Menu Close

98. අම්මා මතු බුදු වනු ඇත

අම්මා කෙනෙක් කියන්නේ…අනන්තාපරිමාණ විශ්වයක් වගේ පරතෙරක් නොපෙනෙන ආදරයක් ඉවසීමක් කැටිව ගත් උත්තම හදවතක්….
.
මට එහෙම හිතුණෙ…අද දවල් මගෙ සිසුන්ගෙ සායනික අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික රෝහල මැද්දෙන් ගමන් කරද්දි…..
.
ඒකට නිමිත්ත වුණෙ…නා ගස් හෙවනේ බිම් පඩියක හිඳගෙන උන්න වියපත් අම්මා කෙනෙක් දැකල…ඇගේ ඇස් වල තිබුණේ යම් කිසි අපේක්ෂාවක්…මං ඒ බලාපොරොත්තුව දැකල තියෙන්නෙ අම්මෙක්ගෙ ඇස් වල දරුවන් වෙනුවෙන්….
.
නමුත් සදාචාරාත්මක සහ ඇයට තිබිය යුතු ගෞරවනීය තත්වය ගැන හිතල මම ඇගේ සේයාරුවක් ගත්තේ නැහැ…
.
අම්මා කෙනෙක් ට දරුවෙක් වෙනුවෙන් නිදිමරන්න පුලුවන් කාලය කොච්චරක් ඇත්ද කියන්න කාටවත් ම බැහැ….ඒක මම මගෙ ජීවිතේ අත්විඳල තියනවා….දරු උපතේ ඉඳන් ගිලන් වෙන…සහ අනෙක් ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් අම්මෙක් තමන්ගෙ නින්ද කැප කරනව….
.
ජීවිතේ හුඟාක් අපේක්ෂාවන් අම්මල කැප කරන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන්….සමහරක් වෙලාවට…ආස කරන හුඟාක් දේට දෙවනි තැන දීලා දරුවන් වෙනුවෙන් ඒ මූලිකත්වය දෙන්න අම්මා කෙනෙක් දෙපාරක් හිතන්නෙ නැහැ…..
.
දරුවෙක් ගිලන් වුණාම අම්මෙක්ගෙ ඉවසීම මහා පුදුමයි…සාමාන්‍ය ලෙඩ වලින් ඔබ්බට ගිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙ අම්මලා එක්ක අවුරුදු ගාණක් වැඩ කල මට ඒ අම්මලා මතු බුදුවෙන්න නම් පතන්නෙ නෑ කියන බව වැටහෙන්නෙ….මේ දරුවන් සුවපත් කරන්න සංසාරය පුරාම ප්‍රාර්ථනා එක්කාසු කරන හැටි දැක්කම….
.
ඒත්…..
මට අද හිතුනෙ…
මතු බුදුවෙන බුදුවරුන් …..නා ගසක් මුල වුව හමු වන බවක්……

විසිරි

%d bloggers like this: