Menu Close

අලින්ගෙයි කූඹින්ගෙයි වැඩ

කූඹියෝ දැන් ඉවර හින්ද ගැන මගේ තියෙන අවංකම අදහස් එලියට දැම්මට කවුරුවත් තරහ වෙන එකක් නෑ. නාට්ටිය හදපු උන් වෙනුවෙන් වුනත් මට කරන්න පුළුවන් හොඳම දේ ඒක කියලයි මං හිතන්නෙ.
කූඹියෝ මාත් පැල් බැඳගෙන බලපු ඩ්‍රාමා එකක්. සෙනසුරාදා ඉරිදා කොටස් දෙකම එකතු කරලා එකට බලන ආතල් එකකට මං ලොල් වෙලා හිටියෙ. ලංකාවෙ ටෙලිකියන කිසිම දෙයක් බලන එක අත්ඇරලා හිටපු මාව කූඹියෝ ආපහු ටීවී එකට ගෙනාවා. ටීවීඑක යූටියුබ් එකට ගෙනාවා.
කූඹියෝ කියන්නෙ මට මාර නාට්ටියක් නෙමෙයි. ඒත් කූඹියෝ කියන්නෙ මාර වැඩක්. නාට්යයක් විදිහට ගත්තොත් ඒකෙ ප්ලොට් එක හිල් ගොඩක්. මුලදි ඉන්න ජෙහාන්ව එකපාරට කරකවලා නොම්මර එකේ ගේම්කාරයෙක් කරන එක කොහෙත්ම විශ්වාසනීය විදිහකට ගොඩනැගිලා තිබුනෙ නෑ. රියන්තව ටේරන් කරවන්න කරපු වැඩ කියල පස්සෙ හිතාගන්න සිද්ද වෙන, මුලදි කරපුසගරා ගහන, එලවළු බෙදනවැඩ කතාවෙ නිකං එල්ලිලා තියෙන දේවල් වගෙයි. කතාවඇත්තටම පටන් ගන්නෙ ශාක්‍යා හෝල්ඩින්ග්ස් එක ඇතුලෙ ඉඳන්. යුරේනිගෙ චරිතෙ විතරක් නෙමෙයි ප්‍රියන්තගෙ වගේ දැවැන්ත චරිත පවා අන්තිම වෙද්දි හොඳටම අබ්බගාත වෙනවා. ගොළුවෙලා වඳවෙලා යනවා. අන්තිම කොටස් කීපයකම ප්‍රියන්තට තිබුනෙ ඔහේ හිටං ඉන්න විතරයි. කතාවෙ සම්පූර්ණ ඉමෝෂනල් ලින්ක් එක නිරාපරාදෙ අත්ඇරගන්නවා.
වගේම ටීවී සීරීස් එකක් විදිහටත් කූඹියෝ ඉතාම අසාර්තක සැකැස්මක්. කතාවෙ මුල ටික පට්ට බෝරිං වෙන්නෙ තනිකරම ප්‍රියන්ත සහ ජෙහාන් කියන චරිත දෙක උඩ කතාව දුවන හින්ද. උන් දෙන්නා සතියෙන් සතිය මොකක් හරි විකාරයක් කරන ගානට වැටෙනවා. සාමාන්යයෙන් ටෙලි සීරීස් එකක් හොඳට දුවන්න නං හොඳට පැතිරෙන්න  ඕන. සබ්ප්ලොට් හැදෙන්න  ඕන. වෙන වෙන අතුරු පාරවල් වල යන්න  ඕන. ඒත් කූඹියෝ දුවන්නෙ තනි කෙලින්. ඊටත්වඩා එකතැන උඩයට කැරකෙන අභව් ප්ලොට් ට්විස්ට්.
කතාවෙ ඇත්ත චරිතය ජෙහාන් නෙමෙයි, ප්‍රියන්ත. ප්‍රියන්තගෙ `ගපෑම වගේම ප්ලොට් එකෙන් දීලා තියෙන ස්පේස් එකත් වැඩියි. ජෙහාන්ගෙ චරිතය ඒකාකාරීයි. එකම හිනාව. එකම දෙබස්. ෙප්‍රඩික්ටබල් ඇක්ටින්. ඒත් ප්‍රියන්තට වඩා ජෙහාන් පොප්. නිතර එකම රංගනය, එකම දෙබස් කියන චරිතයක් ලේයර්ස්වලට ගැඹුරට ගමන් කරන වේරියේෂන් තියෙන චරිතෙකට වඩා ජනප්‍රිය වෙනවා. රජිනි කාන්ත්, ෂාරුක් ඛාන්, අමිතාබ් මේ හැමෝම ලොකු කැරැක්ටර් ඩෙප්ත් වලට ගිය අය නෙමෙයි. හින්දම හිට් සහ පොප් අය. නවසුදින් සිද්දික් වගේ චරිතයක් එක්ක සංසන්දනය කළොත් මේක හරියටම තේරෙනවා.
නිසාම ජෙහාන් ජනප්‍රිය නළුවා වෙන එක අන්තිම සාධාරණයි. එහෙමතමයි ඒක වෙන්නෙ.
මෙහෙම තියෙද්දිත් මං කූඹියෝවලට පට්ට කැමති ඇයි? කූඹියෝ ටෙලි ඇතුලෙ කරන්න හදන නිර්මාණාත්මක වැඬේ මීට කලින් කවුරුවත් කරලා තිබුනෙ නෑ. තමන්ගෙ ආර්ට් හරි සම්භාව්‍ය හරි කියන සීමාවෙන් ගැලවිලා ජනප්‍රිය රැල්ලෙ තියෙන කෑලි එක්ක හැප්පෙන වැඩක් කරන්න කවුරුවත් ට්‍රයි කළේ නෑ. නාලන් මෙන්ඩිස්ලාගෙන් වගේම ඉන්දියන් මෙගාවලින් ඉගෙන ගන්න කිසිකෙනෙක් ලෑස්තිවෙලා හිටියෙ නෑ.
කූඹියෝ ලක්මාල් සහ දමිත මේ අභියෝගෙ ගන්නවා. මිනිස්සු ඉන්න තැනට යනවා. තමන්ගෙ කතාව, තමන්ගෙ හැඩයටෙලි  ඕඩියන්ස් එකේ විහිලූ සහ සරලමිතික හැඩයන් එක්ක ගලපගන්නවා. එක දිගට සමස්තයක් විදිහට නෙමෙයි කෑලි කෑලි විදිහට හිට්වෙන ආතල් දෙන වැඩක අවශ්යතාවය තේරුම් ගන්නවා. ` නැමෙන, අනෙක් ටෙලිකතා නිතර ගැවසෙන පරිසරයකම තමන්ගෙ කතාව තමන්ගෙ වෙනස්කම් ඇතුව කියාගන්නවා. රධානම දේ වෙන්නෙ අපේ උන් වැඩක් කරන්න ගියාම වැෙඩ් පුරා එළන කාලකණ්ණිකම, දේශපාලනය,  බරපතල සංවාද වගේ කාරණා වෙනුවට නාට්ටිය පුරාම බලාපොරොත්තුව, ත්‍රිල පවත්වාගෙන යන්න සැලසුම් කරන එකයි.
ඇත්තටම ගත්තොත් කූඹියෝ බැලූවෙ හැමදාම ටීවී ඉස්සරහ ඉන්න ජනතාව නෙමෙයි. ටීවී බලන එක අත්ඇරලා දාලා ඉන්න ජනතාව. වෙනම ඔන්ලයින් මාස් එකක්, ඩයස්පෝරාවක් කූඹියෝ එක්ක ටීවී එකට ගැටගැහුනා. ටීවී එක ඔන්ලයින් ගැටගැහුනා.
මේ මාස් ඇපීල් එක මට දැනෙන්නෙ හරිම වැදගත් විදිහට. මේ අය පරණ පවුල් නාටක බලන එක බෝරිං වෙච්ච අය. පොදු පොලිටිකල් දේවල් ගැන සංවාදයකට ගන්න පුළුවන් අය. මේ කියන්නෙ වමේ හෝ වෙනත් පොලිටිකල් කල්ට් දේවල්වලට නෙමෙයි. මාක්ස් ගැන හෝ අල්තූෂර් ගැන සංවාදවලට නෙමෙයි. දැනෙන පොදුසමාජ කතිකාවලට එකතු කරගන්න හැකියාවක් තියෙන අය.
කූඹියෝ කියන්නෙ වෙනස් වෙනස් මතවාද ඇති මේ විශාල පිරිසකට එකට රස විඳින්න පුළුවන් වැඩක් වුනා. ඩ්‍රාමා එකේ ඉතා සියුම්, සමහරවිට වැදගැම්මකට නැති නිරීක්ෂන පවා උනන්දුවෙන් බෙදාහදා ගනිමින් ඔවුන් ඇසුරක් නඩත්තු කළා. මං ඇත්තටම විශ්වාස කරන්නෙ අනාගත දේශපාලනයකට අවශ් සහ සූදානම් නියැදිය මේ කූඹිගුල ඇතුලෙ එලිදරව් වුනා කියල. මතුපිට අසමානතාවලට යටින් ඇති පොදු රස වින්දනයක් හෝ අදහසක් වෙනුවෙන් එකතු වීමේ හැකියාව කූඹියෝ හරහා පර්යේෂණයට ලක්වුනා.
කූඹියෝවල ඉන්නෙ ගේම්කාරයෙක්. මේ ගේම්කාරයාව උත්කර්ෂයට නැංවීමෙන් රමෝදයට පත්වෙන්නෙත් අපේ අපත මානසිකත්වය කියන දේශපාලනික කියවීම අන්තිම පටු එකක්. ඇත්තටම මේ අදහස රකාශකරන සහ වටේ එල්ලෙන වාමාංශික පිරිස්(මේ අය සහෝදරයා වගේ නාට්යවලට බැතිමත්) නාට් හරහා සමාජයට පණිවුඩයක් දිය යුතුයි කියන සරල වින්දනමානය තෝරගන්න අය. සුචරිත ගම්ලත්ලට පවා මේ ලෙඬේ තිබුන.
කූඹියෝ හරහා යෝජනා කරන රුචිකත්වයේ වෙනස අය දකින්නෙ නෑ. නාගරිකත්වය සහ ග්‍රාමීයත්වය අතර ගැටුම මේ අය දකින්නෙ නෑ. එක එක චරිත හරහා යෝජනා වෙන වෙනස් වෙනස් මිනිස් ගතිකයන් මේ අය අඳුරගන්නෙ නෑ. කොටින්ම අන්තිම දරුණු ගේම්කාරයෙක් වුනත් නාට්ටිය හරහා ජෙහාන්ගෙ ගොඩනැගීම ඇතුලෙ ආරක්ෂාකරන සදාචාරය මේ අයට අහුවෙන්නෙ නෑ.
මිනිස්සු ජෙහාන්ට කැමති ගේම්කාරයෙක් හින්ද නෙමෙයි. ගේම් ඇතුලෙ යම් සදාචාරයක්, මනුස්සකමක් ඉතුරුවෙලා තියෙන හින්ද. ජෙහාන්ගෙ චරිතය ඇතුලෙ මුලදි ගොඩනැගෙන අහිංසකකම පස්සෙ නිකං වචනවලින් එලිදරව්වෙන ගේම් වලින් කැන්සල් නොවෙන හින්ද. ජෙහාන් කියන්නෙ ලංකාවෙ ලොකුම දේශපාලකයන්ට පවා ගේම් දෙන්න සමත් රතිවීරයෙක්. වගේමජෙහාන්ට අනන් වුනු කොලිටීස් තියෙනවා. ඒවා සාම්ප්‍රදායික, ගම්බයි ඒවා නෙමෙයි. ජෙහාන්ට ස්ටයිල් එකක් තියෙනවා. ලංකාවෙ පළවෙනි වතාවට ඉතාම ජනප්‍රිය තලයක වමට නැති වෙන්න කෙලින තනි වීදි චරිතයක් ජෙහාන් ඇතුලෙ ගොඩනැගෙනවා. ඒක වීරත්වයක්. ජෙහාන් අතින් කෙලවෙන්නෙ බොරු සදාචාරවාදී, ග්‍රාමීය, වාමාංශික කඩතුරාවලට විතරයි.
කූඹියෝ වැඩක් වෙන්නෙ ටීවී තිරය උඩ නෙමෙයි. කූඹියෝ තියෙන්නෙ ටීවී එකෙන් එලියෙ. මෙතනදි හසින්ද උදලාගම වගේ අය මූලිකවෙලා හදපු කූඹිගුල කියන කන්සෙප්ට් එකත් ලොකු වැඩකොටසක් කරනවා. ඩ්‍රාමා එක ඔන්ලයින් මාස් එකට කතා කළාට අයට අනන්යතාවයක් දැනෙන, සමීපත්වයක් දැනෙන අවකාශයක් හැදෙන්නෙ කූඹිගුලෙන්. මේ අය එකට සම්බන්ද කරන, එක දිශානතියකට බලහත්කාරයෙන් තොරව යොමු කරන බලය වෙන්නෙ කූඹිගුල. ඇත්තටම ලංකාවෙ දේශපාලන ව්‍යාපාරවලට මගඇරෙන දේශපාලනය කූඹිගුලේ තියෙනවා.
මෙතන ඉන්නෙත් දෙවෙනි ඉනිම බලන, ජාතිවාදී හෝ ලිංගවාදී පිරිසමයි කියල මේ හවුල අවතක්සේරු කරන්නෙ ඇත්තටම කිසිම දේක පොසිටිව් දෙයක් දකින්න බැරි අය. මේක ලංකාවෙ දරුණු ලෙඩක්. මේ රටේ බහුතරයකට සතුට, සුබදායක බව වගේ දේවල් බාරගන්න අමාරුයි. ඒක අයගෙ මනස අභ්යන්තරයේ ගැටුම් ඇති කරනවා. එක පැත්තකින් බුදුනුත් අනෙක් පැත්තෙන් මාක්සුත් මේකට බලපානවා කියලයි මට හිතෙන්නෙ. කොයිවෙලාවක වුනත් ඉස්සරහට එළඹෙන අවදානමක්, අන්තරායක් වගේ දෙයක් මේ මනස්වල පැවැත්මට  ඕනවෙනවා.
කූඹිගුලේ හැමෝම මාර ලිබරල් හරි මාර ඇඩ්වාන්ස් හරි කියල මං හිතන්නෙ නෑ. ඒත් අය සක්‍රීයයි. අදහස් බෙදාහදාගන්නා සුලූයි. සංවාද කරනසුලූයි. විරෝදයන්, විවේචනයන් එක්ක පොසිටිව් විදිහට ගැටෙනසුලූයි. විශේෂයෙන්ම ලංකාවෙ පළවෙනි වතාවට ඇතිවුන මේ වගේ සාර්තක ෆෑන්බේස් එකක ගතිකයන් ගනං නොගැනීම කියන්නෙ  සමාජ දේශපාලනික දැනුමෙ හිලක් විදිහටයි මට පේන්නෙ.
මේ පිරිස කූඹියෝ කියන රසවින්දන මානය එක්ක කාලයක් පුරා එකට පවත්වාගෙන යන්න පුළුවන් වුනා. සාකච්ඡා සංවාද ඇතුලෙ විවිධ නිර්මාණශීලී දේවල් සක්‍රීයව සිද්ද වුනා. නාට්ටිය බලලා නිකං ඉන්නවට එලියෙන් අය විවිධ දේවල් කළා. නාට්ටියේ අවසාන කොටස එකට නරඹන යෝජනාව වුනත් සරල වගේම වැදගත් එකක්. මේ ඔන්ලයින් සම්බන්දතා කොයිතරම් ඇත්ත ලෝකෙ පෙනී සිටීමකට හරවන්න පුළුවන්ද කියන එක එතනදී ටෙස්ට් වුනා.
අන්තිමට ජනප්‍රිය නළුවා සම්මානය දිනාගැනීම කියන අරමුණ දක්වා මේ පිරිස සංවිධානය කරන්න පුළුවන් වුනා. තමන්ගෙ වියදමෙන් එස්එම්එස් ගහන්න, ප්‍රචාරය අරගෙන යන්න කැපවෙන පිරිසක් මේ හරහා  ඕගනයිස් වුනා. අන්තිමට දෙවෙනි ඉනිමේ අනුහස්ව පරද්දලා ගේම්කාර ජෙහාන් ලංකාවෙ ජනප්‍රිය නළුවා කරන්න මේ ප්‍රවාහයට පුළුවන් වුනා.
මං දකින්නෙ මේක රටේ ජනප්‍රිය කියන ධාරාව අභියෝග කරපු අවස්තාවක් විදිහට. සාම්ප්‍රදායික ඔතෑනි සුකුමාල ජනප්‍රියතාවය නාගරික ගේම්කාර පොලිටික් එක විසින් පැහැර ගත්තා. රවීන් කනිෂ්ක වෙනුවට තුමිදු ජනප්‍රිය නළුවා වීම ඇතුලෙ දේශපාලනයක් වැඩකරනවා කියල දකින්නෙ නැති බුද්දිමතුන් ගැන ඇත්තටම මට කියන්න වචන නෑ.
කූඹියෝ කියන්නෙ ලොකු වෙනසක්. ඒක වෙනස් සම්ප්‍රදායක ඇරඹුමක්. මේක දෙවෙනි කොටසක් වෙනකල් ඇදගෙන යන්න  ඕනද නැත්තං මේ වගේ තව තව නාට්ටි හදන්න  ඕනද කියල අදහසක් මට නෑ. මොකද කූඹියෝ කියන්නෙම අහම්බයක්. වැඩකරපු අහම්බයක්. මට වඩා වැදගත් වෙන්නෙ මේ කූඹියෝ විසින් කරපු සමාජ පර්යේෂණය 2020 පාව්චිචි කරන්නෙ කොහොමද කියන එකයි. මේක අවශ්‍යම කේස් ස්ටඩි එකක්.

%d bloggers like this: