Menu Close

සයිකඩෙලික් සෙන්ෂුවලිටි

මං මගේ යාලුවෙක් එක්ක කතා කරමින් හිටියා. ගැහැනු එක්ක සම්බන්දකම් ගොඩනගා ගැනීම ගැන. මේ සම්බන්දකම් දෙවිදියකට පටන් ගන්නවා මං දැකලා තියෙනවා. එකක් මොකක් හරි කතාබහක් දුරදිග ගිහින් ඒකෙන් උන්මාද වෙමින් ඊට පස්සෙ ශරීරයෙන් වෙලෙමින් පටන් ගන්න සම්බන්දකම්. අනිත් එක ඉතාම සරලව ස්පර්ශය මූලික කරගෙන පටන් ගන්න සම්බන්දකම්. දෙවෙනි එක තමයි මේන්ස්ට‍්‍රීම් විදිහ. ඒකට පීකොකින්ග් වගේ කාරනාත් සම්බන්දයි. ඒ කියන්නෙ ආකර්ශනය දිනාගැනීමේ ප‍්‍රධාන ධාරාවේ ක‍්‍රමවේද. ඇඳුම, හැසිරීම, කතාබහ මේ හැමදෙයක් එක්කම ශරීරය මූලික කරගත්ත එළඹුම.

මං වඩා කැමති පලවෙනි ක‍්‍රමයට. ඉස්සෙල්ලා හොඳ මයින්ඩ් ෆක් එකක් ගන්න අපේ සම්බන්දය සමත්ද කියල බලන එක. ඒ මානසික ගනුදෙනුව නැතුව කෙලින්ම ශරීරයෙන් සමබන්දකම පටන් ගන්න අසමත් බව. ඒක ඇල්ෆාමේල් සමාජයක දුර්වල ගනුදෙනුවක්. මගේ ප‍්‍රශ්නය වුනේ අපි ඒ විදිහට අදහස් හුවමාරු අතරෙ මානසික ශෘංගාරයේ වෙළෙන ගැහැනුන් පවා විනාඩියෙන් දෙකෙන් දෙවෙනි වර්ගයේ ශරීර භාෂාවට නතුවෙන එකයි.
උදා විදිහට අපි මාර මානසික ගැඹුරක් ඇති කියල හිතලා පීන පීන ඉන්න අදහස් යුවතිය එක ක්ෂනයකින් අතක් කකුලක් ස්පර්ශ කරන පරක්කුවෙන් ශරීර භාෂාව ප‍්‍රගුන කරපු යාලුවෙක් එක්ක යහන්ගත වෙන්න පුළුවන්.

ඒක වැරැුද්දක් නෙමෙයි. හරියට කෝපි තමයි ආසම කිය කිය ඉන්න කෙනෙක් ලත් අවසරෙන් තේකක් බීගෙන බීගෙන යනවා දැක්කම වගේ එකක්.

ඒක ගෑනුකම වෙන්න බැරිද? අපිට තියෙන දෙබෙදුම ඒ ගොල්ලොන්ට නැති වෙන්න බැරිද? පිරිමි මනසට ඒ විශ්වය නොතේරෙනවා වෙන්න බැරිද?
මං ඒ දිහා බැලුවෙ කුතුහලකින්.

ඉතිං ඒකෙන් උඹට ඒ ගෑනු ගැන තිබුන රෙස්පෙක්ට් එක අඩුවෙනවා වගේ දැනෙනවද?
යාලුවා මාව ප‍්‍රශ්න කළා. මං පිලිගත්තා.

ඉස්සර මටත් ඔය අවුල තිබුන. දැන් මං මොන ගෑනිට වුනත් රෙස්පෙක්ට් කරන්නෙ අඩුවෙන්. යාලුවා එයා මේ කඩාවැටීම එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියල මට තේරුම් කළා.

මට කනෙක්ෂන් එකක් නැත්තං වයිබ් එකක් දැනෙන කෙල්ලෙක් පස්සෙන් මං යනවා. ට‍්‍රයි කරනවා. ඒත් හරි යන්නෙ නැත්තං වැඩිය නොහිතා අතාරිනවා. ඒ කනෙක්ෂන් එක දැනෙන්නෙ නැතුව නං මං කොහෙත්ම ට‍්‍රයි කරන්නෙ නෑ.

මේ වයිබ් එක කියන්නෙ අභ්‍යන්තර දැනීමක්. අපිට අපිව දැනෙනවා වගේ පාස්වෙන කරන්ට් එකක්. ඒත් මේ කරන්ට් එක විශ්වාස කිරීමෙන් වුනත් දරුනු ට‍්‍රැජික්-එන්ඩ් වලට යන්න පුළුවන්. මට අනන්තවත් එහෙම වෙලා තියෙනවා.

යාලුවා- මචං ඒ කනෙක්ෂන් එක නැතුව ගෑනියෙක් එක්ක කතා කර කර ඉන්න එක පවා වාතයක්. සෙක්ස් කරන එක ගැන හිතාගන්න පුළුවන් නෙ.

මං එහෙම හොද කන්වසේෂන් එකක් තියෙන කෙල්ලෙක් එක්ක කාලයක් ඩේට් කළා. අපි සෙක්ස් කළා කතා කළා හැමදේම කළා. ඒත් එක වෙලාවක අපේ කන්වසේෂන්ස් වැඩියෙන් වැඩියෙන් ඩීප් වුනා. ඉන්ටරෙස්ටින්ග් වුනා. ඊට පස්සෙ ඒ කෙල්ල කිව්වා අපි සෙක්ස් කරන එක නවත්තමු. මට කතා කරන එකෙන් හම්බුවෙන ප්ලෙෂර් එක ඊට වැඩියි. සෙක්ස් කියන්නෙ හරි ෂැලෝ දෙයක් කියල.

ඉතිං ඒක හොදයිනෙ. මං බාධා කළා.

පිස්සුද බං. ඒ දෙකම ඔ්නි. එහෙම නැතුව ඒ ෆීල් එක තියෙන්නෙ නෑ. සෙක්ස් ෂැලෝ වෙන්න පුළුවන්. ඒත් ඒ ෂැලොනස් එකයි ඩීප් මයින්ඩ් ටි‍්‍රප් එකයි එකට පවතින එක තමයි ෆෝමියුලා එක.

ඒ එක්කම තව මගේ ලව් එකක් තිබුනා. එයාට ඔ්න ෂැලෝ සෙක්ස්ම විතරයි. කන්වසේෂන් හරි ඩීප් කතන්දර හරි එයාට බෝරිං. ෂැලෝ සෙක්ස් වුනත් ආදරය වගේ රොමැන්ටිසයිස් කරනවට එයා කැමති නෑ. එයා කැමති අමු පාදඩ විදිහට. ඒත් මචං ඒ කෙල්ල තමයි මට ජීවිතේ මුනගැහිච්ච ආර්ටිස්ටික්ම ටැලන්ටඩ්ම කෙල්ල. මේ අවුල විසඳගන්න බැරුව මාව විනාස වුනා. මට තාම ඒ කෙල්ල ගැන හිතන එකෙන් ගැලවෙන්න බැරි වුනා.

ඇයි උඹට ඒක අත්අරින්න බැරි?

මචං එයා හින්ද මට මං ගැන තිබුන කන්ෆිඩන්ස් ඔක්කොම නැති වුනා. එයා මං ආසම විදිහට හිතන කෙල්ලෙක්. ඒත් එයාගෙ තියෙනවා ඒකට කොහෙත්ම නොගැලපෙන වෙන පැත්තක්. මාව හොඳටම පැරදිච්ච තැනක්. මට එයා කියන අන්සිවිලයිස්ඩ් ස්ටේට් එකට එන්න බැරි වුනා.

කොහොම හරි මචං මට කෙල්ලො ගැන තියෙන රෙස්පෙක්ට් එක ටික ටික අඩුවුනා. අපි රෙස්පෙක්ට් කරන්නෙ අපේ ඔලුවෙන් හදාගන්න නැරටිව් එකකට. ඒක වෙන්නෙ කතාබහත් එක්ක. මං දැන් කෙල්ලො කතා කරන දේ අහන් ඉන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ගොල්ලො කරන දේ දිහා බලාගෙන ඉන්නවා.

උඹට බෑ උඹ නොදන්න විදිහට හිතන කෙනෙක්ව වචනවලින් තේරුම් ගන්න.
යාලුවා දිගට කිව්වා. ඒක මරු අදහසක්.

මචං අපි හොයන්නෙ සයිකඩෙලික් සෙන්ෂුවලිටි එකක්. ඒක ඒ කතාබහ ඇතුලෙන් ඇවිත් ඒක දරාගන්න ශරීරයක් එක්ක බැඳුනම තමයි අපේ ක්ලයිමැක්ස් එක තියෙන්නෙ. ඒක ටිකක් කම්ප්ලෙක්ස් තත්වයක්. වචන වෙනම තිබිලා ශරීරය වෙන එකක් වුනොත් අපි අර්බුදයට යනවා.

හොඳම දේ පුලුවන් තරම් ඔබ්ජෙක්ටිව් වෙන එක. බලාගෙන ඉන්න එක. එයාගෙ ක‍්‍රියාව අනුව හීන හදන එක.

සයිකඩෙලික් සෙන්ෂුවලිටි කියන්නෙ ශරීරයට වඩා මනසත් එක්ක ශෘංගාරයෙන් බැදීමක්. ඉර එලියක් එක්ක, තනකොල ගහක් එක්ක, වචන එක්ක, ශරීරයක උනුසුමත් එක්ක, ස්පර්ශයත් එක්ක සිය දහස් ගුනයක් විශාලනය වුනු සංවේදනයකින් ඉපදෙන ශෘංගාරය. ඒක ටි‍්‍රපී වැඩක්. ඒ ටි‍්‍රප් එක යන්න එකට ඒ විදිහට මත්වෙන්න පුළුවන් පාට්නර් කෙනෙක් ඉන්න ඔ්නි. එහෙම ගෑනු අඩු හින්ද අපේ අතින් වෙන්නෙ එහෙම අයව මවාගන්න එක.

ඒක නිසා අපේ සයිකඩෙලික් පේ‍්‍රමය දෙන්නම එකම මධුවිතෙන් මත්වෙන මොහොතක් එනකල් පරක්කු කරන්න වෙනවා. එහෙම නැතුව සිද්ද වෙන ඒක පාර්ශ්වීය මායාව කෙලවර වෙන්නෙ තේරුමක් නැති අපේක්ෂා භංගත්වයකින්.
මගේ යාලුවාගෙ කතාව වුනේ ඒක.

%d bloggers like this: