Menu Close

95. කවි

හෘදය ත් මොළයත්
ගැහෙන
පෙනහලුත් හෙමිහිට හූල්ලන
ඉසව්වක තනිවී සුසුම් ලමි….
.
හිතෙන් කෑලමල් අමුණමි
හරිත නිම්නෙක වැතිර සැතපෙමි
දිය කඳුරු තුළ ගිලී නැහැවෙමි…
නෙතු පියා නුඹෙ සුසුම් විඳගමි…
.
ඇස අරින මොහොතක සසැලෙමි
අස්ථි පංජර අසල තනිවෙමි
මගෙ සිහින නුඹ නොදත් බව දනිමි ….
එහෙයින්ම සිනා වී සැනසෙමි…..

විසිරි @ රෝහල ….

%d bloggers like this: