Menu Close

මරණින් පසු…? After death…?


අපි දකින්නේ කෙසේද…?

පෙනීම යන සංකල්පය 100% භෞතිකය. එය ආලෝක ෆෝටෝන යම් වස්තුවකින් පරාවර්තනය වීම, එය වර්තනයෙන් පසු දෘෂ්ටි විතානය මගින් සංවේදනය කිරීම, නියුරෝන හරහා විද්‍යුත් ස්පන්ද මොළය වෙත ගමන් කිරීම, මොළයේ කොටස් කිහිපයකදී කෙරෙන සංඥා සැකසීම සහ රටා හඳුනා ගැනීම, ඒ මත ගන්නා තීරණය ආදී වශයෙන් වෙයි. 

අප සිරුරේ ඇති පංචෙන්ද්‍රියයන් සහ මනස (මොළය මත පදනම් වූ) භෞතික රාශීන් වේ. අපගේ භෞතික ශරීරය අක්‍රිය වූ විට (මරණයට පත් වූ විට) මෙම සියළු ආදාන/ප්‍රතිදාන ග්‍රාහක සහ දත්ත සැකසුම් පද්ධතිය නවතී.

 මෙහි අර්ථය කුමක්ද?

මරණින් මතු යම් දෙයක් පවතී නම් එය මේ වන විට  පවතින මනුෂ්‍ය බුද්ධියට පිටතින් වූ භූතාර්ථයක් විය යුතුය. නැවත ආදාන/ප්‍රතිදාන ග්‍රාහක සහ දත්ත සැකසුම් පද්ධතියක් සහිත භෞතික ස්වරුපයක් සමග අනුගත වනතෙක් මෙම භූතාර්ථයට අවකාශ-කාල සංවේදනයක් නැතිවිය යුතුය (අපගේ දැනුම් පද්ධතියට අනුව). 

මෙම සංසිද්ධිය සඳහා හෝ මින් ඔබ්බට වෙනත් තර්කානුකූල පැහැදිලි කිරීමක් තිබේද?

ඔබට කෙරෙන ආරාධනයයි. 

……………………………………
කෙටියෙන්;

මරණින් මතු  භූතාර්ථයක් පවතින බවට යම් තර්කානුකූල (තම විඥානයට බාහිරින් තාර්කික වූ) පැහැදිලිකිරීමක් කල හැකිද?

එසේ පවතී නම් එම භූතාර්ථයෙහි ස්වභාවය, පවතින ඥාන ශක්තිය සහ දැනුම් සම්භාරය තුල විශ්ලේෂණය කල හැකිද?


ආදාන / ප්‍රතිදාන ග්‍රාහක සහ දත්ත සැකසුම් පධතියකින් තොරව පවතින මෙම භූතාර්ථයට අවකාශ-කාල සංවේදනයක් පවතීද? 


How do we see…?

Seeing is 100% physical. It involves light photons reflected from an object, sensed by the retina and after some refractions, electrical signals to the brain through neurons where the signal processing and pattern recognition takes place to make the decision.

All five senses and the so-called mind (connected to the brain) are physical. Once the physical body is deactivated (dead) all these I/O ports and the processing unit stop.

What does that mean…?

If there is any entity left after the death of the physical body, then it should be something that is totally unknown to the present human intelligence. This entity does not sense the space-time existence unless it integrates with another physical form that has the I/O ports and the processing unit (as per our present knowledge base).

Is there any other rational explanation to this phenomena or beyond this?

You are invited to express your views. 

………………

In brief;

Is there any rational explanation for the existence of “something” after death?

If such an entity exists, can we understand what it is within our intellectual peripherals?

Deprived of the i/o ports and processing unit (body and mind), can this entity experience/sense space-time?


%d bloggers like this: