Menu Close

බත්කූරා පොඩි ලමයා හා යථාර්තය

මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා “අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ “හැදියාව ආචාර ධර් ම ගැන කියනා ඔවුන් කිසි දිනක ඔහුන්ගේ මතකයන් වර්ථමානය හා ගට්ටනය නොකරයි.මතකයන් හරි බව කියමින් ඔවුන් අඩම්බර වෙමින් දුක් වෙයි.මෙය ‍රැඩිකල් වාදී කතාවක් නොව යථාර්තීය කතාවක් වන්නේ ඒ නිසාය.බත් කූරන් සමඟ ඇති මේ මතකය 90 දශකයේ බොහෝ දෙනෙකුට ඇති බව අපි දනිමු.නමුත් අපට තවමත් වර් ථමානීය පොඩි එකාට බත්කුරෙකු අල්ලන් සෙල්ලම් කරන්නට කීම නොගැලපේ.ඊයේ දිනයේ මොර‍ටු සරසවිය අසල කමිනිකේෂන් එකකදී මාගේ මිතුරෙකුට විදින්නට ලැබුනු අත්දැකීමක් මෙසේය ” අසල වත්තක පොඩි උන් දෙදෙනෙකු එකෙකු අයියාද අනිකා මල්ලීද යන්න නිශ්චය කල හැක.
මල්ලි- අයියේ මේක ලැප්ටොප් එකක්ද ටීවී එකද? (ඩෙක්ස්ටොප් කම්පියුටර දෙකක් දැක ඔව්හු විමසයි)
අයියා-ඕක කම්පියුටර් එකක්
මල්ලී-කම්පියුටර් එකෙයි ලැප් එකයි කොහොමද අදුර ගන්නේ.මල්ලී විමසයි
අයියා-ලැප්ටොප් එක ගනන් වැඩි.කම්පියුටර් එක ගනන් අඩුයි
මල්ලි-ආ එහෙමද මට නම් මේ එකක් ලැප්ටොප් එකක් වගේ අනික ටීවි එකක් වගේ”
බත්කූරාගේ සරලවාද බිද වැටෙන්නේ මෙලසින.මොර‍ටු සරසවියේ බොඩරයේ සිටිනා.මොහුන්ගේ දැනුමත්.ඇතුලත සිටිනා උන්ගේ දැනුමත් හාත් පසින් වෙනස්ය.කොලඹ 7තේ මොහුගේම වයසේ දරුවන් මීට වඩා වෙනස් ඇත.ඔවුනුත් ඊටා වඩා පොඩි උනුත් ලැප්ටොප් ටැබ් ෆෝන් ගැන මීට වඩා දැනුම ඇති අයවලුන් වන්නට ඇත සමාජීය මට්ටම් මෙසේ වෙනස් වන විට ලංකාවේ සංකෘතිය ධර්මය රෙද්ද පල්ලේ බේරෙනවායි කියා තේරුමක් නැත.බත්කූරන් නැති කොලඹ ගැන බත්කූරා අල්ලනට දුවන ගමේ පොඩි එකා හරිය ඌ හොදය.අපි වගේමය කියනා ගොන් පාට් එක නැවත නැවත ඇප්ලයි නොකල යුතුය.මන්ද අප මේ වන විට මේ කාලකන්නී දේශපාලනික වූ සිස්ටම් එක්කට කො‍ටුවු අනාතයන් පිරිසක් වී හමාරය.අපගේ අධ්‍යාපන දේශපාලන හා සමාජීය අප්ඩේට් එක අප දාගන්නේ වෙන කොහෙන් හෝ අරගෙනය.කොටින්ම කීවොත් වෙනම රටක දර් ශනවාදයෙන් කොටසකි.දේශපලානයද සමාජීය දෙයද හැම විටම එහෙමය එසේ එකක් ඇප්ලයි කරගන්න අප.ඔවුන්ගේ දෙයින් අපේ දෙයක් හොයන්නට උත්සහ කරයි මෙය කිසිදිනක සාර් ථක නොවන ක්‍රමයකි.අප වැව් හදන්නට ගල් පිලිම නෙලන්නට දන්නේ නැත.අපේ ඉජිනේරු විද්‍යාව තවකෙකු කල සොයාගැනීම් වලසොයාගැනීම වල පහලම කොටසේ සැරි සරයි.ඔවුන් ඒ පදනමෙන් ඉදිරියට ගොස තිබෙන විට අප තවමත් නිවුටන්ගේ නියමයන් ඉගන ගනිමින් සිටී.අප අපගේ නොස්ටැල්ජියාවෙන් තෘප්තිමත් වී අනාගතය බාගෙට කොපි කර ගනිමින් සිටී අපි ඩිවලොප් කරන්නෙ අපේ දෙයක් නොවන තාක් අප ලොකයේ සිටින්නේ පසුපසිනි මන්ද ඒවායේ අයිතිකාරයන් ඒවා ටහ්ව දියුණු කරමින් සොයා ගැනීම කරන විට අප ඔවුන්ගේ පලමු අප්ඩෙට් එකෙබ් ජීවිත ගැට ගසා ලෝකය දිනන්නට උත්සහ කරයි එය සාර් ථක නොවෙන්නේ මූල බීජ්ය අපගේම නොවන නිසාය.අපය කෙලවී බොහෝ කල්ය.අපේ දැනුම අදහා ගත නොහැකිව සීගිරිය දාගබ් වැව් දිහා බලාගෙන අප හුල්ලති එකින් එක අප්ඩේට් වෙවී දියුණු වන්නට ආගමෙන කොහෙදෝ තැනක ඒවා අතහැරී අපට කෙලවිය.අපේ උන් ගල් ගුහාවල හෙලුවෙන් ඉන්නට ඇත ගෙවල් හදනන්ට ඇත කපු ඇදුම් අදින්නට ඇත වැව් හදන්නට ඇත අහසෙන් යන්නට ඇත ඒවා ඔවුන්ම සොයා ගත් නිර් මාණය කරගත් දැනුමක් වෙන්නට ඇත.හැබැයි මේ වන විට නිවුටන්ලාගේ ගෝලයෝ විත් මෙහේ වැව් හදන අහෙටි අහසින් යන අහෙටි කියා දේ.අපට කවදාවත් ලොකයේ ඉදිරීයට එන්නට බැරිය.කවරදාක හෝ ඉදිරියට එන්න නම් අපගේ වූ සමාජීය දෙශපාලනික අධ්‍යාපනික ක්‍රමයක් ලොව අනික්වා පරදවා ගොඩ නගා ගත යුතුය.එවිය බොරු ගොලෝබලයිස් කන්සෙප්ට් එකෙන් අපට තැනකට එන්නට පුලුවන.
වර්ථමාන විශ්ව විද්‍යාලීය ශිෂ්‍යාගේ ගැටලුව මේකය අඩුම මේ කතාව තෙරුම් ගන්නට ඔවුනට පුලුවන් විය යුතුය.මේ අවුරුදු හතරක් විශ්වවිද්‍යාලයේ හරඹය කරන්නේ අවුරුදු දොලහක් උපදාවාගත් දැනුමෙන් හා අත්දැකීමෙන් මිස බහුතරයන් වර් ථමානීය අප්ඩෙට් එක්කින් නොවේ.කණගා‍ටුය ගල් ගුහාවක ජීවත් වූ ආච්චී කෙනෙක් අනේ මොකටද ගෙවල අපි හිටියේ ගල් ගුගාවල කියන එක මෙන් බත්කූරගේ කතාව කතා කරයි.අතීතකාමය පණ්ඩිත වූ යථාර්තය වන්නේ.බත්කූරා පැදවූ ලංකාවේ එක කොල්ලෙක් කෙල්ලෙක් හෝ එකෙන් කොප්ටරය නිර් මාණය කලා නම්ය එසේ නම් චින්තකයන් විදියට ලබන ලගාකරගැනීම එක් ලෙවල් එකකි.අප්ඩෙට් විය යුත්තේ වෙන උන්ගෙන් නොව අපේ දෙයකින් වෙන උන්ගෙන් අප්ඩෙට් වෙන තරමට අපට ඒවා දරා ගන්න අමාරුය.ඒ දරා ගැනීමේ අමාරුවේ ප්‍රථිපලය ලෙස අනේ ඒ කාලේ යන ගොන් බොරුවෙන් සැම විටම සෑම දේම සාධාරණී කරනය කර ගනී.
-මහේෂ් බී දහනායක

%d bloggers like this: