Menu Close

රෙජිස්ට්‍රේශන් ට්‍රාන්ස්පොර්ට් සහ තවත් හුටපට

ලියන්නට යන්නේ මීට ටික කලකට පෙර සිදුවූ රසවත් සිදුවීමක් ය. මාතෘකාව දුටු පමණින් ඔහෙලා හිතන්නට ඇත්තේ ආටියා විසින් ගැසූ වෙඩින් හයර් එකක් ගැන කථාවක් කියා ය . කථාවේකථා නායකයින් රැසක් ඇති බැවින් එකෙකුට නායකකම දීම අනිකුත් අයට කරන අසාධාරණයක් බැවින් එසේ නොකරම සිටිනවා ය . මෙව්වා කියවන ඔහෙලා එව්වා ගණන් හදා ගත්තොත් හොදයිකියා කියන්නේ හද පිරි මෙව්වා එකෙන්මය .

ඉතිං මා මිත්‍ර බ්ලොග් වැසියනි , මේ  විවාහය වෙන කවරෙකුගේවත් නොව මගේ හාමිනේ ගේ අක්කා ගේ ය. ඇය බදින්නට මාස කිහිපයකට පෙර රෙජිස්ට්‍රේශන් එක තිබුනේ හාමිනේ ගේ මාතලේ මහගෙදර ය . මාතලේ මහගෙදර ගැන මෙහිදී අමුතුවෙන් කියන්නට නොයන්නේ “මාතලේ බලකඩුව දියඇල්ල සොයා” පොස්ටුව හරහා රුප , සිතියම් සහිතවම දක්වා තිබීම නිසා ය.

රෙජිස්ට්‍රේශන් එක ගැන මුලින් ලියන්නට සිතුනේ රෙජිස්ට්‍රේශන් එක ඇතුලේ ද මිහිරි රස කථා ගොන්නක් තිබෙන බැවින් ය . ඉතින් මා මිත්‍රවරුනි කොහොම කොහොමාරි අපි රෙජිස්ට්‍රේශන් එක ට පෙර දින පාන්දර තුනට විතර පිලියන්න්දලින් මාතලේ බලා පිටත්ව යන්නේ අපේ මාස ගණනක් වයසැති දුවණියද මහා පාන්දරම සුදානම් කරගෙන ය . නිදිමත තිබුනත් එය පැත්තක තියා ගමන පිට වූයේ කටයුතු වලට උදව් කිරීම යුතුකමකටත් වඩා වගකීමක් වන නිසාය . මග තොටේ කරදරයකින් තොරව උදේ හයට විතර මාතලේ ට පැමිණි අප වටා තිබුණු බිම්කළුවර තවමත් පහව ගොස් නැත . ඝන මීදුම් තට්ටුවක් නිසා අවට නොපෙනෙන තරම් ය . නිවාස පාර අසලම වූ නිසා රථය අරගෙන හාමිනේ ගේ පොඩි නැන්දාගේ ගෙදර නැවැත්වීමටගත් තීරණය රථයේ සරීර සවුක්යට හොද බව වැටහුණු අතර පැමිණ වාහනයෙන් ම නැවත ගම රට යායුතු බව නැවත වරක් පසක් වූ නිසා ය .

රෙජිස්ට්‍රේශන් එකක් යනුද එක්තරා ආකාරයකින් මගුල් කෑමක් වන අතර මේ රෙජිස්ට්‍රේශන් එක පවත්වන්නට සූදානම් කර තිබුනේ නිවසේ මය . නිවසේ ගන්නා මගුල් පට්ට ය . ඒවා සතුටු සාගරයන් මය . කුඩා කල බාප්පලා , පුන්චිලා , මාමලා ගේ මගුල් වලින් පසු ගෙදරක තිබෙන මෙවන් උත්සවයකට සහබාගී වන්නේ හෙන කාලයකට පසුවය . එයිනුත් වැඩේ කියන්නේ මෙහි මනමාලිය ගේ පාර්ෂවයෙන් විවාහයේ සාක්කියට අත්සන් කරන ඒ කරණය මාමණ්ඩිය විසින් පවරා තිබුනේ මට ය .

උදේ ආහාරයෙන් පසු අපි නිවසේ පැවැත්වෙන විවාහා ගිවිසගනීමේ උළෙලේ අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන එන්නට මෙන් ම රෙජිස්ටාර් නෝනා ට නැවත මතක් කිරීම ද කරන්නට තුබූ අතර අක්කා අන්දවන්නට සුදානම් වූ සැලූනයට යන්නේ නැවත මතක් කිරීමක් කරන්නට ය . ගමනට මාමණ්ඩිය නැන්දම්මා සහභාගී වූ අතර බිරිද ද සහභාගී උනේ අපේ කුඩා දුවනියත් සමග ය . මුලින් ම යා යුතුව තිබුනේ රෙජිස්ටාර් නෝනා ට නැවත මතක් කිරීමකරන්නට ය . ඒ කටයුත්තට පිටත්ව ගියේ මාමණ්ඩිය වන අතර පැයක් හමාරක් යනතුරු ම නොපැනි සැකය කරන කොට ගෙන නැන්දම්මාද වාහනයෙන් බැස යනවා ය.  පසුව යක්ෂාවේශයෙන් පැමිණි මාමණ්ඩිය නැන්දම්මා කියන්නේ රෙජිස්ටාර් නෝනා ට නිවසට එන්නට බෑ කියනවා කියා ය . පසුව මාමණ්ඩිය රෙජිස්ටාර් නෝනා ට ලුණු ඇබුල් සහිතව ඇමතුනිසා පසුව ඇය එන්නට කැමති කරවාගෙන ඇත . මෙව්වා මොනවාද කියා ආටියා ට නොතේරෙන අතර තේරුම් ගන්නට ද මහන්සි වන්නට ද ආටියා ආසානැත . ඒ මලෙන් හොට්වූ  මාමණ්ඩිය නැන්දම්මා පසුව උකුවෙලට ගෙන ගොස් අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන නැවත මාතලේ ට ගියේ ඉතිරි බඩු ගන්නට ය . මාතලේ ට්‍රැෆික් එක හරියට කොලබ වගේ ය . ඒ මදිවට වාහනය නවත්වන්නට ද තැනක් නැති ය . කෙසේ වෙතත් මිෂන් ඉන් පොසිබල් එකකින් පසුව වාහනය නවත්වා බඩුත් රැගෙන අක්කා අන්දවන්නට සුදානම් වූ සැලූනයට ගියේ එහි කටයුතු ද විමසන්නට ය . සියල්ල සාර්ථකව අවසන් වූ පසු නැවත නිස්වසට පැමිණ නිවාස සූදානම් කරන්නට අපි කටයුතු කලේමු . පසුව සෙටිබැක් මල් සූදානම් කරන්නට සලුනයේ අය පැමිණි අතර ලස්සන කිරීම් කටයුතු එතනින් අවසන් විය . පසුව කුස්සියේ කටයුතු නැන්දම්මාගේ මූලිකත්වය යටතේ සිදු වූ අතර වැඩ අවසන් වෙද්දී පාන්දර දෙකට පමණ ඇත .

වැඩ සටහන් පෙළ ගැස්මේ රෙජිස්ට්‍රේශන් එකදින මුලින් ම කරන්නට තිබ්බේ මනමාලිය අන්දවන්නට පාන්දර තුනට මාතලේ ට ගෙන යාම ය . ඒ කටයුත්ත මට පැවරී තිබු අතර හරියටම වෙලාවට වැඩේ අකුරටම මම සිද්ධ කලෙමි . අකුරට වැඩේකරත් පාන්දර තුනට ඉවසන්න බැරි සීත‍ලේ කට්ටකරුවලේ වාහණය නවතා තිබෙන හාමිනේ ගේ පොඩි නැන්දාගේ ගෙදර ට පයින් යෑම ගැන වැඩියෙන් මුකුත් මෙතන කියන්නට යන්නේ නැති ය . සීතලේන්වූ අරියාදුවට අමතරව මහපට ඇගිල්ල ක් තරම් මහත කූඩල්ලේක් දකුණු කකුලේ එල්ලිලා කියා මම දැනගත්තේ මගදුරක් රථය පදවාගෙන යද්දී කකුල හිටි හැටියේ සීතල වූ නිසා ය .කකුල බැලින්නම් කාපට් එක පුරා ලේ ය .ඒ කෙසේ වෙතත්  ලේ අසුභ ලකුණක් බැවින් මම කිසිවක් අක්කාට නොකියා නොපෙන්වා සිටියේ මේ  මොහොතේ ඇය ගේ පහන් වූ මනසට අබමල් රේණුවක තරම්වත් භාධාවක් නොකර සිටිය යුතු යැයි තරයේ මම සිතාසිටි නිසාය .  තවද ඇය සහ මම පමණක් රථයේ සිටි නිසාත් ය .ඇයට සුභ පතා සැලුන් එකට ඇරලු මම වාහනය පාරේ ඇති ලයිට් කණුවක් අසල ට  ගෙනගොස් කකුල සහ කාපාට් එක සෝදා ගනිමින් සිටි අතර නගරයේ රාජකාරි අවසන් වී පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මට කිට්ටු වී “මහත්තයා මොකද මේ ලේ … මොකක් වත් කරදරයක් වත් ද ? යමු අපි ඉස්පිරිතාලයට …. ආදී වශයෙන් කරුණාවෙන් කියන්නට විය ” මම ද පෙරලා සිනා සෙමින් ඔවුනට කීවේ “
මෙන්න මෙයා ගෙන් තමයි කරදරය උනේ” කියමින් මගේ පයට පෑගුණ කූඩල්ලා පෙන්වීය . ” ආ …. ඒක මිසක් ….. අපි  බැලුවා මේ වෙන මොකක් හරි කියල ද කියල , ඉතින් ඔය වතුර ඩින්ගෙන් හෝදගන්න බෑ නේ … යමු පොලිසිය මේ ලග තියෙන්නේ”  කියා ආරාධනා කල අතර මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලෙමි .

පසුව නිවසට ගිය මම ගෙදර සූදානම සොයාබලා නැවත සුදානම් වී මනමාලිය නිවසට කැන්දාගෙන එන්නට පිටත් උනේ උදේ හතට විතරය . උදේ වෙද්දී ඊයේ පේන්නවත් නොහිටි නෑයෝ හැත්තෑබුරුත්තම රොක් වෙලා ය . ත්‍රීවීල් එකක් තියෙන එක නෑයෙක් අහන්නේ මම ගිහින් අරං එන්නද ? ඇයි යන්න තවම පරක්කු ආ දී වශයෙන්ය . ඔව්වාට උත්තර දී හිතවත් කම් පැළදු කරගන්නේ නැතුව වචනයකින් දෙකකින් පිළිතුරු දී එතනින් පිටව මාතලේට ගියෙමි . පසුව ඇයත් කැටුව පැමිණෙන්නට හදද්දී ෆොටෝ ගන්නා කෙනා ද ලොකු පැදුරක් තරම් පසුතලයක් (backdrop) සහිතව වාහනයට ගොඩ වී ඇසුවේ මේකත් දමාගත්තාට කමක් නැතිද කියා ය ? මේ වෙලේ මගුලට අවශ්‍යනම් පාරේ තිබෙන තඩි ගල් ගෙඩියක් උවත් දමා ගන්නට අවසර දෙන මානසික මට්ටමේ මම සිටියෙමි . පසුව වෙලාවට නිවසට පැමින එහි කටයුතු ද සොයා ඉටුකර දුනෙමි .

වෙලාව ආසන්න වෙද්දී මනමාල පාර්ශවය ද නිවසට සේන්දු වූ අතර කෑ ම මේසයේ ලුණුමිරිස නැති බව පෙනෙන්නට විය . නැන්දම්මා එය සුදානම් කරන්නට යද්දී මම කීවේ ” අම්මා ගිහින් එන අය පිළිගන්න ඉස්සරහට යන්න . ලුණුමිරිස වෙලාවට මෙසේ උඩ තියෙයි ” කියා ය . කියූ අයුරින් එය සුදානම් කර මා වෙලාවටම එය එතනට යැවී මී . සංග්‍රහයෙන් පසුව මට පැවරී තිබු ඊලග රාජකාරිය වුයේ පෙර දා මාමන්ඩිය විසින් ගේම ඉල්ලු රෙජිස්ටාර් නෝනා නිවසට ගෙන ඒම ය.  වාහන තිබුණු කිසිම නෑයෙක් මේ කටයුත්තවත් බාර ගෙන නොතිබුන අතර මම ම ඒ සදහා ගියෙමි.යද්දී සුදානම් වී නොතිබ්බ ඇයව   නැකතට කලින් ආසනය මත හිදුවන්නට ආටියා ට මෙසේ පුළුවන් වෙනවාය . එයට යමෙක් ඉස්තුති කරනවා නම් කලයුත්තේ වාහනය ටමය . හැසාඩ් වී අයිපී  ලයිට් දමා ගෙන පරිවාර රථ නැතුව මගුලකට රෙජිස්ටාර්කෙනෙක් ගෙන ආවේ ලෝකයේ පළමු වතාවට ද නම් කියා ආටියා දන්නේ නැති ය . එදා මට හිතුනේ පෙර දා මාමන්ඩිය විසින් ගේම ඉල්ලු නිසා රෙජිස්ටාර් නෝනා හිතා මතා පරක්කු කරන්නට හැදුවා ද කියා ය . කෙසේ නමුත් වැඩේ වෙලාවට කරන්නට හැකි වීම ගැන ආටියාට ඇත්තේ පට්ට සතුටක් ය .

පසුව ඇපයට අත්සන් තැබූ මම ඔවුන් දෙපලට මගේ හර්දයාන්ගම සුභ පැතුම් ඒක් කලේමි . කටයුතු අවසන් වූ පසුව රෙජිස්ටාර් නෝනා යන්නට අවශ්‍ය යැයි කියද්දී ඇයව නවත උකුවෙලට ගෙන හැරලන්නට මම ම පිටත් විය . ඇයව බස්සන්නටවත් වාහන තිබුන එකම නෑයකුගේ වත් වාහන වල ටයර් කැරකුණේ නම් නැති බව කියන්නට උවමනාය . ඒ ඒ අයගේ හැටි ය . එව්වා කමක් නැති ය . දුකට කරුණ නම් මම පුළුවන් තරම් හය්යෙන් ගිහින් ඇයව බස්සවා නැවත  විනාඩි දහයෙන් එද්දි අලුත බැදපු මනමාල යුවල මුදු මාරු කර කේක් කපා කවා ඇති බව ය . ඔය අතර මගේ බිලිදු දුව තවමත් ඇයගේ සුපුරුදු නින්දේ ය. ඔව්වා ගැන වැඩිය හිතන්නට නරක බව ආටියා ගේ යටි හිත කිවේ මිනිස්සුන්ගේ හැටි දැනගතඑක වටිනවා නේ කියා ය .

කථාව අවසන් කරන්නට මොහොතකට පෙර කුස්සියෙන් තවත් ආතල් එකක් වාර්ථා කර අතර , ටයි කෝට් ගලවා කොට කලිසම සහ ස්කිනිය ට බැසගත් ආටියා නැවත ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නට වුයේ , කෝකියා ගේ අම්ම මුත්තා මතක් කිරීමෙන් අනතුරුව ය . පසුව නිවසේ ධාතු ඇතයි කියූ මාමාන්ඩිය දැනුවත් ව ඉස්සරහ බෝතල් පාටිය  පටන් ගෙන ය . එය ධර්ම රාජ්ජයක් උදෙසා යන බව ලොකු කථා කියූ මාමණ්ඩියට දයිවයේ සරදමක් ද කියා ආටිය ගේ යටි හිත විමසන්නට විය . සාදය අවසන් වූ පසු සියල්ල සුද කර මමත් හාමිනේත් දරුවාත් එදා ම රැ හතට පමණ මාතලෙන් කොලබ එන්නට වුයේය. දවසම නිදාගෙන නොසිටි මට මාවනෑල්ලේ සිට නිදිමත නැතිකර එන්නට උදව් උන මහනුවර බසයත් මහියංගනය බසයත් මතක් කරන්නටම ඔනෑය .

%d bloggers like this: