
මේ තියෙන්නේ පද වැල…
දිමුතු අයියා ඉතින් බොහෝ අංශවලට දක්ෂ, හොඳ රසවින්දනයක් තියෙන, කලාකාමී චරිතයක්. මේ ඉතින් ඒවගේ තව එක දක්ෂතාවයක් එලියට දාපු අවස්තාවක්. ඔය යු.ටියුබ් චැනල් එකේ තව වීඩියෝ කීපයක් තියෙනවා. වටින අදහස් තියෙන.
එයාට මේ සිංදුව ලියන්න හේතු බූත වෙච්ච කාරනා කාරනා නම් මම දන්නේ නෑ… පස්සේ වෙලාවක අහල බලල දැන ගන්න ඕනේ. ඒ වයසට එද්දී අපිටත් වැදගත් වෙන්න පුළුවන් නේ… අපේ අක්කගෙන් ඇහුවහම නම් කිව්වේ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්ට බෑ… කියල… එයාටත් මේ දවස් වල සිංදු, නැටුම් ගැයුම් ගැන පොඩි උණක් හැදිලා…
ඉතින් මේ සිංදුව ගැන ඔබලාගේ අදහස් කියන්න. මට හිතෙනවා මේ දවස් වල නිතර ඇහෙන ජාතියේ නොවන වෙනස් නිර්මාණයක් කියල.
දිමුතු අයියගේ යු.ටියුබ් චැනල් එකට දිගට වීඩියෝ දාන්න තමා අපේ බලාපොරොත්තුව. එයා මානව සංවර්ධනය සහ තව වෘත්තීය උපදේශනය සහ තව අන්න ඒ වගේ ජාති ගැන ප්රබුද්ධයෙක්. ඉතින් කාට හරි ඒ අංශ ගැන දැන ගන්න සහ උනන්දු නම් සම්බන්ද කරලා දෙන්න පුළුවන්. ඒ සම්බන්ද කාරණා ගැන ලංකාව පුරා බොහෝ ආයතන වල වැඩමුළු එහෙම පවත්වනවා. (කොයි වෙලාවෙත් ගෙදර නෑ කියල තමා අක්ක නම් බනින්නේ). ඕවා ඉතින් ඔහොම තමා.
මේ සිංදුව ගයන කෙනා සහ තනු නිර්මාණය කරපු කෙනෙත් මේ ක්ෂේත්රයට අලුත්ම අය මම හිතන විදියට. ඒ දෙදෙනාත් සිංදුව ලස්සන කරන්න උපරිමෙන් දායක වෙලා තියෙනවා. මේක රේඩියෝ වල ඇහෙයි ද කියල නම් මම දන්නේ නෑ… නමුත් නිතර අහනකොට එපා නොවන ලස්සන සංගීතයක් සහ අපේ හිත් සහ බැඳීම් ගැන නිවාඩු පාඩුවේ හිතල බලන්න පුළුවන් විදියේ සිංදුවක්.
බ්ලොග් ලියන කියවන ඔබගේ අදහස් සහ විවේචන (පස්සේ ගැසීමට මඩ) ඉතා ආදරයෙන් බාරගන්නවා.