Menu Close

මතකයක බර

කම්මුලක තැවරුනු
රතුපාට ලිප්ස්ටික්
අතින් පිහදා යවන වේගෙන්
හැකිවුනානම් මකාලන්නට
එදා දැනුනු කිතිකැවුනු සිසිලස
පුපුරු නොගහා තිබෙනු නිසැකයි
රැවුල් ගස් යට නිස්කලංකෙට අද

යන්න යන බව කියන්නට විත්
පාට වත්සුනු, දෙනෙත් අංජන
දියවෙමින් ඇඳුනු පාට සිත්තම
කමීසෙන් හෝදා මකන වේගෙන්
හැකිවුනා නම් ඉවත්කෙරුමට,
දැනුනු මහ බර උරිස්පත්තට
මේ දැනුත් රිදුම් දෙනවා
බාම් කුප්පිය මදි අතුල්ලන්නට…



%d bloggers like this: