Menu Close

279. සුබ උදෑසනක් වේවා… ඔබට සුබ උදෑසනක් වේවා…..

උදෑසන තේමා කරගත් සොඳුරු ගීත කිහිපයක්… අහන්න… රසවිඳින්න… කැමතිනම් ඔයාලත් කැමති ඕනෙම තේමාවකින් මේ වගේ ගීත එකතුවක් අපිත් එක්ක බෙදාගන්න…..  🙂

1. මම ඉස් ඉස්සල්ලාම ඉගෙනගත්ත ගීතය. නන්දා මාලිනියන්ගේ හඳහාමී ගීත එකතුවේ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ උදය නැමැති ගීතය.

සිලි සිලී හඬ ඇසේ – කොළ අතූ සෙළවිලා
සිටි සිටී හඬ ඇසේ – පිණි වැටී ඉහිරිලා
කපුටු කා කා ඇසේ – ඉර නැගී එළි වෙලා
අ යනු ආ යනු ඇසේ – පොඩි ළමෝ ඇහැරලා


මේ වීඩියෝ සබැඳියේ මුළින්ම තියෙන්නේ ඒ ගීතය. ඉන් එහාට තියෙන ඒ ගීත එකතුවේ අනිත් ගීතත් රසවින්දාට කිසිම පාඩුවක් නැහැ. 🙂

2. උදෑසන ගැනම නෙමෙයි වුණත්, උදේ පාන්දර අහන්න, දවසම වාසනාවන්ත කරගන්න මහා ආශිර්වාදයක් බඳු වුණ ගීතයක්. 

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී //

තණ්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී…

භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංසා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාස ධාරා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී…

ගායනය, සංගීතය – නන්දා මාලිනී
පද රචනය – සුනිල් ආරියරත්න

3. උදෑසන නැග එන හිරු සමගින් පිපෙනා පැතුම් පොදි ගැනයි මේ ගීතය.

සිරි සමනොළ සිරසින් මුදුන් වන
දහසක් අපගේ ප්‍රාර්ථනා
මහාවැලිය මහ ගඟ උතුරා යන 
සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා

අලුත් ඉරෙන් මුළු රටට උදා වන
අමයුරු සුමියුරු ප්‍රාර්ථනා
යව්වනියන්ගේ හද තුළ නලියන
ආදරයේ රස ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
ආදරයේ රස ප්‍රාර්ථනා

මල් ගොමුවට බිඟු මිණි දැල් බන්දා
පිපී පිපී එන ප්‍රාර්ථනා
ගෙන් ගෙට යා වන බිළිඳු සිනාවෙන්
දිව එන සුරතල් ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
දිව එන සුරතල් ප්‍රාර්ථනා

ගායනය: පණ්ඩිත් අමරදේව ඇතුළු පිරිස

4. පිනිබර යාමයේ අවදිවෙලා ඉරටත් කළින් ගෙදරට ඉරේ ආලෝකය බෙදන අම්මා… කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ ‘ගමට කළින් හිරු’ ගීතයත් මීට සමාන තේමාවකින් යුතු වුණ ගීතයක්.

පිනිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා….//

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා…. දුක්වේවී අම්මා…

පිනිබර යාමේ….

වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා… නුඹ සක්විති වෙනවා…..
පිනිබර යාමේ…

ගායනය – සුනිල් එදිරිසිංහ
ගී පද – ලූෂන් බුලත්සිංහල 
ගී තනුව – වික්ටර් රත්නායක


5. වැඩිය ඇහෙන්නේ නැති, මම ආසම ගීතයක්.

අරුණු වළා පෙළ නැගෙනු බලා
රණඹර අවදි වෙලා
කිරණ සලා මිහිමඬල දොවා
සූරිය මල පිපිලා //

ගලා හැලේ මේ උදේ සිතෙන් සිත
පහන් හැඟුම් පිරිලා
පොළෝ තලේ සත් පියුම් ලෙසින් ඇත
මිනිස් මහිම පිපිලා

අරුණු වළා පෙළ නැගෙනු බලා…
දොරින් දොරට සුබ පැතුම් පුදා යන
සිහිල් නළින් සැරසී
පහන් දොරින් හිරු එබී බලා
නව ලොවෙන් සිනා අයදී

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය: රෝහණ වීරසිංහ

6. මේ මිහිරි ගීතය මේ පරණ සංගීතයත් එක්ක හොයාගත්තෙ අමාරුවෙන්. මෑත කාලීන සංගීතයත් එක්ක තියෙනවා මේ වගේ මිහිරිව අහං ඉන්න බැහැ.

ඉර පායා – ඉර පායා
කළුවර හදකට – අවපස සඳකට
ඉර පායා – ඉර පායා
අලුත් දවසකට – නව මං පෙතකට
ඉර පායා – ඉර පායා

එදා මෙදා තුර බිය සැක රැන්දූ
රුදුරු වෙසක් හද තුළ නිති රැන්දූ
අඳුරු තිමිරපට ඉරා දිනින්දූ
සොඳුරු හෙටක් සාදයි මන බැන්දූ

ඉර පායා…..

ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ//

7. සුබ උදෑසනක් වේවා… ඔබට සුබ උදෑසනක් වේවා…

සුබ උදෑසනක් වේවා
ඔබට සුබ උදෑසනක් වේවා
අලුත් ඉරක් පායයි අද අහසේ
අලුත් දිනට පිබිදෙනු මැන සුවසේ
සුබ උදෑසනක් වේවා
ඔබට සුබ උදෑසනක් වේවා

ගුණ නුවණින් මුළු දවස ගෙවන්නට
මොහොතක් හෝ අපතේ නො යවන්නට
සිත කය වෙහෙසා වැඩෙහි යෙදෙන්නට
සැරසෙමු අද දින සරු කර ගන්නට

රටට දැයට මෙහෙයක් සලසන්නට
මිනිස් වගට සැනසීමක් දෙන්නට
දිරියෙන් සවියෙන් බල ලැබ ගන්නට
ඉටා ගනිමු අද සතුටින් ඉන්නට
සුබ උදෑසනක් වේවා…

සුබ උදෑසනක් වේවා
ඔබට සුබ උදෑසනක් වේවා
සුබ උදෑසනක් වේවා ////

පද රචනය: පයස් ප්‍රනාන්දු
සංගීතය හා ගායනය: අයිවෝ ඩෙනිස්

8. මෙත් මල් පිබිදේවා…

මෙත් මල් පිබිදේවා 
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා 
සිත් තුල කරුණා ඉතිරේවා //

තණ්හා අශා වෛරේ ක්‍රෝධේ 
සංකා නැති වේවා //
පාපේ ද්වේශේ මෝහේ මානේ 
මෙලොවින් දුරු වේවා

මෙත් මල් පිබිදේවා 
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා 
සිත් තුල කරුණා ඉතිරේවා

සමගිය සාමේ දෑ අනුරාගේ
යුතුකම් රජවේවා //
හොර බොරු වංචා බිය සැක දුරු වී 
සැමටම සෙත් වේවා

මෙත් මල් පිබිදේවා 
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා 
සිත් තුල කරුණා ඉතිරේවා //

ගායනය – මොරිස් දහනායක
පද රචනය – සිරිල් ඒ. සීලවිමල
සංගීතය – ස්ටන්ලි එම්. ප්‍රනාන්දු

9. දුක සැප දෙක පෙරළි පෙරළි යයි… යන කාලය නැත නවතින්නේ…

අවදිවන්න අවදිවන්න දීප්තිමත්
දිනකි උදා වෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ //

සුසුම් හෙළන කලට දුක් වෙලා
ඔබත් සමග කවුද හඬන්නේ
ටිකක් සතුටු වන්න සැනසිලා
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

අවදි වන්න අවදි වන්න…

බලනු මැනවි කුරුලු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ //
එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලැබ ගන්නේ

අවදි වන්න අවදි වන්න…

දුක සැප දෙක පෙරළි පෙරළි යයි
යන කාලය නැත නවතින්නේ //
ඊයෙ වගෙද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ

අවදි වන්න අවදි වන්න…

පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: පැට්‍රික් දෙනිපිටිය
ගායනය: සී. ටී. ප්‍රනාන්දු

10. සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ…..

සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ
උදා ඉරක් පායයි
සැනසිලි සුව දෙන නව මල්සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි

කුලමල ධනබල නොතකන හෙළදැය
සුදු බුදුරැස් පැතිරෙයි
සම මෙත්කරුණා බුදුබණ පදයක
සිහිලෙන් රට සැනැහෙයි

මිනිසා මිනිසකු විලසින් එළඹෙන
නව යුගයක් ඇරැඹෙයි
තුන් සිංහලය ම අත්වැල් බැඳගෙන
නිවහල් සුවය විඳියි

ගැයුම – එච්. ආර්. ජෝතිපාල සමග ලතා වල්පොල
ගේයපද – ආර්. පේ‍්‍රමදාස
ගීතනුව සහ සංගීතය – සරත් දසනායක

11. Morning Has Broken – Original singer is Cat Stevens, but my favorite version is by Nana Mouskouri.

Morning has broken like the first morning
Blackbird has spoken like the first bird
Praise for the singing
Praise for the morning
Praise for them springing fresh from the world

Sweet the rain’s new fall, sunlit from heaven
Like the first dew fall on the first grass
Praise for the sweetness of the wet garden
Sprung in completeness where his feet pass

Mine is the sunlight, mine is the morning
Born of the one light Eden saw play
Praise with elation, praise every morning
God’s recreation of the new day

Morning has broken like the first morning
Blackbird has spoken like the first bird
Praise for the singing
Praise for the morning
Praise for them springing fresh from the world


12. Classical Music – ‘Morning Mood’ Composed by Edward Grieg (1843-1907)




ඔයාලා හැම දෙනාටම සුබ උදෑසනක්! සුබ දවසක්! 🙂




%d bloggers like this: