Menu Close

ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්

අද ගොඩක් දෙනෙක් ගේ මාතෘකාව ලෙස ධම්මික පෙරේරා පත්ව සිටී. ඒ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ ඉදිරි ආර්තික දැක්ම නමැති මාතෘකාව නිසා ය.  ධම්මික පෙරේරා ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දශලක්ෂ පනස්පන්දහසක්. මෙවන් වත්කමක් සහිත පුද්ගලයකු යනු එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ඔබ සහ මම තර්කයෙන් තොරව පිළිගත යුතුය. මාකදුරේ මදුෂ් ගේ කුඩු සල්ලි ගැන කථා කරනවාට වඩා ධම්මික පෙරේරා කියන්නට යන්නේ කුමක්ද කියා සිතන්නට පුළුවන් නම් එය වටින්නේ ය. 

අරාබියේ දී නම් ධනකුහෙරයින් සල්ලි වලින් සෙල්ලම් කෙරුවාට ලංකාවේ අංක එකේ ධනවතා වන ධම්මික පෙරේරා තම සල්ලි වලින් කරන සෙල්ලම වන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. ඔහු ඒ සෙල්ලම කරන්නේ data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්යාඥවරු සමග ය. වයස පනස් එකක් වූ ධම්මික පෙරේරා ගේ මතකය විශිශ්ට ය. අපේ වචනයෙන් කියතොත් මීටරයක් ය. එසේ මෙසේ මීටරයක් නොව පට්ට මීටරයක් ය. ඔහුට අනාගතය හොදින් පෙනෙන්නේ ඔහු දත්ත සමග කාලයක් ගත කරන නිසාය. දත්ත සමීකරන නිවැරදිව ගලපන්නට පුළුවන් නම් ඔබ ගැන පවා අනාගත වාක්‍ය කියන්නට පුළුවන් ය. එය අද වන විට ලොව අතිදියුණු රටවල ආර්තිකය, තාක්ෂණය, සහ ඇතැම් පරීක්ෂණ සදහාද පුළුල් ව භාවිතා කරයි.

ඉතිං අපේ මේ කථා නායකයා වූ ධම්මික පෙරේරා සත්‍ය ලෙසම කථා කරන්නේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ගැනද? මගේ පුද්ගලික මතය නම් ඔහු කථා කරන්නේ  Management Information System (MIS) (කළමනාකරණ තොරතුරු පද්ධති) ගැනය. ඔහුගේ සැම කථාවකම වාගේ කියන ආර්ටිෆිෂල් ඉන්ටලිජන් මට අනුව නම්  MIS නොහොත් Management Information System ය. එහෙත් එතුමාගේ අවසාන ඉලක්කය ආර්ටිෆිෂල් ඉන්ටලිජන් නම් එතුමා වහා තම පාර වෙනස් කර යුතුය.  MIS වල සිට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් වලට යනවා යනු ජපාණයේ බුලට් ට්‍රෙන් එකක් එකවරම ඇමරිකානු අජටාකාෂගාමී රොකට්ටුවක් වීමක් වැනිය යැයි මට හැගේ. එසේ නැතිනම් ධම්මික පෙරේරා වටා සිටින data scientist ලා එසේත් නැතිනම් දත්ත විද්යාඥවරු එතුමාව අන්දනවා විය යුතුය. ඉහත කථාකර දත්ත, සමීකරන වලට නිවැරදිව යොදවා ලැබෙන පිළිතුරු වලින් ඔහු පුදුම කරවා MIS යනු ආර්ටිෆිෂල් ඉන්ටලිජන් කියා පණිවිඩයක් ඔහු ගේ මනසට ඇතුල් කර විය හැකි ද? එහෙත් ධම්මික පෙරේරා යනු ලෙහෙසියෙන් ඇන්දිය හැකි චරිතයක් නොවන බව නම් මට සියයට දහසක් විෂ්වාසය.

එසේ නම් ඔහුට කොතැනක හෝ වැරදී ඇත. ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තනිව තීරණ ගැනීමට පුළුවන් ය. කළමනාකරණ තොරතුරු පද්ධතියකට (MIS) පුළුවන් වන්නේ තමා රැස්කර ප්‍රතිපල දැනුම් දීමට පමණි. ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ MIS ගමන් කරන්නේ එකිනෙකට සමාන්තර එහෙත් ලං නොවන මං දෙකක බව දැන් ඔබට වැටහෙනවා විය යුතු ය. තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට තම කටයුතු සම්පූර්නයෙන් භාර දීමට වියාපාරිකයා අදටත් බියක් දක්වන්නේ ය. අද වන විට මිනිසාට ලගා විය නොහැකි තැන් වෙත කටයුතු මෙහෙයවීමට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතියකට හැකි වී තිබේ. ඇතැම් විට ඔබට නිදිමත දැනුන විට “ටෙස්ලා මට නිදිමතයි” කියූ විට “සර් නිදාගන්න, මම ඔබව ඔබේ නිවසට රැගෙන යන්නම්”  කියා පරිස්සමට වාහනයේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධතිය විසින් රියදුරු නොමැතිව ගමනාන්තයට ගෙන ඒම සත්‍ය ලෙසම ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය. පර්කින් ඇසිස්ටන්,ඖටෝ පර්කින්,driverless ඩ්‍රයිව් ,ඖටෝ බෙර්ක් යනු අද කාලයේ වාහන වල ආර්ටිෆිෂල් ඉන්ටලිජන් ය.

 නුදුරේදී ම ඔබට හදුන්වාදීමට නියමිත් eye ප්රෝග්රමින් atm facility තනිව තීරණ ගැනීමේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහිත පරිඝනක පද්ධති වේ. ඒ වගේ ම ඇපල් දුරකථන වල “සිරී (Siri) ” ද එක්තරා ආකාරයකට ආර්ටිෆිෂල් ඉන්ටලිජන් යෙදවෙන අවස්ථාවකි .

ඉතින්, ලංකාව වැනි රටක ධම්මික පෙරේරා ගෙන එන්නට උත්සාහ කරන දේ සත්‍ය ලෙසම අගය කර යුතු ය. අලුත් දෙයක් නොසිතා ඉස්සරහට යන්නට කොහොමත් ම බැරිය. ලංකාවේ අධිකරණ, විශ්වවිද්‍යාල සහ ප්‍රවාහන ක්ශේත්‍ර මේ සදහා කදිම නිදසුන් ය. කැසිනෝකාරයෙක් හෝ මොකෙක් හෝ නැත්තම් පිටසක්වලින් පැමිණ හෝ ලංකාවේ සිස්ටම් එක වෙනස් කර යුතුමය. දෙසියවිසිපහට සහ උන්ගෙන් යැපෙන බහිරවයන් ඉන්නාතාක් එව්වා ලෙහෙසි නැති බව ඔබ අප සැම දන්නා කරුණකි. එහෙව් රටක ධම්මික පෙරේරාලා බිහිවීමත් එක අතකට ධ්‍යිවයේ සරදමක් විය හැකිය.

අද සටහට,
කලණ රජින්ද ආටිගල

       

%d bloggers like this: