Menu Close

අවසන් කවිය..

——————————————–

මේ නිහඬ බව යට වරුවක්..
මට අවැසි තනිකමේ කවියක්..
නුඹ නොදන්නා බව දැනුනත්…
මේ තනිකමත් මට මහා සුවයක්..

ඉඳ හිටම ලියවෙන කවියක්..
හිත නිවන මල්පැන් වැස්සක්..
අර පායනා තරු දහසක්..
සේම නුඹ හරි  දුරම අහසක්..

මට අවැසි තනිකමේ සතුටක්..
කිසිදාක නොදැනෙන  සුවයක්..
සිත නොරිදෙනා එක මොහොතක්..
මහත් සැනසුම් සුසුම් දහසක්..

නුඹ නොමැති බැව් සිත දනිතත්..
ඉඳහිට  ලියවෙනා එක කවියත්..
නොදැන නුඹ වෙත ලීවත්..
මේ තනිය මට මහ පුදුම සුවයක්..

දුරු අමාවක සඳ අහසක්..
අතැර දුර ගිය බවත් රහසක්..
සිත නිහඬ  එක අහසක්..
මින් මතුව මම එහි නිහඬ සවසක් .. !! “😊

#මානි ✒️

%d bloggers like this: