Menu Close

හිරු.

උදෑසන හයට හිරු එබි බැළුවේ ය.

( ගෘසින් බසින් රුසියන් බසට පරිවර්තනය වූවකි.)
මගේ මිතුරා වන ගුල්බි කළාද්සේ වෙතට පුදමි.
නෝදාර් ව්ළදීමිරෝවිච් දුම්බාද්සෙ.


        උදෑසන හයට හිරු එබි බැළුවේ ය, රන් මකුටුය පළඳෙව්වේ ය එර්ත්සාහු කඳු මතට.
        ආයුබෝවන්, එර්ත්සාහු !
        ආ… මැවුම්කරුවා! කොහේද නුඹ ? අඩපණ වුනා ආත්මය බලාපොරොත්තුව තුල!
        මම මෙහෙ ! හිරු කීවේ ය.
        හිම මැඩපැවැත්වූවා මාව තම වළල්ලෙන්. ඔළුව පුපුරනවා. හුස්ම ගන්නත් බැහැ. මුළු රෑම දැස් පියෙව්වේ නැහැ! උදව්කරන්න !
        ඉවසීම.
        හිරු තවත් මුදුන් විය, හිරු මඬල බැබළෙන්නට විය, ජ්වලිත විය, එකෙනෙහිම අහසින් ගලා ආව් ය හිරු කිරණ හා රශ්මිය. අයිස් පැළඳනාව බෑවුමේ එර්ත්සාහු හී ඉරිතළා හරියේ ය, පසුව පීඩනයට පත්කළේ ය හා පුපුරා හැරියේ ය. එර්ත්සාහු තිගස්සුනේ ය.
        තුති ඔබට, මැවුම්කාරයා ! මාරදුන්නේ ය කඳු පව්ව, පිසදමමින් ලලාටයේ සීත දා බිඳු. ආලෝකය මදහස පෑවේ ය. හිරුගේ උදාර දෑස් වටා කුඩා රැලි වැටී තිබුනේ ය.
        තුති වේවා ඔබට! නැවත නැවත කීවේ ය එර්ත්සාහු පසුව මුණිවත පිරුවේ ය. හිරු මුදුන් විය. දුර්ග මංපත්, කදම්භ, බෑවුම් විවර තුල බලවත් කෆකාස් හඬ වැඩෙන්නට විය. ගිගුම් දුන්නේ ය, මහත් වේගයෙන් හිස කරකවාලන ගිරිහිම නිපාතය. දුම් යගල හා හිම දුහුවිලි මුවා කළහ එර්තුසාහු කන්ද.
        පසුව මීදුම විසිර ගියේ ය. පෙහෙළි විය. කඳු පිසදැමුවේ ය දෑස් හා හොරැහින් බැළුවේ ය හිරු දෙස.හිරු ඉහලටම මුදුන් වී ඇත.
        පටන්ගත්තා! කඳු කතා කරන්නට විය.
        ඉතිං? හිරු ඇසුවේ ය.
        උපන්දිනය!
        කාගෙද?
        මගේ දරුවන්ගේ හා මුණුබුරන්ගේ. කදෝරි, ප්සෝඋ, කෙලාසූරි, ගලීස්ගි…
        ඒ ඔක්කෝම ඔබේද?
        මගේ, මගේ සහෝදරියන්ගේ.
        ඔව්, බෝ වේවා පරම්පරාව ඔබේ! ආශිර්වාද කළේ ය හිරු කන්දට.
        එර්ත්සාහු මදහස පෑවේ ය.
        අයියෝ නැහැ, මැවුම්කරුවා! අපේ පරම්පරාව අනෙක් අතට. දරුවෝ අපිට ඉමහත් වටිනාකමක්, මුණුබුරෝ එතරම් නොවේ. මී මුණුබුරෝ කහොමවත්ම නැහැ. අවසානෙට එකම පරම්පරාවක්. සාගරය !
        සාගරය අතිවිශාලයි, අප්‍රෙම්ය යි. සුවිශාලයි. නිසලව සැතපුනා කෆකාස් දෙපා ලඟ.
        සාගරය! සිහිකළේ  ය හිරු.
        කොලුගැටයා පළවා හැරියේ ය අංගනයේ සිට එළුවන් තණ බිමට. කඩුල්ල වැසීම ආපසු හැරුණු ඔහු අනපේක්ෂිතව දුටුවේ ය හරු ව සහ එර්ත්සාහු ව.
        අම්මා! කෑගසුවේ ය කොලුගැටයා. බලන්න කන්ද හා හිරු දෙස.
        මව උඳුනේ කිරි නැටෙව්වේ ය. ඇය බැළුවා ය කන්ද මතින් බබළන හිරු දෙස.එකනෙහිම කිරි උතුරා ගියේ ය.
        ඔව්, උඹට බඩගාන්න! මාරදුන්නේ ය යටිගිරියන් ගැහැණිය පන්නාගනිමින් දරුවාව.
        මොකද උඹ, ගෑනියේ, බෙරිහන් දන්නේ? දරුවා ඇහැරුණා විතරයි. උඹ ඌට ශාප කරනවා. ප්‍රතාචාරය දැක්වූයේ ය සැමියා.
        බලන්නකෝ එර්ත්සාහු දිහා, නිහඬව කීවා ය ගැහැණිය.
        සැමියා උදලු ගෑවේ ය බඩ ඉගුරු අංගනය. වපර කරමින් දස්, ඔහු බැළුවේ ය ඒ ආශ්චර්යය දෙස, දිගු කලක් සිරිතක්ව පැවති.
        කාළගුණයට, තෙපළුවේ ය ඔහු. දිගටම වැඩ කරගෙන ගියේ ය.
        සයුර තවමත් මිහිරට සැතපුනේ ය, සර සර හඬ නගමින් ඔදාත ඇහි පිහාටු වලින් වෙරළේ වැලි මත.
        හෝ…… හෝ…. හෝ….
        උදෑසනක් සුභ! සුභපැතුවේ ය ඔහු හිරුට.
        එළිය කළා ද? සුභ උදෑසනක්!
        මොකක්ද උඹ කරන්නේ ?
        දින තුනකට පෙර මගේ සිරුරේ පුද්ගලයෙක් ගිලුනා. සැඟවී ගියා. මගේ ඔක්කෝම එතරම්ම කැකැරෙනවා, කැළඹිමෙන් මහත් සේ කිපුනා! ඔහු කොහේවත් පෙනුනේ නැහැ. අන්තිමේදී ඔහුව හමුවුනා. එතකොටයි මගේ අවධානය එක තැනකට ආවේ.
        කව්ද ඔහු ?
        දන්නේ නහැ මම. කවුරුත් ඔහුව සෙවිවෙ නැහැ. මගේ රළ ඔහුව ඉවුරට රැගෙන ආවා. පසුව දෙදෙනෙක් පමිණ ඔහුව කොහේ දෝ රැගෙන ගියා.
        කොහේට ද?
        දන්නෙ නැහැ. මට බැහැ හොයලා බලන්න, උඔ මිනිස්සු හොයනවා වගේ.
        සයුර මදහස පෑවේ ය.
        පටන්ගත්තා! එකෙනෙහිම කීවේ ය හිරු.
        ඇයි ? ඇසුවේ ය සයුර, පුළුල්ව විවර කරමින් ඇසිපිය.
        මිනිස්සු ආවා.
        ජනයා සයුර වෙතට ආහ තනියම හා කණ්ඩායම් සමගින්. අඩ නිරුවතින් වූහ. දිව්වෝ ය. පිනුම් ගැසුවෝ ය. එකා පසුපස අනෙකා එළවා ගියහ. වැළඳගත්හ. ආහාර ගත්හ. මත්පැන් පානය කළහ. වෛවාරන්න ගල් කැට, සිප්පි කටු එකතු කළහ. පුලුස්සා දැමූහ ගස් පතුරු හා වියළි පඳුරු. පසුව, හිරු පුළුස්සන්න ආරම්භ කළ විට, ජනයා මුවා වූහ දිග හැරුණු කුඩ යට, අපරික්ෂාකාරීව අතුලා ඉදිකල කූඩාරම් යට. එවිට හිරු නොදක්කේ ය ඔවුන්ව.
          තවම මාව දැක්කේ නැහැ, ඔවුන් සති ගණන් අහස දෙස බැලුහ. බලාපොරොත්තු ව සිටිනවා එනමුත් ඉවසන්නේ නැහැ මම මතු වෙන කෙත්. මම මතුවෙන තුරු සිටිනවා තමන්ගේ කුඩ යට, කූඩාරම් යට සැඟවෙන්නට. මන්ද ඔවුන් අභිරහස් ලෙස හැසිරෙන්නේ? කීවේ ය හිරු.
        ඇයි ඒ අය හසිරෙන්නනේ අභිරහස් නොවන ලෙස ? ඇසුවේ ය  සයුර.
        හිරු තව තවත් මුදුන් විය. ඒ මුදුන් වීමත් සමගින් හිරු කුඩාවට පෙනෙන්නට විය.
                +                      +                      +                      +             
        වැසුනු ගල් පැලේ වැටේ දොරටුවේ සිට දිව ගියේ ය මහල්ලා, ජනයාගෙන් පිරුණු මග ඔස්සේ. එක්කර ගනිමින් වෙනත් පැලකින්, ඔහු, අගේට තට්ටු කරමින්, පහළට ඇදි ගියේ ය හාන්සි වෙමින් ගල්පව්වේ සිට මොරදුන්නේ ය:
        එන්න මෙහාට, පුද්ගලයෙක්, මගේ පුතා මැරෙන්න යනවා.
        දොරටුවෙන් පුද්ගලයෙක් පමිණියේ ය. සැනසුවේ ය දිවඑන්නාව:
        භයවෙන්න එපා!
        භය නොවී කොහොමද එයා මැරෙන්න යනව නම් ?
එවිට ඒ, බලාපොරොත්තුව ලබාදුන් තනැත්තා කොහේටදෝ දිව ගියේ ය, කැඳවාගෙන පැමිණියේ ය පිරිසක්. එයින් තිදෙනෙක් ලෙඩා වෙතට ගිය හ.
        මහචාර්යවරු පැමිණියා! කවුරුදෝ කීවේ ය.
        ඇත්තටම ?
        නිහැඬියාව හා බලාපොරොත්තුව නිවස තුල පැතිර ගියේ ය.
        මොකක් ගැනද දුක්වෙන්නේ ? ඇසුවේ ය රෝගියාගෙන් පළමු වෛද්‍යවරයා. තමාගේම පැණයන් ලැජ්ජාවට පත්වුනේ ය. රෝගියාට කතා කිරීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් නොවීය.
        ගොඩක් වෙලාද මෙහෙම ? දෙවන වෛද්‍යවරුයා භිරාන්ත වූ ගැහැණියගෙන් විමසුවා ය. තමාගේම පැණයෙන් ලැජ්ජාවට පත්වුනේ ය. රෝගියා වසර ගණනනාවක් විඳෙව්වේ ය.
        වාතාශ්‍රය! කෙඳිරිගෑවේ ය රෝගියා.
        කවුළු විවර කළ හ.
        වසා දමන්න පසුපස දොර! ගේ මැද්දෙන් හමන සුළඟින් ප්‍රතිශ්‍යාව වැළදෙයි ඔහුට. කීවේ ය තෙවන වෛද්‍යවරයා. කීවේ ය, ගලවාගනිමින්, අවලාද නොකීම සඳහා ජනයා ඔහුට නිහඬ විය. ඔහු තේරුම් ගනිමින් එය ලජ්ජාවට පත්විය තමන්ගේ වදන් වලින්.
        විවරකරන්න කවුළු, දොරවල්, බිඳින්න බිත්ති… මට වාතාශ්‍රය දෙන්න! හුස්ම ගන්න දෙන්න! හකුලුවමින් දෙවුර තරුණ බිරිඳ හා විශ්වාසනීය මිතුරා, රෝගියා කලබල වූයේ ය, හඬාවැටුනේ ය, දබරකළේ ය, ඉල්ලා සිටියේ එකම වාතාශ්‍රය පමණයි.
        පියා වෙනතකට කැඳෙව්වේ ය පළමු වෛද්‍යවරයාව.
        දෙවියන්ගේ නාමෙට කියන්න, මොකද එයාට වෙලා තියෙන්නේ?
        තත්ත්වය ඉතා බරපතල තමයි. නමුත් කලින් කලට ක්‍රියා මාර්ග ගන්නවා. මුසාපැවසුවේ ය වෛද්‍යවරයා.
        මොක්කද ඔබ සිතන්නේ දොස්තර මහත්තයො ? අවදානය යොමු කළේ ය පියා අනෙක් වෛද්‍යවරයා වෙතට.
        ම්ම්…. ඉක්මනටම මොස්කව් ගෙනියනවා නම් ඔහුව… මුසා පැවසූවේ ය අනෙක් වෛද්‍යවරයා.
        මොකක්ද ඒ රෝගය? මොකක්ද එකට කියන්නේ ? ඇසුවේ ය පියා තෙවන වෛද්‍යවරයාගෙන්.
        එය.. මරණය! ඔහුගේ කටින් පිටවුයේ ය.
        මොකක් ? මොකක්ද ඔබ කිව්වේ ? නැවත ඇසුවේ ය විමතියට පත් පියා.
        මරණය! නැවත කීවේ ය වෛද්‍යවරයා.
        ඇයි අයි බෙහෙත් ? නද්ද….
        මේ ලෙඩේට එකම බෙහෙත, මරණයයි.
        වෛද්‍යවරයා හිස් වස්ම පැළඳගත්තේ ය හා පිටව ගියේ ය. අනෙකුත් අය ඔහු අනුගමනය කළේ ය.
        ඉතිං මොකෝ? මොනවද ඒ අය කිව්වේ?
        පියා වෙතට කඩාපන්නා ය තරුණ ගැහැණිය.
        කිව්වා, සියල්ල යහපත් වෙයි කියලා! පියා මුසා කීවේ ය.
        මොනවද එතන සිදු වෙන්නේ? සයුර හිරුගෙන් ඇසුවේ ය.
        මිය යනවා තැනැත්තෙක්.
        ඒ කොහොමද මරෙන්නේ? දොස්තරලා මොනවද කරන්නේ ?
        දොස්තරලා ගියා. දෙවුර හකුළුවේ ය හිරු.
        ඔබ ඒ අය එක්ක නතරවෙන්න.
        මට නතරවන්න අකැපයි.
        නතර වෙන්න ඒ අය එක්ක. සයුර නැවත කීවේ ය.
        කොහෙමද මම එයාට උදව් කරන්නේ? මිනිස්සුත් එයාව අතහැර දාලා!
        මිනිස්සු! මිනිස්සු නිතරම හා පහසුවෙන් අතහැර යනවා එකිනෙකාව.
        ඔබට හකිද ඔහුව ගලවා ගන්න! නතර වෙන්න ඔහු සමගින්!
        නොහැකියි මට තනියම, මගේ ශක්තියෙන්. ආපසු පැමිණෙන් නම් හෙට මේ ‍වේලාවටම.
        හිරු කුටිය හැර ගියේ ය, සඳලුතලේ ගරාදි වැට පසුකරමින් හා නික්ම ගියේ ය.
        පිටව යනවද? ඇසුවේ ය සයුර.
        පිටව යනවා. පිළිතුරු දුන්නේ ය හිරු ආපසු නොහැරෙමින්.
        ආදරය. එය හැඟීම ඇඟෑලුම්කමේ, ඇබ්බහිකමේ පමණක්!
        ඔබත් එසේ ද සිතන්නේ ? ඇසුවාය යුවතිය විවර නොකරමින් දෑස් හා සුන්දර චලනයකින් මනහර දෑතින් වීසි කළා ය බොරලු කැට.
        ප්‍රමාණවත්! දැන් උරහිස මත. බැරැන්ඩි කටහඬින් නිවේදන කළේ ය ශබ්ධ විකාශනය. යුවතිය නැවත ආපසු හැරුණා ය.
        එය මම හිතන්නේ නැහැ, එය එළෙසමයි. තරුණයා වෙවුලන දෑතින් යුතුව යුවතියගේ පිට සිට ගෙල දක්වා අතගෑවේ ආකර්ශණීය ලෙස වටකුරුවට.
          යුවතිය කඩිනමින් වාඩි වූවා ය. යට වටකුරු කළු ඇස්පිහාටු ආලේපන වීසි කළා ය තරුණයාගේ නීල දෑසේ බැල්ම වෙතට.
        ඔහෝ, කොච්චර වේගවත් ද ඔබ ?
        තරුණයා සැළිගියේ ය, දකිමින් ඇයගේ පහසුවෙන් එල්ලා වටෙන සුළු හිරු එළියට පිච්චුන දෙතන හා දුඹුරු පහැගත් තනපුඩු.
        මම…. ? මෝඩ ලෙසට දොඩමළු විය.
        ඔව්, ඔබ! නැවත පැවසුවා ය යුවතිය හා හිරු දෙස නෙත් හෙළුවා ය.
        ප්‍රතිරෝධයක් නොදක්වමින් පෙළඹවීම් හමුවේ, හිරු තම උණුසුම් දෑතින් මිරිකා දැම්මේ ය දෙවුර හා වටොර යුවතියගේ. කලබල වූ, වික්ෂිප්ත වූ ඇය පැන්නා ය. එවිට හිරු ඇයගේ දෙතන බදාගත්තේ ය. යුවතිය සළිත වූවා ය.
        අතහරින්න ඇයව! සයුර මොරදුන්නේ ය.
        හිරු මදහස පෑවා ය.
        ඇයව මා වෙතට එන්න ඉඩහරින්න! සයුර ඉල්ලා සිටියේ ය.
        අල්ල ගනින්! හිරු හෙමිහිට තල්ලු කළේ ය යුවතියව.
        ඇය සයුර තුලට වැදුනා ය. සියයක් ආශාවන්ගෙන් පිරි උණුසුම් දෑස් අයව සයුර වෙතට රැගෙන ගියේ ය.
        අහ්, අන්න එකයි ජීවිතය! යුවතිය කෙඳිරිගෑවා ය, ත්‍රාසයෙන් වේලියමින් තෘප්තියෙන්.
        අන්න එකයි ජීවිතය! හිරු තහවුරු කළේ ය.
        මෙන්න මෙහෙ, තාත්තේ, ඇඳුම් මාරුකරන්න මෙතන! මෙතන සෙනග අඩුයි…..
        පොලිස් නිළධාරියා වැල්ල මතට පහත්වූයේ ය. පසුව දබරැඟිල්ලෙන් පිසදා දැමුවේ ය නළලට උණන දා බිඳු. තරුණ පූජකයා බැළුවේ ය, හිසෙන් උනාදැමුවේ ය දම්පාට කැටෝලය. එය වීසි කළේ ය වැල්ල මතට. පසුව ගලවා දැමුවේ ය ගෙලෙන් බර රදී කුරුසිය. එය කැටෝලය අසලින්ම තැබුවේ ය. පසුව ඒවා සුදු ලෝගුවෙන් ආවරණය කළේ ය.
        නොප්ස්කි වෙරළේ සිටියා විය හැකිය, ජනයා නොවී ය එහි! කතා කරන්නට විය පැවිද්දා අමනාපයෙන්, ඇනුම්පද සමගින්.
        සයුර ජනශූන්‍ය ලෙස මේ සමයේ වන්නේ නැත! පිළිතුරු දුන්නේ ය පොලිස් නිළධාරියා. ඔහු ඇඳුම් උනාදමන්නට විය. ආත්මයේ ශාපලත් නායකත්ත්වය. “ ගැටළුවක් පැවතුනේ නැහැ, එහෙම දෙන්න! සළකන්න පස්ස පත්තට!.. “
        පොලිස් නිළධාරියා ජලයට බස්සේ ය.
        උණුසුම් ? පූජකයා ඇසුවේ ය.
        උතුරනවා! පහලට එන්න, පූජකතුමනි! පොලිස් නිළධාරියා කිමිදෙන්නට සූදානම් විය.
        අහෙනවද, මෙහෙට එන්න,දෙයියන්ගේ නාමෙට! කැඳෙව්වේ ය පූජකයා. ඉවත්කරන්න ඔවුන්ට මෙහෙන්, නුහුරුබවක් දැනෙනවා මොකක්දෝ.
        ඔහු වපරැසින් බැළුවේ ය ලෝගුව අසලින් වූ පොලිස් තොප්පිය හා රිවෝල්වරය දෙස.
        පොලිස් නිළධාරියා අකමැති විය වතුරෙන් පිටට ඒමට. ටිකක් හිතමින්, ඔහු ආවරණය කළේ ය හිස් වැස්ම කලිසමෙන්, රිවෝල්වරය කබායෙන්. එලෙස ගැලපෙනවද?
        ඇයි ඔබ ඔහුව තමා සමගින් ඇදගෙන ආවේ ? පූජකයා ඇසුවේය, ජලය තුලට වදිමින්.
        මොකක්ද මම කරන්නේ, පූජකතුමෙනි ? ඔබ සමගින් කුරුසය, මා සමගින් රිවෝල්වරය. මගේ කුරුසය, ආයුධයක්!
        කුරුසය සාතන්ගේ! සාන්ත කරුසය ඇන්දේ ය පූජකයා හා කඩිනමින් හිසෙන් ගිලුනේ ය ජලය තුලට. විනාඩියකින් මතුවෙමින් ඔහු වෙවුලන්ට විය, වපරැසින් බැළුවේ ය සතුට හේතුවෙන්.
        අන්න ඒක ජීවිතය!
        ලැම මත රන් කුරුසය සමගින්, කලු උඩුරවුල ඇති, තෙතමනයෙන් කඩා හැළෙන දෙඋරෙන්, දිගු වරසින් යුත්, ඔහු මතක් කළේ ය පූකයාට තුප්පහි නිවසේ සිට. පොලිස් නිළධාරියා හැඩිදැඩි, පිළිවෙළට බූගෑ රැවුලින් යුත්, පෙනුනේ ය මුළුමනින්ම නම්බුකර ලෙසට.
        බලන්නකෝ, පූජකතුමනි, කොච්චර ලස්සන යුවතියන්ද බලන්නේද ඔබ දෙස!
        පූජකයා ආපසු හැරුණේ ය. පියවර කිහිපයක් එපිටින් ඔවුන් වෙතින්, නිරුවත් යුවතියන් සතුටින් කතා කළහ, කැඳවමින් හා බලමින් තරුණ පූජකයාව.
        පූජකයා වෙනුවෙන්, කුමක් හෝ, භාර ගනිති මගෙන්!
        පොලිස් නිළධාරියා සිනාසුනේ ය.
        කෙල්ලෝ, කිකිළියෝ වගේ! අපිට දැන් ඒ වගේ නේද, පූජකතුමනි?
        ම්හ්..ම්හ්. ප්‍රතික්ෂේප නොකළා සේ! මදහස පෑවේ ය පූජකයා.
        “ ගුණයහපත් තරුණයෙක්, බැල්ලිගේ පුතා! කලබලෙන් මොඩයෙක් සේ යනවා පොලිස් නිළධාරීන් තුලට!“ සිතුවේ ය හා ජලය තුලට වැදුනේ ය ඔහු.
        “ ගුණයහපත් තරුණයෙක්, බැල්ලිගේ පුතා! කලබලෙන් මොඩයෙක් සේ යනවා පූජකයා තුලට!“ සිතුවේ ය හා අනුගමනය කළේ ය ඔහුව.
        ඔබට පවුලක් තියෙනවද, පූජකතිමෙනි ? බිරිඳක්, දරුවෝ ? ඇසුවේ ය ඔහු, පූජකයා වෙත දිය යටින් පිහිනා යමින් ඇසුවේ ය.
        තවම නැහැ.
        ඇයි ඔබ, ශුද්ධාතමයාණෝද?
        මුළු ලෝකයටම එක් ශුද්ධාමයාණන්වහන්සේ කෙනෙක් පමණයි! පිළිතුරු දුන්නේ ය පූජකයා උරහිසට බරවෙමින්.
        කියනවා තුන්දෙනෙක් බව ? විලිස්සුවේ ය පොලිස් නිළධාරියා.
        කව්ද ඒ තිදෙනා ? පූජකයා ඉක්මනින් ජලය තුලදීම ආපසු හැරුණේ ය.
        මෙහෙමයි! පියා, පුතු හා ශුද්ධාත්මය! ආඩම්බරයෙන් එකට එක කීවේ ය පොලිස් නිළධාරියා.
        ඒක මෙහෙමයි. ත්‍රිත්ව දේවත්වය, තිදෙනාම එකම පුද්ගලයෙක් තුල, කොල්ලෝ.
        එහෙම වෙන්න බෑනේ, පූජකතුමනි!
        වෙන්න පුළුවන්. උඹට හිරු පෙනෙනවද? හිරුත් ත්‍රිත්වයක එකතුවක්. බිම්බය, රැස් වළල්ල හා ආලෝකය. තේරුණද ? එකක් තුල වෙන් කළනොහැකි කොටස් තුනක්. තේරුණද ?
        නිසැකවම. මදහස පෑවේ ය පොලිස් නිළධාරියා.
        පූජකයා ජලයෙන් පිටතට පැමිණියේ ය. ගිනියම් වැල්ල මත වැතිරුණේ ය.
        ඔබව කොහොමද අමතන්නේ, පූජකතුමනි? අනපේක්ෂිතව විමසුවේ ය පොලිස් නිළධාරියා.
        නෝදාර්. පූජකයා ගල් කටයක් ගත්තේ ය. අල්ල මත එය කැරකෙව්වේ ය. පසුව හඬින් සිනාසී සයුරට වීසි කළේ ය.
        පොලිස් නිළධාරියා අහකට පැන්නේ ය.
        උඹ මොකද ? පූජකයා ඇසුවේ ය.
        මම හිතුවා, උඹ ඔනුෆ්‍රී හෝ ලූකා හෝ ඒ වගේ එකෙක්… කලිස්ත්‍රාත් ද! උඹ පෙනෙන්නේ නෝදාර් වගේ! ඔහු සිනහවකින් වෙළිගියේ ය.
        බලමින් සිනහසෙන පොලිස් නිළධාරියා දෙස, පූජකයා මදහස නගන්නට පටන්ගත්තේ ය. පසුව නැගිට තට්ටු කළේ ය ඔහුගේ උරහිසට.
        ඔක්කෝම හරි, ඇඳගන්න ඇඳුම්!
        තව ටිකක් ඉමු, පූජකතුමනි!
        කැමත්තෙන්ම ඉන්නවා, ඉක්මනටම රැස්වීම පටන්ගත්තේ නැත්නම්.
        පූජකතුමා ඇඳුම් ඇඳගැනීමට ආරම්භ කළේ ය. වංගුවට එහායින් කළු “ වොල්ගා “ රථයක් පැමිණියේ ය. ඔන්න පේනවද, කාර් එකකුත් ආවා!
        තව ටිකක්, පූජකතුමෙනි!
        කියන්නන් මම උඹට, කැමැත්තෙන්ම මම ඉන්නවා හෙට උදේ වෙනකන්, මට රැස්වීමකට යන්න තියෙනවනේ! යමු අපි!
        පැළඳගත්තේ ය ලෝගුව, විසල් කුරුසිය සමගින් පපුව මතට, පූජකතුමා පොලිස් නිළධාරියා අසලින්, චාරිත්‍ර වඩාත් විශ්වාස කළ, ඇයි දැයි මතක් කළේ සිරකරුවාව.
        ඔන්න පිළිස්සෙනවා, යකා ඔහුව ගත්තාවේ! අවලාද නැගුවේ ය පොලිස් නිළධාරියා.
        ඒ උඹ හිරු ගැනද ?
        හඳ ගැන නෙමෙයිනේ!
        සාන්ත කුරුසේ අඳින්න දැන්මම! සාන්ත කුරුසේ අඳින්න, දෙවියන්ගෙන් ඉල්ලන්න සමාව. පූජකතුමා අණකළේ ය.
        පොලිස් නිළධාරියා විශ්මයන් බැළුවේ ය ඔහු දෙස.“ කවුරු හැටියටද මාව ගණන් ගන්නේ ?“ සිතුවේ ය ඔහු, සකස් කරමින් හිස් වැස්ම. පූජකයා තේරුම් ගත්තේ ය තම අතපසුවීම හා ක්ෂමා බර කටහඬ.
        අසාරව මුමුනන්නේ ය ඒ ආලෝකයට. හිරු පෑයු රාත්‍රියේ සදාතනික ආකාරයයි ඒ.
        එය තවත් යක් ස්වරූපයකි. හිරු පෑයු රැය.
        පූජකයා දිග පළල මැන්නේ ය.
        අනේ දෙයියනේ! සමාව දෙන්න ඔහුට, පව්කාරයට, තමාගේ මෝඩකමට වචන හසුරුවාගන්නේ නැහැ තම!
        නැහැ. බරපතලව, පූජකතුමෙනි, මොකක්ද හිරු පෑයු රැය ?
        දෙයියන් වහන්සේ!
        ඒක කොහොමද වෙන්නේ, හිරු හා රැය ?
        ඔව්. ඒ හිරු. එහි ආලෝකය කොච්චර දීප්තිමත් ද, මිනිසාගේ දෑස් හිරු නිසා අඳුරු වෙන්නේ ය. රාත්‍රිය නිසා.
        පොලිස් නිළධාරියා අවිශ්වාසීව මදහස පෑවේ ය.
        බලපන් හිරු දෙස! අණ කළේ ය පූජකයා.
        පොලිස් නිළධාරියා හිස එසෙව්වේ ය. විනාඩියක් බැළුවේ ය දිදුලන හිරු තැටිය දෙස. දරාගත නොහැකිව දස් වසාගත්තේ ය.
        ඉතිං? බලපන්,බලපන්!
        මට බැහැ, පූජකතුමෙනි!
        උඹ බලකරපන් තමාටම!
        පොලිස් නිළධාරියා කීකරු වූයේ ය. දැවෙන හිරු කිරණ පසාරු කරගෙන ගියේ ය කළු ඉංගිරියාව ඔහුගේ. එනමුත් පොලිස් නිළධාරියා ඉවසුවේ ය.
        එහි පාට කොයි වගේද ? පූජකයා ඇසුවේ ය.
        තඹ පාටයි.
        තව බලන්න!
        විනාඩියකින් පසුව ඉවසිය නොහැකි වේදනාවෙන් පොලිස් නිළධාරියා වැසුවේ ය දෑස් අතින්. වැසුවේ ය හා බෙරිහන්දුන්නේ ය.
        කළුවර වුනා! පූජකතුමනි, හිරු කළුවර වුනා!
        පූජකයා නිහඬව මෝටර් රථය වෙතට යාමට විය.
        ඇහෙනවද ? ඇසුවේ ය සයුර.
        ඇහෙනවා! හිරු පිළිතුරු දුන්නේ ය.
        ඒක ඇත්තද ?
        මෝඩකමක්! මිනිසෙකුට පුළුවන්ද මා වෙතට එන්නට ?
        උඹම නේ ඔහුව මැව්වේ! සිනාසුනේ ය සයුර.
        ඇත්තක් නොවේ! මැවීම තුල ඔහුගේ, මම කිසිඳු කොටස් කරුවෙක් නොවූයෙමි! මගේ පැමිණිමට පෙර ඔහු ජනිතවී සිටියේ ය. මම නොවේ ඔහුම තමාව මිනිසෙකු සේ හැඳින්වූයේ ය. මම ඔහුව හඳුනාගත්තේ නැහැ, කවරෙක්ද ඔහු, කවදා, කෙදිනක ඔහු මතුවුනේ ද?
        ඩොල්ෆින්, ඩොල්ෆින්! මම ලිහිණියා! ඔබගේ දකුණෙන් විශාල මාළු අයිනක්!
        ගුවන් විදුලි තරංග පණිවුඩයක් යැව්වෝ ය හෙලිකොප්ටරයකින් මැළු දැල වෙතට.
        මම ඩොල්ෆින්! ඔබව තේරුණා! පිළිතුරු දුන්හ මාළු දැලේ සිට. එකෙනෙහිම ජලයට සුවිසල් දැලක් පහත්වුනේ ය. නීල සයුර මත පැනගිය හ සුමුදු සුදු ඉපියාවන්.
        තවත් එහාට යන්න, ඔබ පසුපස මිනිසුන් හඹා එනවා. සයුර අනතුරු හැඟෙව්වේ ය මාළු අයිනට. මාළු අයින අනපේක්ෂිතව වෙනස් කළේ ය දිසාව.
        ඩොල්ෆීන්! අයින වමට යනවා! දිසාව ගන්න හිරුට පිටුපා! දිසාව හිරුට පිටුපා! අනතුරු හැඟෙව්වේ ය හෙලිකොප්ටරයන් ධීවරයින්ට.
        මාළු අයින කඩිනමින් ආපසු හරුණේ ය. හිරුට පිටුපා සිටියේ ය හා පූර්ණ වේගයෙන් ගියේ ය.
        පහලට යන්න! ගැඹුරටම! කඳෙව්වේ ය සයුර, දැනටමත් ප්‍රමාදයි. මාළු අයින දැල තුල විය.
        සුභපතුම්! හෙලිකොප්ටරයේ සිට පිරිනැමුවේ ය.
ස්තූතියි! පිළිතුරු දුන්නේ ය මාළු දැලේ සිට.
        අවසානයේ! සයුර තම වැළපිල්ල මතු කරන්ට විය.
        දැල ඉහලට එසෙව්වේ ය. සයුර ලෙයින් රත්පැහැ ගැන්විනි වඩා බර මසුන් තෙරපීම හේතුවෙන්. නැවේ තට්ටුව මතින් කැගසමින් කුසගින්නේ සිටින ලිහිණි පියාඹමින් කැරකුණේ ය. ඉවුර මතට නොඉවසිල්ලෙන් පැමිණිය මසුන් ආහාරයට ගැනීම ගිජුවූවෝ.
        හිරු රන් දෑතින් උදුරාගත්තේ ය දැලෙන් වියලෙන මසුන් හා රිදියෙන් දිදුලන කාසි විසුරුවා හැරියේ ය නැවේ තටුටුව මත.
        සෑම දිනයක්ම දිව්‍යමයි! පැමිණිලි කළේ ය හිරු සයුරට, ගිලුනේ ය ජලයට ලේ තැවරුණු දෑත්.
        සෑම දිනයක්ම දිව්‍යමයි! සයුර හීල්ලුවේ ය.
                +              +              +              +              +              +     
        හතර වන තෙක් කාලය අතරතුරු ජනයා ඉවුර මත සයුරේ අතුරුදහන් වූහ. මිහිකත යසට ඔවුන් ගිලදමුවේ ය. පසුව ඔවුහු නැවතත් උඩට නග්ගෝ ය තම කුහරයෙන් හා උදේ හයේ සිට එක දක්වා යෙදුනු කටයුත්තෙහි යෙදෙන්ට වූහ.
        හිරු මුවාවුනේ ය සැහැල්ලු සුදු වළාකුළු තුල හා හොරැහින් මිහිකත දෙස බැළුවේ ය.
        සවසට, හිරු මුළුමනින්ම නිවන දකින්නට සූදානම් වූ විට සයුර හෙමිහිට කීවේ ය.
        ඔබව උදයේ හැර ගිය චෙලෝවක්, මියගියා.
        ඒ කෙහොමද ඉවරවුනේ ? අතුරුදහන් වුනාද ? හිරු අඳුරු විය.
        නැහැ. මිනිස්සු අතුරුදහන් වන්නේ නැහැ හා ඉවරවෙන්නෙත් නැහැ.
        ඔහුගේ මොනවද ඉතිරි වෙලා තියෙන්නේ ? අවාසනාවන්ත පියා සහ බිරිඳ.
        වැඩිමනත් දෙයක් නැද්ද ?
        ඉතිරි වූයේ ය කටු සටහන් අවසන් නොවු රූපයක. කුඩා අවසන් නොවු කටුසටහනක්.
        කාගේ රූපයද ?
        දන්නේ නැහැ. ඇය හිසක් නොමැතිවයි.
        ඇයගේ පෙනුම කොහොමද ?
        ඒ රූපයේ දිගු, ඉහලට වීසිකල සුන්දර දෑත් විය. ගයන්නී ය ඇය, රඟන්නී ය, පිහිනායන්නී ය, සූදානම් වන්නී ය පියාසැරියට හෝ ප්‍රිය වන්නී ය කවරෙකු හෝ වළඳගැනීමට. නොදනිමි,සමහර විට කවරෙකු වෙතට යාමට කඩිසර වන්නී ය හෝ දුවන්නී ය, නොදනිමි.
        කාගේ ද ඒ රූපය ?
        ඒ පිළිබඳ කිසිවෙකුවත් නොදන්නේ ය. චෙලොවෙක් තම සැළසුම් තමන් සමගින් රැගෙන ගියේ ය.
        ජනයා තමන් විසින්ම හඳුනානොගත්ත හ කුමක් අවැසිද කියා. හිරු කීවේ ය.
        ඒ ගැන කියන්න එපා! පිළිතුරු දුන්නේ ය සයුර.
        මරණය ඉදිරියේ ඔහු කුමක්ද ඇසුවේ ? හිරු ඇසුවේ ය.
        වායුව පිළිබඳ! පිළිතුරු දුන්නේ ය සයුර.
        තව මොනවද ?
        දාලී.
        තව මොනවද ?
        ප්‍රමාණවත් වුනේ නැහැ!
        වාතය ප්‍රමාණවත් වුනේ නැහැ ? පුදුම වූයේ ය හිරු.
        ප්‍රමාණවත් වුනේ නැහැ! සුසුම්ලෑවේ ය සයුර.
        හිරු නිහඬවම වළාකුළු අතර සැඟවුනේ ය.
        සයුර යන්තමට කණගාටු වුයේ ය.
        නින්දට යාමට පෙර, හිරු නැවත වරක් එබී බැළුවේ ය මිහිකත වෙත. එනමුත් හිරු ඉතා පහළින් පිහිටියේ, සමූහයා තුල සිටින ගොම්මන බලාපොරොත්තුවෙන් සිටින්නවුන් අතරින් පුරුෂයින් හා කාන්තාවන් වෙන්කර ගැනීමටය. ජනයා, එකිනෙකාට සමාන, වතිර සිටිය හ වැල්ලේ. වැල්ලෙන් ඔවුන්ගේ උණුසුම් සිරුරු ඔසවා තැබුවේ ය සැහැල්ලු නලියන මිරිඟුදිය.
        එවිට හිරු දිගු කළේ ය දිගු රන්වන් දෑත, කරුණාව දැක්වූයේ ය ඉවුරේ වැතිර සිටින්නා වෙතට සීරුවට හා ඇසුවේ ය සයුරෙන්.
        නුඹ දැන් ඔහුව රැගෙන ආවා, මම මෙතෙක් ඔහු වෙත අවධානය යොමු කළේ නැහැ ?
        අවසාන වසර පහ තුල සීරුවට එයට හුරු වූයේ ය සයුර. සාමාන්‍යයයෙන් ඇලුම්කළේ නැත ඔහු. දැන් සයුර බැළුවේ ය ඔහු දෙස හා සිනාසුනා ය.
        එය කොටයක් නොවේ, හිරු, ඒ චෙලොවෙක් !
        අහන්න ඔහුගෙන්, මොනවද ඔහු මෙහි කරන්නේ කියා ?
        වටින්නේ නැහැ…  මගේ සෑම පැණයකටම ඔහු පිළිතුරු දෙන්නේ කන්නලව්වෙන්. ඔහුගේ පැතුම් වලට සීමාවක් නැත.
        මොනවද ඔහු ඉල්ලන්නේ ?
        එක් දිනෙක ඔහු මගෙන් ඉල්ලා සිටියා යහපත් කාලගුණයක්. පසුව දර. පසුව ඉල්ලා සිටයා මසුන්, වැලි, ලුණු… ඉල්ලුවා මිහිකත… දැනටමත් වසර තිස් තුනක් ඉල්ලනවා ඔහුගේ පුතාව නැවත ගෙනදෙන ලෙසට. මම ඔහුව කොහේ එක්කරගෙන යන්නද ?
        ඔබ ඒ චෙලොවෙක්ගෙන් පුතාව උදුරාගත්තානේ, උඹම ආපසු ගෙනත් දෙන්න ඔනේ ඔහුව.
        මම නෙමෙයි! ඔහුගේ පුතාව උදුරාගත්තේ වෙනෙකෙක්, මා වෙත වැරැද්ද පැටෙව්වා!
        කියන්න ඔහුට, මම කැමතියි ඔහුට කතා කරන්න.
        චෙලොවෙක්! සයුර වියළුණු අතින් ස්පර්ශ කළේ ය ඔහුගේ නග්න පාදය. ඔබ සමග කතා කිරීමට කැමතියි හිරු!
        චෙලොවෙක් නිහඬවන්නට විය.
        ඔබට මාව ඇහනවද, තැනැත්තා ? මම හිරු, මම කැමතියි ඔබ සමග කතා කරන්න!
        කතා කරන්න, මම ඔබට සවන්දෙනවා! පිළිතුරු දුන්නේ ය චෙලොවෙක්, ඇස් කොණින් බලමින් ස්වෙතීලෝ දෙස.
        ඔබට තේරුම් යනවද මගේ බස ?
        බස තේරෙනවා. ඔබව. සයුර.
        ඇයි ඔබ උත්තර නොදෙන්නේ ඔහුට ?
        කුමක්ද කියන්න කැමති වුනේ. මගේ තරුණ කාලයේදි කිව්වා ඔහුට. දැන් මම ඉල්ලනවා ඔහුගෙන් එකක්. මගේ පුතාව නැවත දෙන්න කියලා!
        ඔබ කළ නොහැකක් ඉල්ලා සිටිනවා!
        මම පිනට ඉල්ලනවා නෙමෙයි. මම ඉල්ලන්නේ මගේ දෙය.
        උඹ උඬගුයි. චෙලොවෙක්! හිරු කීවේ ය.
        ඔව්. උඬගුයි හා බලවත්! පිළිතුරු දුන්නේ ය චෙලොවෙක්.
        මොකකට ද ඔබ සමත් ?
        ඔබ කුමකට ද ?
        සියල්ලටම! මට සයුර හිඳින්න පුළුවන්, ස්තෙප් තණබිම පුළුස්සන්න, මුටු බිම වනයක් කිරීමට, ජීවිතය නිවන්න.
        තව මොනවද ? මදහස පෑවේ ය චෙලොවෙක්.
        තව! බලන්න!
        හිරු එක්වරම හැරුණේ ය රක්ත වර්ණ පිළිස්සුනු තලියකට. පසුව කෙණ්ඩියකට. අනතුරුව බිම්මලකට, පසුව හාවෙකුට හැරුණේ ය, පසුව ඒ හාවව ගිල දමන වෘකයෙකුට, පසුව අලියෙකුට, කොටියෙකුට, සිංහයෙකුට, එක් නිමේෂයකදී හිරු විදහා පෑවේ ය වළාකුළු තුල ත්සාර්ගේ ඔටුන්න, අවසානයේදී නැවතත් හිරුට හැරුණේ ය.
        මම ඉක්මනට පිටත් වෙනවා, අඳුර ලොවම ගිලගන්නවා. දැනගන්න චෙලොවෙක්, අඳුර ඒ මම! මම ඒ සියල්ලම! හිරු කීවේ ය හා වෙහෙසවී වැතිරුණේ ය ගුවනේ ඈත ‍කෙළවරේ.
       
        චෙලොවෙක් මදහස පෑවේ ය.
        මොකකටද උඹ හිනාවෙන්නේ ? ඇසුවේ ය හිරු.
        අවසානයි… ඒ මම! පිළිතුරු දුන්නේ ය ඔහු.
        ඇත්ත ද ? මොකකින්ද උඹ එය සනාථ කරන්නේ ?
        මට වුවමනා වුනොත්, උඹ වාෂ්ප වෙනවා හිරු! ඔබ පවතින්නේ මා ඇතුලත. මගේ එක චලනයකින් උඹ නැතිවෙනවා. ඔන්න!
        චෙලොවෙක් දෑතින් දෑස් ආවරණය කරගත්තේ ය. අවසන් දැන් උඹ නැහැ.
        උඹ අලජ්ජයෙක්, චෙලොවෙක්! කෑගැසුවේ ය හිරු.
        ඔව්! චෙලොවෙක් එකඟවූයේ ය. මම කිව්වේ සියල්ල නොවේ. මට හැකියි මිරිකා දමන්න, කෑලි වලට කඩන්න, සිඳ බිඳ දමන්න ඔබව. චෙලොවෙක් දඹරැඟිල්ලෙන් ඇද දැමුවේ ය ඇහිපිහාටු. හදිස්සියේම හිරුට හැඟිගියේ ය චෙලොවෙක්ගේ ඇස තුල කුඩා දිදුලන කීරක් ඇනි තිබුනු බව. හිරුගේ සුසුම හොරාගත්තේ ය.
        අතහරින්න මාව, චෙලොවෙක්! හිරු අයැද සිටියේ ය.
        චෙලොවෙක් දෑස් වලින් අත් මෑත් කළේ ය.
        හිරු පපුව පිරෙන්න හුස්ම ගත්තේ ය.
        මම කුමක් ද ඔබට කිව්වේ ? ප්‍රීතිමත් ඒ චෙලොවෙක්, උඹ ඔහුට සේවය කරන්න. උඹ දැන් මගෙන් ඈත් වෙයන්, ඈත් වෙයන් මගේ සහෝදරයා චෙලොවෙක් ගෙන්. එහෙත් හෙට ආපසු එන්න මෙහාට, මට සේවය කරන්නට.
        මම නාවොත් ? ඇසුවේ ය හිරු. කටහඬ හිරුගේ ස්ථාවර නොවී ය.
        ආපසු එනවා! හරියටම උදේ හයට මෙහාට උඹ එනවා. මුළු දවසම මට සේවය කරනවා.
        උඹට ඇහෙනවද ? අවධානය යොමු කළේ ය වරදකාර හිරු සයුර වෙතට.
        ඇහෙනවා! සයුර වෙනුවට චෙලොවෙක් පිළිතුරු දුන්නේ ය.
        කිරා වැටෙන සයුර සියල්ලට ඇහුම්කන් දුන්නේ ය. එනමුත් සයුර පිළිතුරු සැපයිමට අලස විය. සයුර ඉවත්කර දැම්මේ ය නිදිගත්තවුන්.
        හිරු උමතු වූයේ ය. කෝපයෙන් චෙලොවෙක්ට සැළකීම සඳහා හිරු නැවත පැමිණීමට දැන්මම සුදානම්ව සිටියේ ය. හිරු දැනටමත් අඩක් ජලයේ ගිලුනේ ය.
        එවිට කඩිනමින් කීවේ ය තම, එළිය දුන්නේ ය, කෑගැසුවේ ය.
        චෙලොවෙක්! මොලොවේ සියල්ලන්ටම තමාගේ ස්ථානය නිර්නය වී තිබේ! ගවයා, ජීවත් විය යුතුයි හා උලා කන්න ඕනේ මිහිමත. ජීවිතය දුන්නේ ඩොල්ෆින්ට සයුර බව ප්‍රසිද්ධයි, ආහරට මසුන්. විහඟන්ට පියාසර කරන්න නියමිතයි ගුවනේ හා නිදාගැනීමට වෘක්ෂ මත. පණුවන්ට බඩගා යන්නට හා ජීවත් වෙන්න බඩවැල් තුල. උඹ තනියම තීරණය කරනවා, ඉබාගාතේ යනවා, මංමුලාවෙනවා, නොනවතිමින් තම ස්ථානයේ, දැන නොගනිමින් සැනසිල්ල! සන්සුන් කරමින් චෙලොවෙක්! ජීවිතේ ගෙවපන්, ගොඩබිමේ හෝ ජලයේ හෝ ගුවනේ! උඹ මොනවගේ මැවිල්ලක්ද චෙලොවෙක් ? කොහෙන්ද ආවේ ? මොනවද පතන්නේ ? මොකක්ද පතන්නේ ?
        චෙලොවෙක්ට නොඇසුනේ ය හිරුගේ ඒ වදන්, හිරු මුළුමනින්ම දිගන්තයට මුවා විය.
        අවසන් වරට රක්ත දෑසින් ජන ශූන්‍ය ඉවුර සිසාරා විහිදුවේ ය ආලෝකය. චෙලොවෙක් අසලින් සිටියේ ය ඔහුගේම කුඩා චෙලොවෙක්.
        කා එක්කද කතා කළේ සීයා ? කුඩා චෙලොවෙචෙක් ඇසුවේ ය.
        මා එක්කමයි පුතේ! පිළිතුරු දුන්නේ ය චෙලොවේක්.
        බලන්න, සීයේ! හිරු එළිය වෙනවා හරිත පාටින්!
        ඔව්. වාසනාව ගෙනෙනවා හිරුගේ හරිත කිරණ!
        ජනප්‍රවාදයන්හී එසේ කියවෙන්නේ ය. කීවේ ය චෙලොවෙක් හා ආදරයෙන් අතගෑවේ ය චෙලොචෙක්ගේ හිස.
        හිරු සැඟව ගිය තැන, තව නිමේෂ කිහිපයකින් හරිත ප්‍රභාමත් දිප්තියක් ඇතිවන්නේ ය. එනමුත් දරුවා හැර, වෙන කිසිවෙක් එය හඳුනා නොගත්තේ ය.
        ඊලඟ දිනයේදී හරියටම උදෑසන හයට හිරු නැගුනේ ය හා රන්වන් කිරිටය පැළඳෙව්වේ ය එර්ත්සාහු කන්දට.
නෝදාර් ව්ළදීමිරෝවිච් දුම්බාද්සෙ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

%d bloggers like this: