Menu Close

වෙල්ඩර් හෙල්පර් ගේ අවසානය – සයුරේ දසවසක් – 10

”උඹ එනවාද නාන්න යන්න?”
”නාන්න? කොහේද මුහුදේද?”
”පිස්සුවටද මුදේ නාන්නේ? ෆෙෂ් වොටර් තියෙද්දි.”
”කොහේද තියෙන්නේ? මේක නිකං කාන්තාරයක් වගෙයිනේ.”
සුළඟට ඇවිස්සි ඉහිල නගින දුළි වලාවන් දෙස බලමින් මා කඞ්ඩාට කිවෙමි.
”කෑම්ප් එකෙන් පිට ලිඳක් තියෙනවා එකෙන් නාන්න පුළුවනි. එනවා නම් දෙකාට කියලා වරෙන්.”

                නෑමට වඩා නොදුටු කන්කසන්තුරය දැක බලාගැනිමේ නොනිත් ආසාව මා පෙලබවන්නට ඇත. ඉක්මනින් තුවායක් හා කළිසමක් කරට මතට දාගෙන කඞ්ඩා සමගින් ජැටියට බැස කහ පැහැති දුවිල්ලෙන් පිරුනු පාර දිගේ අප නැවේ කිහිප දෙනෙකු සමගින් ඉදිරියට ඇවිද ගියෙමු. ජැටිය කෙලවරේ තිබු විශාල වැල්වයක් සවිකල පයිප්ප බටය නැව් වලින් ගෙනෙනා තෙල් පොම්ප කිරිමට සවි කල එකකි. එය මද දුරක් පොලව මතින් ගොස් අතුරුහන්ව යයි. අප කදවුරෙන් එලියට බැස සිමෙන්ති කම්හලට යන පාර දිගේ මඳ දුරක් ගමන් කරන්නට විමු. හමුදාවෙන් පවත්වාගෙන කුඩා කඩයක් ද පසුකර අප ගමන් කර පාර අසළවු වත්තක තිබු ලිඳක් වෙත පියමැන්නෙමු. වියලි කලාපයේ දක්නට ලැබෙන කුඩා කටු පදුරු බදු ගස් වලින් වටව තිබු එම ලිඳේ අප යන විටත් සෙබලූන් කිහිප දෙනෙකු දිය නාමින් සිටියහ. ඔවුන්ගේ නෑමට බාදාකරන්නට පැමිණි පිටස්තරයින් පිරිිස දෙස බැලුවේ එතරම් මනාපයකින් තොරවය. එබැවින් අප ඔවුන්ගේ කටයුතු අහවර කරන තෙක් පසෙකට විමු. ශිතකරන හා වායුසමිකරන යන්ත‍්‍රවලට යොදනා හිස් ගෑස් සිලින්ඩරයක් දෙකට කපා කොක්කක් දමා සෑදු බාල්දි දෙකක් එහිවිය. තෙමුනු නයිලොන් කඹය ග‍්‍රිස් ගැවුනු කලෙක මෙන් ඇගිලි අතරින් ලීස්සා යද්දී ජලයෙන් පිරුනු යකඩ සිලින්ඩරය කප්පියක් නොමැති ලිඳෙන් ඉහලට ඇද ගැනිම සිතු තරම් ලේසි නොවිය. ජලය ඇද නාගැනිම කලයුත්තේ අපහසුවෙන් වුවත් දින ගනනකට පසුව ලැබු ජල පහසින් අප ප‍්‍රිතියෙන් කුල්මත්විය. සිතු පැතුසේ දිගටම නාගන්නට වෙලාව මදිවුයේ මෙම ලිඳෙන් නාකියාගැන්මට සෙබලූන් පිරිසක් පැමිණ බලා සිටින්නට වු බැවිනි. දිය නෑමෙන් පසුව පාරට බට අප ලිඳ පසුකර ටික දුරක් ඉදිරියට ගමන් කලෙමු. ඉදිරියෙන් කඩ දෙක තුනක්විය. එහි එක් කඩයක යුද හමුදා සෙබලූන් පිරි සිටිනු දක්නට ලැබින. දමිල කොල්ලෙකු හා කෙල්ලෙකු විසින් පවත්වාගෙන ගිය දුරකථන මධ්‍යස්ථානයක්වු එහිවු දුරකථන දෙකම කොතරම් කාර්්‍යය බහුලවිද යත් කොළඹට හෝ දකුණට ඇමතුමක් ලබා ගන්නට පෝලිමේ රැුදි සිටින්නට සිදුවිය. දුරකථන සංඥ ලබාගන්නට එම කඩයේ වහලයේ සිට අඩි හතක් අටක් පමණ ඉහලට එසවුනු ඇන්ටෙනාවක් විය. දුරකථන ඇමතුම් කොළඹ හා සම්බන්ධවුයේ ඉතා මන්දගාමිව නිසා එතැන පෝලිම තවත් දිග්ගැස්සුනි. මෙතන පෝලිමේ සිට වැඩි මිලක් ගෙවා නිවසට දුරකථන ඇමතුමක් ගන්නට අපටහට අවශ්‍යතාවයක් නොතිබුනි. කන්කසන්තුරයට රැුගෙන ආ පාන්පිටි තොගය ගොඩබා අවසන්වු පසු අප නැව යළිත් ති‍්‍රකුණාමලය බලා යාත‍්‍රා කරන්නට පටන්ගති.


     කිසිවෙකුගෙන් අණකිරිමක් නොමැතිව මාගේ සුපුරුදු දිනචරියාවවු රංජි අයියාගේ වෙල්ඩර් හෙල්පර් ලෙසින් වැඩ කිරිම කරගෙන ගියෙමි. අනපෙක්ෂිත වේලාවක එන්ජින්  කාමරයෙන් කැදවිමක් ලැබින. මා එහි යනවිටත් දෙවන හා හතරවන ඉන්ජිනේරුවරුන් මා එනතෙක් බලාසිටියහ.
”තමුසේ දැන් එන්ජිමේද ඩෙක් එකේද වැඩ?”
ඔරවාගෙන සිටි දෙවන ඉන්ජිනේරුවරයා මාහට ගිගිරිය. මා නිහඬව බලාසිටියේ එකවරම කඩා පාත්වු මරාලය කුමක්දැයි සිතාගත නොහැකිවු බැවිනි.
”තමුසේ නිකමටවත් එන්ජින් රූම් එක පැත්තේ එන්නේ නැත්තේ ඇයි?”
හතරවන ඉන්ජිනේරුවරයාද කථාව මැදට පැන ඇසීය.
”ඇයි මට වෙල්ඩර් හෙල්පර් විදිහට රංජිත් අයියා එක්ක වැඩ කරන්න කිව්වේ.”
”කවුද තමුසේට දිගටම වැඩ කරන්න කිව්වේ? එ් ටික දවසකට විතරයි.”
”මෙයා රංජිත් එක්ක කියෝ කියෝ ඉන්නවා. එ් මිනිහාටත් වැඩක් කරන්න දෙන්නේ නෑ.”
වෙල්ඩර් හෙල්පර් විදිහට ඩෙක් එකේ වැඩ කරන ලෙසින් පවසා එන්ජින් රූම් එකෙන් පිටකර දැමු ඔවුන් මේ විදිහට මා වෙත දෝෂාරෝපනය කරන්නනේ ඇයි දැයි සිතාගත නොහැකිවිය. රංජිගෙන් බැනුම්අසන්නට පිටත් කල මා ඔහුත් සමගින් කුළුපගවිම ඔවුන්ගේ යටි අරමුන වු රැුගක් දිම සිදු කරගත නොහැකිවිමෙන් ඇතිවු කේන්තිය යළිදු මාවෙතින් පිට කරවාගන්නට උත්සාහ කරන්නා සේය.  මාහට ඔවුන් පිලිබඳවුයේ නොපහන් හැගිමකි.
”ආයිත් තමුසේ යන්නෑ වෙල්ඩින් වැඩ වලට. මිට පස්සේ එන්ජිමේ වැඩ විතරයි. දැන් ගිහිල්ලා බිල්ජස් එකේ වතුර අයින් කරනවා.”
ඔවුන්ගේ දෝෂාරෝපණය මැද්දේ ව්‍යාකුලවු මා කලයුතු වැඩය ගැන යළිත් වතාවක් අසන්නට සිදුවිය. ඉන් තදින් කෝපගැන්වුන    දෙවන ඉන්ජිනේරුවරයා
”එක පාරක් කිව්වාම ඇහෙන්නේ නැද්ද? අයිසේ අර බාල්දියක් අරගෙන ඇවිත් යට තියෙන වතුර අයින් කරනවා.”


           ඔහු එන්ජින් කාමරයේ යටම තට්ටුවේ පහතින් තෙල් හා වතුර එක්රැස් වන බිල්ජර්ස් (Bilges) නම් කොටසේ වතුර (Bilge water) ඉවත්කරන්නට අණ කරයි. හිස් ප්ලාස්ටික් බාල්දියක් හා කුණු අයින් කරන්නට යොදාගන්නා ඩස්ට් පෑන් එකක් රැගෙන වැඩයට සුදානම් වුයෙමි.  මෙවැනි  ප‍්‍රමාණයෙන් කුඩා නෞකාවල බිල්ජර්ස් උස අඩි දෙක තුනකට වඩා නොඋස්ය. විවිධ පැතිවලට දිවෙනා තෙල් නල වතුර නල අතරින් රිංගන්නට තැනක්ද නොවිය. ෆ්ලෝ ප්ලේට් කිහියක් උස්සා බලන්නට සිදුවුයේ යටට බහින්නට සුදුසු ස්්ථානයක් හොයාගන්නටය. යටට බහින්නට පුළුවන් තැනක් සොයාගෙන ෆ්ලෝ ප්ලේට්යක් ඉවත් කර යටට බැස්ස මාහට එහි හිදගෙන සිටින්නවත් ඉඩක් නොවිය. අසිරුවෙන් යටට බැසගත් පසු පයිප්ප නල අතරින් බඩගාගෙන තරමක ඉඩක් තිබු ස්ථානයකට ලගාවෙන්නට හැකිවිය. උක්කුටියෙන් හිදගත් මා ඩස්ට් පෑන් එකට එකතු කරනා තෙල් මිශ‍්‍ර වතුර බාල්දියට පුරවන්නට විමි. දෙපසට පැද්දෙන නැව එක් ඇලයකට හැරවෙද්දි වතුර මා පසුකරමින් එ් දෙසට ගලායන්නට විය. එමෙන්ම අනෙක් පසට ඇලවෙත්දි පෙර ලෙසින්ම කැලැතුනු බිල්ජර්ස් වතුර ගලායන්නේ කකුල් වල වැදි ඇගපුරා ඉහිරුමින්ය. මෙසේ දෙපැත්තට ගලනා ජලයෙන් සපත්තු දෙකද පිරුනි. උක්කුටියෙන් හිදගෙන ජලයෙන් තෙමි තෙමි අසිරුවෙන් ඩස්ට් පෑනයට ජලය එකතු කරගන්නට දැඩි උත්සාහයක් දරන්නට සිදුවිය. මාගේ පසුපස පෙදෙසටද සිහින් සිතලක් දැනෙන්නට වුයේ මේ අතරය. මේවන විට පසුපසත් ඉහිරෙන ජලයෙන් තෙත්වි හමාරය. කාලය වැය වන්නේ දෙපසට ගලායන ජලය එක්රැස් කර බාල්දියට පිරවිමටය. එකම ඉරියව්වෙන් බොහෝ වේලාවක් සිටි නිසාවෙන් දෙකකුල් ද හිරිවැටිගොසින්ය. උක්කුටියෙන් හිදගෙන හිදිද්දි බඩ තදවි තිබිමත් හා නැවේ පැද්දිලත් එක්කම හිස කැරකැවිල්ලත් ආවේය. එකවරම උගුරට ගලා ආ වමනය බිල්ජර්ස් හි ජලයට එකතුකර දැමුමේ වෙන දමන්නට තැනක් නොමැති බැවිනි. මාගේ වමනයද බිල්ජර්ස් වතුරට එකතුවි මාගේ දෙකකුල් අතරින් එහා මෙහා ගලා ගියේය. කෙන්ද කෙලින් කරගන්නට තරම්වත් නොහැකි කුඩා ඉඩක සිරවි ජරා තෙල් මිශ‍්‍ර වතුරෙන් නැහැවෙමින් මේ විදින්නේ මොනතරම් දුකක්ද සිතුනි. සියල්ල දමාගසා ගෙදර යන්නට ඇත්නම් සිතට නැගුන එකම සිතුවිල්ල විය. එහෙත් මහා සයුරේ මැද සිටිනා නෞකාවක සිට පැන යන්නට තැනක් නැත. ඇත්තෙන්ම සිතට නැගුන බලවත්  දුකත් වේදනාවත් මාගේ දෑස් කදුලින් පුරවාලන්නට විය. බාල්දියක් පුරවාගන්නට හැකිවුයේ විනාඩි හතලිස්පහක් පමණ බිල්ජර්ස් වතුර සමගින් ඔට්ටුවිමෙන් පසුය. රිංගු ලෙසින් නොව ආපසු බිල්ජර්ස් තුලින් එලියට එන්නටත් මහත් වෑයමක් දරන්නට සිදුවුනේ දෙකකුල් හිරිවැටි තිබුනු හෙයින්ය. එසේ බිල්ජර්ස් තුලින් මා එලියට පැමිණියේ දෙකාගේ වැදු මෑනියන්ට සිතෙන් පිංපෙත් පමුනුවමිනි.

        අපගේ නැව් වල ව්‍යවහාරවු පරිදි ”ඇරිල්ලක් ” කරන්නට මා අත කිසිදු වරදක් නොමැතිවිය. දෙකාගේ අණක් ලෙසින් කොට රංජි සමගින් වැඩ කරන්නට යවා පසුව ඔහුගේම දෝෂ දර්ශණයට ලක්විම මාගේ කෝපය අවුලවාන්නක්ම විය. අළුතින් නැවට එක්වු මා හට ”ඇරලා ගන්න” කොට රංජි සමගින් වැඩට දැම්ම නමුත් ඉක්මනින් ඔහු හා කුලූපගවිම ඔවුන් රිස්සුවේ නැති බව තේරුනේ පසුවය. කොට රංජිගෙන් ”ඇරවන්නට ” බැරිවුන මාහට මෙවර ”අරින්නට” යෙදාගත්තේ බිල්ජර්ස් වල එකතුවු තෙල් මිශ‍්‍ර ජලය ඉවත්කරන්නට අණ දිමෙනි. මෙවැනි පැරණි නොෟකාවල බිල්ජර්ස් වලට වතුර හා තෙල්  එකතුවිම කිසිදා නැවැත්විය හැකි නොවන්නේ දිරාපත්වු පයිප්ප, පොම්ප, පැකින් හා එන්ජින් වලින් වෑස්සෙන ජලය හා තෙල් එයට එකතුවන බැවිනි. මෙසේ එකතුකරගත් ජලය බිල්ජර්ස්වලම අයිනකට වන්නට ඇති බිල්ජ් වෙල් එකට හලන්නට සිදුවුයේ වෙන දමන්න තැනක් නැති හෙයිනි. දෑසට පිරි තිබුන කදුලු පිටි අල්ලෙන් පිසදමාගත් මා ”උඹලාට  ඕනේ මට ”අරින්න” නේ පුළුවන් නම් ”ඇරපං” කියා කිසිදු අපහසුවක් හෝ අමාරුවක් නොපෙන්නා යළිත් බිල්ජර්ස් තුලට රිංගා ගතිමි. කිසිවෙකුට නොපෙනෙන තැනකට රිංගා ගොසින් පහතින් ගිය පයිප්පයක් උඩින් හිදගත් මා පුළුවන් තරම් හිමිහිට ජලය පුරවාලන්නට විමි. ඇගපුරා ගලන දහඩියෙන් හා බිල්ජර්ස් වතුරෙන් නෑහැවෙමින් අපහසුවෙන් වුවත් මුළු දවසම එම කාර්්‍යය සදහා ගතකලේ හතරා නොහොත් හතරවන එන්ජිනේරුවරයා අවසානයේදි දැන් ඇතියි කියා නතර කරනතෙක්ය.

සයුරේ ආ මඟ 

 



කොට රංජිගේ කුකුල් කේන්තිය – සයුරේ දසවසක් – 7

දළ රළ පෙලට හසුව – සයුරේ දසවසක් – 8 

කන්කසන්තුරේ නොහොත් කේ කේ එස් වලට – සයුරේ දසවසක් – 9


 අටුවාව 

The bilge /bɪl/ is the lowest compartment on a ship or seaplane, below the waterline, where the two sides meet at the keel. The first known use of the word is from 1513

Bilge water – The word is sometimes also used to describe the water that collects in this area. Water that does not drain off the side of the deck or through a thru hull, typically via a scupper, drains down into the ship into the bilge. This water may be from rough seas, rain, leaks in the hull or stuffing box, or other interior spillage. The collected water must be pumped out to prevent the bilge from becoming too full and threatening to sink the ship.

%d bloggers like this: