Menu Close

නුවරඑළිය, ශාන්තිපුර හරහා බදුල්ලට රෝද දෙකෙන් | Ultra Mini Tour to Badulla Via Shanthipura

රූට් එක (දළ වශයෙන්)

දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන ගමන් අනිවා ඒ පැත්තට ගොඩවෙන්න එනවමයි කියලා. කොහොමින් කොහොමහරි ලැබුන හදිසි නිවාඩුවෙන් (ඇත්තටම කියනවනං නිවාඩුවක් නෙමෙයි රිලැක්ස් ටයිම් එකක්) ප්‍රයෝජනේ ගන්න හිතාන දවස් දෙක තුනකට කලින් චැට් එකක් දාලා ගමන යන්න දාගත්තා. මේ සැරේ නම් තනියම නෙමෙයි සේවා ස්ථානයේ මාත් එක්ක එකටම වැඩ කරන අසංකයත් එක්ක. දෙන්නට එක සැරේ නිවාඩු ගන්න එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් උනත්, කන කැස්බෑව මොන සිදුරෙන් මොකක්ද එක බලන්න යනවා වගේ අවුරුද්දකට සැරයක් විතරක් එන පොටක් පෑදුන නිසා ඌත් එකතු වුනා ගමන යන්න.

ඔව් ප්‍රියාදර රසික රසිකාවියනි, ෆයිනල් මොමන්ට් ට්‍රබල්ස් කියන්නෙ උඹටයි මටයි කාටත් සෑහෙන පුරුදු දෙයක් නොවැ. ඉතිං දෙයියනේ කියලා යන්න කලින් දවස් දෙකකට කලින් බලද්දියි දැක්කේ අසංකයගෙ බයික්කෙ ඉන්ෂුවරන්ස් ලයිසන් දෙකම එක්ස්පයර් වෙලා කියලා, ඒ මදිවට සර්විස් ඩේටුත් පැනලා හොදටම … කිරි අප්පට බල්ලො පැනලා ආයෙත් පැනපි කිව්වලු. එහෙම උනයි කියලා අපි සැලෙයිද මිත්‍රවරුනි? එදා රෑම ඌව මැදවච්චියෙ ගෙදර යවලා (බයික්කෙන්ම) පහුවෙනිදා ඉන්ෂුවරන්ස් එක හදාගෙන සර්විස් කොරලා එහෙම ගත්තත් ලයිසන් එක ගන්න බැරිවෙලා සිස්ටම් ෆෝල්ට් එකක් නිසා. (මහ රෑ යන අතරමග  පොලෝසියෙන් අල්ලල දඩේකුත් ගහලා කියලා දන්නෙ පස්සෙ ඉතිං 😁) ඉතිං යන දවසෙ උදේ වරුව ඌ ඒකට මිඩංගු කරද්දි මටත් රාජකාරි ස්ථානයෙන් පැනගන්න සෑහෙන මැච් එකක් ගහන්න සිද්ධවුනා. කොහොමින් කොහොමහරි උදේ 10ට විතර මං කිරිබත්ගොඩින් පිටත් වෙද්දි අසංකය මැඩ්‍රාස් වලින් පිටත් වෙන්න අරන් තිබුනා. මුලින්ම ප්ලෑන් කලේ යද්දි රත්නපුර, බලංගොඩ හරහා යන්න වුනත් පස්සේ අරූට ගෙදර යන්න වුන නිසා ප්ලෑන් එක චේන්ජ් උනා. මං ඉතිං සුපුරුදු විදියට ගිහිල්ලා ගිහිල්ලා එපා වෙලා තියෙන නුවර පාර දිගේ හැල්මෙ බයික්කෙ පදින්ට වුනා.

ඉර මුදුන් වෙද්දිම වගේ ගලහ මංසන්ධියට සේන්දු වෙලා මං බලාන හිටියා අසංකයා එනකං. ඒ වෙනකොටත් ඌ කටුගස්තොට. ඉතිං ඉදල ඉදල බැරිම තැන ආයෙමත් මං ගම්පොල පාරට දාලා ටික දුරක් ගිහින් ඌ එනකං අනෝදා ජූස් පාරක් ගගහා හිටියා. ටික වෙලාවකට පස්සෙ ඔන්න කොල්ලා සේන්දු වුනා එතනට. පස්සෙ ඌටත් බොන්න අරන් දීලා (ජූස් බං ජූස්) නිල වශයෙන් ගමන පටන් ගත්තා. ගම්පොල, සුන්දර මතකයන් පිරි අටබාගෙ, පුස්සැල්ලාව හරහා PBC Highway එක දිගේ වේගයෙන් ඇදුන අපේ රෝදවලට නවතින්න වුනේ නාය යාම් වැළැක්වීමට නෙට් එලන්න පාර සම්පූර්ණයෙන් වහලා දාපු නිසයි. විනාඩි 10ක් 15ක් විතර ගමන පමා කරන්න සිද්ධ වුනත් අපි ට්‍රැෆික් එකේ අස්සෙන් අස්සෙන් දාලා පෝලිමේ මුලටම ඇවිත් යතුරුපැදිත් නතරකරලා ඒක දිහා බලාන හිටියෙ අනතුරු වලක්වන්න කල්තියාම ගන්න මේ අසීරු වෑයමට අපි බාධා කරන්න හොද නැති නිසයි.

අවධානමට පෙර සූදානම

රම්බොඩ ලංවෙලා ලස්සන ලොකේෂන් එකක් තියෙන තැනකින් උණු උණු රොටී කීපයක් ගිලලා ප්ලේන්ටියක් ගැහුවෙ දවල් කෑමත් හවස ටී එකත් එකටම කවර් කරලා 3ත් පහු වෙලා.😇 ඊටපස්සෙ හැටට හැටේ ආපු විදියට තත්පර 10ක් යන්නත් කලින් රම්බොඩ ටනල්  එකත් පාස් වුනා නෙව දන්නෙම නැතිව. එහෙම කොහොමැයි කරන්නේ? ආපහු බයික්ක දෙක හරෝගෙන ආයෙත් ඇවිත් ආයෙත් ගියා ටනල් එක අස්සෙන් හසාඩුත් ගහාගන (දැන් අහන්න එපා බයික්කෙ කොයින්ද හසාඩ් කියලා). අපේ පලවෙනි ස්ටොප් එක වුනේ ශාන්තිපුර වීව්  පොයින්ට් එක. සෑහෙන අමාරු වුනා පාර හොයාගන්න මේන් රෝඩ් එකෙන් හැරෙන්නෙ කොහෙන්ද කියලා. කොහොමින් කොහොමහරි එතනට ගිහින් 360ක් එහෙම අමාරුවෙන් අටෝගත්තා, ඒත් ඒක සාර්ථක වුනේ නම් නෑ.  බලන්න ලොකූ දෙයක් නැති වුනත් ඈතින් නුවරඑළිය ඒරියා එකම පේනවා ලස්සනට. පිදුරුතලාගල ඇතුලු කදු පන්ති ගොඩක්ම එතෙනට පේනවා කියලා එතන හිටපු කෙනා කිව්වත් මීදුම නිසා එච්චර දුරක් නම් බලාගන්න වාසනාවක් තිබුනෙ නෑ අපිට. ආහ් කියන්න අමතක වුනා ශාන්තිපුර කිව්වම ගොඩ දෙනෙක් දන්නවා ඇති නෙහ්! දන්නැති අයට කියන්නම් ශාන්තිපුර කියන්නෙ ලංකාවේ උසින්ම පිහිටි “ගම”.පිහිටලා තියෙන්නෙ කිකිලියමාන කදුවැටිය ආශ්‍රිතව. ගොඩක් අය පට්ටිපොලත් එක්ක ඒක පටලව ගන්නවා. එතන තියෙන්නෙ දුම්රිය ස්ථානය විතරයි.  පට්ටිපොල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ ඉදන් මීටර් 1897.5 ක් වෙද්දි ශාන්තිපුර ගම්මානය මුහුදු මට්ටමේ ඉදන් මීටර් 2039 ක උසකින් යුක්ත වෙනවා.

ශාන්තිපුර පිවිසුම

අවුල් ගිය 360ය (ක්ලික් කරන්න)


හරි, අටුවා ටීකා ටිප්පනි වලින් පස්සෙ අපි හැටට හැටේ නුවරඑළිය හරහා වැලිමඩට ඇද්දා. පෞද්ගලිකව මං ලංකාවේ ආසම කරන පාර තමයි නුවරඑළිය පාර, ඉඩකඩ තියෙන වංගු එක්ක ස්මූත් කාපට් එක 😍 ලස්සනට හීනියට ඩ්‍රිෆ්ටින් පාරකුත් දාගෙන යන්න කියාපු පාර. ඒ නිසාම තමයි නුවරඑළිය හරහා ආයෙමත් සැරයක් යන්න ඔන වුනේ අපිට. වැලිමඩට එද්දි ඇදිරි වැටීගෙන ආපු නිසාම ඉක්මන් කරලා හාලිඇලෙන් නැවතත් සුපුරුදු බදුලු පාට දාලා බදුල්ලට එන්න අපි පටන් ගත්තා. බදුල්ලෙනුත් මහියංගනය පාරෙන් සෑහෙන දුරක් ගිහින් ආයෙත් අතුරු පාරකට දාලා පැය බාගක විතර යකාගෙ පඩිපෙලටත් අන්ත චප්ප  චොර පාරක් දිගේ ඇවිත් තමයි ගමනාන්තයට ලගාවුනේ. ඒ ටික කියලා වැඩක් නෑ බලලම ඉන්ටකො.