Menu Close

රෝද දෙකෙන් මව්බිම වටා | Motorcycle Diaries Around The Ceylon

රෝද දෙකෙන් මව්බිම වටා

බයික් ටුවර් යන්න පටන් ගත්තට පස්සෙ, ලංකාවෙ ගොඩාක් තැන් කවර් කලාට පස්සෙ හිතේ ඇදුන ලොකුම හීනයක් උනේ ලංකාව වටේ බයික් ටුවර් එකක් යන එක. ඒ ගැන කතාබහ පොඩි පොඩියට ගියත් ඒ සදහා නිවාඩු ගන්න එකයි, සල්ලි හොයාගන්න එකයි, පාට්නර් කෙනෙක් හරි කීපදෙනෙක් හරි හොයාගන්න එකයි…. ඊටත් වඩා ඒ තුනම එකට මැච් කරගන්න එකයි තමයි ලොකුම පරහකට තිබ්බෙ. ගිය අවුරුද්දෙ අග භාගයේ දවසක තව ඒ ආසාවම තියෙන කොල්ලෙක් සෙට් කරගෙන ගමන පිටත් වෙන්න පලෑන් කරලා තිබුනත් අවාසනාවකට නිවාඩු ප්‍රශ්නයක් මත ඒක අවලංගු වෙනවා. කරුණු කාරනා ඒ විදියට වෙද්දි 2017 දෙසැම්බර් 31 රෝද දෙකේ රස්තියාදුව කණ්ඩායමේ නයිට් කෑම්පිං එකේදී ඒ පිස්සුවම තියෙන තවත් කීප දෙනෙක් මුන ගැහෙන්න අවස්ථාව ලැබෙනව. එහිදී කතිකා කරගත්ත විදියට අනුව 2018 අවුරුදු නිවාඩුව මේ සදහා සුදුසුම කාලය විදියට තීන්දු වෙනව. ඒත් පොඩි පරහකට තිබුනෙ අවුරුදු දවසෙ ගෙදර අතෑරලා දාලා එන්න පුලුවන් කොල්ලො ටිකක් වෙන්නත් ඕනෙ නිසා. කොහොමින් කොහොම හරි මේ වැඩේ බර කරට අරං වැඩ කලේ අපේ පැතුමා (කලින් පොලොන්නරුවේ ඉදං මාතලේ ආපු රයිඩ් එකේ නඩේගුරා) ඉතිං මීට මාසෙකට විතර කලින් මට උගෙන් කෝල් එකක් එනවා හදිසියෙම ටුවර් එකට ස්ටිකර් ටිකක් එක්ක ලෝගෝ එකක් ඩිසයින් කරගන්න කියලා. උගෙන් අයිඩියාව ගත්ත මං එදා රෑම පුලු පුලුවන විදියට රාජකාරි අස්සෙ වැඩට බහිනවා. දවස් ගානක මහන්සියකින් පස්සෙ ලස්සන ප්‍රොඩක්ට් එකක් දෙන්න මට පුලුවන් වෙනවා.

ඒ අතරවාරෙ ඌ යන්න ඔනෙ රෑට් එක චෙක් කරලා තැන් ටික මාක් කරලා ඕෆ්ලයින් මැප් බාලා ටෙන්ට් බුක් කරලා ස්ටිකර් ප්‍රින්ට් කරලා විකාරයක් කරලා තිබ්බෙ. අපිට තිබ්බෙ සෝක් එකට යන එක විතරයි. ඒත් ඒ වෙනකොටත් ගමන යන හරි දවස තීරණය කරලා තිබුනෙ නෑ. ගමන දවස් 5කට ප්ලෑන් කරලා තිබුනත්, 10ද 11ද පිටත් වෙන්නෙ කියලා දෝලනය වෙවී තිබුනෙ මටයි, රන්දික අයියටයි නිවාඩු ගන්න ලොකු ප්‍රශ්නයක් තිබුන නිසයි. කොහොමින් කොහොමහරි අවසාන මොහොතේ මං හින්දම දවසක් කලින් නිවාඩුවක් දාගන්න රන්දික අයියා කැමති උනා. ඇත්තටම කිව්වොත් ඌ ජොබ් එක බැලන්ස් කලා.

ඔන්න 10 වෙනිදා හවස අපි පිටත්වෙන්න තීරණය කලේ මේ විදියට. හවස 6.45 වෙද්දි මං බඩු ටිකත් පැක් කරගෙන 7 වෙද්දි පස්යාල හංදියට වෙලා පැට්‍රල් පිච්චුවා. 7 වෙද්දි සචින්තනයි, සචිත් මල්ලියි දෙන්නම නුවර ඉදන් ඇවිත් මට සෙට්උනා. අපේ අදහස උනේ හංවැල්ල, පාදුක්ක හරහා පානදුරට ගිහින් පැතුමගෙ බෝඩිමට යන එක උනත් ටික දුරක් යද්දි ඇදිරි වැටීගෙන එද්දි කාලය ඒකට හරස් වෙන පාටක් තිබුන නිසා හංවැල්ලෙන් දාලා බෙල්ලන්විල පන්සල ලගට ගියා.එතන ටික වෙලාවක් ඉද්දි පැතුමයි, දුමියයි, රන්දිකයයි කඩාපාත් උනා. පස්සෙ ඉතිම් එතැනින් ස්ටිකර් එහෙම ගහගෙන කාරිය දෙයියනේ කියලා බෙල්ලන්විල පන්සලත් වැද පුදාගෙනම ගමන පටන් ගත්තා. 
කොහොමද ස්ටිකර් පාර

බෙල්ලන්විල අසබඩ

ප්‍රී – ෂූට්
මේ විදියට බයික් 6 ගාලු මුවදොර ලගට ඇවිත් හරියටම මධ්‍යම රාත්‍රී 1200 පැයට ගමන ආරම්භකලා. කොටුව මැද්දෑවෙන් කොටුව ලයිට් හවුස් එක හරහා ගිය ගමන ඇලකන්ද පාර දිගේ මීගමුව වෙත ඉකමනටම ලගාවුනා. හලාවත, පුත්තලම පහු කරගෙන කල්පිටිය ජැටිය ලගටම එද්දි හොදටම අමාරුයි වගේම පාන්දර 4ත් පහුවෙලා තිබුනෙ මතක විදියට. නිදි මරාගෙනම ආපු නිසා කල්පිටියෙ පොඩ්ඩක් ඇලවෙන්න තීරණය කරපු අපි නාවික හමුදා කදවුර එහා පැත්තෙ තිබුන කල්පිටිය කොටුව ඉස්සරහා පොඩි කඩයක කඩපිලේ ඈදිගත්තා විතරයි මතක. ඇහැරෙද්දි එලිය වැටිලා කියාංකො. 6ට විතර ඇති, දඩබඩ ගාලා නැගිටලා කාරිය එතන තිබුන කඩේකින් තේකක් බීලා ආපහු පුත්තලටම ඇද්දා.
කල්පිටියට තවත් දවසක්
Colombo Face – පුත්තලම
 පුත්තලමේ කලම්බු ෆේස් වල ඉදං උදේට කෙටි ආහාරයකින් සප්පායං වෙලා මූණ ටිකක් හෝදගෙන කාරිය අපේ ඊලග නවාතැන උන මන්නාරම් තොට බලා පිටත් උනේ විල්පත්තුව ඕෆ්රෝඩ් රයිඩින් එකේ ආතල් එක කන්නම බලාගෙනයි. විල්පත්තුවට ඇතුල් වෙන තැන තියෙන එලුවන්කුලම කලා ඔයෙන් නාලා කාරිය දූවිලි, මඩ කාගෙනම විල්පත්තුව හරහා රයිඩ් එක පටන්ගත්තා. බයික් කීපයක් පෙරලීමකට ලක්වෙන්න සිදුවුනත් කාටවත් කරදරයක් උනේ නෑ .
විල්පත්තුවට පෙර – නාකියා ගැනීම

ඩස්ට් එක එහෙම නෑ

ඔිෆ් රෝඩ් කියන්නෙ නිකංද

වෙල්ලමුන්දලමට හැරෙන්න

සෆාරින්ට පමණක් උරුම කදිරමලෙයි

ඔින පාරකට ඔට්ටුයි

ගොඩට මඩට දෙකටම
කලබගෑනි ගොඩකට පස්සෙ හවස් වෙද්දි මන්නාරම ටවුන් එකට එන්න පුලුවන් උනා අපිට. එතනින් දවල්ටද මන්දා හවස කාලා, තලෙයිමන්නාරම බලා පිටත් උනා. අපි ඊටපස්සෙ නැවතුනේ තලෙයිමන්නාරම ජැටියෙන්. එතන ලයිට් හවුස් එකයි පරණ පියර් එකයි බලලා අපි නවතින්න තැනක් හොයන්න පටන්ගත්තා. අන්තිමට කාලගුණික තත්වය හා ආරක්ෂාව කියන කරුණු සලකා බලලා අන්තිම ඔප්ෂන් එක උනේ තලෙයිමන්නාරම පන්සලේ නවතින එක. මායි සචින්තන අයියයි පන්සලට ගිහින් හාමුදුරුවෝ හම්බෙලා වචන දෙකක් කතාකරන්න ලැබුනෙ නෑ. නවතින්නද ආවේ, හා අතන බඩු ටික දාගන්න කිව්වෙ නැතෑ. අපිටත් ඉතිං ඉහේ මලක් පිපුනා වගේ උනා. එතන බයිසිකල් ටිකයි බඩු ටිකයි දාලා බීච් එක පැත්තට යන්න කියලා පිටත් උනේ බයික් 3කින්. එතැනට එද්දි ඇදිරි වැටුන නිසා ඉක්මන්ටම ආපහු ආවා වැඩි වෙලාවක් රැදෙන්නෙ නැතිව.
එදා රෑ පන්සලේ්ම කාලා නිදාගන්න කියලා වැටුනා විතරයි ඒත් මතක. ඒ තරම් සැපට නින්ද ගියා පැදුරෙ. පහවෙනිදා උදැහැනැක්කේම පැතුමගෙ අඩෝවැඩියාවට අපි ඇහැරිලා මූන කට හෝදගෙන එහෙම පිටත් වුනේ 1st island යෑමේ බරපතළ කර්තව්‍යය හිතේ තියාගෙන.
මන්නාරම පිවිසුම

තලෙයිමැනා ලයිට් හවුස්
මන්නාරම් තොට අවසන් දුම්රිය ස්ථානය

1st Island කරා

වැලිතැන්නේ රාත්‍රියක්
1 st island යන්න ගිහින් තමයි සුපිරිම ආතල් එකක් ගන්න වගේම මඩක් කන්න උනේ අපිට. වායෝ හෝටලය අස්සෙන් අතුරු පාරක දාලා අපි සුදු පාට වැල්ලෙන් එරෙන මූදු තීරය දිගේ මුහුදට බයික් ටික දැම්මා. මූද කිව්වට දැන් ටිකක් හිදිලා. රොන්මඩ පාර විතරයි රොන්මඩ අස්සෙන් වැල්ල දිගේ යන එක පට්ට ආතල් එකක් උනත් දෙයියනේ කියලා පලවෙනි සැරේට සච්චගෙ අටමගල අපිට වද දෙන්න ගත්තේ ඒ වෙලාවෙ තමයි. කොහොමහරි ඒකත් හදාගෙන ආපහු මූද මැද්දෑවෙන් බයික්කෙ යද්දි දුමියා දෙයියනේ කියලා ආපහු සැරයක් බයික්කෙ පෙරලත්තෙ නැතැයි. ඒ මැද්දෙ සාමාන්‍යයෙන් යන්නෙ මහ ට්‍රැක්ටර් විතරයි. ඉන්දියන් ටුවරිස්ට්ලා වගයක් අරං ආපු ට්‍රැක්ටරේ ඩ්‍රයිවර් ඌ ට්‍රැක්ටරේ එලවගෙන සෑහෙන අමාරුවෙන් එන ගමන අපි බයික්කෙ එනව දැකලද කොහෙද අපි දිහා කන්න වගේ බලං ඉද්දි ටුවරිස්ට්ලා ටික ඇස් ලොකු කරං පුදුමෙන් බලාන හිටියා. කොහාමින් කෝම හරි අපි බයික් එක්ක පට්ටම අාතල් එකක් ගත්තේ එ් රයිඩ් එකෙන්.

අනන්තය සොයා

ලෙඩ දුන්න අටමගල

රැන්ඩම් ක්ලික්ස්

අපි එනකං ඉදෝ

රාම් සේතු කෙළවර (මුහුද මැද)
හොදම සීන් එ උනේ අපි රාම් සේතු වලට අාවට සේන්දු උනාට පස්සෙ. රන්දිකයගෙ කට කහනවට වගේ අාපු පැත්තෙන් නැතිව අනිත් පැත්තෙන් යමු කිව්වා. අපිත් මොකද ඉතිං ඉබ්බා දියේ දැම්මම අෑන්නෑවේ කිව්වාලු කියලා ගියා ගියාමයි මෙන්න ටික දුරක් යද්දි වැල්ල වැඩී එ් පැත්තේ… එරෙනව බරටම, මගෙ තමයි පළලම ටයර් තිබුනෙ එ්කටත් යාගන්න බැරි තත්වයක් අාවේ. අාපහු හැරෙන්න විදියකුත් නෑ දැං. ඔින චීත්තයක් කියලා දැම්මා බයික්කෙ වතුර වදින නොවදින ගානට, කෙළලා අැරිලා හැටට හැටේ වතුර දිගේ. එ් අස්සෙ වතුර වැඩි වෙනවා බලං ඉද්දිම, රැල්ල ගහනවා හෝ ගාලා මූණටම. මූදේ බයික්කෙ යනවා වගේ තමයි, දෙතුන් සැරයක්ම සැරට රැල්ල වැදිනා බයික් දෙකතුනම තැන් තැන්වල හිට්ටා නෙහ්.. පපුව හෝස් ගාලා ගියා. බයකුත් හිතුනෙ නැතිවම නෙමෙයි.  ඔහොමම ටික දුරක් ගිහින් දූපතේ එහා තීරුව පේන මානෙ අල්ලලා එහා පැත්තට දා ගාත්තෙ තල්ලු කරලා. දැන් නං ශේප්. පට්ටම සීන් එක කියන්නෙ අර ටුවින් රාජයා අායෙත් කැඩිලා එ් අස්සෙ. මුන් කෝල් කරනවා මක්කැයි කොරන්නෙ කියලා. තල්ලු කරන්න විදියකුත් නෑලු එරිලා නිසා. අපිට යන්න විදියකුත් නෑ අපේ බයිකුත් එරෙන නිසා. ටික වෙලාවක් බලං ඉදලා බයික්කෙ දාලා අාපහු පයින් ගාටන්න හැදුවා විතරයි අරහෙන් කෝල් එකක් එනවා හදාගත්තා එන ගමන් කියලා. එ් එද්දිත් බයික්කෙ පෙරලුන කතාවක් කනින් කොනින් අාවට හරියට කන්ෆර්ම් කරගන්න නං බැරිඋනා. මේ බලහංකො උගේ රිපෙයාර් වල තරම. ( ඔව් ඔව් අර ස්පොකට්ලස් ටුවින් එක තමා) මේවා ඉතිං ගරාජ් බාස්ලටත් කරන්න බැරි ට්‍රික් තමයි.

අැක්සල් කරද්දි ප්ලග් විසි වෙනෝ!

අමාරුවෙන් මූදෙ ගිලෙන් නැතුව ගොඩට අාපු අපේ පළවෙනි කර්තව්‍යය වුනේ බයික්ක ටික පිරිසිදු වතුරින් හෝදගන්න එක. ඉස්සෙල්ලම අපි තලෙයිමන්නාරම් පොලීසියට ගොඩවැදිලා ඔි.අයි.සී. මහත්තයා හමුවෙලා විස්තරේ කියලා වතුර ටිකක් ඉල්ලගන්න හැදුවත් එහෙ තියෙන්නෙ පානීය ජලය නිසා එ්ක අපතේ යවන එක සුදුසුම නැති දෙයක් නිසාත් අපි අාපහු මන්නාරමට එන්න පිටත් උනේ ඉක්කන්ට සර්විස් සෙන්ටර් එකක් හොයාගෙන. පොලීසියෙන් අපිට සුහද පිළිගැනීමක් හම්බුනා කියලත් මතක් කරන්නම ඔිනෙ. එන අතරමග වෙලාවට හොද පොට් එකක් හමුවුන නිසා බයික්ක ටික ඔක්කෝම පෝලිමට තියලා වතුර පාරක් අල්ලගෙන ඔයිල් පාරක් දාගන්නත් පුලුවන් උනා.

මඩ කනව කියන්නෙ මේකට තමයි