Menu Close

සැඳෑ සක්මන

තණකොළ කපා ඉවර වූ
පිටිය ඔස්සේ මා ඇවිද යන විට,
තද පින්නෙහි පෙඟුණු මුදු පිදුරු ලෙස
කැපුණු තණපත් අඩක් මඟ වසාලයි.
උයන් පිටියට මා පැමිණි කල,
එකට පැටලුණු වියළි වල්පඳුරු මත
කැරකෙන සන්සුන් විහඟුන්ගේ නද
වදන්වලටත් වඩා දුක්බරයි.
බිත්තිය අසල ඇති කොළ හැලුණු ගසක සිට,
නිසැකවම මා සිතිවිල්ලෙන් කම්පිතව,
එකම එක දුඹුරු පැහැ තුරුපතක්
සෙමෙන් පොළොවට ඇද වැටෙයි.
යළිත් ඔබ වෙත රැගෙන එන්නට
ඉතිරිව තිබෙන අවසන් ඇස්ටර් මලෙහි
මලානික නිල්පැහැය නෙලන්නට
තව වැඩිදුර නොයා මා දෙපා නතර වෙයි.










-රොබට් ෆ්‍රොස්ට් (1874-1963)

%d bloggers like this: