Menu Close

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා.

2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව..

දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා.

අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප්රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ.

ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක්රමවේදයන් ගැන හිතන්න වෙනව.


අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවිකාවන් එවන සමස්ත මුදල සැලකියුතු ප්‍රමාණයක්.
(ගෘහ සේවිකාවන් ලෙස මෙරට කාන්තාවන් විදෙස්ගතවීම ගැන 2011 දි නිකුත් කළ නිබන්දයකට අනුව මෙරට ජන ග්‍රහනයෙන් මිලියන 1.7ක් විදෙස්ගතව රැකියාව කරන අතර ඉන් 600,000ක ප්‍රමාණයක් ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වුවන්. 2018 වසර සඳහා මේ අගයන් හමුවුව හොත් යාවත් කරන්නම්.) 

එවගේම තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය ගත්කළ WSO2, Virtusa, N-able, LSEG, 99x, CodeGen මේවගේ බෝහෝ ආයතන මෙරට තියෙනව. (හැබැයි මෙරට තියෙන හැම ආයතනයකම ලාභය මෙරටට එනවද කියන එක වෙනම කතාවක්.)
ඉතින් දැන් අර කලින් කීව ගෘහ සේවිකාවන් ගැන කියපු උදාහරණය අනුව හිතන්න. තනි පුද්ගල හෝ කුඩා පරිමාණයෙන් තොරතුරු තාක්ෂණ අංශයේ ව්‍යාපාරයක් කරගෙන යන ආයතනයක් මෙරටට විදෙස් විණිමය ගෙන එනව කියල. ඒවගේ කුඩා ආයතන ප්‍රමාණය වැඩි වීම ඇත්තටම රටට හොදක් මිස නරකක් නෙමේ.

ඒවගේමWork From Home ලෙස හෝ කොළඹ නගරයෙන් බැහැරව තම ගම් ප්‍රදේශයේ කුඩා ආයතන බිහි කර රැකියා අවස්තාව ඇති වීම කොළඹ නාගරික තදය තුල තම ජිවිතයේ වටිනාම කාලය බස් වලට, දුම්රියට නාස්ති කරන්න අවශ්‍ය නැ.




මේ රාජ්‍ය සේවයේ නියුතු මහත්මයෙක් දුන්න තොරතුරු කිහිපයක්. 

දැන්මෙරට තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නියැලෙන හැමෝටම උපාධි තියෙනවද?
හැමෝටම ඩිප්ලෝමා තියෙනවද? නැ! 
“තේ” හදලා පස්සේ ආයතන හිමිකරුවෙක් වුනා කියල රසබර කරලා කියන මිනිස්සුන්ට තමන් වැඩ කරන ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේන් ආයතනයක් ලියාපදිංචියට සහතික ඉදිරිපත් කරන්න ඔනවෙන්නේ ඇයි?
අන්තර්ජාලය හරහා ඉගෙන ගෙන ඉතා හොඳින් ක්‍ෂෙත්‍රයේ වැඩ කරන බොහෝ පිරිස් ඉන්නව. ඒවගේම තමන්ගේ රටේ තමන්ට “තොරතුරු තාක්ෂණ” ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නට ඇයි කොහෙන්වත් සහතික?
මෘදුකාංගයක් සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම, පරිගණක ජාලයක් සැකසීම, මෘදුකාංග තත්ත්ව පරික්‍ෂාව, තොරතුරු තාක්‍ෂණය ආශ්‍රීතව ප්‍රලේඛනය, යටිතල පහසුකම් යනාදි විවිධ වූ කාර්යයන් සම්භාහන, ස්පා, පෙරපාසල්, ෆමාසි, කාමර කුලියට දීමට වඩා සැබවිම්ම වෙනස් සේවාවන් බව.
එවැනි ආයතනය සඳහා අදාල කරගන්න රෙගුලාසි තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයට අදාල කරගන්න කොහෙත්ම බැ. 
තමන්ගේ නොදැණුවත් කමට හෝ තනතුරේ උඩගුකම නිසා මෙලෙස කෙනෙහිලි කිරීම මඟින් වෙන්නේ රටට හරි විදියට එන යම් ප්‍රමාණයක විදේශ විනිමයක් හෝ එන එක නැතිවි ඒ මුදල් අදාල සේවා සපනයන්නන් විසින් මෙරටින් බැහැරවම තබා ගැණීමයි.
“වෙබ් හොස්ටින් සහ ඉන්ටර්නෙට් බේස් සර්විස්” කිව්වම “ඔයා හැක් කරනවද දන්නේ නැ”  යනුවෙන් පවසා ඇත්තේ සහකාර ප්‍රාදේශීය ලේකම් කෙනෙක්.

කෙසේ නමුත් ඔහු/ඇය තමන්ගේ අත්සන දාල වගකීමක් ගන්න බය වෙන්න ඇති, නමුත් අපිට තියෙන ගැටලුව ඇයි සහතික (අවශ්‍ය සහතික පවා එම අවස්ථාවේදි ඉදිරිපත් කර තිබුණි). 

පළාත් සභා වෙනුවෙන් ලියාපදිංචිය සිදු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදුවුවන අතරම මේ ප්‍රොසස් එකෙ අවුලක් පැහැදිලිව තිබෙන බව පේනව.

කව්ද මේක කිව්වේ කියන එක හොයන එක වෙනුවට ඇයි අපි මේක ස්මාර් විදියට නොකරන්නේ කියල හිතල බලමු. ඇයි අපිට වේබ් එක හරහා මේ අයදුම්පත ගන්න බැරි?
ඇයි 2018 දෙසැම්බර් දුන්න අයදුම්පත ගැන 2019 පෙබරවාරි  වන තෙක් අයදුම්කරුව දැණුවත් නොකලේ?
මේ දේවල් මෙසේ සිදුවෙද්දි 2020 දිත් අපි මේ පරණ ක්‍රමේට යනවද?

සහතික පදනම් කරගෙන නියාමණය කොතරම් ඵලදායිද ප්‍රායෝගිකද යන්න නිවි හැනහිල්ලේ හිතන්න.


හිතා මතාම කඩාකප්පල් කාරි වැඩක් කරන්න එන කෙනෙක් කවදාවත් සාක්ෂි තියල යන්නේ නැ හිතා මතා. එනිසා හැක් කරන්න එන්න පුලුවන් ඒනිසා අපි පොලිස් වාර්ථාවක් ගන්න ඔනා කියන අදහසින් වැඩ කිරීම හාස්‍ය ජනකයි.

අපේ රටේ තවමත් උප්පැන්නය සහ ජාතික හැදුනුම්පත සම්බන්දව ගැටලු තිබෙන බව අදාල නිළධාරීන් පවසනව. උදාහරණයක් ලෙස වැරදි තොරතුරු එක් කර හදන ජාතික හැදුනුම්පත සහ එමගින් හදන විදේශ ගමන් බලපත්‍රය නිවැරදි එකක් නෙමේ.

ඇත්තටම පරිගණක ආශ්‍රීත ව්‍යාපාරවල නියැලෙන ආයතන නියාමනය කරන්නේ කව්ද?
මෙරට තොරතුරු තාක්ෂණය ආශ්‍රීත අපණයන වැඩි කරන්න කටයුතු කරන්නේ කව්ද?

%d bloggers like this: