Menu Close

කොන්ඩම් ළ`ග තබා ගැනීම නීතියෙන් තහනම්ද?

 ලංකාවඉතා වේගයෙන් ලිංගික නිදහස කරා තල්ලූ වෙමින් යන රටක් විදිහටයිමං දකින්නෙ. හැම අවුරුද්දකම ගූගල්වල සෙක්ස් හොයලා මුල් තැන්වලට එන එක ගැනගොඩක් අය අවලාද කිව්වටමං දකින්නෙ මිනිස්සු සෙක්ස් හොයන එක හොඳ දෙයක්විදිහට. එක්කම ඉන්ටර්නෙට්එකේ තමන්ගෙ ෆෝන් එකෙන් වීඩියෝ කරපු පර්සනල් පෝර්න් එන්න එන්නම වැඩිවෙනවා. ඒවා බලද්දි පැහැදිලිවම පේන දෙයක් තමයි අපි ටිකෙන් ටික ආර්ට් එකක් විදිහට නැත්තං ප්ලෙෂර් එකක් විදිහට සෙක්ස් විඳින්න පටන් ගනිමින් තියෙනවා. මුල්කාලෙක ඉඳන් ලංකාවෙ පෝර්න් ක්ලිප් දිහා බලාගෙන ඉඳපු කෙනෙක් විදිහට මං ඉතාම දියුණුපරිවර්තනයක් දියුනුවක් ලිංගික සම්බන්දතාවල දකිනවා. මං මේක කියවන්නෙතාක්ෂණය හරහා සිද්ද වෙන සෙක්ස් රෙවලූෂන් එකක් විදිහට.
මේකත්එක්ක මිනිස්සු ජීවිතේ හිරවුනු සීමා වලින් ගැලවෙන්න පටන් ගන්නවා. හොඳට අඳින්න පළදින්න, සුවඳ ගහන්න, ` ලස්සනටතියාගන්න, විනෝද වෙන්න කැමති මානසිකත්වයක් නිර්මානය වෙනවා. හුදෙක් කාමරයක් ඇතුලෙ ලයිට් නිමාගෙන යන්තම් රෙද්ද උස්සගෙන සෙක්ස් කරපු හෙළ කලාව ටිකෙන් ටික ජාත්යන්තරය එක්ක මුහු වෙනවා.
අතරෙ පවුලට කොටුවුන ලිංගික ජීවිතය එන්න එන්න විවෘත වෙන්න පටන් ගන්නවා. . වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියාගත්ත පමනින් මිනිමරාගත්ත යුගය වෙනුවට වඩා විවෘතව නිදහසේ ආදරය බෙදා ගන්න සංස්කෘතියක් නිර්මානය වෙන්න පටන් අරන් තියෙනවා. පුද්ගලිකව මං දකින අවශ්යම සමාජ පරිවර්තනයක්මේක. මගේ පොත වෙනුවෙන් පටන් ගත්ත ෆේස්බුක් පිටුවෙ මං පලකරපු ලිපියකටඅවුරුදු දෙකක් පහුවෙලත් තවමත් වැටෙන කමෙන්ට්ස් ටික මේකට හොඳ සාක්ෂියක්.
ලිපිය මං රීසම් නැත්තං තුන්දෙනෙක් එක්ව ලිංගිකව හැසිරීම ගැන ලියපු එකක්. චර්යාවේ ඉතිහාසයසහ ඒක සංකල්පයක්, සංස්කෘතියක්විදිහට ස්ථානගත වෙන තැන ගැන සාකච්ඡුාවක් තමයි ලිපිය. ඒත්වැටෙන කමෙන්ට්ස් වෙන දිහාවක යන්න පටන් ගත්තා. විවාහක පවුල් තමන් සමග ලිංගික අත්දැකීම් බෙදාහදාගන්න වෙනත් අය සම්බන්ද කරගැනීමට හරහා විවෘතව කතා කරන්න ගත්තා. මේ ආරාධනා කරන  අයගෙපිටුවල මං ටිකක් ඇවිද්දා. අපි ලංකාවෙ තියෙනවා කියල කොහොමවත්ම විශ්වාස නොකරන තරම් නිදහස් ලිංගික ජීවිත ගත කරන පිරිස් අතර හිටියා. අයට සංස්කෘතිකදැනුමෙහි පවතින අඩුපාඩුවක් නිසාම තරමක් අඳුරු පසුබිමක මේ සියල්ල වෙමින්තිබුනත් ඒක ස්වාමිභාර්යාවෘතයට බැහැරින් විකල්ප ලිංගික හැසිරීම්වල යෙදෙන විශාල පිරිසක් සංස්කෘතිකසදාචාර ලේබල්වලට යට නොවී තමන්කැමති ජීවිතය අත්හදා බලමින් හිටියා.
කොයිතරම්අඩුපාඩු සහිත වුනත් මේ විවෘත පැවැත්මසාධනීයයි. ස්තරී දුෂන, බලහත්කාරකම්, අපරාධ වගේම ලංකාවෙ ගුලිගැහුනු ලිංගික කුහකකම, ලිංගික ආතතිකර තත්වය වෙනස් කරනසුලූයි. පිළිලයක් හැටියට ගොඩක් දෙනෙක් හංවඩු ගහන්න ඉඩ තියෙන මේරවනතාවය අනාගතයේවඩා නිදහස් මනසක් ඇති විවෘත සමාජ බාරගැනීමක් යෝජනා කරනවා කියල මං හිතනවා.
වගේම අපරසිද්දියේෆේස්බුක් හරහා සෙක්ස් පාර්ටි  ඕගනයිස්වෙනවා. මේ දේවල් අපිදැනගන්නෙත් පහුවෙනිදා පොලිසිය පැනලා අල්ලපු සිද්දි මාධ්යවලින් කුනු රස උඩ දදාකියද්දි. මේ විදිහෙ සාමූහිකශෘංගාර විනෝදවීම් ඉහල පංතිවල සෑහෙන කාලෙක ඉඳන් තිබුනා. ඒත් මේ වෙද්දි විවෘත සංස්කෘතියට පහල පංතිවල තරුන තරුනියන් පවා ඇතුල්වෙමින් ඉන්නවා.  මටතාම පැහැදිලි නෑ එහෙම සෙක්ස්පාර්ටියකට පොලිසිය පනින්නෙ මොන පදනමකින්ද කියල. මොකද ඒවා පුද්ගලික මට්ටමෙන් තමන්ට රිසි ආස්වාදයක් ලැබීම වෙනුවෙන් ස්වාධීනව පිරිස් සංවිදානය වෙලා කරන වැඩ. වෙන කාටවත් හානියක් සිද්ද වෙන වැඩ නෙමෙයි. ඒත් ගොඩක් වෙලාවට මත්ද්රව් තිබුනා කියලමේ පාර්ටිවලට පනින අතරෙ එහෙම නැත්තං කොන්ඩම් තියාගත්ත කෙල්ලො හිටියා කියල මේවට පනිනවා.
අන්තිමටබැලූවම කොන්ඩම් එකක් කියන්නෙත්  ලංකාවෙතහනං භාන්ඩයක්.
නිකංහරි කොන්ඩම් එකක් ` තියාගෙනඉඳලා රාතරියක පොලිසියචෙක් කරද්දි එහෙම අහුවුනොත් බඩුම තමයි. කොල්ලෙක්ගෙ පර්ස් එකක තිබුනොත් උගේ ළග ඉන්න කෙල්ලහෝ යාලූවා හෝ බඩුව විදිහටදාලා තමයි පොලිසිය නීතිය ක්‍‍රියාත්මක කරන්නපටන් ගන්නෙ. කෙල්ලෙක්ගෙ ` තිබුනොත්කිසිම සැකයක් නැතුව එයා බඩුවක් කියල තීරනය කරන්න පොලිසිය සමත් වෙනවා. ඒක හින්ද කොන්ඩම්එකක් කියන්නෙ මගදි අහුවුනොත් අත්අඩංගුවට පත්වෙන්න ඉඩ තියෙන නඩුභාන්ඩයක්. වගේමයි කොන්ඩම්එකක් ගෙදර අරන් ගියත්. ලංකාවෙ පිරිමි තමන්ගේ බිරිඳත් එක්ක සෙක්ස් කරද්දි කොන්ඩම් පාවිච්චි කරන්නෙ ගොඩක් අඩුවෙන්. ඒක හින්දම ඇක්සිඩන්ට්බේබීස්ලත් වැඩියි. කොහොම වුනත්කොන්ඩම් එකක් මිනිහගෙ සාක්කුවක තිබිලා අහුවුනොත් මිනිහා මාට්ටු වෙනවා පිට කවුරු හරි එක්ක සෙක්ස් කරනවා කියල. ඒකත් ඉතින් නඩුවක් තමයි. සමහර විට පොලිසියට අහුවෙනවට වඩා නීතිය තදයි ගෙදරදි අහුවුනොත්. ඒක හින්ද කොන්ඩම්එකක් කියන්නෙ කඩේක ඇරෙන්න තියාගන්න තැනක් නැති භාන්ඩයක්. සමාජ රෝග බෝවෙන්නත් අනවශ් ගැබ් ගැනීම්වැඩි වෙන්නත් මේ ටැබූ එකෙන් කරන සේවය සුලූපටු නෑ. ගොබ්බ මාධ් මේ කොන්ඩම්තහංචි පුම්බ පුම්බ උඩ අරිනවා. ඒකෙන් මාධ්යවලට විකුනන්න පුළුවන් කුනුරස නිව්ස් තව උපදිනවා. ඇත්තටමකොන්ඩම් එකක් තරම් සමාජය ආරක්ෂා කරන්න දිවිහිමියෙන් කැපවෙන වෙනුවෙන් රටකඅවලාද උහුලන වෙන කිසිම දෙයක් නැති තරම්.
ඇත්තටමසමාජයක් විදිහට අපි මේ දේවල් දකින්න  ඕනපරන සදාචාරවාදී ඇස්වලින් නෙමෙයි. ඊට වඩා පළල්විදිහෙ බාරගැනීමක් එක්ක මේ අලූතෙන් විවෘතවෙනලිංගික කලාපයන්ට දියුණු සංස්කෘතියක් අරගෙන යන එකයි ඇත්තඅභියෝගය වෙන්නෙ. වෙනුවට පොලිසියකියන්නෙ ජෝක් එකක් විතරයි.

%d bloggers like this: