Menu Close

පොතේ පි‍ටුවක්

අඬන කොට ඔළුව තියාගන්න,
උරහිසක් නැති උණාම,
මිනිස්සු වැටෙනවා,
ඔළුව වදිනවා,
ඔළුව පැළෙනවා,
ලේ ගලනවා,
මැරෙනවා

මාගේ දිනපොතේ පි‍ටු කිහිපයක් පලකරමි,

වේලාව  රාත්‍රී 10ය පසුවී ඇතැයි  සිතේ මීට සුලු මොහොතකට පෙර මා වේලාව බලන විට රාත්‍රී 9.30 පවුවී තිබුනි.

රජරට නවාතැන් පොලක එලියේ පුටුවක ඇන්දකට බරවී අදුර දෙස මා බලා සිට්මි.මහා ඝණ අන්ධකාරය නොවන්නට මට මිහින්තලය කදු පන්තිය පෙනෙන්නට තිබෙනු ඇත.හිරු නම් ඇති වන්නටය මාස ගනනක් කීවාට අවුරුදු හතරක් පමණ සුපුරුදු වැස්සක් මේ පොලව තෙමා නැත.වසනාවක් ද අවාසනවාක් ද අවාසනවාක්ද කියන්නට නොතේරේ සඳ එළිය අද නැත.කවරදාක හෝ පොතක් ලිවීමේ ආසාව අද අදුර හිතට මහා බරක් සේ තව තව වැඩි කරයි.ලියන්නේ මොනවාද යන්න මා කිසි  දිනක වර්ග කර සිතන්නට ගියේ නැත එය එසේ කලා නම් තවත් පැටලෙනවා සහතිකය එක්කෝ ගොඩ ඇවිත්  එහෙම ලේසියෙන්  ගොඩ එන්න බෑ මොකද ඒක පොතක් ඒක කල්පිතයක්ද මේ ලොකේ කිසි තැනක කල්පිත නැත.මේ ලොකේ කිසිවකුට සරව සම්පූර් ණ කල්පිතයක් නිර් මාණය කල නොහැක මන්ද සෑම විටම ඒ තුල මනුෂයන් ජීවත් වන බැවිනි.අප සිතන සෑම කල්පිතයක් හා ම අප ජීවත් වේ ජිව්තේ අත්දැකීම් ජීවත් වේ මතකයන් ජීවත් වේ.එසේ නොකල උන් මෙලොව සිටියාදැයි මා මෙන්ම ඔබත් නොදනී,බුදුන් ජෙසුන් අල්ලා රහත් උන්තුමන් මෙසේ වර්ගකොට මෙලොව නොපැටලී ඉන්නා අයවලුන් ගැන අසා ඇතිවාට කිසි දිනක අත්දැක නැත.සෑම එකෙක්ම ගොඩ එන්නේ මූලික කල්පිතය අප තුලින්ම ගොඩ නගා ගත් පසුවයි.එක හරියට චාල්ස් ඩාවින්චි හා වානරයා වගේ කතාවක්.ලෝකය පුරා පවතින පවතින් විවිද ආගමික අත්තිවාරම මෙයමදැයි කීමට දැනුමක් මා සතුව නොමැත නමුත් යම් පැටලිල්ලක කොටාක් වනවා නිසකය.මන්ද ඔවුන් සැවෝම අදහන්නා වු සෑම  ආගමික නායකයෙක්ම සෑම විටම අප මිනිසුන් විදියට කිසි දිනක ලඟා නොවිය හැකි නොසිතිය හැකි දේවල් අර් ථකතනය කල අයවලුන්ය ඔවුන් අපගේ මරණයෙන් පසු නොදන්නා මානය මාකට් කර ගතවුන්ය.මනුෂයන්ට මෙලොව මනුශයන් ලෙස අත්විදිය නොහැකි කතා (බයිලා *)  ඔවුන් අපට ධාරණය කර තිබේ.ඒවාර්ට ශෝට් කට් නැත පැකේජ් අරගෙන බලා නැවත දිය නොහැක.ටෙස්ටින්ග් නැත.එක මාර් ගයක් ‍තෝරාගෙන එය අවබෝධ කරගෙනම බැලිය යුතුය.කෙටි මාරග නැත.

මාගේ මෙන්ම අවට මහා ගණ අදුරේ නිහඩ බව බිදිමින් ඈත පාරේ ශබ්ද නගා බස් රථයක් ගමන් කරයි.මන් තවමත් රජරට නවාතැන් පොලේ අසුනක් මතය.
මා කවුරුන් දැයි කීමට මා නොදනී.නමුත් මේ සටහන ලියන විට එක් දෙයක් අවබෝධ කරගෙන සිටී මා මේ ලොකයට ආවේ කොහි සිටදැයි මා අවබෝධ කරගතෙමි.මේ ලෝකය ආවේ මා තුලිනි.මම මම මම මෙසේ අපි මේ ලෝකය ගොඩනගා ගත්වුන්ය,

ලෝකය සහ මම , “මේ අඹ ගස් හැර වෙනත් අඹ ගස් තිබේ ද?” සුපුරුදු පැනය, ඉතිහාසය කියන පරිදී  හෙතුමූලයට පාත්‍ර වූ තැනට හූවක දුරක්වත් නැත.නමුත් අඹ ගස් අද ඇත නමුත් තිස්ස අද නැත.මුවා අද නැත.වැඩියා වු පිරිවරද රහතුන් වහන්සේලාද අද නැත.නමුත් අද මන් මෙතන මේ අම්බස්තලය පෙනෙන මානයේ,ඔව් මං මෙතන,ඉතින් මේක කියවන උබලාට වැඩක් නෑ ඒක.ලියලා තියන්නට ඕනි තවත් කාරණයක් තියනවා මේ  ලියන වෙලාවේ කිසිම මත්ද්‍රවයක් අරගෙන නෑ හැබැයි මේ නිහඩ අදුර මගේ මනස විකල් කලා කියලා  පිලිගන්නත් මා සිත කැමති නෑ.

දිවුල් ‘ඔව් දිවුල්” දැන් ටික්කට කලින් දිවුල් ගෙඩියක් කෑවා.හැබැයි එක හම්බ උනේ රජරට නේවේ..ඊට ගව් ගනනක් ඈත පලාතකින්,ඉස්සරහ තියන සිමෙන්ති බැමි කෑල්ලට ගහලා දිවුල් ගෙඩිය පලාගෙන සීනි දාගෙන කෑවා.කවුද හොයා ගත්තේ දිවුල් කන්න පුලුවන් කියලා.ඔය මහ ගණ කට්ට ඇතුලේ තියන මඳ කන්න පුලුවන් කියලා.මේ කට්ට අමාරුවෙන් කඩාගෙන මේක පලවෙනියට කාපු එකාගේ වෙලාව හොදයි.නැත්නම් ඔය මදේ විෂ වෙලා පලවෙනියා මැරුනා නම්..ඒ වගේ ගොඩක් උන් මැරුණට පස්සේ හොයා ගනී හෙතුව දිවුල් කියලා.එහෙනම් මේ කර් කෂ පොලවේ දිවුල් ගහට මිනිස්සු මෙතරම් කැමැත්තක් නොදක්වාවි ඒවා මෙතරම් නොවැවේවි.එහෙමත් නැහැ ඔය අපූරුවට කනේරු ගස් වැස් වැවෙන්නේ  ලස්සන කහපාට මල්  එක්ක උජාරුවට ඉන්නේ මොකද කන්න ඕනි උන් විතරයි ඒක කන්නේ.දැන දැනම මැරෙන්න ඕනි උන්.හරියට මගෙ හිත වගේ එකටත් ඕනි ඇති කනේරු කන්න.

“සම්බන්ධතා ගැන උඹ මට උගන්වන්න ඕනි නෑ” එද ඒකි මට එහෙම කියද්දි මට කියන්න හිතුනා “මන් උඹට උගන්වන්න ඕනි නෑ,උඹ දන්නවා නම් මට උගන්නපන් කියලා”එක මන් කීවේ නෑ කෑ ගහලා කියන්න හිතුනත් මට කෑ ගහලා කියන්න හිතුනේ නෑ..මේ හැමදේම  මහා සම්බන්දතාවයන්  මම මම  කියලා  හදාගන්න ලෝක ටික නිසා එකතුවන දිගුවක් විතරයි කියලා ඉතින් ඒක මට කියලා දෙන්න එපා ඒක මේ මුලු ලෝකෙටම කියලා දීපන්.උඹ ඒක දන්නවා නම් කියලා දීපන්.මේ ලෝකේ ඉන්න ඔක්කෝටම.



අදට මා නවතිමි
රජරට නවාතැන් පොලක
2018 වූ අගෝස්තු මස  7 වන දින
රත්‍රී 12ට ආසන්නව.

%d bloggers like this: