Menu Close

අවුරුදු බලෙන් කන්න එපා ප්ලීස්


අකනිටා බඹු ලෝකේ බ්‍රහ්මයෝ ළඟවත් නැති තරමේ මොළ කෑල්ලක් මටත් තියේ කියලා පෙන්නන්න පුළුවන් ලේසි ම විදියක් තමයි පවතින සංස්කෘතිකාංගයක් නිර්දය විදියට විවේචනය කරන එක. බහුතරයක් ලාංකිකයන්ට ඔය ලෙඩේ තියෙනවා. ඒක ගොඩක් දුරට ඉස්මතු වෙන තැනක් තමයි අවුරුද්ද කියන්නේ. සමහරවිට ඒකේ සිංහල කියන කෑල්ල ගෑවිලා තියෙන නිසා කහඹිළියා ස්වාභාවය වැඩි වෙනවා ඇති.


වෙලාවට වැඩ කරන්න තියා ඔරලෝසුවක් දිහෑවත් බලන්නැති ජාතියක මිනිස්සු එක ම වෙලාවක කන්න, බොන්න, පැළයක් හිටවන්න, කිරි උතුරවන්න එකතු වෙනවා කියන්නේ ඒක හෙන ලස්සන වගේ ම අහිංසක වැඩක්. අවුරුද්දකට වෙන්නෙත් එක පාරයි. ඒ වැඩේ පට්ට නෝන්ජල් ගොන් වැඩක් කියලා හිතෙනවා නම් සරල ව ම ඒ දේවල්වලින් බැහැර වෙලා ඉන්න පුළුවන්. මහපටැඟිල්ලෙත් බඩක් තියෙන නිසා නොනගත වෙලාවේ නොකා නොබී ඉන්නේ නැතුව කන්න පුළුවන්. පුණ්‍ය කාලය වෙලාවේ යනවා නම් පන්සල් යයි නැත්තං ගෙදර. මොකෙක්වත් මේ දේවල් අධීක්ෂණය කරන්නේ නෑ. යන්න කියලා බල කරන්නෑ.

ඉතින් ඒ වුණාට ඒක නෙවෙයි වැඩේ. අහම්බෙන් මේ වගේ කතාවක් ඇහැ ගැටුණා. “නැකැත්කරුවන්ගේ කාල සටහන් වලට අනුගතවත්, අඥානවත්, වහල් බියෙන් සහ මර බියෙන් යුතුවත් හැසිරෙන දිනය අදයි.” අයිසේ වට් ද ඇක්චුවල් පක්! මර බිය? අවුරුදු ගාණකට කලින් ප්‍රසිද්ධ ස්ථානයක කාටවත් අයිති නැති පාර්සලයක් තිබ්බොත් නම් ඒක දැනුණා. නැකැත් සීට්ටුවට මර බිය හදාගන්නවා වගේ අංගවිකල කතාවක් නම් ඇහුවාමයි. බැලින්නම් කතාව කියපු පාර්ශ්වයේ ගෙදර අයත් එහෙම ලු. ඒක එහෙනම් ඒ පවුල් පරිසරයෙන් ම හැදුණ අන්ධභූත ගතියක්. ගෙදර පරිසරය මුළු මහත් සමාජයකට ඇප්ලයි කරගන්න ගියපු මාර අසාර්ථක උත්සාහයක්. රටක් විදියට අපේ පල් මෝඩයෝ ඉන්නේ ටික දෙනයි. සම්මතයේ අපි ලංකාව මෙහෙමයි අරහෙමයි කියලා කිව්වට ගොඩක් අන්තවාදී ඇදහිලි තියෙන රටවලට වඩා අපි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. මර බිය කෙසේ වෙතත් අවුරුද්ද කියන්නේ පට්ට ම නිදහසේ හැසිරෙන්න තියන දවසක්.

ටීවිවලට එක එක සාස්තර ආචාරියෝ ගෙන්නනවා. මුන් බොනිකර තරු කියන්න මිනිස්සු හොඳාකාරව ම දන්නවා. අවුරුදු දවසේ නැකැත් සීට්ටුව හදන එක ඔය වරිගෙම උන්නැහැ කෙනෙක් කරා කියමු. ඒක මෙලෝ සම්මතයකින් නැතුව ආනා රූනා රෝම කටුස්සා කියලා තෝරලා හදපු එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් මොකක් ම හරි සුබ දෙයක් පෙරදැරි කරගෙන හදපු එකක් වෙන්න ඇති. අපි ඔය මොන බයිලයක්වත් දන්නේ නෑනේ හරියට. නැකැත් සීට්ටුව ආවා ම වෙනදට කියන ලග්න ඵලාඵලේ ගානට ඒක දාන්නැතුව කාලසටහනක් විදියට හිතන්න බැරි ද? ඒක ආවා ම මේ නැකැත් කතාව අල්ලගෙන සමස්ත අවුරුද්ද ම පාච්චල් කරන්න මනුස්සයෙක් පෙළඹෙනවා නම් ඒ යකා කොකිස් කෑල්ලක්වත් කන්න තරම් වටින කෙනෙක් නෙවෙයි. සිදුහත් සියල්ල අතෑරපු බෝධිය ගාව ජයෝ මුනින්දස්ස කියන්නේ දේවල් අතාරින්න නෙවෙයි. අපි පට්ට ම පෘථග්ජන මිනිස්සු. විශ්වාසයන් තමයි අපි ව ජීවත් කරවන්නේ. එහෙම එවුන් එක හිතින් හොඳක් ම වේවා කියලා එක වෙලාවට කිරි උතුරවන එක හෙන අජපල් වැඩක් ද? මේ දේවල් කියන ඩෑල් එක්කෝ නිවන මානේ සකෘදාගාමීවත් වෙලා නම් කමක් නෑ මෙතන.

රටේ මිනිස්සුන්ට අම්බානෙට ප්‍රශ්න, ආණ්ඩුව පිස්සු කෙළිනවා, ඒ අස්සේ අවුරුදු කන්න මැරෙන හැටි ගගා ඇමිණෙන්න එන තවත් විලම්බීතකාරයො ටිකක් ඉන්නවා. හොඳ ම වැඩේ තමයි රටක් වශයෙන් අපි දැන් ඉන්න නරකාදියට තල්ලු කරන්න හේතු වුණෙත් ඔය කියන එව්වො ම වෙන එකයි. මිනිස්සුන්ට ප්‍රශ්න තමයි. තොපිලා පත් කරපු ආණ්ඩුව මිනිස්සුන්ව මස් කරලා තමයි. දැන් එහෙමයි කියලා උන් හැමදාම ඒ ගැන හිත හිතා හූල්ලගෙන ඉන්න ඕනි ද? අඩුම තරමේ එක දවසක්වත් සතුටින් ඉන්න උන්ට අයිතියක් නැද්ද? එක්කො මුන්ට ඕනි මිනිස්සු හැමදාම විඳ ව විඳ ව ඉන්නවා බලන්න වෙන්න ඇති. මට තේරෙන්නෑ.

අවුරුද්ද කියන සංකල්පේ දිරවන්නැත්තම් කරන්න තියෙන හොඳ ම දේ තමයි දිරවන වුන්ට ඒකේ ආතල් එක ගන්න දීලා පැත්තකට වෙලා ඉන්න එක. එතකොට ඔය ඇඟ පුරාම ගලන මොළේට වුණත් සනීපයක් දැනෙයි. කොහොමත් ඔහොම ප්‍රබුද්ධ ඩෑල් පට්ට අසහනෙන් ඉන්නේ. ඇයි ඉතින් සංස්කෘතික ප්‍රශ්න ම කීයක් ද ඔතන. ඕකුන්ට පෞද්ගලික ප්‍රශ්නත් ඇති. ඒවායි මේවායි ඔක්කොම එකතු වුණාම හිතන්නකෝ ඉතින්. මේ දේවලුත් අමතක කරන්න නරකයි. තව හිනා යන කතාවක් තියනවා මේ සංස්කෘතික කුහක හැත්තගේ දකින්න තියන පට්ට ම කලා දෘෂ්ටිය. මගෙ අම්බෝ එහෙම එකක් මේ සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්න බෑ. මුන් අදහන කලාව මොන අම්මගෙ රෙද්දෙ කලාවක් ද කියන්න දන්නෑ. ඇයි බං මිනිස්සුන්ගේ අහිංසක හැඟීම් තේරුම් ගන්න බැරි නම් කලාකාමියෝ වෙන්න විදියක් නෑනේ. හැබැයි කොහොමහරි එහෙම ලු. නල්ලමලේ මානවවාද. ඊළඟ පාරවත් හූල්ලන්න යන්නැතුව අවුරුදු දවසට ලංකාව පැත්තෙවත් ඉන්නැතුව තොලොංචි වුණා නම් හරි. 

මුළු මහත් රටක් එක්ක එකට කාලා බීලා ගන්න අහිංසක ආතල් එකේ කොටස්කාරයෙක් වෙන්න හිත් නොදෙන තරමේ ලෙවල් මිනිස්සු ඈහ්. හරි බන් එල!

%d bloggers like this: