Menu Close

කුඹුර මරා වහ කා මිය යෑම

කුඹුර මරා වහ කා මිය යෑම
(මෙම ලිපිය, 2016 ජූලි 24 වැනි දා දිවයින පුවත්පතේ නිම්නය අතිරේකයෙන් උපුටා ගැනුණි) 


ගොයමට හානි කරන පළිබෝධකයන් හත්දෙනකු නිසා වස විස තොග ගණනක්‌ කුඹුරට පොම්ප කර මේ සතුරු කෘමීන් ගොදුරු කරගන්නා තවත් අපේ මිතුරු සත්ත්ව ගහනයක්‌ම අප මරා දමමින් සිටිනවා නොවේද? එදා දොළ පාරේ හිටි, දණ්‌ඩි පැටව් අද දක්‌නට නැත. එසේම, නියරේ සැඟව සිටි කක්‌කුට්‌ටන්, මකුළුවන් අද කොහි ගොස්‌ද? කෘමීන්ගේ පිලවුන් අල්ලා කෑ බත්කූරකු අද ආසාවකට දැකගත හැකිද?

වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ සිට අපට උරුමව තිබූ පරිසර හිතකාමී ස්‌වභාවික ගොවිතැනේ ඒ ශ්‍රේෂ්ඨ උරුමය අත්හල අපි, සුද්දාගේ පරගැති චින්තනයෙන් පෝෂිත, රසායනික ගොවිතැන හිස මුදුනෙන් භාරගත්තෝ වෙමු. අටසිය පහළොවේ සෙංකඩගල මහනුවරදී සිංහල ධජය බිම දමා බ්‍රිතාන්‍ය කිරීටයට අයත් කුරුස කොඩිය මේ ලක්‌දෙරණ තලයේ ලෙළදෙන්නට අවස්‌ථාව උදාකර දුන්නටත් වඩා පාවාදීමක්‌ මෙසේ සුද්දා රට යළිත් භාර දී යන මොහොතේ ජාතියම එකතු වී සිදුකර ගත්තේය. ඒ අනිකක්‌ නොව, සුද්දාගේ µeක්‌ටරිපොහොසත් කරන, එසේම අඩ සියවසකදී, ජාතියම ලෙඩ ඇඳට ඇද දැමූ රසායනික බෙහෙත්, පොහොරමිථ්‍යාවට ජාතියම ගොදුරුවීමය.

පරගැති චින්තනය ඉදිරියේ දේශයේ ශ්‍රේෂ්ඨ හෙළ ගොවිතැන පාවාදුන් වසලයන් කොම්පැණිකරුවන්ගේ අතයට ගනුදෙනුවලින් පොහොසත්ව මෙසේ ලංකා දෙරණ තලයට වස විස මිශ්‍ර කරද්දී මහී කාන්තාව වේදනාවෙන් බලා සිටියාය. මෙසේ හෙළ ගොවිතැන අත්හැර රසායනික බෙහෙත්, පොහොරෙන් දේශයේ ගොවිතැන පොඟවමින් සිටින වසර පනහක සංවත්සරය සමරද්දී දහසකුත් ගොවි රජවරු අද පිළිකා රෝහල්වල, වකුගඩු වාට්‌ටුවල, සයනයේ උඩුබැලි අතට දිගා වී ජීවිතයේ අන්තිම තත්ත්පර කිහිපය ගෙවා දමමින් සිටින්නේය.

ඉදින්, තවදුරටත් අප මෙසේ බහුජාතික උගුලේ වැටී උග්‍ර වස විස අපේ බත්පතට යොදන අමන ගොවිතැනට, එවන් වස විස බෙදන කොම්පැණිකරුවන්ට හා උන්ගේ සන්තෝෂම් බෙදන දේශීය ඒජන්තයන්ට වහල් ජාතියක්‌ව දිවි ගෙවමුද? නැතහොත්, එකාවන්ව අප, ජාතියක්‌ සේ නැඟී සිටිමින් මේ යක්‍ෂයා පලවාහැර දේශයේ අනන්‍යතාව, හෙල ගොවිතැන, මේ ලක්‌ දෙරණ තලයේ යළිත් නොමැකෙන සේ සනිටුහන් කරමුද?

මේ එම තීන්දුව ගත යුතුව ඇති සුදුසුම කාලයයි. තව තවත් කල්මරන්නට අපට අවස්‌ථාවක්‌ නැත. ගෙවී යන තත්පරයක්‌ තත්පරයක්‌ පාසා රට මහා අගාධයකට ඇදී යමින් ජාතියම ලෙඩ ඇඳට ඇද වැටෙමින් පවතී. එවන් අවස්‌ථාවක මේ මහා ෙදවාචකයෙන් රට ගලවා ගන්නට තවත් පරපුරකට ඉඩ නොතබා අපගේ පරම්පරාවෙන්ම මේ දැඩි තීන්දුව ගතයුතුව තිබේ. නොහොත් වස විසෙන් තොර රටක්‌ ගොඩනැඟීමේ උදාර කාර්යයට අප සැවොම උරදී ක්‍රියා කළ යුතු අවස්‌ථාව පැමිණ තිබේ.

අපගේ අතීත මුතුන් මිත්තෝ කෙත, කමත, දොළ පාර, වනාන්තරය, හේන කොරටුව, දෙණිය, ඕවිට, බඩවැටිය, නියර යනාදී සියලු පරිසර පද්ධතීන් සතා සිව්පාවා සියලු ජීවී වර්ගයා සමඟ බෙදාගෙන එකට භුක්‌ති වින්දොa වූහ. ඒ ගැමි දිවියේ ශක්‌තිමත් පදනම වූයේ ද පරිසරය සමඟ හේ ගත කළ සහජීවනයමය. නොහොත්, හේනේ, නියරේ, කෙතේ, දොළ පාරේ දිවි ගෙවූ ස්‌වභාවික සතුන් නොවන්නට එදා මේ සිංහල පොළොවේ දිවි ගෙවූ හෙළ ගොවියාට පැවැත්මක්‌ තිබුණේම නැත. මන්ද, ඔහුට ආයු සැප බල වැඩුණේම ඔහු අවට විසූ මේ ජීවී සමූහයා නිසාය. එහෙත්, අද එසේ නොවේ. උග්‍ර වල් නාශක, පළිබෝධ නාශක, කෘත්‍රිම, රසායනික පොහොර හේතුවෙන් ලක්‌ පොළොවේ ජීවය කොම්පැණිකරුවන් උදුරාගෙන ඇත. හිතකර ජීවීන් මෙන්ම දුප්පත් අහිංසක ගොවියාගේ ජීවිත ද මුදලට පාවා දී ඇත. අද ඇත්තේ, මියගිය පොළොවක්‌ මෙන්ම, ක්‍ෂුද්‍ර පරිසර පද්ධතීන්ගෙන් ජීවය වියෑකී ගිය මහා ෙදවාචකයට ගොදුරු වූ වටපිටාවකි. ඉදින් වසරකට පිළිකා රෝගයෙන් විසිපන් දහසක්‌ පමණ දෙනා මියයන, තවත් විසිදහසක්‌ පමණ වකුගඩු රෝගයට ගොදුරු වන, හෘදයාබාධ, දියවැඩියාව බහුල රටක්‌ බවට පත් නොවී මේ රසායනික ගොවිතැනේ තවත් අප කුමක්‌ බලාපොරොත්තු වන්නේද? මේ අපටලැබී ඇත්තේ අප වපුල අස්‌වැන්නේ ප්‍රතිඵලය. ඒ දෙස දැස්‌ දිගුකර අමනයන් සේ බලා නොහිඳ යළිත් ස්‌වභාවික ගොවිතැනමේ රත්තරන් හෙළ පොළොවේ ස්‌ථාපනය කරන්නට සුදුසු කාලය නොවේද මේ පැමිණ ඇත්තේ.

දයාබර අම්මේ, තාත්තේ, ගොවිබිමේ දයාබර සහෝදරය සහෝදරිය, තවත් අප කල් මැරිය යුතු නොවේ. එළඹෙන මේ මහ කන්නයේ සිට පොළොවට ගසන උදලු පහරක්‌ පාසා, පෙරළෙන පස්‌ පිඩැල්ලක්‌ පාසා මේ පොළොවේ ක්‍ෂුද්‍ර ප්‍රාණීන් ගැවසෙන ස්‌වාභාවික ගොවිතැන යළිත් පණ පොවන ගොවිතැනක්‌ කරන මෙන් ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

බලන්න, අපි අපගේ කුඹුරු පරිසරයට අත්කර ගත් විනාශය කෙබඳුද කියා. ගොයමට හානි කරන පළිබෝධකයන් හත්දෙනකු නිසා වස විස තොග ගණනක්‌ කුඹුරට පොම්ප කර මේ සතුරු කෘමීන් ගොදුරු කරගන්නා තවත් අපේ මිතුරු සත්ත්ව ගහනයක්‌ම අප මරා දමමින් සිටිනවා නොවේද? එදා දොළ පාරේ හිටි, දණ්‌ඩි පැටව් අද දක්‌නට නැත. එසේම, නියරේ සැඟව සිටි කක්‌කුට්‌ටන්, මකුළුවන් අද කොහි ගොස්‌ද? කෘමීන්ගේ පිලවුන් අල්ලා කෑ බත්කූරකු අද ආසාවකට දැකගත හැකිද? සැබෑව නම් ගොවියාගේ හිතමිතුරු සියලු සතුන් වස විසෙන් මරා දැමීමය. ගොයමට හානි කරන පළිබෝධකයන් හත්දෙනකු වෙනුවෙන් මුළු මහත් ජෛව පද්ධතියකටම මොන තරම් අපරාධයක්‌ වන්නේද? ගැමියාගේ භාෂාවෙන් ගත් කල එය හෙණ ඉල්ලන අපරාධයක්‌ම වන්නේය. එහෙයින් තවදුරටත් මේ අපරාධයට අප ඉඩ තැබියයුතු නොවෙමු. වස විසෙන් තොර වගාව යළිත් ආරම්භ කර, කුඹුරු. කෙතට, ලියද්දට, නියරට, හේනට, ගොවිතැනට යළිත් අපගේ මිතුරු සත්ත්ව සංතතිය ගෙන්වා ගත යුතුව ඇත. ඔවුන් ස්‌වභාවිකව ගොවිතැනේ සතුරන් ගොදුරු කරගනු ඇත. එසේ නොවුණහොත්, පරම්පරාවෙන් උරුම වූ පරිසර හිතකාමී ගොවිතැනේ, අත්බෙහෙත්, කෙම් ක්‍රම, පරිසරයේ කෘමි පළවා හරින බෝග හා සතුන් ජෛව ක්‍රියාත්මක වන ස්‌වාභාවික චක්‍රය යළිත් කැරකෙන්නට පටන් ගන්නවා නොඅනුමානය.

හඳුනාගෙන ඇති පරිදි වී වගාවට හානි කරන අහිතකර පළිබෝධකයන් හත් දෙනෙකි. ඒ කූබිත්තා (පැළ මැක්‌කා), ගොක්‌ මැස්‌සා, පුරුක්‌ පණුවා, කොළ හකුළන දළඹුවා, කීඩෑවා, ගොයම් මැස්‌සා සහ වෙල්මීයාය. මේ සත්ත්වයන් අනාධිමත් කලක පටන් ගොයමෙන් ජීවත් වූවන්ය. කොම්පැණිකරුවන්ගේ උග්‍ර වස විස අපට හඳුන්වා දෙන්නටත් පෙර සිට මේ පොළොවේ මේ සතුන් දිවි ගෙවූවත් උන් පාලනය කෙරුණේ හෙළ ගොවියාගේ බුද්ධි මහිමයෙනි. පරිසරයෙන්ම උපයා සපයා ගත් දැවලිනි. මෙම සතුරන්ගෙන් හරි අඩකටත් වඩා පාලනය කෙරුණේ උන්ගේම ස්‌වාභාවික සතුරන් අතිනි. එනම් පුරුක්‌ පණුවා, නොහොත් කොහු පණුවාගේ බිත්තර අවධිය ඉබි කුරුමිණියා, අං දිග තණකොළ පෙත්තා, අං දිග පළඟැටියා විසින් ගොදුරු කර ගත්තේය. එසේම කීට අවධිය ගොදුරු කර ගත්තේ බෝතල් කුරුමිණියා, බැව්මේරිය බඹරා, ජල පදිකයා වැනි සතුන් විසිනි. කෝෂ අවධිය වෙට්‍රාස්‌ටික්‌ බඹරාගේ ට්‍රයිකොමැලෝපයිස්‌ බඹරාගේ ගොදුරක්‌ බවට පත්විය. සුහුඹුල් නොහොත් වැඩුණු කොහු පණුවා දැල් බඳින මකුළුවා සහ මහ බත්කූරාගේ ප්‍රණීත අහරක්‌ විය.

එසේම දුඹුරු පැළ කීඩෑවාගේ ශිශැවන් ඉබි කුරුමිණියන් මයිත්‍රොවිලියා, මිසෝබීලියා, ජල පදිකයා, ජල මනින්නා, බියුවේරියා යන සතුන්ගේ ප්‍රණීත ආහාරයකි. කීඩෑවන්ගේ බිත්තර නගරස්‌ බඹරා ගොනටෝසරස්‌ බඹරා, ඔලිගොසිටා බඹරා යන අයගේ ආහාරයක්‌ වන අතර වැඩුණු කීඩෑවා (සුහුඹුලා) කුරු මකුළුවා, ට්‍රයිනිව් බඹරා, බෝතල් කුරුමිණියා, වෘක මකුළුවා, බත් කූරා යන සතුන්ගේ ආහාරයක්‌ බැවින් ස්‌වාභාවිකව කීඩෑවන් මෙම සතුන්ගෙන් පාලනය වේ.

කොළ හකුළන දළඹුවාගේ ස්‌වාභාවික සතුරෝද රැසකි. බිත්තර කතුරා, තණකොළ පෙත්තා, ගොනටෝසෙරස්‌ බඹරාගේ ආහාරයක්‌ වන අතර දළඹු අවධියඉබි කුරුමිණියාට, බෝතල් කුරුමිණියාට, ජල මනින්නාට, ජල පදිකයාට, මයික්‍රොබිලියාට සහ ට්‍රයිකොම්ලෝප්සීස්‌ බඹරාගේ යන සතුන්ගේ ආහාරයකි.

එමෙන්ම කොළ හකුළන දළඹුවාගේ කෝෂය බැව්මේරිය බඹරා සහ ට්‍රයිකො මැලෝපයිස්‌ බඹරාගේ ආහාරයකි. වැඩුණු දළඹුවා හීන් බත්කූරාගේ සහ කුරු මකුළුවාගේ ගොදුරක්‌ බවට පත්වේ. ගොයමට හානිකරන පැළ මැක්‌කාටද ස්‌වාභාවික සතුරන් බොහෝ ඇත. බිත්තර අවධියේදී ඉබි කුරුමිණියා සහ ඉබි කුරුමිණි කීටයාගෙන් හානි සිදුවන අතර කීට අවධියේදී ද ඉබි කුරුමිණියා, ජල මනින්නා, මයික්‍රොවිලියා, බෝතල්කුරුමිණියා, කුරු මකුළුවා සතුරන් ලෙස හානි සිදුකරති.

සුහුඹුල් අවධියේදී නොහොත් වැඩුණු පැළ මැක්‌කා ඉබි කුරුමිණියාගේ, බෝතල් කුරුමිණියාගේ, කුරු මකුළුවාගේ සහ මයික්‍රොවිලියාගේ සහ ජල මනින්නාගේ ආහාරය බවට පත්වේ.

ඉදින් මේ අනුව බලන කල වී වගාවේ ඉහත පලිබෝධකයන්ට ඇති ස්‌වාභාවික සතුන් බහුලය. ඔවුන් ගොවියාගේ මිතුරු සත්ත්වයෝය. පළිබෝධ හානි ඉහළ යන විටදී පමණක්‌ ස්‌වාභාවික පාලකයන්ට මොවුන් පාලනය කරගත නොහැකි වූ විට ගොවියාට එම සතුරන් පලවා හැරීමට අවශ්‍යතා පැනනගී. එහෙත් කිසිදු විටෙක සියලුම සතුන්ට විනකරන මරා දමන කෘමිනාශක (කෘෂි රසායන) භාවිත කිරීම සුදුසු නොවන්නේ ගොයමේ හිතකර කෘමීන් සියල්ලමද විනාශ වන නිසාය. මෙවන් හිතකර කෘමීන් 15 කට වැඩි ගණනක්‌ කුඹුරක සිටී. දැන් සිදුව ඇත්තේ ගොයමේ පළිබෝධකයන්ගේ නාමයෙන් සියලු ජීවීන් පරළොව යෑවීමේ බහුජාතික උගුල ක්‍රියාත්මක කිරීමය. නොහොත් කුඹුරේ ජෛව විවිධත්වය විනාශ කර දැමීමය. ඔස්‌සේ බැඳී ඇති අපූරු පරිසර පද්ධතිය නිසා ආහාරදාම හා ආහාර ජාල ක්‍රියාත්මක වෙමින් පළිබෝධ පාලනය සැලකිය යුතු මට්‌ටමකින් සිදුවේ. ඊනියා කොම්පැණිකරුවන්ගේ වුවමනාවට මෙරටට කෘෂි රසායන හඳුන්වා දුන් අපේ රටේම ඒජන්තලා කෙතේ, කමතේ මේ අපූරු ජෛව විවිධත්වයට සිදුකරන ලද්දේ යළිත් ප්‍රකෘතිමත් නොකළ හැකි මට්‌ටමේ හානියක්‌ වුවත් නිවර්තන කලාපීය රටක්‌ ලෙස මෙම ජෛව ක්‍රියාවලිය යළිත් පණගන්වා ක්‍රියාත්මක කිරීම අපහසුකරණයක්‌ නොවේ. ඒ සඳහාවහාම කුඹුරට, වගාවට, ගොවිතැනට වස විස යෙදීම නවතාලිය යුතුය. ඉන්පසු ඉබේම ගොඩනැඟෙන ජෛව සංකලනයේ යාන්ත්‍රණයට ඉඩදෙන අතරේ තමන්ගේ වගාවෙන් ක්‍රමිකව පළිබෝධකයන් පලවා හැරිය හැකිය. එසේ වන විට යළිත් පැරැණි ජෛව විවිධත්වය මත පදනම් වූ කෙත ගොඩනැඟෙන අතර නියර දිගේ කක්‌කුටු වළවල් මෙන්ම මකුළුවන් බත්කූරන් වැනි ගොවියාගේ මිතුරු පන්තියද ඉහළ යනු ඇත. එසේ නම් වහා වස විය ඉසීම නවතා ස්‌වාභාවික පළිබෝධ පාලන ක්‍රමවලට යා යුතුය. පොළොව සුවපත් කිරීම සඳහා රසායනික පොහොරෙන් බැහැර විය යුතුය. එවිට ඉදිරි පරම්පරාව හෝ මාරාන්තික වකුගඩු ලෙඩෙක්‌ පිළිකා රෝගයෙන් වැනි හඳුනා නොගත් නව අනූවක්‌ රෝගවලින් ආරක්‍ෂා වීමට හෙළ ජනතාවට යළිත් අවස්‌ථාව උදාවනු ඇත. එහෙත් බහු ජාතික සමාගම් ඉදිරියේ සහ උන්ට කත් අදින උන්ගේ සහයෝගයෙන් දිවි ගෙවන මේ රටේම ඒජන්තවරුන්ගෙන් අපේ හෙල ගොවිතැන ආරක්‍ෂා කර ගැනීමය අභියෝගයක්‌ වී ඇත්තේ.

ජගත් කණහැරආරච්චි

%d bloggers like this: