Menu Close

නිමක් නොවූ සංචාරය 02, අනුනමයෙන් බේරුණු වල්අලි ප්‍රහාරය , රාවණා ඇල්ලේ දිය කෙලිය සහ බස් එකේ තෙරක් නැති තැබෑරුම.

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්

උදේ තුනහමාරට විතර ගුණේ මාමගේ බෙරිහන්දීමත් එක්ක නැගිටපු අපි හතරහමාර වගේ වෙද්දී යන්න පිටත් උනා . යන්න ඉස්සර ඔක්කොම ඉන්නවද කියල බලලා කතරගමින් පිටත් උන අපේ ඊලග නැවතුම් පොළ වෙන්නේ රාවනාඇල්ල බව ජයන්ත අය්යා තීරණය කරලත් ඉවරයි .  අද වගේ වාහන නැති මේ පාර වල නිදහසේ බසය හසුරවන ගුණේ මාමා දැක්කාම මටත් ආස හිතුණා බස් එක එලවල බලන්න. ගමන පටන්ගත්තා විතරයි වගේ ලුණුගම්වෙහෙර පැත්තේ දී එක පාර ගුණේ මාමා බසය නැවත්වනවා . පොල්ලෙන් ගහන්න වගේ බ්රේක් කරලා . මම හිතුවේ මොකෙක් හරි යටවෙලා කියල . බස් එකේ මැද හරියේ හිටපු අපි කිහිපදෙනෙක් රියදුරු අසුන වෙත දුවලා ගියේ  මොකක්ද විස්තරේ කියල බලන්නත් එක්කමයි .

මොකේ ගුනේ මාමේ  ,
බලපන් කෝ පාර මැද ඉන්නේ කවුද කියල ,

බලද්දී හීන්දාඩිය ගලන තරම් , වල්අලි රංචුවක් පාර මැද . බස් එක දිහා බලා ඉන්නවා . ගුනේ මාමා හෙඩ් ලයිට් ඩිම් කරලා සුක්කානමට අත් දෙක තියාගෙන බලන් ඉන්නවා .

ඔතනට දුවගෙන ආපු මලියා කීවේ ,  “ගුනේ මාමේ අපි හෝන් එක ගහමුද කියල “
ගුනේ මාම ගත්කටටම කීවේ , “තෝට අමු කැවිලද? මුන් ඔක්කොම අපිව  සම්බෝල කරයි, උන් යනකම් බලන් හිටහන් , සද්ද නොකර” “මේ උන්ගේ වැයික්කිය නේ පුතේ “

පැය බාගයක් යනකොට උන් හෙමින් කැලේ ඇතුලට ගමන් කරා . අපිත් නිවීහැනහිල්ලේ ගමන පටන්ගත්තා . ආයේ මග නතර කරපු ගුනේ මාමා අයියනායක දෙවියන්ට කොළ අත්තක් එහෙම එල්ලලා නැවත ගමන පටන් ගත්තා . ඒ වෙලාවේ ගුනේ මාම ගේ තැනට සුදුසු නුවන නොවන්නට අපි අද මෙතන නැති වෙන්නත් තිබ්බා කියල අදටත් මට මතක් වෙනවා .

කොහොම කොහොමාරි තණමල්විල හරියට එද්දී උදේට කන්න උවමනාවක් සහ තනමල්විල මල් ගන්න උවමාවකුත් ජයන්ත ලොක්කාට එනවා . කට්ටිය ඇරලා තිබ්බ එකම එක හෝටලේ උදේ කෑම  ගනිද්දී ජයන්ත අයියා කොහෙන්ද පොලිතින් මල්ලක්ක මල් අරගෙන ෂේප් එකේ ඇවිල්ල බස් එකේ ස්ථානගත කරනවා . “තනමල්විල ඇවිල්ලා හිස්අතින් යන්න බෑ නේ නේද බං ” ඔන්න ඔහොමයි ජයන්ත ලොක්කා මට කීවේ . ඒ කඩේ මිනිස්සු අපිට ඉහලින් ම සැලකුවා . අද වගේ නෙවේයි ඉස්සර වැඩියේ සංචාරකයෝ නැති මේ පලාත් වලට එන ආගන්තුකයන්ට ඉහලින් සලකන පුරුද්ද එදා වගේ ම අදත් එහෙම්මමයි කියල මට හිතෙනවා .

උදේ පායන ඉර එලියත් එක්ක පාර හරිම ලස්සනයි . කෙලින් පාරේ ගුනේ මාමා හැටට හැටේ පාගානවා . වැල්ලවාය ටවුමට ආපු අපි ගමනට ඕන කරන බඩු එහෙම අරගෙන බස් එකට තෙල් එහෙම ගහගත්තා . ගුනේ මාමා හුලං එහෙමත් බස් එකේ බලලා ගමන පටන් ගත්තා මෙතන ඉදන් දිගටම කන්ද තමයි හම්බවෙන්නේ . වැල්ලවාය ටවුමේදීත් හැමෝම වගේ අපි දිහා විපරමෙන් බැලුවේ වෙන ලෝකෙකින් ගොඩබැහැපු කට්ටියක් දිහා බලන විදියට . කොහොම කොහොමාරි දවල් වෙද්දී රාවනා ඇල්ල ලගට ආපු අපි හෙමින්සීරුවේ රාවනා ඇල්ල පැත්තට අදුන. අද වගේ මේ පැත්ත කාර්ය බහුල නැහැ . අපි විතරයි හිටියේ සංචාරකයන් ට කියල . රාවනා අල්ලේ වතුර අඩුයි . කට්ටිය හොද පදමට නාගත්තා . ඒ වගේම පදමට බොන්නත් . කොහොම නමුත් ජයේ ලොක්කා හොද කල්පනාවේ ඉන්නේ . පැය කීපයක් වතුරේ විනෝද උන අපි වතුරෙන් ගොඩට එන්න පැය කීපයක් ගත උනා . නෑවට පස්සේ හොදටම බඩගිනී . කියන්න වචන නෑ . කන්න කියල කඩයක් වත් අහලක නැහැ . ඇල්ල ටවුමට ආපු අපි ඇති පදමට දවල්ට කාල එහම ගමන පටන් ගත්තා . බස් එකේ පිටිපස්සේ බෝතල් කැඩෙනවා විතරයි ටිකකින් බල්ලදී හිස් . කොහොම කොහොමාරි බණ්ඩාරවෙල ටවුමට ආපු අපි ආයෙත් බෝතල් බැංකුව පුරවා ගත්තා . ඒ වගේම හපන්න ජාතිත් . දෝව රජමහා විහාරය බලමු කියන් හිටියට අපිට පන්සල මග හැරිලා . එක අතකට ඒක හොදයි . බේබද්දෝ සෙට් එකක් පන්සල් යනවට වඩා .

හෙමින් හෙමින් වලිමඩ ටවුමට ආපු අපිට සීතල හුලගන්න වෑයම් කරන්න ඕනේ උනා . ඔය අතර ගුනේ මාම කිව්වේ ටිකක් නැවතිලා යමු කියල . ඒ අවසරයෙන් එලියට පන්න අපේ සෙට් එක එකතු කරගන්න පැයක් විතර කට්ට කන්න උනා. බිම් කරුවලත් එක්ක වැලිමඩින් පිටවුණ අපි හක්ගල නැවතුනේ අපේ නුවරඑලි සම්ප්‍රාප්තිය සටහන් කරන්නත් එක්කමයි . හක්ගල අරවින්ද ගේ ලොකු මාමා හොයාගෙන ගිය අපි දවසක කුලියට ගෙදරක්ම ගත්තා. හවස්ජාමයේ සීතලේ කරන්න තියන එකම වැඩේ ඉතින් බොන එක නිසා නාකියා ගෙන හැමෝම බෝතලේ වටේ සෙට් උනා . අරවින්ද ගේ ලොකු මාමා රෑට කන්න කන්න පාන් අල කිරි හොදි , පරිප්පු එක්ක පොල් සම්බල් ගෙනත් දුන්නා .

හොදට බීගත්ත අපි පාන් සහ උණු උණු අලහොද්දටත් , පරිප්පු එක්ක පොල් සම්බලටත් වගකිව්වේ බීපු ඒ ගැන දෙපාරක් හිතන්නේ නැතුව .  කිලෝමීටර එකසිය පනහක් විතර එලවපු ගුනේ මාම වෙරි මරගාතේ ම වගේ කියන්නේ…

 “ජයේ… ඕ…න් බං නුවරඑලිත් ආ…….ව ….. දැන් උබ මොකද කියන්නේ …. ආ ….? “
ජයන්ත අයියා – “ගුනේ මාමේ මම තවම මාතලේ ගිහිල්ලා නෑ , ආයේ ලංකාවට එන එකත් විශ්වාසයක් නෑ කරන රස්සාවත් එක්ක . ඊලග පාර පෙට්ටියෙන් ද කියන්නත් බෑ ….. අපි මාතලේ යං මාමේ …… “

උබ … දෑ……න් … නුවරඑලිත් ගෙනාව …. දැන් මාතලේ යමං කියනවා ….. හරි එහෙනං යමං ….. උබේ ඔය ආ….යේ යන්න වෙන්නේ නෑ කියපු කථාව මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ බං …. , යකෝ උබලට ඉස්සර අපි යන්න ඉන්නේ ….. ඔය අවකැපෙන කථා නොකිය හීටිං මෙතන .

කට්ටියම මුහුණට මුහුණ බලාගත්තේ වැඩිමනක් දෙනා නොගිය මාතලේ යන්නට හෙට පුළුවන් වෙනවා යන විශ්මයත් එක්කමය .

නිමක් නොවූ සංචාරය 03 කොටසින් නැවත හමුවෙමු !

%d bloggers like this: