිය මුදලට දෙන එක තමයි කරන්නේ. එතන ඒ වැඩ නිසා ටිකක් බිසි තිබුනා. ඒත් මම අවශ්‍යතාවය කිව්වම ඕකේ කියලා කිව්වා.
වැඩේ කියන්නේ මම ආවේ බයිසිකල් එකේ. ඒත් මට යන්න වෙන්නේ පයින්.බයිසිකල් ගමන පටන් ගත් ඒ තැනින්මයි බැහීමත් කල යුතු වෙනනේ. එකම අනුමත පාරයි තියෙන්න් බහින්න. දැන් වෙලාව හතරයි. මම ඔෆිසර්ට කිව්වා මම නගින්න ගත්තේ 1ට (ඇත්තටම 12ට විතර) ඉතින් මට පැය තුනෙන් එන්න පුලුවන් වුනා. මට පුලුවන් 6 වෙද්දි බහින්න අනතුරක් නැතුව කියලා මම ඔපිසරයට කිව්වා. පොර ඒක පිලිගත්තා.
ඉතින් මම පයින් ඇවිදගෙන එද්දි ෆොරස්ට් ඔෆිසර් කෙනෙක් ට්‍රේලකින් ඇවිත් මාව ගෙනත් දැන්මා බහින තැනට. ඒ කියන්නේ කෑම්පින් සයිට් එකේ ඉදන් කන්ද බහින තැනට. කිලෝමීටර 4-5ක දුර. කොහොම වුනත් ඒ අතින් නම් ඒ මිනිස්සු රත්තරන්. මම කරන්නේ ඉලීගල් වැඩක්. ඒ ජාමේ බහින එක උන්ගේ ජොබට පවා අවධානමක් ඒත් උන් මගේ අවශ්‍යතාවය සැලකුවා.
බැසීම
සාමාන්‍යෙයන් මට කදු නැගීම් බැසිම් යම් පලපුරුද්දක් තියෙනවා. විශේසයෙන් මේ සිරිපාදේ වගේ තියෙන කන්දක් කියන්නේ එච්චර ලොකු ගේමක් නෙමෙයි. මම දඩ බඩ ගාල බැහැගෙන ආවා. එද්දි කඩ වහලා. නගින කට්ටිය අඩුයි. මොකද දෙකෙන් පසසේ නගින්න දෙන් නැහැ නේ. දැන් මම බහින්න ගත්තේ 4ට. මම නගිද්දි පාස් කරන් ආපු කාන්ඩෙත් තාම නගිනවා හම්බුනා. මග උන්න උන් ඇත්තටම පුදුම වෙන්න ඇති මගේ බහින ස්පීඩි එකට..මම සට පට ගාල බැස්සා කලුවර වැටෙන්න කලියෙන් බැහැගන්න ඕනි නිසා.
අලි බෙටි තියෙන තැන්වල බය නොහිතුනා නෙමෙයි. තායි ලන්තේ කැලේක තනියම කන්දක් බහින ගමන්. අලියෙක් හම්බුනොත් ඌට සිංහලත් බැහැ. කුනුහබ්බයක් කියලාවත් එලෝගන්නත් බැහැ. කොහොම වුනත් මම මග නැවැත්තුවේ නැතුවම බැස්ස. පහලට එද්දි හරියට හයයි. ඒ කියන්නේ කෑම්ප් එකෙන් මම වෙලාව ඔෆිසර්ට පෙන්වද්දි 4යි. ඉන් ප්සසෙ පහලම තැනදි 6යි. තායි ෆොරස්ට් ඔෆිසර් ට පුදුමයි. මම හිතන්නේ එදා දවසට කන්ද බැහැපු අවසානම කෙනෙක් තමයි මම.
ඒ තායි ඔෆිසර සෙට් එක මම එක්ක සෙල්ෆියකුත් ගත්තා. මම දඩ බඩ ගාල ටොයිලට් එකකට ගිහින් අතපය ටික හෝදගත්තා.මොකද ඉක්මනින් බැස්ස නිසා හැම තැනම දූවිලි. බහින්න තිබුනේ හෙල් වලින් පඩිපේල් වලින් ඉනිමං උඩින්. බහින්න තිබුන දුර ඇවිල්ල කිලෝමීටර 6ක්. උස මීටර 1100ක්. පැය දෙකෙන් කියන්නේ ලොකූ දෙයකුත්නෙමෙයි වෙන්න ඇති. ඒත් වෙලාවේ හැටියට සහ තායි වලඒ කන්දේ විදියට නෝමලි කට්ටිය ගහන ටාගට් එකක් නෙමෙයි.
තායි කදු වැඩ කිඩ
උඩ කෑම්පින් සයිට් එකේ මම හිතන්නෙ ඒදවසෙත් ලොකු සෙනගක් උන්නා. කෑම්ප් අරන් යන්න ඕනි නහැ උඩ ෆොරස්ට් එකෙන්ම කෑම්ප් එකක් දෙනවා ටෙන්ට් සහ කොට්ට මෙට්ටත් එක්ක. ඒ වගේම මම හිත්නනෙ වැසිකිලි පහසුකම් සෝදන වැඩකටයුතු වලටත් තැන් හදලා ඇති. කුනු අපි අරන් යන ඒවා අරන් එන්න ඕනි. උඩ පඅපි කුලියට ගන්න බ්ලැන්කට් කොට්ට මෙට්ට වලට ගෙවන් ඕනි .ඒත් ඒක ෆොරස්ට් ඩිපාට්මන්ට් එකට හොද ආදායම් මාර්ගයක්. ඒ වගේම බයිසිකල් පැදීමට පහසුකම් සලස්සලා තියෙන එකත් වටිනවා. දුර වැඩියි. පයින් ගියොත් පුක ඉරෙනවා. ඉතින් ඒ උඩ තියෙන වර්ග කිලෝමීටර දහයකට වැඩි භූමිය කවර් කරන්න බයිසිකල් එකකින් ලේසියි. ඒ පහසුකම් සැපයීම තුලින් ඒ වන සංරක්ශන ආයතන රජය ආදායම ්ලබනවා. ඒක හොද දෙයක්. අපේ වගේ හුදෙක් ටිකැට් කෑල්ලකට නෙමෙයි සල්ලි ගන්නේ සර්විස් එකක් දිලා.
බැහැලා ඉන් පස්සෙ ටවුමට ඒම
බැහැලා ඉන් පස්සේ එන පස්නේ වනෝද්‍යානයෙන් එලියට යන එක. කලින් කියලා තියෙන විදියට මම මේ ටිකට් බලන තැනට එනකල් ආවේ විල් එකක. මේ රෑ වීල් නැහැ. එතන නවත්වලා තිබුනා පොදු සොන් තෘෘ කියන පිටුපස්සේ සීට් කහපු කැබ්ස්. ඒ වුනාට ඒවායෙත් කවුරුත් නැහැ. මුන අතපය හෝදගෙන එද්දි ඈත පේනවා ඩබොල්කැ බ් එකක් යන්න යනවා. ඒ පාර මම ගිහින් ටෝක් කලා. ම්ම්හු තායි..ඉංගිරිසි බැහැ. යාන්තම් දෙයියෝ දැක්ක වගේ ආන්ටි පහරක් සෙට් වුනා බයික් එකක. එයාට ටිකක් පුලුවන්. එයාගේ බයික් එකේ මාව දාගෙන යන්නත් ඉඩ තිබුනා ඉතින්.කෝමහරි අංකල්ව නමාගෙන මට කැබ් එකේ බස් නැවතුමට යන්න හැකි වුනා.
ඒ දුරත් කිලෝමීටර 5-6ක් විතර ඇති. අංකල් බුවා මම නැග්ගම යන්නේ නැහැ. පසසේ බැලින්න්ම මම කැ්බ් එකේ හිටගෙන නේ. අංකල් කියල තියෙන්න මට වාඩිවෙන්න කියලා. මම කැබ් එකේ පිටුපස්සේ වාඩි වුනා. අංකල් ඇයි මාව ඇතුලට නොගත්තේ කියල හිතුවොත් එහා සීට් එකේ මොන්ටිසෝරි වයසේ පොඩි එකෙක්. ඒක සිංගල් කැබ් එකක්.
මම ඒකේ නැගලා බස් නැවතුමට යද්දි තමයි ඔන්න හතරවටින් කලු කරන්න ගත්තේ.දැන් මගෙ පස්නෙන් බාගයක් ඉවරයි. තව ටිකක් ඉතුරුයි. දැන් ඒකකෝ මෙතැනින් මම කොන් කේන් කියන නගරයට බස් එකක් එනකල් ඉන්න ඕනි. බස් නැත්නම් නවාතැනක් හොයාගන්න ඕනි.
කෙල්ලෙක් හිටියා. එයා ෆෝන් එකේ මූන ඔබාගෙන උන්නේ. හෝල්ට් එකට බස් එන් නැති ලයින් එක්ක පේන්නේ. ඈතින් බස් එකක් හන්දියෙන් හරවන් යනෝ පෙනුනා. ඒ ගමන මම කුලප්පු වෙලා ඒ හන්දිය දිහාට පයින් යන්න ගත්තා. අර ෆෝන් එකේ හිටි කෙල්ලගෙන් ඇහුවම බස් එක එන් නෑද කියලා ඉංගිරිසියෙන් ඔලුව වැනුවා. ඉතින් මම ගියා.
ගියා විතරයි බස් එකක් ආවා. එකේ නැග්ගම මෙන්න බොලේ ඒක ආයේම මම කලින් හිටි හෝල්ට් එකට ආවා. අරකලින් ෆෝන් එකේ හිටි කෙල්ල බස් එක දිහා බැලුවා. බස් එකේ සීට් උසනේ මාව පෙනුන් නැහැ ඉතිම්.. බස් එකේ හිටියේ කොන්දොස්තර කෙලියෙක්. ඒ කිව්වේ කෙල්ලෙක් හැඩ පාරක් අප්පා ඒකනම්. මොන හිතකින් මේ වගේ කෙල්ලෝ කොන්දොස්තරලා කරනවාද? මට ඒවනම් හිතාගන්නවත් බැහැ.
කොන් කේන්
කොන් කේන් කියන්නේ මම කලින් කියලා තියෙනවා වගේ නෝත් ඊස්ට් වල තියෙන ලොකු නගරයක්. රෑ පුරා බස් තියේ බැංකොක් වලට. ආයේ පොඩි පස්නයක්. එදා ඉරිදා. ඉරිදා රෑ ඉතින් දන්නෝනේ. බස් තියේවිද බැංකොක් වලට. මේවා බලලා කියලා කලින් බුක් කරලා යන අයත් ඇති. ඒත් මට ඒකේ ආතල් නැහැ. ඒත් හරි ටයිම් වලට ඕවා සෙට් වෙන්නෙත් නැහැ නේ. ඔන්න මම හරියටම කොන්කෛ්න් එන වෙලාව මට කලින් කියන්න බැහැ. මම කොන් කේන් ඇවිත් ඊලගට බැංකොක් තියෙන බස් එකක මම බුක් කරලා ිතයෙන්නෙ තා පැය පහකින් නම් මම පැය පහක් කට්ට කන්න වෙනවා. ඒ නිසා මම බුක් නොකර ගමනට කැමතියි. කොහොම වුනත් තායි කියන්නේ ටිකක් වැඩිපුර රිසෝස් තියෙන ලොකේශන් එකක්. ලංකාවේ නම් බුක් නොකලොත් අනාතයි නේ. තායි වල එහෙම වෙනවා අඩුයි.
හෝටල බස් බෝට්ටු වගේ ඒවා සම්පූර්ණ බුක්වෙනවා අඩුයි.
කොන් කේන් වලට එද්දි මගදි බස් එකටආච්චියක් ආවා. සුපුරුදු පරිදි ඉතින් මම බාබකිව් මස් කූරු දෙක තුනකුයි බත් ටිකකුයි අරන් කෑවා. වතුර බෝතල ඇහුවාම ආච්චි එලියේ තිබබ කඩයක් පෙන්නුවා. ඒ බස් නවත්වන තැන්වලින් නගින අයත් ගොඩක් වෙලාවට ගෑනු අය. අපේ රටේ සති පොලවල ඉන්න ආච්චිලා වෙග්. වෙලාවකට පව් ය කියලා ගන්නත් හිතෙනවා. ඉතින් කොන් කේන් වලට එද්දි රෑ 8 විතර වුනා. කොන් කේන් වලත් තියෙනවා අර බස් ස්ටෑන්ඩ් අවුල. ඒ කිව්වේ නගරය තුල බස් ස්ටෑනඩ් එක්ක අලුතින් හදලා ඒකෙ තියෙන්නේ මේන් සිටි එකෙන් කිලෝමීටර 8ක් දකුණට වෙන්න.
කොහොම හරි මම ගිය බස් එක ඒ බස් ස්ටෑන්ඩ් එකට ගියා. බස් ස්ටෑනඩ් එකේ බස් කම්පැනි කීපයක කවුන්ටර තියෙනවා. එයින්  නිකොන් එයා හෝ ඒවගේ නමක් තියෙන එක තමයි සුපිරිම බස් කොම්පැනිය. ඒකෙන් ඇහුවා.ම්මුහු.. සීට් නැහැ. ඊලගට තියෙන ඒජන්සියෙනුත් ඇහුවා ම්ම්හු..ඒකෙත් නැහැ. පස්සේ මම තව දෙතුනේ දෙනෙක්ගෙන් ඇහුවම මෙන්න ඊලගට විනාඩි 10කින් එන බස් එක සීට් තියේලු. සුටුස් ගාල බුක් කලා. තුන්සිය පනහයි ඒ තුන්සිය පනහට සැප සීට් එකයි වතුර බෝතලෙයි බ්ලැන්කට් එකයි කුකී එකයි කිරි පැකට් එකයි. කොන් කේන් ටු බැංකොක් කිලෝමීටර හාරසිය පනහක් දුර.
මම තායි ගමනේ ගහපු ස්ට්‍රික්ම ප්ලෑන එක. මේ විදියට තනියම ප්ලෑනින් ගමන කියන්නේ ගේමක්. ඒක හරියට වීඩියෝ ගේම් එකකටත් වඩා සීරියස්. ඒ අස්සේ මම වගේ බුක් නොකර යන එක තවත් ටිකක් මෙව්වා වෙනවා. කොහොම හරි මම ආයේ කවදාක හෝ තායිලන්තේ ආවොත් ආයේම පූ කෘඩන් නැෂනල් පාක් එකට යනවා. ටිකක් වියදම තමයි. ඒත් ඒ උඩ බලන්න තියෙන තැන් ටික ඔක්කෝම බලලා එතැන කන්ද උඩ සීතලේ නයිටක් ගහල එන්න ඕනි. දිය ඇලි, භෟ විශමතා ලක්ෂණ, උද්‍යාන කෑලි වගේ කිහිපයක්ම බලන්න තියනවා ලු ඒ කන්ද උඩ සමතලා සීමාවේ බයිසිකල් එකේ ගිහින්. ඒ අත්දැකීමට සහ ඒ මිනිස්සු මට සලකපු විදියට මට ඒක මාර මතක සටහනක්.. අපේ රටේ නම් ඒ විදියට අවධානමක් අරගෙන ගිහින් ඒක සම්පූර්ණ කල් වනෝද්‍යාන කට්ටිය එහෙම සලකන්නේ සවුත්තුවට බාගෙදා නීති කඩකලා කියලා කූඩුවට දාන්නත් බැරි නැහැ

ඒත් මම 4ට කිව්වා මම 6 වෙද්දි බැහැල පෙන්වනවා කියලා. ඇත්තමට 6 වෙද්දි බැස්සා. ඒ කට්ටයට ඒක ලොකු දෙයක් වුනා. සමහර විට කුඩුකේඩු ඉන්දියන් කාර කාලකන්නියෙක් කියලා බනින්නත් ඇති. කොහොම වුනත් මිනිස්සුන්ට එච්චර වටිනාකමක් තියෙන එක මැක්සා. මම ලංකාවේ කදු නැගලා බැහලා ඇති පාලහක් විස්සක් විතර. ඇත්තටම අපි පහලට බැහැලා යද්දි සමහර ගම් වල මිනිස්සු බලන්නේ පිස්සුවක් හැදිලා යන සෙට් එක්ක දිහා බලනවා විදියට. ඔය අස්සේ පොලිස් මාමෙක් හෙම හිටයොත් තව බැනුම් අහන්නත් වෙනවා.


%d bloggers like this: