Menu Close

මහ පොළොව සුවපත් කරන ගොවිතැනක්

මහ පොළොව සුවපත් කරන 
 වස විසෙන් තොර අපේම ගොවිතැනක්

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලංකාව යළි වස විස රහිත ගොවිතැනකට යොමු විය යුතු , යන්න වර්තමානයේ හට ගෙන ඇති ඉතා වැදගත් කතිකාවතකි. අප යළි වස විසෙන් තොර දේශීය පාරම්පරික සහලට, බතට, එළවළුවට සහ අල වර්ග ආදියට  මෙන්ම කොල පලාවලට යොමු විය යුතු බව එම කතිකාවෙන් අවධාරණය කෙරේ.

අප එසේ කළ යුත්තේ යුත්තේ මන් ? යන්න, වර්තමානයේ බොහෝ දෙනෙක් විමසන රශ්නයකි. එයට යම් රමාණවත් පිළිතුරක් සැපයීම, මෙම සටහනෙහි අරමුණයි. දැනටත් රට පුරා වගා කරන නව වැඩි දියුණු කළ වී වර්ගවලබත සහ අනෙකුත් භෝගවල ආහාර, ලංකාවාසීන්ගේ කුසගින්න නිවන්නට තරම් පොහොසත් බව ඇත්ත . එහෙත්  ඒවා වළ ජනී ජනයෝ, දැන් කලක පටන් ලෙඩට දුකට වැටී සිටින්නෝ . ඉන් බොහොමයක් මාරාන්තික .

පස තේරුම් ගැනීම
වස විස නැති ගොවිතැනක්හෙවත් මනුෂ්යයන්ට සහ සතා සීපාවාට හිතකර කෘෂිකර්මාන්තයක්පිළිබ කතා පුවත ආරම්භ කළ යුත්තේ, මහ පොළොව හෙවත් පෘථිවි කබොලේ ඉහළම ස්තරයවූ පසනිවැරදිව තේරුම් ගැනීමෙනි. පස යනු, දීර්ඝ කාලයක් මුළුල්ලේ  ඓන්ද්රීය ද්‍රව්’ (දිරායන ද්රව්) දිරාපත් වීමෙන් සහ පාෂාණ ජීර්ණය (පාෂාණ දිරාපත් වීම)ඔස්සේ එකතුවන ශේෂයන් මිශ වීමෙන් නිර්මාණය වන රපංචයකි. එය ලොව ගොඩබිම් තලයේ ශාක සහ සත්ත්වයින්ගේ පැවැත්ම තීන්දු කරන මහා සාධකය වේ.

පස’, භූමියේ ස්වභාවය අනුවදළ වශයෙන් සෙන්ටිමීටර් තුනේ සිට මීටර් තුනක් හෝ ඊටත් වඩා ඝනකම . එය, ඓන්ද්රීය ද්රව්යය, හියුමස්, ජලය, වාතය, ඛනිජ හා ලවණ මෙන්මපාංශු ජීවීන් ගෙන් සමන්විත . පස යනු සොබා දහමේ විශ්මිත නිර්මාණයකි. එය එහැමපිටින් , පණ ගැහෙන ජීව පද්ධතියකි. එනම්, ඉතාමත් සජීවී, පණ ගැහෙන, නිරන්තරව ජීවත් වන, ජීවයෙන් පිරුණු මහා ජීව පද්ධතියකි. ගහකොල, මනුෂ්යයන් මෙන්ම  සතා සීපාවා ඇතුළු සකලවිධ ජීව රාණීන්ගේ පැවැත්ම ඳා පවතින්නේ පස තුළ තිබෙන ජීව ගුණය මත පදනම් වෙමිනි.

ලොව සියලූම ගොඩබිම් ශාක වර්ග හැදී වැඩෙන්නේ පසෙහි ඇති සාරය හෙවත් පෝෂණය උකහා ගැනීමෙනි. පසපසට ආවේණික සශරීකභාවයකින් සමන්විත . එය,  ‘කාලානුරූපව තමන් විසින් , තම සරුසාරභාවය උපද්දවා ගැනීමේවිශ්මකර්ම යාන්තරණයකින්සමන්විත . එය සුවිශේෂ කාරණයකි. මෙම ජීව ගුණය ඔස්සේ, පසෙන් උපදින ශාක සම්පත මගින් මනුෂ්යයන් ඇතුළු සකලවිධ ජීව රාණීන්ට නිර්ලෝභීව ආහාර සපයන්නේ !

මනුෂ්යයන්ගේ ආහාර අවශ්යතාවය පිණිස, සංවිධානාත්මකව වගා කරන ශාක රභේදවලට අපි ආහාර භෝගයයි කියන්නෙමු. ඒවා, වී ඇතුළු ධාන් වර්ග, අල වර්ග, පලතුරු සහ විවිධ ගෙඩි වර්ග, එළවළු සහ කොල පලා ආදී වශයෙන් ඉතා විශාල පරාසයක පැතිර පවතී. මේවාට කෘෂිකාර්මික ආහාර භෝගයයි ව්යවහාර කරති. ගව, එළු සහ කුකුළු ආදි සත්ත්ව පාලනය මීට ඇතුළත් .

මේවාට අමතරව, ‘ආහාර නො වනකෘෂිකාර්මික භෝග තිබේ. ඒවා වගා කරන්නේ ආර්ථිකවාණිජ පරමාර්ථ වෙනුවෙනි. රබර්, පැඟිරි, යුකැලිප්ටස්, මල් වර්ග සහ විසිතුරු පැල වර්ග මීට නිදසුන් . කෙසේ වෙතත් ආහාර භෝගවලට විශාල ඉල්ලූමක් ඇති බැවින්, ඇතැමෙක් ආර්ථික පරමාර්ථ පිණිස ඒවා වගා කරන්නට පෙළඹී සිටිති. කෙසේ වෙතත් අප මෙහිදී සාකච්ඡ කරන්නේ පවුලේ ආහාරය හෝ ආර්ථිකමය කටයුත්තක් වශයෙන් ආහාර භෝග වගා කිරීමේ ක්ෂේතරය සම්බන්ධයෙනි.

වර්ෂ 1505, එනම් ආකරමණික යුරෝපීය ජාතීන් ලංකාවට එන්නට පෙර රී ලංකාවේ පැවතියේ සොබාදහම හා බැඳුණු බොහොම නිස්කාන්සු ගොවිතැනකි. එකල වී වගාවට ඇරුණු කුඹුරු’, එළවළු සහ අනෙකුත් කටුසර භෝග වගාව හා භාවිත කරන හේන්සහ කොස්, දෙල්, අඹ, කෙසෙල් ආදී බහු වාර්ෂික මිශ භෝගවලින් සමන්විත  ගොඩ ඉඩම් හෝ ගෙවතු ඒවා අතර විය. එකල විසුවන් තම ආහාරයට අවශ් ධාන් (වී, කුරක්කන්, තල, මෙනේරි, ඉරි`ගු සහ අමු ආදී) ටික , එළවළු සහ අල වර්ග , කොල පලා වර්ග , කිරි සහ මස් මාංශ ආදී ආහාර වර්ග තම කෘෂිකාර්මික භූමියෙන් උපදවා ගත්හ. සහලින්උපදින බතඔවුන්ගේ රධාන ආහාරය විය.

බතෙහි මහිම
වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ රී ලාංකිකයන් ඇතුළුව ආසියාතිකයන්ගේ රධාන  ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්රෝටීන අවශ්යතාවයෙන් සියයට 40ක් , කැලරි අවශ්යතාවයෙන් සියයට 46ක් සැපයෙන්නේ එයිනි. රටට අවශ් බතසැපයීම, ලංකාවේ අතීත  රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි රධාන කාර්යභාරය වූයේ .

රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යලසහ මහවශයෙන් කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිතයි. හා ඔවුන්ට දේශීය පාරම්පරික වී වර්ග සම්භාරයක්ම තිබිණි. වගා බිමෙහි භූ විෂමතාව’, ‘පූදින කාලය’, ‘පෝෂණීය අගයසහ ඖෂධීය ගුණයආදී කාරණා සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ වී වර්ග මහත් විවිධත්වයක්දැරී ! එය වසර දහස් ගණනක් මුළුල්ලේ රටට නිරෝගී සම්පත , කාය ශක්තිය , සෞභාග්යය රැගෙන ආවේ .

බත මෙන්ම සහල උපදින වී’, වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන රධාන ආහාර භෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ වීවගාව පිණිස රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2016 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙටිරක් ටොන් මිලියන 4.4කි. වී අස්වනු නෙලා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 11,14,000කි. හෙක්ටයාර් එකක සාමාන් වී අස්වනු ඵලදායිතාව, කිලෝගරෑම් 4372කි. නිය තත්ත්වය නිසා 2017 වසරේ අපේ රටේ වී වගා භූමිය හෙක්ටයාර් 7,92,000ක් දක්වා පහත වැටුණි. බතරටේ රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වර්තමාන වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝගරෑම් 100ක් යයි ගණන් බලා තිබේ.

වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩි දියුණු කළ වී රභේදයන් . හා කෘතරිම රසායනික පොහොර, කෘතරිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපකරම, නවීන උපකරණ හා යන්ත බහුලව භාවිත කෙරේ. එය එහැමපිටිින් පාහේ, කෘතරිම රසායනික ගොවිතැනකි
 බතරටේ රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝගරෑම් 100ක් යයි ගණන් බලා තිබේ. දැන් මුළු රටම නවීන, රසායනික වී ගොවිතැනින් උපදින වස විස මුසු බත අනුභව කරන බව, මෙහි අර්ථයයි. බත පමණක් නොව, ඊට එක්කර ගන්නා එළවළු ආදියට යහමින් වස විස මුසුව පවතී. මේ සියල්ල රටට රචලිත වූයේ වර්ෂ 1960න් පසුව එළඹුණු සුපරකට හරිත විප්ලවයේඅනුහසිනි.
අද අපට සිදුව ඇත්තේ කුමක් ?
මන්දපෝෂණය
අඩ සියවසකට වඩා වැඩි කාලයක් හරිත විප්ලවයෙන් උපන් නවීන බත අනුභව කරන අපට, දැන් සිදුව ඇත්තේ කුමක් ? රශ්නයට පිළිතුරු ලබා ගැනීම හා, ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වර්ෂය අළලා නිකුත් කළ ජන විකාශ හා සෞඛ් වාර්තාවේ’ (Sri Lanka Demographic and Health Survey-2016) තොරතුරු අධ්යයනය කළ යුතු .

x 2016 වසරේ දී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර කුරු වීමේ තත්ත්වය’ (Stunting) සියයට 17.3ක් විය. දැන් ලංකාවේ වයස අවුරුදු පහට අඩු සෑම ළමයින් සියයකට 17 දෙනෙක් මිටිභාවයටපත් දරුවන් යයි එයින් පෙන්නුම් කෙරේ.

x ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර Wastingහෙවත් කෘෂ වීමේ තත්ත්වය’ 2016 දී එය සියයට 15.1කි.

x වයස අවුරුදු පහට අඩු දරුවන් අතර, ‘වයසට අනුව බර නැතිකමේ රශ්නය’ (Under weight) , පවතින්නේ ඉහළ තලයක . එය 2016 දී සියයට 20.5කි!

x 2016 වසරේ අඩු බර උපත් අනුපාතය (උපත් බර කිලෝ 2.5කට අඩු) සියයට 15.7කි.

වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ශරීර පෝෂණය දුර්වල වීම කෙරෙහි බලපාන හේතු කාරණා ගණනාවක් තිබේ. ගැබිණි මව්වරුන්ගේ පෝෂණය දුබල වීම, මව්කිරි දීමේ තත්ත්වය සහ ළමුන්ගේ පෝෂණය තත්ත්වය දුබලව තිබීම ආදී කාරණා අතර රධාන .   සියල්ල, කලක පටන් නරක තත්ත්වයක පවතින බව මෙම දත්ත මගින් පෙන්නුම් කෙරෙන චිතරයයි.

කවර තරාතිරමක කෙනෙකුට වුව , නිසියාකාර පෝෂණයක් ලැබීම හා සමබල ආහාර වේලක්ලැබිය යුතු යන්න, බොහොම රසිද්ධ කාරණයකි. වැඩිහිටි පිරිමියෙකුට අඩු තරමින්, දිනකට කැලරි  2500 පමණ සහ කාන්තාවකට දිනකට කැලරි 2000 පමණ පෝෂණයක් ලැබිය යුතු බව පොදු පිළිගැනීමයි. වයස අවුරුදු 6-11 දක්වා දරුවන්ට දිනකට කැලරි 1725-2250ක් පමණ අවශ් බව කියැවේ. එසේ වුව , බොහොම කලක පටන් මහජනයාට එවන් කැලරි ශක්තියක් ලැබෙන ආහාර වේලක් නො ලැබෙන බව පෙනී යයි.

ලෙඩ දුක් කන්දරාව
සෞඛ් අමාත්යංශයේ සංඛ්යාලේඛන අනුව, 2016 වර්ෂයේ මුළු රටේ රජයේ රෝහල්වලින් රතිකාර ලැබූ බාහිර රෝගීන් සංඛ්යාව 5,36,20,249කි. (පන් කෝටි තිස්හය ලක්ෂ විසි දහස් දෙසිය හතළිස් නමයකි.) එහි තේරුම, රටේ හැම කෙනෙක් වසරකට දෙවතාවක් පමණ ලෙඩවී ඇති බවයි!

බෝ නො වන රෝග වැඩිවීම

ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ zNational Survey on self-reported Health in Sri Lanka-2014නම් සමීක්ෂණ වාර්තාව අනුව,

රටේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්යාව සියයට 39කි.

දියවැඩියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්යාව සියයට 30.4කි.

හෘද රෝගවලින් පෙළෙන්නන් සංඛ්යාව සියයට 9.0කි.

ලෝක සෞඛ් සංවිධානය පවසන අන්දමට, ලංකාවේ සිදුවන මරණ සංඛ්යාවෙන් සියයට 75කට හේතුව, බෝ නො වන රෝග වැළඳීමයි!

පිළිකා රෝගීන් සංඛ්යාව ඉහළ යාම
 2008 වසර වන විට ලංකාවේ අලූතින් ලියාපදිංචිවූ පිළිකා රෝගීන් සංඛ්යාව, 19,309කි. 2013 වසර වන විට අලූතින් ලියාපදිංචිවූ  පිළිකා  රෝගීන් සංඛ්යාව 25,515ක් විය. 2014 වසරේ දී එය 26,341ක් දක්වා තවදුරටත් ඉහළ ගියේ ! අපේ රටේ බහුලව වාර්තා වන පිළිකා තත්ත්වයන් අතර, පෙනහළු, ගැබ්ගෙළ, මුඛ, පියයුරු, බඩවැල් සහ මොළය ආශරිත පිළිකා මෙන්ම ලියුකේමියා තත්ත්වයන් වේ. (Annual Health Bulletin-2014)  

නිදන්ගත වකුගඩු රෝගය

වර්තමානය වන විට, අනුරාධපුරය, පොළාන්නරුව, මඩකලපුව යන දිස්තරික්කවල , බදුල්ල සහ මොණරාගල යන දිස්තරික්කවලට අයත් හම්බෙගමුව, වැල්ලවාය, බුත්තල, තණමල්විල, ගිරාඳුරුකෝට්ටේ යන රදේශවලින් , යාපනය දිස්තරික්කයෙන් , කුරුණෑගල දිස්තරික්කයට අයත් නිකවැරටිය, මහව, යාපහුව යන රදේශවලින් , පුත්තලම දිස්තරික්කයේ සමහර පෙදෙස්වලින් , මාතලේ දිස්තරික්කයට අයත්  විල්ගමුව සහ හෙට්ටිපොළ යන රදේශවලින් , හම්බන්තොට දිස්තරික්කයට අයත් ලූණුගම්වෙහෙර සහ තිස්සමහාරාමය යන රදේශවලින් මාරාන්තික නිදන්ගත කෘෂිකාර්මික වකුගඩු රෝගය වාර්තා වේ.

රී ලංකා මහ බැංකු වාර්තාවේ හන්වන අන්දමට, 2017 දී එම දිස්තරික්කවලින් ඳුනා ගෙන ඇති නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්යාව 25,512කි. ඔවුන් අතරින් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ  අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්තරික්කවලිනි. එයට අමතරව බදුල්ල සහ අම්පාර යන දිස්තරික්කවල රෝග ව්යාප්තිය ඉහළ මට්ටමක පවතින්නේ ! රජරට විශ්ව විද්යාලයේ මහාචාර්ය චන්න සුදත් ජයසුමන මහතා පවසන අන්දමට, මේ වන විට ලංකාවේ වෙසෙන සමස්ත නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්යාව 80,000ක් පමණ වෙතියි ඇස්තමේන්තුකර තිබේ!

මේ කාරණාවලින් පෙන්නුම් කරන්නේ කුමක් ? 1960 වසරෙන් පසුව, හරිත විප්ලවයෙන් උපන් බත සහ එළවළු ඇතුළු ආහාර අනුභව කරන මිනිසුන්, මන්දපෝෂණයට සහ ලෙඩ දුකට වැටී ඇති බව නොවේ ? හරිත විප්ලවයේ බත මෙන්මබත නිපදවීමට යොදා ගන්නා කෘතරිම පොහොර ඇතුළු කෘෂි රසායන සහ මේ ලෙඩ දුක් අතර බරපතල සම්බන්ධයක් තිබෙන බව නො වේ ? කෘතරිම පොහොර ඇතුළු කෘෂි රසායන ඔස්සේ පසට එකතු වන ආසනික්, කැඞ්මියම්, රසදිය, ඊයම් ඇතුළු බැර ලෝහ නිසා මාරාන්තික වකුගඩු රෝගය හට ගන්නා බව පර්යේෂණවලින් හෙළි විණි.

නවීන රසායනික ගොවිතැන වූ කලී, වැඩි අස්වැන්නක් සමග හරිත විප්ලවය විසින් අපට දුන් මරණීය ත්යාගයක්වැන්න!

හඟුරන්කෙත ලැමසූරිය වෙලේ දී-නදීක දයා බණ්ඩාර-මහනුවර

දැන් ඉතින් කුමක් කළ යුතු ?
වස විසෙන් මිදීමට නම් ඇතිකර ගත යුත්තේ එකම විසඳුමකි. ආහාර පිණිස ගන්නා සකලවිධ භෝග වගාවන් කාබනික මාදිලියකටමාරුකර ගැනීමයි. එනම්, මනුෂ්යයන්ට විෂ සහිත කෘතිරම රසායනික පොහොර සහ රසායනික පලිබෝධනාශක වර්ග ගොවි බිම්වලින් ඉවත්කර, කාබනික ගොවිතැනක් වශයෙන් බව භෝග වගාවන් පවත්වා ගෙන යාමයි. වී වගාව සම්බන්ධයෙන් නම් කළ යුතු හො දෙය වන්නේ, පැරණි දේශීය පාරම්පරික වී වර්ග යළි කාබනිකව වගාකර ආහාරයට ගන්නට හුරු පුරුදු වීමයි. එයට එක් කරන එළවළු ආදී භෝග කාබනිකව වගාකර ගැනීමයි.

රටේ කුසගිනි නිවීම හා වී ඇතුළු ආහාර භෝග වගා කළ යුත්තේ මහා පරිමාණයෙනි. අස්වනු ලැබිය යුත්තේ මහා පරිමාණයෙනි. එහෙත් වස විස සපිරි කෘතරිම රසායනික යෙදවුම්වලින් තොර ගොවිතැනක් යයි කී පමණින් මතුවන්නේ විශාල විචිකිච්ඡවකි!

x කාබනික පොහොර දාලා ඔය තරම් විශාලෙට වගා කටයුතු කරන්න පුළුවන් ?

x දේශීය වී වවලා රටට අවශ් තරම් මහා පරිමාණ අස්වැන්නක් ගන්න හැකි වේ ?

x අපිට කාබනික පොහොර හදා ගන්න පුළුවන්කමක් නෑ! කාබනික පොහොර විශ්වාසයෙන් යුතුව මහා පරිමාණයෙන් මිල දී ගන්න තැනකුත් නෑ!

තෙල් පොහොර ගහන්නේ නැතිව එළවළු හදන්න පුළුවන් ?

මතුවන විචිකිච්ඡ හමුවේ  දිග හැරෙන්නේ මෙවන් රශ්න සමූහයකි. එහෙත් වැඩි රසිද්ධියක් නැති කාරණය වන්නේ, කාබනික පොහොර ආදී වස විසෙන් තොර යෙදවුම් භාවිතා කරමින්  දේශීය පාරම්පරික වී වර්ග සහ අනෙකුත් ආහාර භෝග මහා පරිමාණයෙන් වගා කළ හැකි , යන්නයි!

ඔය කැලෑ වීවල අස්වැන්න නෑයයි සමහරු කීවාට, දේශීය පාරම්පරික වී වර්ග කාබනිකව වගා කිරීමෙන් අක්කරයට බුසල් 75කට වඩා අස්වනු ගැනීමට පුළුවන. වයස මාස හතරේ හෝ හතරහමාරේ වැඩිමල් වී වර්ගවලින් අක්කරයකට වී බුසල් 90-100ක් පමණ ගන්නට පුළුවන! තතු දන්නෝ එය මැනවින් දනිති!

පොහොර යනු මොනවා ?
බව භෝගවල පැවැත්ම, වර්ධනය සහ ඵල දැරීම ආදිය කෙරෙන්නේ, පස සහ අවට පරිසරයෙන් එම ශාකවලට උරා ගන්නා පෝෂක ද්රව්මගිනි. ශාකවල (බව භෝගවල) පැවැත්ම සහ වර්ධනය ආදිය සිදු වන්නේ ඒවායෙහි ඇති ජීව ශක්තියනිසාවෙනිජීව ශක්තිය උපදින්නේ, යම් බව භෝගයක් වගාකර ඇති පස සහ අවට පරිසරයෙන් උරා ගන්නා පෝෂක ද්රව්යවල ඇති ගුණාංගවල රබලතාවය අනුව . රමාණවත් තරම් පෝෂක ද්රව් ලැබෙන්නේ නම්ඕනෑම ශාකයක් බොහොම සරුසාර වේ. පෝෂක ද්රව්යවල ගුණාත්මකභාවය හෝ රමාණය පිරිහී තිබේ නම් ශාකය නිසරු වේ. යම් පසක්, ශාක වර්ධනයට රමාණවත් වන තරම් පෝෂකවලින් පොහොසත් තත්ත්වයක පැවතීම, එහි සාරවත්භාවය යයි ඳුන්වයි.

බව භෝග හෝ ශාක සම්බන්ධයෙන් ගත් කල, ඒවායෙහි වර්ධනයට සහ පැවැත්ම කෙරෙහි බලපාන මහා පෝෂක මූලද්රව් වර්ග නමයක් ඇතැයි විද්වත්හු පවසති. ඒවා නම්, කාබන් (C), හයිඩරජන් (H)ඔක්සිජන් (O), නයිටරජන් (N),   කැල්සියම් (Ca),   පොස්පරස් (P),   මැග්නීසියම් (Mg), පොටෑසියම් (K), සහ සල්පර් (S)  . මින් කාබන් සහ ඔක්සිජන් සැපයෙන්නේ වායු ගෝලයෙනි. හයිඩරජන් ජලය ඔස්සේ ලැබෙන අතර, නයිටරජන්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම් සහ සල්පර් පසෙන් අවශෝෂණය වේ. මේවාට අමතරව, සින්ක් (Zn), කොපර් (Cu), මැංගනීස් (Mn),   මොලිබිඩිනම් (Mo),   බෝරෝන් (B),   යකඩ (Fe),   සහ ක්ලෝරීන් (Cl)යනුවෙන් තවත් ක්ෂුද් පෝෂක වර්ග හතක් ශාකවල වර්ධනයට බලපායි.

ශාකයක් වර්ධනය වීම සහ ඵල දැරීම හා මේ සියලූම පෝෂක මූල ද්රව් අවශ් වේ. ඒවා අවශ් තරම් නො ලැබුණ හොත් ශාකය නිස්සාර වේ. මෙය ආහාර භෝග හා වලංගු කාරණයකි.

පස සජීවී ජීව පද්ධතියක් බව මීට ඉහතින් හන් කළෙමු. එහි සිටින ගැඩවිලා, වේයා. පත්තෑයා සහ පණුවන් වර්ග වැනි මහා පාංශු ජීවීන් , බැක්ටීරියා, ඇල්ගී වර්ග, දිලීර ආදී ක්ෂුද් ජීවීන් එක්ව, පසට එක් වන ශාක සහ සත්ත්ව ශේෂයන් ජීර්ණය කරන්නේ . මෙය නිරන්තර රියාවලියකි. එයින් පසට ස්වාභාවික පෝෂක සංඝටක එකතු වේ. මෙය, ‘පසතමන් විසින් සරුසාරකර ගැනීමක් යයි කියන්නට පුළුවන. එය, ‘පසනිරන්තරයෙන් සරුසාර තත්ත්වයක තබා ගැනීමේ රියාවලියකි. එවන් පසක වැඩෙන ශාකවලට පෝෂක ඌණතාවයන් ඇති නොවේ.
බව භෝගවලට පොහොර අවශ් වන්නේ ඇයි?
කෙසේ වෙතත්, දිගින් දිගට බව භෝග වගා කිරීමේ දී පසෙහි ඇති පෝෂක සංඝටක ක්ෂයවී යයි. ඒවා, අස්වැන්න ලෙස ඉවත්වී යන බව කියන්නට පුළුවන. එසේම, එක භෝග මාදිලියක් දිගින් දිගට වගා කිරීමේ දී පසෙහි පෝෂක ඌණතාවයන් හට ගනී. වගා භූමිය සෝදා පාළුවට ලක් වීම සහ දීර්ඝ කාලයක් මුළුල්ලේ රසායනික පොහොර භාවිතයට නතුව පැවතීම ආදී කාරණා නිසා එබඳු තත්ත්වයන් ඇති වේ. එවිට පස නිසරු වෙයි. එනම් පස, බව භෝග වැඞීමට බලපාන පෝෂක මූලද්රව් හීන, ගුණාත්මකභාවයෙන් තොර වගා මාධ්යයක් බවට පත් වෙයි. එයින් ශාක හෝ බව භෝග වර්ධනය අඩාල වෙයි. මෙබඳු පසක පාංශු ජිවීන් හෝ දැකිය නො හැකි . පස, පස විසින් සරුකර ගන්නා ජීව රියාවලියෙන් තොර . එයින් පස මියයයි!

යම් වගා බිමක පස එවන් ඉරණමකට මුහුණ දුන් විට, පස සාරකර ගැනීම හා පිටතින් පෝෂක ද්රව්යයන් එක් කළ යුතු . එයින් පසෙහි ගුණාත්මකභාවය වැඩි කළ යුතු . ගොවීන්ගේ ජන වහරේ පෝර දානවායනුවෙන් විස්තර කෙරෙන්නේ මෙම රියාවලියයි. ඒවා කෘතරිම රසායනික පොහොර හෝ වස විස රහිත කාබනික පොහොර විය හැකි .
රසායනික පොහොර
රසායනික පොහොරයනු, 1960 වසරේ ලොව හරිත විප්ලවයෙන් පසුව කෘෂිකාර්මික ක්ෂේතරයට එක් කෙරුණු කෘතිම ශාක පෝෂක මාදිලියකි. එය ශාක වර්ධනයට, පැවැත්මට සහ ඵල දැරීමට අවශ් පෝෂක මූල ද්රව්යවලින් පොහොසත් . ඒවා කෘතරිම රසායනික නිෂ්පාදනයන් .

රසායනික පොහොර සාමාන්යයෙන් යූරියා (නයිටරජන්), ඇමෝනියම් සල්පේට් (ඇමෝනියා ලවණ), රොක් පොස්පේට් (පොස්පරස්0, රිත්ව සුපර් පොස්පේට් (ටී. එස්. පී.), මියුරියේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම්), සල්පේට් ඔෆ් පොටෑෂ් ආදී කෘතිරම රසායනික ද්රව්යවලින් සමන්විත . ඒවා අමිශ පොහොරහෝ මිශ පොහොරවශයෙන් ආහාර භෝග වගාවන්ට එක් කිරීම ගොවීන්ගේ සිරිතයි. රසායනික පොහොරවලින්, ශාකවල වර්ධනයට අවශ් පෝෂක මූලද්රව් කෙලින් සැපයෙයි. ඉන් ශාක වර්ධනයවී, වැඩි ඵලදාවක් ලැබේ. නව වැඩි දියුණු කළ බව භෝග වගා කිරීමේ දී, කෘතරිම රසායනික පොහොර සහ කෘෂි රසායන ඉහළ රතිඵල පෙන්වයි.

එහෙත් කෘතරිම රසායනික පොහොර මිනිස් සෞඛ්යයට විෂ සහිත . ඒවායෙහි ආසනික්, කැඞ්මියම්, රසදිය සහ ඊයම් ආදී විවිධ බැර ලෝහයන් අඩංගු . ඒවා රමයෙන් පසට එකතු වේ. එයින් පිළිකා ඇතුළු ලෙඩ රෝග සෑදීමට මග පෑදෙන බව පසුගිය කාලයේ කෙරුණු පර්යේෂණවලින් හෙළි විය. දීර්ඝ කාලයක් තිස්සේ කෘතරිම රසායනික පොහොර දැමීම නිසා පස විෂ වේ. පාංශු ජීවීන් සහ ක්ෂුද් ජීවීන් විනාශ වේ. නිසරු පසක් ඇති වේ.

කාබනික පොහොර යනු මොනවාද?
කාබනික පොහොරයනු අලූත් දෙයක් නොවේ. එය ස්වාභාවික පරිසරයෙන් එක් වුණු ශාක කොටස් හෝ සත්ත්ව අපද්රව්යය දිරා යාමෙන් නිර්මාණය වුණු හෝ නිර්මාණයකර ගන්නා දෙයකි. ඒවාට ගොම, කුකුළු, වවුල් සහ එළු වසුරු අපද්රව් එකතු කෙරේ. මෙය ඉතා සරල හැඳින්වීමකි. කාබනික ද්රව් සෑමවිටකම, ආහාර භෝග ඇතුළු විවිධ ශාක වර්ගවල පෝෂණයට ඉවහල් වන ඓන්ද්රීය සංඝටකවලින් පොහොසත් . එබැවින් ඒවා කාබනික පොහොරවශයෙන් සකස්කර කෙලින්   ආහාර භෝගවලට යොදන්නට පුළුවන. එය සරුසාර ඵලදාවක් ලබා ගැනීමේ විධි රමයකි.

අර්ථයෙන් ගත් කල, ‘කොම්පෝස්ට් හො කාබනික පොහොරකි. පරිසරයෙන් උකහා ගන්නා සංකීර්ණ කාබනික ද්රව්යය’, හෙවත් ශාක ශේෂ සහ සත්ත්ව ශේෂ, කොම්පෝස්ට් පොහොරවල රධාන සංඝටකයයි. ඒවා, දිලීර, බැක්ටීරියා ආදී ක්ෂුද් ජීවීන්ගේ , ගැඩවිලූන්, පණුවන්, පත්තෑයන් ඇතුළු පාංශු ජීවීන්ගේ රියාකාරිත්වයෙන් සරල කාබනික ද්රව්යය බවට පත් වන්නට ඉඩ හැරීමෙන් කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනේ.
කාබනික පොහොරවල ගුණ
රසායනික පොහොර මෙන් නොවේ. කාබනික පොහොර මගින් කෙලින් ආමන්තරණය කරන්නේ පසට. එයින් කෙරෙන්නේ පසේ පෝෂක තත්ත්වය වර්ධනය කිරීමට ඉඩ සැලසීමයි. එනම් කෘෂිකාර්මික පසෙහි භෞතික තත්ත්වයන් දියුණු කිරීමයි.

එහි දී පසේ ජලය වා ගැනීමේ සහ අවශෝෂණයකර ගැනීමේ හැකියාව වැඩි දියුණු වේ. එසේම පාංශු ව්යුහය දියුණු වේ. කැටායන හුවමාරු ධාරිතාවය වර්ධනයවී, දරා ගත හැකි පෝෂක රමාණය ඉහළ යයි. බව භෝග සම්පත්වලට හිතකර පාංශු ජීවී ගහණය වැඩි කරයි. මහා පෝෂක මූලද්රව් මෙන් . ක්ෂුද් පෝෂක මූලද්රව් වර්ධනය කරයි. ශාක වර්ධනයට අවශ් වන හෝමෝන රියාවලිය ඉහළ නංවයි. පස ආම්ලික වීම පාලනය කරමින්, ශාක වර්ධනයට හිතකර අන්දමින් එහි පී. එච්. අගය’ 7.5ක් හෝ ආසන්න අගයක තබා ගනියි. පරිසරය දූෂණය නො වීමෙන් පරිසර හිතකාමී තත්ත්වයක් නිර්මාණය වීම, කාබනික පොහොර භාවිතා කිරීමේ රියාවලියෙහි සුවිශේෂ අංගයකි.

කාබනික පොහොරවල සිටින මහා විශ්මකර්මයා බව භෝල සම්පතෙහි වර්ධනයට රුකුල් දෙන ක්ෂුද් ජීවීන්. යම් වගා භූමියකට කාබනික පොහොර යොදනවායන්නෙහි අරුත, එහි ඇති පස සාරවත් කිරීමට තරම් ක්ෂුද් ජීවී පරම්පරාවක් එකතු කරනවා යන්නයි. එය මහ පොළොව සුවපත් කිරීමකි. ඉතින් කාබනික පොහොර, කිසිසේත් මනුෂ්යයන් ඇතුළු ජීව රාණීන්ට විෂ නොවේ!

ඇදලා ගත්තාදමලා ගැහුවා 
ඉස්පිරිතාලෙන් පොළොව යටට ගියා!
නවීන රසායනික ගොවිතැන ලෙහෙසිය. පහසු . හරියට ඉතින් ඇදලා ගත්තාදමලා ගැහුවාවගේ . බිත්තර වී ටික, පොහොර ටික, තෙල් ටික කඩෙන් ගේනවා . ගෙනා ගමන් කුඹුරට ගසා දමනවා . වගා උපදෙසුත් කඩෙන් ලැබෙන නිසා කොහේවත් රස්තියාදුවේ යන්නට   ඕනෑ නැත. පිදුරු කන්නා වාගේ මෙලෝ රසයක්ගුණයක් නැති වුණත්, සෑම කන්නයක් පාසා විශාල අස්වැන්නකුත් ලැබෙනවා . එයින් ගොවීන්ට සොච්චම් යැපුම් සල්ලියක් , වෙළෙන්දන්ට හමර්මොන්ටෙරෝපන්නයේ රීතිමත් ලාභයක් ලැබෙනවා . තව ඉතින්, ගොවීන්ට වාරි ජල සම්පාදනයට සහ අනෙකුත් සහනාධාරවලට මුළු රටේ මිනිසුන් බදුත් ගෙවනවා . අන්තිමේ දී හිලව්වට මුළු රටක මිනිසුන්ට පෝෂණ ඌණතාවයන්, දියවැඩියාව, හෘද රෝග, හයි බ්ලඞ් ප්රෙෂර් සහ කෘෂිකාර්මික වකුගඩු රෝගය ආදී වශයෙන් මරණීය ලෙඩ කන්දරාවකුත් ලැබෙනවා !

මෙය කොහෙත් විහිළුවක් නොවේ. හැකි සෑම අවස්ථාවක , කෘතිරම කෘෂි රසායනවලින් මිදීවී ඇතුළු ආහාර භෝග වගාවන්ට ස්වාභාවික පරිසරයෙන් නිස්සාරණයකර ගන්නා කාබනික පොහොර ආදිය භාවිතා කරන්න. හැකි නම්, ගෙදර දොරට අවශ් එළවළු ආදී  ආහාර භෝග වර්ග ටිකක් හෝ කාබනිකව, තමන් වගාකර ගන්න. නිවස ආශරිත පරිසරයෙන් කොම්පෝස්ට්ටිකක් හදා ගන්න.

දැන් අපේ කාලය ගෙවී ගොස් අවසානයි. රටේ අනාගත දරු පරපුර හෝ මේ ව්යසනයෙන් බේරා ගැනීමට කල්පනා කරන්න. ගොවිතැන් කරන ඔබ, ඔබේ දරුවන්ට සහ පවුලේ අයට මෙන් , ඔබේ අස්වැන්නෙන් කුසගිනි නිවා ගන්නා රට වැසියන්ට වසවිස මුසු ආහාර දෙන්න එපා!
(පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා සහ අන්තර්ජාලයෙනි)


2018/10/28
%d bloggers like this: