Menu Close

පුළුවන්නම් බැණපල්ලා

            

ආදර කකුළුවනි මේ ටික අහපල්ලා
යා හැකි දුරක් ඇද නැතිවම පලයල්ලා
ආරය වෙනස් විය හැකි බව පවසල්ලා
තේරුණෙ නැතොත් කට වහගෙන හිටපල්ලා
  
රස කොට දෙසුව බණ පදයක් අහපල්ලා
අහලා බණේ දෙකණින් පිට කරපල්ලා
බලපිය රටට යන කල එය රැකපල්ලා
රජෙකුට යටහත්ව සදහට ඉඳපල්ලා
  
මිටි තැන මුව හමක් ගෙන තඩි බාපල්ලා
උස් තැන් ළඟ දි මුව ගල් වල උලපල්ලා
කපුවා යවන පඩ සුවඳයි සිතපල්ලා
දෙයියන් බුදුන් සිහිකොට දැන් දුවපල්ලා
  

%d bloggers like this: