Menu Close

සය මසකට පසු නැවත උපන්නෙමි.

අහස වැහි බරය.. නින්දත් නොනින්දත් අතර දැඩි උණුසුම නිසාවෙන් මා අරගල කරමින් හිඳිමි.එන වගට දිවුරා ශබ්ද පූජා පවත්වා දින කිහිපයක් මග හැරි වැහි වලාවන් හා කෝප ගන්නට මට අවැසිය.. එහෙත්.. පළාතම දෙදුරුම් කවන අකුණු හඬකින් පිබිදෙමි.. ඉඩෝරයේ අවසන් උණුසුම බෙර හඬින් ඇද වැටෙන ඉඩෝරයේ ප්රථම වැහි බිඳු මත සුවඳ විහිදවමින් මියැදෙන අයුරු විඳිනෙමි..
හැරෙන්නට ඉඩ නැති තත්පර කිහිපයකට පසු මෙතෙක් ඉඩෝරයේ කෲරත්වයෙන් දුක් විඳි පොලොව මේ දැයි අහස මා හට අමතක කරවමින් ගියේය.. සියලු බොර පැහැ වතුර හා සේදෙමින් ගිය දුහුවිල්ලකට පසුව ප්රහර්ෂයේ සිසිලසද,සැනසිල්ලද ගෙන වර්ෂාව ඇද හැලෙන්නට විය.. මහා මේඝයන්ගෙන් හාත්පස වැසෙන විට… ඉඩෝරය අවසන් වරට නික්මෙන විට… වස්සානය සියලු අණසක පතුරවා සිසිලසත්,බලාපොරොත්තුවේ සතුටත් ගෙන සිනාසලන විට… ජීවිතයේ සියලු දුක් කම්කටොලුත් මේ වැස්ස සේම නික්මී යනවානම් කියා රහසින් ප්රාර්ථනා කරමි.. ❤️
ඉතින් හිතවත…
මේ මේඝ වලාවන් පැමිණිය යුතුය…
විදුලියේ එළියන්ද ,
ඒ ගර්ජනාවන් ද පැමිණිය යුතුය…
සියලු දුක් දෝමනස්සයන් සෝදා හරින්නට… වස්සානය එන වග දන්වා සිටින්නට..
ඔවුහු පලමුව පැමිණිය යුතුය..
සැනසුම් සුවයක් සමඟ වස්සානය පැමිනි විට..
නියඟයේ කටුකත්වයෙන් උපන් සියලු වේදනාවන් හට සේදී යන්නට ඉඩ දෙන්න..
අලුත් බලාපොරොත්තුවේ ප්රහර්ෂය වැළඳගන්න..
අලුත් වැසි දියට සේදෙන දුහුවිල්ලේ අවසන් හුස්මෙහි සුවඳ මෙන් ඔබත් කටුක බවේ මතකයෙන් සැනසී සිසිලැසැති වස්සානය හා පිබිදෙන්න…
ජීවිතය අලුතින් හිතන්න … හැම වස්සානයකම අලුතින් පටන් ගන්න..
විඳවන්නට නොවේ… විඳින්නට ජීවත් වන්න..
– මානි – 
❤️
%d bloggers like this: