Menu Close

නුඹට.. 💜️

ඉතින් මට අවැසි ඉපදෙන්න
නුඹ මා මිය ඇදෙන්නට සැලැස්වූ තැනම..
සිහිනයක් හා සබැඳි
අතීතයේ දුවිලි වලා මත….

කිමිදෙමින් සොයන්නෙමි
අත් හැරුණු රැහැන් පට..
මා මගෙන් වෙන් කළ
ඒ තියුණු වූ මුවත..
නුඹම නම් දුන් නුඹේ “ආදරය” ..

ඈත අතීතය දෙස බලා
නොවැළපෙමි කිසි විට….
ඒත් රහසින් උපදින,
මේ කඳුලු කුමකට….
මම ද මිය ගිය වග
මට පසක් කළ “කඳුළැලි”

අනාගතය නොදනිමි
ඉතින්
තවමත්….
එහෙත්
වර්තමානය පුරා සොයනෙමි….
මට මා ද නැති කර,
මගෙන් බොහෝ දුර ගිය….
මම ඔබට දුන්
මගේ “ප්‍රේමය “..

හිතවත,
හැකි ද
කියාදෙන්න මට….
මකා දමනා අයුරු!
අතින්වත් අත නොඅල්ලා බැඳි
ඒ අරුමයෙන් යුත්,
“අපේ ප්‍රේමය ” 🙂❤️

– මානි –

%d bloggers like this: