Menu Close

ජීවිතය අරුමයක්.

මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා.
ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය  නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය  ආගමික කටයුතු වලට පන්සලට පල්ලියට නිදහසේ යනවා . තවත් රසකාමීන් කොටසක් නිදහසේ නිදහස් තැන් වලට එක්වෙනවා. මෙසේ  සතුට බෙදා ගන්නා මිතුරන් කිහිප පොලක් මට මුන ගැහෙනවා හැම මාසෙම. මට මේ හමුවීම අමුත්තක් නෙමෙයි.
අති විශේෂ, සෝඩා ඇතිව නැතිව හත් අට දෙනෙක් වට වෙන්න පුළුවන් මේසයක අහගෙන ඉන්න තරම් වාද විවාද ඇති වෙනවා මම පුරුද්දෙන් දන්නවා. අනුන්ගේ කතා බහට කන්දීම හොද පුරුද්දක් නූනත් මේ වියත් සභාව පදම් වෙන කොට කියන කතා අහන එක මට පුරුද්දක්.විදුහල්පතිවරු ගුරුවරු, මාණ්ඩලිකයන් ලිපිකාර මහත්වරුන් අද එකම තලයක විශ්‍රාමිකයන් වෙලා.
මේ කණ්ඩායමේ ඇත්තන් ගෙන් කෙනෙක්  හිටපු හැටියේ සමුගන්නා අවස්ථාවන් ,රෝහල් ගතවෙන අවස්ථාවන් ඉද හිට සෞඛ්‍ය හේතුන් මත විවේක ගන්නා අවස්ථාවන් නිසා තාවකාලිකව හෝ සදාකාලිකව ගණපුරණය වෙනස් වෙන අවස්ථා මම පහුගිය අවුරුදු ගනනාව තුල අත් දැක්කා.
මේ හමුවීමත් සමාජිකයෙකුගේ සදාකාලික වෙන්වීමත් සමග එකට සනිටුහන් වු දවසක්.
අද මිත්‍රයින්ගේ මාතෘකාව බවට පත්වෙලා තිබුනේ ජීවිතය……….
……………
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ………..,
විදුහල්පති වරයෙක්වු විශ්‍රාමිකයෙක්ගේ හඩ මට ඇසේ රැල් බුරුල් හැර කන්දේ ගෙදර නයිදේට කවියක් කියයි. පිරිස සාවධානව අසා සිටී. දේශපාලන කථා බහකින් හෙම්බත්වු මේ පිරිස යහමගට පිවිසි බවක් මට හැගේ. මම වඩාත් ඕනා කමකින් සංවාදයට දෙසවන් යොමු කලෙමි.
විදුහල්පතිවරයා පැහැදිලි කරයි.
කන්දේ ගෙදර –     රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ        –     තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
ගන් ගිය දා – මියගියපසු
ගෙට ගිණි තියති – මළවුන්ගේ  සිරුර පුළුස්සති.
අපි  තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර තවත් ගෙයක් සදන්න කරුණු කාරනා එකතු       කරමින් සීටී.

පිරිස තවත් කතා බහක පැටලී සිටි. මගේ අවධානය බිදිමින් වෙනත් කාරියක් පැවරෙයි.

notes of imaginary

%d bloggers like this: