
ක්ෂුද්‍ර ණය ක්‍රමය (microfinance) ලෝකෙට හඳුන්වා දුන්නේ ඉහල පින්තූරයේ සිටින බංගලා දේශයේ මහාචාර්යය මොහොමඩ් යූනුස්. මේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත වුණත්, ඒ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබෙල් ත්‍යාග කමිටුව වගේ අය මේ ක්‍රමය ගැන සොයා බලා එයින් සිදුවෙන විශාල ආර්ථික වාසිය ගැන සොයාගත්තත්, එයින් සිදුවෙන හානි ගැන සොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පොලොන්නරුවෙන් බිහිවුණ ශ්‍රෙෂ්ඨ උගතෙක් වන සහල්ආචාර්යය ඩඩ්ලි යූනුස් තුමාට.
ඩඩ්ලි සිරිසේන කියන්නේ රටේ ජනාධිපතිගේ භාග සහෝදරයෙක් (Half brother). ඒකියන්නේ ඔවුන් එකම පියෙකුට දාව මව්වරුන් දෙදෙනෙකුගෙන් බිහිවූ දරුවන්. මම අසා තිබෙන විදිහට මෛත්‍රීපාල ඉපදුන පසුව ඔහුගේ මව මියයනවා. පියාගේ දෙවන කසාදයෙන් ලැබුණ දරුවන් තමයි ඔහුගේ සහෝදරයින්.
ඒ අය විවිධ හේතු නිසා මහජනයා අතර දැනගැනීමක් අත්කරගෙන සිටියා. එයින් එක්කෙනෙක් තමයි ඩඩ්ලි සිරිසේන. ඔහු ස්වෝත්සාහයෙන් විශාල සහල් අධිකාරියක් ගොඩනගාගෙන තියෙනවා. එයින් වෙන හොඳ මෙන්ම බොහෝ නරක තිබෙන්නත් පුළුවන්. ඒ නරක ඕනම ඒකාධිකාරයක තිබෙන දේවල්. නවසීලන්තය වැනි රටවල සිදුවී ඇති ආකාරයේ ගොවියන් එකතුවී තනාගත් සමාගම් ඇතිවනතුරු මේවගේ ඒකාධිකාරයන් නැතිවන්නේ නැහැ.
ලඟකදී ඩඩ්ලි රජුන් තනන්නෙකුගේ තත්ත්වයට පත්වුණා. පසුගිය රජයේ බලවතුන් ඔවුන්ගේ නඩු බලවා ගැනීමට මේ රජය පත්වුන මුල් අවධියේ ඩඩ්ලි තුමා යොදවාගත්තා කියන එක ගොඩ දෙනෙක් දන්නවා.
ඩඩ්ලි ලඟකදී අළුත් කොන්ත්‍රාත්තුවක් පටන්ගෙන. ඔහු ක්ෂුද්‍ර ණය සමාගම් වලට පහර ගහන්න පටන් ගෙන. සාමාන්‍ය කෙනෙක්ට මේවගේ චන්ඩි වැඩ කරන්න බැරිවුණත් හිටපු ජනාධිපති ගේ සහෝදරයන් මෙන්ම මොහුටත් අයියාගේ හයිය තිබෙනවා.
මේ තියෙන්නේ පොලොන්නරුවේ ක්ෂුද්‍ර ණය සමාගම් වලට විරුද්ධව ඩඩ්ලි සිරිසේන කොළඹදී සිදුකරන ලද ප්රවෘත්ති සාකච්චාව ගැන ලංකාදීප පුවත්පතේ ලිපිය.
දුප්පත් ගම්වැසියන් සදාකාලික ණයකරුවන් බවට පත්කරමින් සිදුකර ගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින්ම රටින් තුරන් කළ යුතු යැයි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා කොළඹදී අද(06) පැවති ප්රවෘත්ති සාකච්චාවකදී පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මුළු රටපුරාම මෙම ව්‍යසනකාරී ණයක්රමය අරක්ගෙන ඇති අතර එම නිසා දුප්පත් ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවද ඇතැම් පිරිස්වලට යන එන මං නැති බවද එහිදී ඩඩ්ලි සිරිසේන මහතා කීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂ්‍රද්‍ර මූල්‍ය (මයික්‍රො ක්‍රෙඩිට්) ණයකරුවන්ට ලබන මාර්තු 31 වැනි දිනා දක්වා කල් ලබාදෙන බවද එදිනෙන් පසුව ණයදෙන්නා පහරදී පළවා හරින බවද ඔහු පැවසීය.
බැංකු වලින් නොසලකා හරින අයට microfinance සමාගම් වලින් ලොකු සේවයක් වෙනවා. අනික මේ ණයකරුවන්ගෙන් 95% පමණ ණය වෙලාවට ගෙවනවා. අතලොස්සක් පමණයි ගෙවීම පැහැර හරින්නේ. එදිනෙදා බිස්නස් කරන අයටත් මේකෙන් වාසියක් වෙනවා. මේ ක්‍රමය පටන්ගත්තේ බංගලාදේශයේ. ලෝකයේ බොහෝ දුප්පත් රටවල සහ මුල්‍ය පහසුකම් දුප්පතුන්ට ලබාගත නොහැකි රටවල එය එහි අතිසාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ සෙලින්කෝ සමූහය හිමිව සිටි ලලිත් කොතලාවල මහත්තයා. අද වෙනකොට සමාගම් විශාල ප්‍රමාණයක් මෙම ණය මුදල් සපයනවා. මේකෙන් වැදුනේ ගමේ පොලී මුදලාලිලාට. ඇප නැතිව ණය දෙන නිසා ගමේ පොලී මුදලාලිලාට දුපත්තුන්ගේ දේපල කොල්ල කා ගැනීමට නොහැකිවී තිබෙනවා.
ක්ෂුද්‍ර ණය ගන්නා අය අතර සුළු ගොවීන් විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. මෙම ණය ක්‍රමය නැත්නම් සුලු ගොවීන් සහල ඒකාධිකාර වල අතේ නැටවෙනවා. මෙම සහල් ඒකාධිකාර ගොවියාට පොලියට ණය දී, පසුව අස්වැන්න ඔවුන්ට ඕනෑ ගණනට ණයට හිලව් කරගන්නවා. ක්ෂුද්‍ර නය සපයන සමාගම් නිසා සමහර ගොවීන්ට සහල් ඒකාධිකාර හෝ අතරමැදි මුදලාලිලාගෙන් හෝ ගමේ පොලී මුදලාලිගෙන් ණය ගැණීම අවශ්‍ය නැහැ.
පොලී කරුවන්ගෙන් සමාජයේ පහලම ස්ථර වල ඉන්න අයට වෙන හානියෙන් වලක්වා ගන්න බංගලා දේශයේ මොහොමඩ් යූනුස් විසින් පටන් ගත් මෙම වත්කම් නොමැති අයට ලබා දෙන ක්ෂුද්‍ර ණය ක්‍රමය අද බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවල පැතිරිලා. මෙම ක්‍රමය නිසා මොහොමඩ් යූනුස් ට නොබෙල් ත්‍යාගය පවා හිමිවුනා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නොබෙල් ත්‍යාග කමිටුව පවා පිළිගත් මොහොමඩ් යූනුස් විසින් මුලින්ම ලොවට හන්දුන්වා දුන් ක්ෂුද්‍ර ණය ක්‍රමය පොලොන්නරුවේ ඩඩ්ලි යූනුස්ට ගැලපෙන්නේ නැතිලු.
ක්ෂුද්‍ර ණය ක්‍රමයට විරුද්ධව ඩඩ්ලි යූනුස් දාන තර්ක හරියට ගොමා සංවිධානෙ තර්ක වගේ. ඒ නිසා ඒ උත්තමයට ගොමා සංවිධානෙ සාමජිකත්වය ලබා ගන්නත් පුළුවන් වෙයි.
මේ අගනා සොයා ගැනීම කල අපේ ඩඩ්ලි යූනුස්ට නොබෙල් ත්‍යාගය ලබා දීමට ඉල්ලා සිටීමට ඔබත් එක්වන්න.
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.