Menu Close

Love , සෙක්ස් , නෑයන් ගේ සැකය , සිංහල අච්චාරු සමගින් බ්ලොග් කරුවෝ

ලියන්නට බොහෝ දේ තිබුනද කාලය හරස් වී තිබුන නිසා මේ අගෝස්තුවටම ලිව්වේ එක වරක් පමණි . දේශපාලනය ගැන ද යම් තරමකට හෝ ලියන්නට උවමනා කරන නමුත් උක්ත දේශපාලනයද දැන් මඩගොහොරුවක් වී හමාරය . මේ ලියන්නේ ද මධ්‍යම රාත්‍රිය පසු වී පැය දෙකක් ගිය තැන ය .එහෙත් ආරම්භයක් ගැන නොදැන පටන්ගත් මෙය අච්චාරුවක් වෙයි දෝ කියාත් සමහර විට ආටියාට හිතෙනවාය . ආටියා කොහොමත් අච්චාරු වලට කැමති ය . ඒවායිනුත් ගමේ අච්චිඅම්මාගේ සිංහල අච්චාරුවට වැඩිපුරම මනාපය . අච්චාරු බත් වලට බෙදාගත්තද වැඩිපුරම ආටියා තෝරන්නේ එහි ඇති පදම් වූ ලූණුය. එව්වා දිව්‍ය ලෝක සැප ගෙනදෙන්නේමය . මේක කියවන ඔහෙලා ට හිතෙන්නේ අච්චාරු ගැන ලියන ලියමනක් කියා වන්නට පුළුවන් ය. ඇත්තටම එසේ නොවන හෙයින් මෙය මෙතකින් අවසන් කරනවාය .

මේ අතර ලංකාවේ තවදුරටත් වෙසෙන්නේ මන්ද කියා අසන අය දිනෙන් දින වැඩිවෙන බව තාත්තා මේ ලගදී කිවේය .ඇත්තේන් ම අදට සති විසිහතරකි .  හාමිනේ නම් හැම වෙලේ ම කියන්නේ අද යමු හෙට යමු කියා ය. ඇය ජීවිතය ගැන බැරෑරුම් ව සිතන්නියක් නොවන බැවින් මගේ යෑම ප්‍රමාදවීම තුල කුමක් හෝ බරපතල දෙයක් පවතින බව වරෙක ඈ සෘජුවම මට පැවසුවාය .එහෙත් පහුගිය කාලය පුරා මගේ හිත තිබුනේ තාත්තා අම්මා ලග ය . ඒ දෙදෙනාම උපන් රට දමා යන්නට අකමැති ය. ඒ අය අද ඉන්නා තත්වය එක්ක පවුලේ එකම ළමයා වශයෙන් ඔවුන් ගෙන් මිදී හිටපු රටට ගොස් නිදහසේ හුස්ම ගැනීමට ආටියා ට බැරිය . ඒ ආටියා ගේ හැටිය . ඔවුන් දෙදෙනා මේ බව දන්නේ නැතිය . දන්නේ වී නම් මා හා හාමිනේ නැවතත් හිටපු රටට පිටත් කර හරින්නට ඔවුන් කටයුතු කරනවාය . ලංකාවට වෙලා සිටීම නෑයන්ට හෙන ප්‍රස්නයක් ය . ඒ අය කියන කතා වලට හිනායනවාය . නෑයන් අතර තියෙන්නේ එක්කෙනෙක් ට වඩා එක්කෙනෙක් උඩින් සිටින්නට දරන තරගයක් ම ය . මෙව්වා ගැන මෙතන ලියන්නට නොයන්නේ වැඩක් ඇති දෙයක් නොවන නිසාය .

ලංකාවේ සිටීමේ වාසි අවාසි ගැන හිතන්නට හොද නැති බව ආටියා නිතර හිතනවා ය . මේ අතර හෙළ බ්ලොග් ලෝකයේ සොඳුරු සඳවතී ගේ සහ දුමී  ගේ කවි කියවන්නට ආටියා බොහෝ මනාපය .ඒවාගේ ම කොච්චියා නොලියන එක ගැනත් ආටියාට පට්ට දුක ය. ගොඩයාද දැන් ලියන්නේ නැතිය . කොච්චියා මෙන් ම ගොඩයාද ලියන කතා හැම එකකටම වගේ ආටියා ප්‍රිය කරනවාය . මෙකී බ්ලොග් කරුවන්ගෙන් සොඳුරු සඳවතී ආදරය සොයා දීර්ඝ පර්යේක්ෂණයක් කරන බව ඈ ලියන දෙයින් ආටියාට වැටහෙන්නේය . මේ ලගදී  ඇය ගේ”ආදරේ හරි සරළයි හිටං “වෙනුවෙන් මම ලියපු පිළිතුර ඇයගේ බ්ලොග් ඉතිහාසයේ දිගම කමෙන්ටුව වීම ගැන මම ද හිතෙන්සතුටු වුනේමි . ආදරය අර්ථදැක්වීමට තරම් අපහසු සංකීරණ ක්‍රියාවලියක් නිසා ඒ පිලිබදව මෙතන ලියන්නට නොයන්නේය . සොඳුරු සඳවතීගේ බ්ලොගය පුරා ඇය කියන්නට වෙර දරාතිබෙන්නේ ද මේ දෙයමය .

තනිකම , රාගය , බලය  , මුදල්  සහ උවමණාව මත ආදරයට වෙස්ගන්නට පුළුවන් බව ආටියා හොදින් වටහාගෙන ඇත්තේය . ආදරය පුද්ගලානුබද්ධ සාධකයකට වඩා කාරණාරූපී විචල්ල්‍ය සාධකයක් බව කියන්නට උවමනාය . මේ කියූ කරුණු පහ ගැන හරියට වටහාගත්තොත් මම කියන්නට උත්සාහා කරන්නේ මොකක්ද කියා ඔහේලාට වැටහෙනවා ඇතිය . අද කවුරුන්වත් sacrifices කරන්නට කැමති අය නොවේ . sacrifices කිරෙමකින් තොරව හරි ආදරය හොයන්නට යාම මෝඩකමකට එහාගිය දෙයක් යැයිද වෙලාවකට හිතෙනවාය . හැමෝම ආදරයේදී හොයන්නේ වාසි ය . හිතවත් කම් මිතුදම් ද friends with benefits ය  . ලෝකය වේගයෙන් අවරට ගමන් කරන බව වෙලාවකට ආටියා ට හිතෙනවාය . ඇත්තටම ආටියාට දැන් හරි මහන්සිය . මේ බ්ලොග් ලිවීම ඉදිරියටත් කරනවා ද නැද්ද යන්න මේ වන විටත් මගේ යටිහිත මගෙන් විමසනවාය .

අද වනවිට ආදරය සහ සේක්ස් ගොඩක් දෙනා පටලවාගෙන ය . වැඩි දෙනෙක් ට සේක්ස් ලබෙනවානම්  ආදරය වැඩක් නැති ය . සමහරු ආදරය කරන්නට මනාප නමුත් සෙක්ස් කරන්නට බය ය . තවත් සමහරු පර්තිපත්තිගරුක ආදරවන්තියින් වුවද ප්‍රතිපතියක්වශයෙන් සෙක්ස් නොකරන්නේ ය . ඔය අතර අල්පමාත්‍රික කොට්ටාශයක් ආදරය සහ සෙක්ස් පටලවා නොගෙන කරන්නෝය . උක්ත පිරිසට ආටියා බෙහෙවින් රේස්පෙක්ට් කරන්නේ ය . ලංකාවේ සංස්කෘතියතුල වූ උප සංස්කෘති විසින් මිනිසුන් ව තදින් ගැටගසා ඇත්තේ ය . බොරු ආදරය ගැන ගැහැණු පිරිමි අද ලොකුවට කියවන්නේ ද ඔය නිසාමය . ආදරය මෙන්ම සෙක්ස් වලටත් මෙය පොදුය . මෙහේ ගොඩ දෙනෙක් හිතන්නේ සෙක්ස් යනු ක්‍රීඩාවක් බවය . එහෙත් ඇත්ත වශයෙන් මේ සෙක්ස් යනු කලාවකි . අපට වැරදුනේ ඔතන ය .අද බොහෝ දෙනෙක් ලිංගික එක්වීමකදී පට්ට selfish ය . රෝමාන්තික ආරම්හයකට ප්‍රිය නොකරන්නෝ ය . ඇතැම් අය ඒ කුමක් ද කියාවත් නොහදුන්නනෝ ය . ගැහැණු පිරිමි වේවා ගොඩක්දෙනාට ඕනේ තමන් සතුටු වන්නට ය.ඉතිං මෙව්වා නිසා ආදරය සහ සේක්ස් අපේ උන් අවුල් කරගෙන ය .

දැන් මේ බ්ලොග් සටහන මෙතනින් නවතත්වන්නට වෙලාව හරිය . ආටියා මේ දවස් වල බ්ලොග් ලෝකයේ සැරිසරද්දී පහුගිය දොහේ කියවන්නට අතපසු වූ කණ්ඩාගේ කොලමේ  ලිපි කියවමින් සිටින්නේ ය .  කණ්ඩාගේ ලිවීමට ආටියා මනාප ය . උගේ ලිවීම අව්‍යාජය . අව්‍යාජ මිනිසුන්ට ආටියා හැම විට ගරු කරන්නේ ම ය . ඉහත ලියු සියලුම දේවල් ආටියා ට  බොක්කෙන්ම ආ අදහස් මෙන්ම වටහාගත් දේවල් වන අතර ඇතැම් විට එව්වා ඔහේලාට නොගලපෙන්නට ද පුළුවන් ය . ආටියා සියල්ල ගලපන්නට නොයන්නෙක් ය.  කාලයක් සියල්ල ගලපන්නට ගෝස් හොදට ඇනගෙන තිබෙන නිසා ගලපන්නට යාමේ ආතල් එක ආටියා හොදින් දන්නේ ය .

‘‘එක්කෝ කියැවීමට තරම් වටිනා යමක් ලියන්න නැතිනම් ලිවීමට තරම් වටිනා යමක් කරන්න.’’ 
                                             බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් (1706 – 1790)

*රුප අන්තර්ජාලයෙන් උපුටාගත් අතර අයිතිය මුල් හිමිකරුවන් සතුය . 

%d bloggers like this: