Menu Close

සෝෂල් මීඩියා බ්ලොක්ද?

මේ දවස්වල අැතිවෙලා තියෙන හුට්ටප්පරත් එක්ක බුකිය, වට්ස්අැප්, වයිබර් අැතුලු සෝෂල් මීඩියා අවහිර කරන්න රජය පියවරක් ගත්තා. එ් ගත්ත තීරණය ගැන වාද විවාද කොච්චර තිබුනත්, එ්කෙ සාර්ථකත්වය ගැන කොච්චර ගැටලු තිබුනත් අපිට සොෂල් මීඩියා නැතිව ජීවත් වෙන්න පුලුවන්ද මෙයා? බෑනේ.. බෑනේ… එහෙනං අටුවා ටීකා ටිප්පනි නැතිව වැඩට බහිමු. මං කියන්න යන්නෙ අැන්ඩ්‍රොයිඩ් ඩිවයිස් භාවිත කරන අයට කිසිම අවහිරයක් නැතිව මේ සමාජ මාධ්‍ය භාවිතා කරන හැටි. මේක බහුතරයක් දන්නවා අැති ෂුවර් එකට, නොදන්න අය විතරක් බලාගන්න.

ඉස්සෙල්ලාම Play Store එකට ගිහින් Turbo VPN කියන අැප් එක බාගන්න.

අැප් එක open කලාම මේ විදියට Home Screen එක එයි. එ්කෙ දකුණු පැත්තෙ තියෙන ලෝක ගෝල අයිකන් එක ක්ලික් කරන්න.

ඊට පස්සේ මේ විදියට screen එකක් එයි. කැමති රටක් තෝරගන්න. යුරෝපියානු රටක් නම් හොදයි.

දැන් තියෙන්නෙ connect කරන්න.. චුට්ටම චුට්ටක් ඉවසන්න..

 සාර්ථකව Connect උනාට පස්සෙ මේ විදියට ස්ක්‍රීන් එක අාවා කියන්නෙ වැඩේ ගොඩ.

දැන් තියෙන්නෙ අැප් එක මිනිමයිස් කරලා කැමති සෝෂල් මීඩියා අැප් එකක් භාවිතා කරන්න. හැබැයි Close කරන්න එපා අැප් එක. එච්චරයි!

ප.ලි.- තොරතුරු දැනගන්න මිසක් රටට නරකක් වෙන විදියට භාවිතා නොකරනවා නම් තමයි හොද!
ප.ප.ලි- රජය මගින් බ්ලොග් අඩවිත් වාරණය කිරීම් හා පෙරාහැරීම් කටයුතු කරමින් පවතිනවා. දැනටමත් නිව්ස් වෙබ් කීපයක් සස්පෙන්ඩ් කරලා තාවකාලිකව.

%d bloggers like this: