ගිණිකඳුත් පුපුරා හැලෙන්නැති
යමහලක ගිනි ඇවිලි හද බිම
ප්‍රේමයෙන් ආතුරවු සිත බිඳ
කින්නරා පිටගම් ඇදුණ දින…..
.
හොවා ළය හිස සෙනෙහ පෑ සඳ
කිසිත් නොදැනුණි විරස් කාරණ
වනේ තුරු අස අප්සරාවක
කැල්ම වැදුණිද කියන් හිමිසඳ…..
.
නුඹේ ලෙය කුස දරා උන්නෙමි
පැටුන් සරි කර නොමග නොගියෙමි
ජීවිතේ වල්මත් සුයාමය
අහවරව යළි එතැයි වැටහුණි…….
.
ඉතින් සීතාවක් ම වන්නෙමි
බුදුන් දැක මතු නිවන් නොපතමි
හිතේ සැනසුම් සුසුම් පා කර
ප්‍රේමයේ අස්වනු නෙළන්නෙමි……
විසිරි