Menu Close

සොඳුරේ මම තාම අපිට පෙම් බදිමි

මා ලියන හැම කවියක් ම – නුඹට බව මම නොකියමි
ඒත් ඒ කවි හැම පෙළක – අපි සිටින බැව් මම හදුනමි

මතක පමණක් තියා මා ළග – නික්ම නුඹ ගිය බව දනිමි
යලි ඒවී නුඹ මා ලොවට – සොඳුරේ මම දැන් නොසිතමි

හිතේ ගැඹුරෙම තැන එතැන- තවම නුඹ සිටින වග දනිමි
නොයා නුඹ වගෙම මමත් – නුඹ ළගද මම නොඅසමි

නෙතින් නෙත දුර වුව  – සිත් හදින් හද බැඳි සුව විදිමි
කියාගන්නට නොහැකි තැන – ඉතිං කවි පද බඳිමි

සිහින සුව දී පැතුම් රන්දා – නික්මී නුඹ මම නොසොයමි
පැරණි මතකෙක ඔස්සේ දුවමින් – අපිත් එක්කම සිනාසෙමි

පිපෙන කුසුමක් වේද ලොව හැම- පරවෙනා සොබාදම දනිමි
සිනාසෙන්නට කදුළු දුන්නද – සදා නුඹ මුව සිනාවන් පතමි

වැයෙන සත්සර සබැදි කව් පද – විටෙක අපි සොයන වග සිතමි
එවිට විගසින් ඇවිත් නවතින – නුඹ ට මම තව පෙම් පුරමි

විටින් විට හිත වෙලා රිදවන – නුඹට මගෙ මම රිදුම් නොපතමි
ගැහෙන හදකින් පෙම් විඳින්නට – දිනෙක නුඹ ලොව දුවක පතනෙමි

යලිත් පෙරමග බලා එන්නට – අපිට අපිවද නොබැඳි බැව් දනිමි
කලක් ඉකමව ගියත් මතකෙන් – සොඳුරේ මම තාම අපිට පෙම් බදිමි

%d bloggers like this: