Menu Close

බස් කතා බස්.. පුරුෂ හිංසනය පිටුදකිමු! It’s weird being traveller in busses!

මේ ඔයාල හැමෝම අර අටමගේ බුකියේ සකලංසමාලේ ඉන්නවල නේද? මාත් ඉන්නෝ අනේ.. එතන හරි ෂෝයි.. :))) මේ ඊයේ එතන ලියුව එකක්.. පරණ ලව් එක මතක් වෙලා මෙහෙත් ගෙනත් එල්ලුව.. කමක් නෑනේ.. 

බස් වල ගෑල්ලමයින්ට වෙන අකටයුතුකම් ගැන බදුල්ලේ නම්කි කෙනෙක් එතන ලියල ඒකට සුසූ ගාල කොමෙන්ට් වැටෙනවා දකිනකොට බදුල්ලේම එකෙක් විදියට පදිරි වෙන්න බැරි නිසා මේක ලියුවේ.. බස් වල ගිය කාලේ මල් වගේ සොරි..මං වගේ පිරිමි ළමයින්ට වෙච්චි අකටයුතුකම් කීපයක් මේ. 

Inside a crowded Bus in Sri Lanka- Photo courtesy www.google.com

පළවෙනියට මතක් වෙන එක උනේ අනූ තුනේ වගේ.. අර බස් වල ගේමක් නැතුව සිකරට් එකක් එහෙම ගහගෙන යන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බ කාලේ.. අපි ඒ ලෙවල්.. අපේ කොල්ලෙක්ගේ අයිය කෙනෙක් මක්කද වෙලා මැරිලා අපි සේරම හවස බදුල්ලේන් බිබිල යන බස් එකට ගොඩ උනා.. මම ඉතින් හැදිච්චි එකා නිසා බස් එක අද්දනකම් ඉඳල එල්ලිලා පොල්ලත් අල්ලං පස්සට ගිය කොන්ද අංකල්ගේ ඉල්ලීමට.. ගිහිං හිටගෙන ඉන්නකොට පොඩි අමුත්තක් දැනුන.. බැලින්නං ළඟ ඉන්න අංකල් කෙනෙක්ට පොල්ල මාරුවෙලා.. මගේ කලිසම ඉස්සරහ හොයනවා.. පොඩ්ඩක් බැලුව ඔරෝල.. ම්හු.. මිනිහ ජනේලෙන් ඈත බලාගෙන මගේ පොල්ලම හොයනවා.. මමත් ඒ පාර අල්ලන් හිටපු බස් එකේ පොල්ල අත ඇරලා මිනිහගේ පොල්ල හොයන්න සෙට් උනා.. අනේ.. ජෝකෙක්වත් ඇඳලා නැද්ද ලූස් ද මංදා අංකල් කාරයා හොඳට හරි බැරි ගැහිලා දුන්නේ නැද්ද මට අල්ලන්ඩ. මාත් සයිස් එක එහෙම මැනගෙන පොල්ල විතරක් මොකද කියල බෝල දෙකත් අල්ලලා.. උගේ මෑණියන් ට පිංදීල මිරිකුවා සෙට් එකම බීපු රන්කිරි කටිං එන්න.. ඒ ගැම්මෙන්ම අත නවල දුන්න වැලිමිටි පාරක් උදර කුහරෙයි උර කුහරෙයි තාවකාලිකව විසන්ධි වෙන්න.. ඒ කාලේ අර මාස්ටර් ඔයාමා ගේ පංති එහෙම ගිහිල්ල අඟලක් දුරින් ඉඳල මුෂ්ටි පහර දීල උළු කැට කඩපු කාලේ.. ඉතිං අඟල් හයක් විතර ඇදල දීපු වැලිමිටි පාරට මටම බය හිතුන මේක මෙතැනම මිය යයි වත්ද කියල.. ඤරස් ගාල සද්දෙකුත් ආවද කොහෙද.. අන්න ඒ නිසාම මම සුටුස් ගාල එතනින් මාරුවෙලා අපේ එවුන් හිටිය මැද්දට ගිහින් හොඳ එකා වගේ හිටිය.. බහිනකම් බයේ හිටියේ.. 

ඊළඟට මතක් වෙන එක උනේ ඊට අවුරුදු දෙක තුනකට පස්සේ.. කොළඹ මීඩියා ඩිප් එකක් කරන්න අරං සෙනසුරාද රෑ කෝච්චියේ බදුල්ලෙන් ඇවිත් ඉරිදා රෑ බස් එකේ ආපහු යනවා.. ඒ කාලේ ඔය මාසේ දෙවෙනි සති අන්තෙට මම ටිකක් වැඩිපුර කැමති.. මොකද ඒ දවස්වලට බස් වල ගෑල්ලමයි ගොඩයි. ගාමන්ට් වල පඩි දීලා නිවාඩු දෙනවා මයේ හිතේ.. අපේ එවුං කියල තිබ්බ හැටියට අන්න ඒ වගේ කෑල්ලක් සෙට් කර ගත්තනං ඒ කාලේ සැප තමයි කියල මම හිතාගෙන හිටියේ.. ඒ උනාට කොහේ.. ම්හු.. උන් උන්ගේ පාඩුවේ දෙන්න තුන්දෙනා යන එනවා මිසක් අපි දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.. ඒ වුනාට මම සැලුනේ නෑ. උපේක්ෂාවෙන් ඉඳල එක දවසක් පෝලිමේ ඉන්න ගමන් එකකට ටෝක් කල්ල ‘හිතවත්’ උනා.. ‘අක්ක අක්ක’ කියල මම කියපු ආදරණිය සුවරෙටද මංදා ඒ ‘අක්ක’ ඇවිත් මාත් එක්කම එක සිට් එකේ ඉඳ ගත්තත් එක්ක. අහෝ.. බස් එක මහරගමට එන්න උනේ නෑ.. ඕක්.. ඕක්‌.. ගානකොට මම පැනල ජනේලේ ඇරලා දුන්න.. චීස් ගාල විද්ද වමනේ පාරෙන් කොටහක් මගේ ඇඟේත්.. අන්තිමට මගේ ලේන්සුවෙන් මාත් ඇඟ පිහදාගෙන උන්දැට ඒකත් දුන්න.. ඒ පාර අතේ තිබ්බ තඩි මල්ලක් මගේ උකුල උඩින් තියල උන්දා කට කපල නිදා ගත්ත.. ආයි නැගිට්ටේ අර වගේම දෙතුන් පාරක් වමනේ දාන්න තමයි.. බලංගොඩ තේ බොන්න නැවත්තුවම මම බොහොම අමාරුවෙන් අරුන්දව උස්සල සිට් එක උඩින් තියල ගිහිං අතපය හෝදගෙන චූ කල්ල ආව.. අඩුම සිකරට් එකක් බොන්නවත් පිරියක් ඉතුරු වෙලා තිබ්බේ නෑ මට.. දෙවෙනි ගමන පටන් අරගෙනත් අර සෙතේම තමයි. මෙන්න යකෝ මැරිලා වගේ නිදාගෙන හිටි ගෑණි ‘බණ්ඩාරවෙල ටිකට් බහින්න’යි කියපු ගමන් දඩ බඩ ගාල නැගිටල මගේ දිහාවත් බලන්නේ නැතුව බැග් එකත් අරං බැහැල ගියා.. මම දුකට හිස් වෙච්චි වෙන සිට් එකකට ගිහිං ඉතුරු ටික නිදා ගත්ත.. 

තුන්වෙනි එක උනේ ඊට සෑහෙන කාලෙකට පස්සේ.. හරියටම 2009 අප්‍රේල් වගේ.. ඒ කාලේ මම හිටියේ මුලතිව් කිට්ටුව කල්ලරාවේ.. මාසයක් විතර මුහුදෙයි, ගොඩබිමයි කැලෙයි කොලෙයි ඇවිදලා රෑ ගාණක් නිදි මරල ඔන්න දවසක් ගෙදර එන්න කියල ආව.. දඹුල්ලට එනකං වාහනයක් දෙනෝ ඒ කාලේ අපිට.. උදේ පාන්දරින් එන්න බෑ පාරවල් ක්ලියර් කරනකං ඉන්න ඕනිනේ.. කොහොම හරි මම පොඩි වෙච්චි ටී ෂර්ට් එකකුයි කැසුවල් කලිසමකුයි ඇඳගෙන කිළුටු ඇඳුම් සෙට් එකත් බෑග් එකේ දාගෙන හතට විතර එහෙං වාහනේ පිටත් වෙලා දහයට එකොළහට විතර දඹුල්ල ටවුමෙන් බැහැල වාහනේ ආපහු යැව්වා.. බැලින්නං දඹුල්ල කිරි කොකා වගේ දිළිසෙනවා.. මම මඩ නාපු වලහැඩියෙක් වගේ ඒ මැද.. ගානකුත් නෑ ඒ උනාට.. ඔන්න එතකොටම ආපි පොළොන්නරු ඉඳල කොළඹ යන බස් එකක්.. මම ටක් ගාල නැග්ග.. ඉඩ තිබ්බේ පිටිපස්සෙම සීට් එකේ මැද විතරයි. මම එතන වාඩි උනා.. කොන්දොස්තර ටිකට් කඩන්න එනකොටත් මම බාගෙට නිදි.. ටික වෙලාවකින් මට මොකක්ද අමුත්තක් දැනිල ඇහැරිලා බලනකොට බස් එකේ පිටිපස්සේ සෙනග ඔක්කොම වගේ මගේ දිහා බලාගෙන.. බස් එකක් නතර කරලා.. කොන්දොස්තර මගේ ලඟට ඇවිත් බය පක්ෂපාතව වගේ මහත්තයා අයිඩෙන්ටිය දෙන්න පුළුවන්ද ඇහුව.. මට වැඩේ තේරුණා.. මම සාමාන්‍යයෙන් කරන්නේ නැති උනත් ඒ වෙලාවේ වචනයක්වත් කියාගන්න බැරුව මහන්සියෙන් හිටි නිසාම මම සර්විස් අයිඩෙන්ටිය දික් කරා.. නිල්පාට සර්විස් අයිඩෙන්ටිය දකින කොටම කොන්දා මල්ලි මගේ එහා පැත්තේ හිටපු කෙල්ලෝ තුන්දෙනාගේ ඇඟට කඩා පැන්න.. 

“මම කියුවේ..මම කියුවේ.. හමුදාවේ මහත්තයෙක් කියල.. කොච්චර දෙනෙක් යනවද අපිත් එක්ක.. මාස ගාණක් කැලේ ඉඳල එනකොට රැවුල් කොන්ඩ කපල එන්නය.. රෑ කීයක් නිදි මරලද කවුද දන්නේ.. ඒ මහත්තය ඉන්න සිට් එකේ ඉන්න බැරි නම් ඔය මිස්ලා බැහැල යන්න මම සල්ලි දෙන්නම්..” 

බැලින්නං මගේ එහා පැත්තේ හිටපු ඉටිකිරිස් එකට ඇඳගෙන කොළඹ යන ටීචර් ලා තුන් දෙනෙක් මම ‘කොටියෙක්’ වෙන්න ඇති කියල රිපෝර්ට් කරල..

%d bloggers like this: