Menu Close

නිමක් නොවූ සංචාරය 03, සීතලයි කිව්ව එන්ජිම,ලබුකැලේ වත්තෙන් ලැබුණු ආගන්තුක සත්කාර,මරණය පෙනීපෙනී රම්බොඩ ඇල්ලට පැන්න රොකට්ටුව බේරපු මෙහෙයුම එක්ක සීතල මාතලේ අමුවෙන් රැයක්.

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්

නිමක් නොවූ සංචාරය 02 කොටස මෙතනින්

පාන්දර නැගිටිමු කිව්වාට, දැනුන සීතල පාන්දරින් ඇහැරෙන්නට අපිට ඉඩ නොදුන්නේ ය . ගුනේ මාම උදේ හතට විතර ඇහැරිලා අපි වත් ඇහැරවපු එක තමයි මුලින් ම කරේ . හැමදාකම වගේ ගුනේ මාමා මුල් ම රාජකාරිය තමයි බස් එක වටේ පොඩි රවුමක් ගහන එක .  අපි යන්න කියල සුදානම් වෙන අතරේ අරවින්ද ගේ ලොකු මාමා අපිට කන්න කියල සීනිසම්බල් එක්ක පාන් ගෙනත් දෙනවා . අපි හැමෝටම කන්න දෙන්න ඒ මනුස්සයාට හොද වියදමක් යන්න ඇති . කොහොම හරි කට්ටිය දෙයියනේ කියල යන්න බස් එකට නැග්ග . ගුනේ මාමා සුක්කානමට වැදලා කාරියේ ස්ටාට්කරන්න හැදුවට මොකද එන්ජිම සීතලට තවම නිදි ද කොහෙද . කීපවරක් උත්සාහාකරත් බස් එක ස්ටාට්උනේ  නැහැ.

ජයේ ලොක්කා – “මොකද මාමේ” ,
ගුනේ මාමා – “සීතල පලාත් වල දී මෙහෙම තමයි බං . හරි එහෙනම් කට්ටියත් එක්ක තල්ලුවක් දැම්මොත් හොදයි” .  ඒ ගුනේ මාමා ගේ විදානයි .

උදේ පාන්දර කට්ටියත් එක්ක හිරිඇරගන්න කියල තල්ලු කරා … බස් එක පැන පැන වගේ ගිහිලා මීදුමට අපි අපිවත් පෙන්නේ නැතුව හිටපු වෙලේ බස් එකේ  කළු දුම් ගුලි වලින් අපිව අතරමං කරා වගේ . බස් එක හිමිං ඉස්සරහට යනවා … අපි හැමෝම බස් එක පස්සෙන් දුවනවා . බලන් ඉන්න අයට හිනාසාගරයක් .

මම – “ගුනේ මාම තල්ලු කරපු එකට ද මෙහෙම කරේ” මම විමසීමි
ගුනේ මාමා –   මේ ජයේ ගේ පැලෑන් නේ පුතේ .

එතකොට තමයි දැනගත්තේ පොඩ්ඩක් ඉස්සරහට ගෙනියමු කියල තියෙන්නේ ජයේ ලොක්කා කියල . අරවින්ද ගේ ලොකු මාමාලාගේ ගෙදරට ගොඩවුණු අපි හැමෝම අරවින්ද ගේ ලොකු මාමාට ස්තුති කරලා එහෙන් පිට උනා . අරවින්ද නැවතුනා මාමලාගේ ගෙදර . දැන් ගමන යන්න පටන්ගන්නේ ආරම්බයේ දී  හිටි සාමාජිකයන්ගෙන් ඒක් අයේක් නැතුව .

අපි ගෙදර ගත්ත අයට කුලියත් ගෙවලා යතුරු භාර දීලා හක්ගලින් පිට වෙද්දී මට මතක විදියට උදේ නවය පහුවෙලා .  නුවරඑළියේ ටවුමට ආපු අපි නැවත වරක් බෝතල් බැංකුව පුරවන්න කටයුතු කරා. ඒ වගේම ගමනට ඕනේ දේවල් ගන්නත් එක්කම . නුවරඑලිය ටවුමට සමුදුන්න අපි ගමන නැවත වරක් ආරම්භ කරා. නුවර එළියේදී අවට කෙල්ලන් ට උසුළුවිසුළු කර අප දෙස අවට උන් බැලුවේ හරියට වණචාරීන් පිරිසක් බසයක යන දසුනක් බලන පරිද්දේන් ය .

ඔය අතර රවියා කියන්නේ ලබුකැලේ හරියේ පොඩ්ඩක් නවත්තමු කියාය . ඒ උගේ නැන්දා ව බලන්නට ය . කොලබින් පැමිණි අය ලෙස මහා ඉහලින් පිළිගත් අපව බලන්නට වත්තේ බොහෝ දෙනෙක් පැමිණ සිටියා . රවියා වීරයෙක් මෙන් හැම තැනම ගොස් හැමෝසමගම කතාකරන අතර රවියාගේ නැන්දා මුළු බස් එකටම විකුන්නන්න කියල හදන වැඩේ දුන්නා තේත් එක්ක . රවියා අපිට වඩා වයසින් අවුරුදු තුනක් විතර වැඩි ඇති . උපතින් හින්දු භක්තිකයකු වූ ඔහු සිංහල හැසිරවූයේ අපටත් වඩාහොදට ය . රවියා අපේ ගමේ නැවතී සිට පිළියන්දල හෝටලයක වැඩට යන අතර ගමරට පැමිනෙන්නේ වසරකට එක වරකි . අම්මා සහ තාත්තා ඔහුව දමාගොස් ඇත්තේ කුඩා කල වන අතර ඔහුව හදා වඩා ගනුලැබුවේ මේ කියන නැන්දා විසින් ය . නැන්දා කුඩා කෑම කඩයක් පවත්වාගෙන යන අතර ජීවත්වුයේ අපහසුවේන් බව පෙන්නේන්නට තිබුනේ ඇය වටා සිටි ළමුන් පස් දෙනා දැක්ක විටය . එහෙත් ඔවුන් කොලබ සුපිරි පැලැන්තියේ උදවියට වඩා ආගන්තුක සත්කාරයේ පරතෙර ගිය අය විය . හැමටම ස්තුති කර ජයන්ත අයියා සහ අප සැම පිටව යන්නට මත්තෙන් ජයන්ත අයියා කාටවත් නොපෙනනෙන්නට මෙන් රුපියල් දහසක් රවියා ගේ නැන්දා ට දුන්නේ “ළමයින්ට පොත් අරන් දෙන්න අක්කේ ” කියා ය . ඒ ජයන්ත අයියා ගේ හැටිය . පැකිලෙමින් ඒ මුදල අතට ගත් ඇය ඔහුට නොසෑහෙන ස්තුති කළාය .

පසුව රම්බොඩ දිය ඇල්ල නරබන්නට ගිය අප මෙහි නාන්නට තීරණය කළෝය . එහෙත් වතුරෙහි ඇති සීතල අපව පසුපසට අදින්නට විය . ඉන් නොනැවතුන අප පළමු බෝතලයේ මුඩියවිවර කරන්නට වූයේ අපගේ තැබෑරුම ජයග්‍රාහී තුන්වන දිනටත් අරබමිනි . ඔය අතර මලියා හදට ගොස් සිටි බව අප කාටත් වැටහුනේ පොර දිය අල්ලට  පටන්ගත් දැක්ක විට ය . මොහොතකින් මලියාගේ මර විලාපය ඇහෙන්නට වූ යේ අප සැම දෙනාම කම්පනයට පත්කරමින් ය . බලද්දී මලියා සැඩ පහරේ ගහගෙන යනවාය . බලන් ඉන්නට දෙයක් නැත . එක්කෝ ඌ බේරා ගත යුතුය නැත්තම් මැරෙන හැටි බලන් සිටිය යුතුය . හිතන්නට දෙයක් නැති තැන මම ද සැඩ පහරට පැන්නෙමි . ප්‍රචණ්ඩ ජලකද සමග පොර බදන්නට බැරි තරම් ය . මලියාව කොහොමාරි බේරා ගත යුතුය යන සිතුවිල්ල පමණක් මගේ හිත තුල ඒ මොහොතේ තිබුණි . මොහොතකින් මම මලියා දෙසට ලං වත්ම මගේ වම් පාදය ගලක වැදුණි . උඩ සිට ගල් කිහිපයකම වැදුණු මගේ කකුල් අත් තවත් වේදනාවට පත්වුයේ මේ ගල වැදුණු විටය . ඒ වේදනා පසෙක තබා මලියා දෙසට තවත් ලංඋනෙමි . උගේ දකුණු ඇත අල්ලා ගත් මම ඌ මගේ සම්පුර්ණ ග්‍රහණයට ගතිමි . ඔය අතර සමීරයා , සහ ජයේ අයියා වතුර පාරේ පහලට ගොඩබිමින් ලන්වන්නට විය . මලියා ව හොදින් ග්‍රහණයට ගත් මම ඌ දෙස බලද්දී ඌට සිහිය නැති වෙලාය .පසුව අපි හැමෝම මලියා ගොඩට ගෙන රෙදි වලින් ඔතන්නට විය . ටික මොහොතකින් සිහිය ආ ඌට නැවත කියන්නේ නාන්න ඕනේ කියාය . ජයන්න අයියා , ගත් කටටම කීවේ “ආටිගල මල්ලි නැත්තම් තෝ මෙලහකටත් පරලොව ” කියා ය.

මලියා ගේ වික්‍රමයෙන් පසුව රම්බොඩ ටවුමෙන් කකුලට සහ අතට බෙහෙත් දාගත් මම සහ මලියා නැවත බසයට ගොඩවූයේ ගමනාන්තයවූ මාතලේ යන අදහසිනි . තවලම්තැන්න හරියේ දී ගුණේ මාමා බසය මොහොතකට නතර කරේ විවේක ගන්නට ය . පසුව පුස්ඇල්ලාව ටවුමෙන් දවල් ට කෑ අප නැවත වරක් බෝතල් කඩාගතිමු . වේදනාව අඩුවෙන්නත් එක්ක කියා මම වැඩිපුර බොන්නට විය . මලියා ද එසේම වූ අතර පසුව මම නින්දට වැටුනේ ටික වෙලාවකින් ඇහැරෙන්නට සිතාගෙන ය . ඇහැරුනේ පෙරාදෙනියේ දී ය . මෙහිදී සජීව , චානා සහ අමියා අපට සමු දුන්නේ ඔවුන්ට කොලබ යන්නට උවමනා ය කියා ය . පැමිණි අයගෙන් හතරක් දැනට අඩු ය . අපි දළදාමාලිගාවට නොගියේ බී ගෙන එහි යන්නට සුදුසු නැති නිසාය . නුවරින් කටුගස්තොටට පැමිණි අප ඒ නවය පාර දිගේ කදු වළලු පහුකරගෙන කෙලින්ම පැමිණියේ සුන්දර මාතලේ නගරයට ය . අපගේ නවාතැන වූයේ අළුවිහාරය ය . පන්සලේ බොන එක හොද මදි නිසා එදා රෑ කවුරුවත් නොබීවෝය . කට්ටියත් එක්ක ටවුමෙන් රෑට හොද පදමට කා හෙට ගමන ගැන කතාව පටන්ගත්තේ සුපුරුදු පරිදි ජයන්ත අයියා ය .

ජයේ ලොක්කා – ගුනේ මාමේ අපේ ලොකු තාත්තා ඉන්නේ පොලොන්නරුවේ නේ අපි හෙට එහෙ යං . මොකද කියන්නේ .

ගුනේ මාමා  – අනේ මන්දා බං , වෙලාවකට මට හිතෙනවා මම උබලට රැවටුනාවත් ද කියල . මේක ඉවරයක් වෙන්නේ නැති ගමනක් නේ බං .

ජයේ ලොක්කා – එහෙම කියන්න එපා මාමේ , මාමා කැමති නැත්තම් අපි පිළියන්දල යං .

ගුනේ මාමා  – දැන් මම උබට එහම කතාවක් කිව්වද ? නෑ නේ …. ඇත්තටම මට හරි මහන්සි ජයේ .

ජයේ ලොක්කා – හරි , හෙට මම බස් එක එලවන්නම් . ගුනේ මාමා කොල්ලොත් එක්ක බොන්න . මොකද කියන්නේ .

ගුනේ මාමා  – මේක මට ඇර වෙන උන්ට එලවන්න බෑ ළමයෝ . හරි හරි එහෙනම් පොලොන්නරු යමල්ලාකෝ .

ගුනේ මාමාගේ ගමන ස්ථිර කිරීමත් සමග අපි සැම සතුටෙන් ඉපිල ගියේ කාලෙකින් නොගිය පොලොන්නරුව ට යාමට ය . පාන්දරින් පිටව යන්නට උවමනා වූ බැවින් අපි හැම හොද ළමයි මෙන් අමුවෙන් නිදාගත්තේ හෙට දිනයේ පොලොන්නරු  සිතුවිල්ලත් එක්කම ය .

නිමක් නොවූ සංචාරය 04 කොටසින් නැවත හමුවෙමු !

%d bloggers like this: