Menu Close

අහිමි


වමත් වෙදැගිලි මුදුවක
නිමක් නැති දිස්නයෙන්
කලුවරේ ගිලිය හැක
ලොකු අහස් මාලිගාවක්,
එන්නේ ඇස් නොපෙනි යන මොහොතක්
කලුවරට හුරු කරන් ඇස් දෙක
අහකටම පා කරලා හැරි විට
ගිනි අරං වතුරේ ගිලෙන
ඉර දිහාවම බලං
මචං උඹ භාවනාවක්,
උඹ වටේ දුම් වලාවක්.
ඉරට ගිනි තියපු පන්දම
අතින් අත හුවමාරු වෙද්දී
සිලි කොලේ ඔතලා තිබුනු
කටලිස් එකක් කට ගැස්ම වෙද්දී
මගේ හිත් ඇම්ම කට අගට එද්දී,
‘එයා ඇස් දෙක පියන් අදට අවුරුදු තුනක්’
‘මේ කාපු කටලිස් එක දානයට හැදු එකක්’
සුරත් වෙදඟැලි මුදුව කොනිහමින්
උඹේ කට ඉස්සර වුනා
මගේ දිව ගොලු වුනා
වතුර අස්සේ හැංගෙන්න වලි කන
ඉරට ආයෙත් ගිනි තියන්නට
තව පන්දමක් මං අතට ගත්තා….



Image may contain: ocean, sky, twilight, outdoor, nature and water

%d bloggers like this: