Menu Close

ප්‍රහේලිකාවක් ද හදවත

කඳුළු ඇස් වලින් බේරී සුදු කොපුල් මත ඉතිරිය..
සුලං රැල්ලක දියව එන  මේ සුසුවඳ සුවඳ ඔබමය..
හිත මත්තේ ලියලියා මකපු කවි කල්පයක් පරණය..
විසඳ ගන්නට බැරිව ඔබ සිටින ප්‍රහේලිකව ඒ මගේ හදවත..

ආදරේ උපන් ගෙයි කෑ ගසා හඬන හඬ ඇහෙනවා නම් ඔබට..
සංසාරයක් තරම් බරයි ඒ මතක උහුලන්න බැරි තරම් තනි මට..
ගංගාවක් වගේ ඔහේ දිගටම ගලාගෙන යනවා මිසක් මුහුදට..
ඔබ ඉඩක් දෙන්නේ නැති වග දන්නවා නවතින්න ඔබේ ලඟ මොහොතකට..

%d bloggers like this: