Menu Close

ඇසිල්ලක් | Just a moment

දන්නවද,  මං කාගෙවත් ඔරලෝසුවක හිරවෙලා හිටිය කාලයක් තිබුනා. මං ඒ ඔරලෝසුවෙන් ඉල්ලුවා, මං වෙනුවෙන් වෙලාවක් දෙන්න කියලා. ඒත්, මොන කරුමයකද කියලා දන්නෙ නැ. මට හම්බුනෙ ඇබිංදං වෙලාවක විතරයි. ඒකත් දුන්න ගමන් මගෙන් ගන්නවා. ඒකෙන් වැඩ් වෙලාවක් වෙන්කරලා තිබුනෙ වෙන වෙන අය වෙනුවෙන්, වෙන වෙන දේවල් වෙනුවෙන්. ඉතිං, අන්තිමට මට සිද්දඋනා හිගාකන්න, වෙලාව වෙනුවෙන්. ඔව්, ඒත් මාව තඹ සතේකට ගනන් ගත්තෙ නැ. ඔරලෝසුවෙ කටු මං දිහා බලාන නක්කලේට වගේ හිනාවීගෙන මාව පහුකරන් යනව මට පෙනුනා. ඇත්තටම මං ඒ හැගීමට වෛර කලා. වෛර කලා. වෛර කලා…
ඔයාට දැනිලා තියෙනවද, ජීවිතේ සමහර දේවල් ආයෙ ආයෙත් රිපීට් වෙනව කියලා. මේ කරන දේවල් මේ සිද්දවෙන දේවල් අපිට කොයිම වෙලාවක හරි වෙච්ච සිදුවීමක් කියලා? ටිකක් විකාරයි වගේ තමයි, ඒත් සමහරවිට කාලය හරහා ආපස්සට ඇවිත් වෙන්නත් බැරි නෑ. මේ මනෝවිකාර ඔක්කොම එළියට එන්නෙ හෝ හෝ ගාලා රැල්ල වදිනව වගේ සිතුවිලි වලට ගලාගෙන එන්න ඉඩදුන්නම, මේ වගේ හැන්දෑවක මූදූ වෙරලෙ සුපුරුදු විදියටම ඈත ක්සිතිජය දිහා බලාන ඉන්නකොට…
දන්නවද, සෑහෙන කාලයකට පස්සෙ ආයෙමත් හිත පිරිලා ගිහින්. ඒකට ගොඩාක් ලොකු හේතුවක් තියෙනව. ඒ හේතුව දැන් මගෙ උරහිසට හේත්තු වෙලා ඉන්න ලස්සන… ඔව්, මං වෙනුවෙන් ලිමිට් එකක් දීලා නැති ආදරයක්. ඒ හීන්දෑරි සුන්දර සිරුර, වල ගැහුන කම්මුල්, රෝස පාට තොල්පෙති මාව උන්මත්තකයෙක් කලේ නෑ කිව්වොත්, මං වැරදියි. මාස ගානක් තිස්සෙ ඉරිතලලා තිබ්බ ජීවිතේ, දවසකින් දෙකකින් මේ තරමටම තෙත් වෙයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.
සුද්දි
 – ම්… 
ඇයි මං එයාගෙ අතින් අල්ලද්දි, එයා ගොලු උනේ?
– ම්… එයාට පුදුම හිතුනලු, මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා.
ඉතිං, එයාට දැනුනලුද?
– ඔව්, නැතුව.
මොනවද?
මං ඈ දිහා බැලුවා. ඇගේ ඇස් දිලිහුනා විතරයි, වචන මොකුත්ම පිටවුනේ නෑ.
%d bloggers like this: