Menu Close

කිරි ගොවියාගේ අර්බුධය


කිරි, බහුතරයකගේ උදෑසන ආහාර වේලේ ප්රධානතම අංගය යි.එහෙත් කිරි වීදුරුව නැවුම් එළකිරි වීදුරුවක් වන්නේ අතිශය කළාතුරකින් . නැවුම් කිරි සපයා ගැනීමේ අපහසුව,පිටි කිරි සෑදීමේ පහසුව වැනි කාරනා මෙසේ බහුතරය නැවුම් කිරි පරිභෝජනය අතහැර දැමීමට හේතු වී තිබේ.ලෝකයේ කිරි පිටි පරිභෝජනය කරන රටවල් සංඛ්යාව පළොවකි. රටවල් පහළොව අතුරින් ශ්රී ලංකාව සිටින්නේ දෙවන ස්ථානයේ . මේ ආකාරයෙන් ජනතාවගෙන් බහුතරය නැවුම් කිරි පරිභෝජනය අඩුකර ඇති විටක එය හරහා වැඩිම හානියකට නිරාවරණය වී තිබෙන්නේ කිරි ගොවියා ය.

රජය.

රජය විසින් කිරි ලීටරයට සහතික මිළක් හඳුන්වා දෙමින්, කිරිමිළදී ගැනීම් සිදු කරන බව පැවසුවත් ක්රියාවලිය විධිමත්ව ක්රියාත්මක වනු දැක ගත නො හැකිය. එම කිරියාවලිය තුලද බොහෝ දුශ්කරතා දැකිය හැකි ය. පළමු කාරනය එම මධ්‍යස්තාන ගොවියන්ට ඉක්මනින් ලඟාවිය නොහැකි දුර ස්ථාන වල පිහිටා තිබීමයි.දෙවන කාරනය මිළ දී ගන්නා කිරි වලට රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිළ ලබා නොදීම හා කිරි මුදල් ලබා දීම කල් හැරීමයි.තුන් වන කාරනාව කිරිවල ගුණාත්මක බව පිළිබඳව සැලකිලිමත් නොවීම යි.
කිරි,එළදෙනගේ බුරුල්ලෙන් ඉවතට ගත් මොහොතේ සිට නරක් වීමේ කිරියාවලිය ආරම්භ වේ.එ නිසා දොවාගත් කිරි ඉක්මනින් මධ්යස්ථානයට ගෙනයාම වැදගත් වේ. එහෙත් පෙරකී ලෙස මධ්යස්තාන දුර පිහිටීම නිසා ද ගොවියාට වෙත කිරි ගෙන යාමට ඇති දුශ්කරතාවය නිසා ද (ප්රවාහන දුශ්කරතා, ගබඩා කරගැනීමේ ගැටලු) ගොවියාට තම කිරි වල ගුණාත්මක බව අඩුකර ගැනීමට සිදුවේ. මෙයට ඇති හොඳම පිළියම නම් ගොවියා වෙතට පැමිණ කිරි මිළ දී ගැනීම යි.
 එය රජයට සම්බඳ  කිරිමිළ දී ගැනීමේ ආයතන වලින් සිදු කළද එම ක්රියාවලිය ප්රශස්ත මට්ටමින් සිදුවනු දැක ගත නොහැකි .ඇතැම් විට එම මිළ දී ගැනීම් උදෙසා අදාල ලොරි රථ පැමිනෙන විට කිරි දොවා සෑහෙන වේලාවක් ගත වී ගොසින් ය.”අපි උදේ හයට ගන්න කිරි ටික එකතු කරඩ එන්නෙ නවයත් පහුවෙල.එතකොට කිරි ටිකෙන් වැඩක් නෑඑසේ අප සමඟ පැවසුවේ ටිකිරි බංඩා ගොවි මහතාය. එසේ ප්‍රමාද වූ විට කිරි මත බැක්ටීරියාවන් ක්රියාත්මක වීම ආරම්භ වේ.එනම් කිරි වල ගුණාත්මක බව අඩු වේ. මේ නිසාවෙන් ගොවියන්ගෙන් ලබා ගන්නා කිරිවලින් විශාල ප්රමානයක් විනාශ වීම සිදු වේ.
එසේමකිරි සඳහා රජය විසින් සහතික මිළක් නියම කර තිබූව ද රජයේ මිළ දී ගැනීම් හරහා   සහතික මිළ යටතේ මිළදී ගැනීම් සිදු වනුයේ බොහෝ විට කලාතුරකිනි.කිරි මිළදී ගැනීමේ සතික මිළ රුපියල් 70 වුවත් රජයේ මැදිහත් වීම් හරහාද සිදුවන මිළදී ගැනීම් වල ද කිරි මිළදී ගන්නේ රුපියල් 60-65 අතර මුදලකට බව ගොවියන් ප්රකාශ කරනු ලබයි.එසේම ඔවුන් කිරි එම මධ්යස්ථාන වලට ලබා දීමෙන් අනතුරුව එම මුදල ලබා ගැනීමට බොහෝ දින ගනනක් බලා සිටීමට සිදුවීමද ගැටලුකාරී තත්වයක් බව ඔවුන්ගේ මතය යි.
කිරිමිළ ස්ථාවර නොවීමට බලපාන අනෙක් කාරනය නම් කිරිවල ගුණාත්මක බව පිළිබඳව අවම ගුණාත්මක බවකින් යුතුව නිළධාරීන් ක්රියාත්මක වීම බව ගොවියන්ගේ අදහසයි.”එහෙ තියන සමහර භාජන ඇතුලෙ පණුවො.අපි ගිහින් ඒවට කිරි දැම්මහම කිරිවල පණුවො හිටිය කියල තමා කියන්නෙ.භාජනයක්වත් හරියට හෝදල තියන්ඩ කිසිම උවමනාවක් නෑ.” ජගත් ගේ හඬය.
ලංකාවේඑක් රජක් ගොස් තවත් රජයක් පැමිණි විට පසුගිය රජය විසින් කරන ලද කාර්යන් නැවැත්වීම විලාසිතාවක් බවට පත්කරගෙන ඇත. හරහා පීඩාවට පත්වන්නේ පාලනය යටතේම සිටිනා ජනතාව .යහපාලන රජය යටතේ එම ඉරනමට මුහුන දීමට කිරි ගොවියාට සිදුවී ඇත.පසුගිය රාජපක්ෂ රජය විසින් කිරි ගොවියාට ලබාදෙන ලද සහන මේ වන විට කපා හැර ඇත.වික්ටර් අයිවන් මහතා විසින් 2017.12.31 දින රාවය පුවත් පතට ලියන ලදදේවල් සිදුවන විකාරරූපී ස්භාවයනම් ලිපිය යටතේ පිළිබඳව මනාව පැහැදිළි කර ඇත. එයින් උපුටා ගත් කොටසක් පහත දක්වා ඇත.
මහින්දරාජපක්ෂ පාලන කාලයේදී ලංකාවේ කිරි කර්මාන්තය දියුනු කිරීමේ අරමුණින් ක්රියාත්මක කෙරුණු ලොකු වැඩ සටහනක් ක්රියාත්මක විය. සඳහා කිරි පට්ටි පාලනය සදහා ආයෝජනය කරන අයට සියයට හයේ පොළියට ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබුණි.හරකුන් රක්ෂණය  කළහැකි ක්රමයක් ද ඇතිකරන ලදී.ආනයනය කරන කිරිපිටි අධෛර්යමත් කිරීම සඳහා පිටි කිලෝවක් සඳහා රුපියල් 240 බද්දක් පනවන ලදී.අමු කිරිවලට ගෙවන මිළ තුන් වතාවක් වැඩිකොට ලීටරයක් සඳහා ගෙවන මිල රුපියල් 70 දක්වා ඉහල දමන ලදී.එසේ ඇතිකරන ලද වට පිටාවක කිරි හරක් කර්මාන්තයේ සැලකිය යුතු දියුනුවක් ඇති කිරීමට හේතු විය.”
කිරිගොවියා දිරිමත් කරමින් රාජපක්ෂ රජය ක්රියාත්මක කරන ලද ඒම වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම සාර්ථක වැඩ පිළිවෙලක් නොවූවත් එහි යම් වැදගත්කමක් තිබුණි.
“ඉස්සර වැස්සි පැටියෙන් ඉපදුනහම රුපියල් දහදාහක් දුන්න.මේ පාර ඒකත් නෑ.දැන් ඛණිජ ටිකක් විතරයි දෙන්නෙ.ඉස්සර ටිකක් හරි ගොවීන්ගෙ උනන්දුවක් තිබ්බනන් දැන් ඒකත් නැතිවේගෙන යන්නෙ”ඒ ටිකිරි බංඩා මහතාගේ හඬය.ඔහු කිරි ගොවියෙක් සේම,කිරි එකතු කරන්නෙක් ලෙසද කටයුතු කරයි.ගොවියන්ට තාක්ෂණික උපදෙස් ලබදෙමින් ඔවුන් නගා සිටුවීමේ වැඩපිළිවෙලක් ද එකළ ක්රියාත්මක විය.ඒවාට දැන් බාලගිරිදෝෂය සෑදීය.
එසේමවර්ථමානයේ ලාංකික කිරි ගොවියාට තරග කිරීමට සිදුවී ඇත්තේ තත්වයෙන්  අතිශයඋසස් කිරි නිශ්පාදන සමගය.එය පසුගිය රජය සමයේ නවසීලන්තය,ඕස්ට්රේලියාව ආදී රටවලින් ආනයනය කරන ලද උසස් තත්වයෙ එළදෙනුන් නිසාවෙන් සිදු වූවකි.එනම්,එම උසස් තත්වයේ එළදෙනුන් ඇති සත්ව ගොවිපළවල් වල කිරි උසස් තත්වයකින් හා පිරිසිදු බවකින් යුතු වීම හේතුවෙන් ඒවාට වැඩි ඉල්ලුමක් ඇති වේ. ඉල්ලුම හා තරඟ කිරීමට නම් දේශීය සාමාන් ගොවියාද හා සමාන ගුණාත්මක හා පිරිසුදු බවකින් යුතු කිරි නිශ්පාදනය කළ යුතු විය.එනිසා දේශීය ගොවියා ස්වකීය වෙළඳපළ ආරක්ෂාකරගැනීම උදෙසා ගුණාත්මක කිරි නිෂ්පාදනයට යොමුවිය විය. තත්වය අද ද දැක ගැනීමට හැකියාව ලැබේ.
දැන්ගොවීන්ගෙ කිරි සෑහෙන්ඩ හොඳයි,බැක්ටීරියා ප්රමානය සෑහෙන්ඩ අඩූයි.මේ වෙද්දි ලංකාවෙ හොඳම කිරි ලැබෙන්නෙ  වාරියපොළ ප්රදේශයෙන්.අපේ ගොවීනුත් මේ විදිහට ගුණාත්මක කිරි නිෂ්පාදනයට යොමුවීම වැද්ගත් දෙයක්, හරහා ඔවුන්ට ඉහළ වෙළඳ පොළ සමඟ තරඟ කිරීමේ හැකියාව ලැබෙනවඑසේ ගොවීන්ගේ වර්ථනාම කිරි නිෂ්පාදනයේ ගුණාත්මක බව පිළිබඳව අදහස් දක් වන්නේ ලංකාවේ ඉහළ පෙලේ කිරි ආශ්රිත නිෂ්පාධන සමාගමකට දියර කිරි ලබදෙන පෞද්ගලික සමාගමක නිළධාරී සමීර හේරත් මහතාය.
කිරිවලමෙම ගුණාත්මක බව දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා නිසි වැඩ පිළිවෙලක් මේ වන විට ක්රියාත්මක වන්නේ නැත. හරහා ගොවියා නැවත ත්ත්වයෙන් බාල කිරි නිෂ්පාදනය වෙත යොමුවීමේ අවධානමක් පවතී.
තවදකිරි ගොවීන්ට ඔවුන්ගේ සතුන්ට අවශ් අහාර ද්රව් ලබා ගැනීම සඳහා කොළඹ හෝ නුවර එළියේ යාමට සිදුව ඇත්තේ අවශ් සත්ව ආහාර නිශ්පාදන ආයතනයක් රටේ අනෙකුත් පැතිවල නැති බැවිනි.රටේ කිරි කර්මාන්තයෙන් වැඩිබරක් දරන වයඹ පළාත තුලද මේ ආකාරයට සත්ව ආහාර නිශ්පාදන අයතනයක් නොමැතිවීම කැපී පෙනෙයි.සතුන්ට අවශ් ආහාර අවශ්යතාවය හා පෝෂන අවශ්යතාවය සැපිරීම උදෙසා හේතුවෙන් ගොවීන්ට විශාල වෙසක් දැරීමට සිදුව ඇත.එසේම මේ ආහාර ද්රව් වල මිළ දිනෙන් දින ඉහළ යමින් පැවතීම ද ගොවීන්ට ඇති සෑහෙන ගැටලුවකි.පෙරදි රුපියල් පන්සීයට පමණ පැවති කිලෝ විසිපහේ ආහාර කොට්ටය මේ වන විට රුපියල් එක්දාස් දෙසීයක පමණ මිළකින් යුක්ත වේ.මේ මිළ ඉහළ යාම ක්රමානුකූල ලෙස සිදු වන්නක් නොවේ,වෙළඳ ඒකාධිකාරය  විසින්සිදුකරණු ලබන්නකි.එනිසා මෙයට රජයේ මැදිහත් වීමකින් යුතුව අමුද්රව් වලට පාලන මිළක් යෙදවිය යුතු ය. එසේ නොවන්නේ නම් යොදවුම් වල මිළ ගොවියාට දැරිය නොහැකි තරම් ඉහළට ගන්කළ හැකි ය.
ඉඩකඩසීමිත වීම හා තිබෙන ඉඩකඩ මදිවීම ගොවීන් මුහුණ දී තිබෙන තවත් ගැටලුවකි. සඳහා උක්ත උපුටනය සහිත ලිපියේදී වික්ටර් අයිවන් මහතා සඳහන් කරන ආකාරයට වගාකිරීම අතහැර තිබෙන අතහැර තිබෙන කුඹුරු ඉඩම් වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව පවතී.එසේම ක්ෂේත් අධ්යනයේදී දැක ගැනීමට හැකිවූ තවත් කරුණක් මෙහිදී සඳහන් කිරීම වටී.සාමාන්යෙන් ලංකාවේ කිරි ගොවියා කිරි ලීටර 50 පමණ ගැනීමට කිරි ගවයන් 20-25 අතර ප්රමාණයක් යොදා ගනී. ඒ පිළිබඳව  නම සඳහන් කිරීමට අකමැති රජයේ ක්ෂේත්‍ර නිළධාරියෙකු මෙසේ අදහස් දැක්වීය.” කිරි ලීටර් පනහක් ගන්ඩ සත්තු විස්සක් විසි පහක් හදන එක බොරු වැඩක්.සත්තු හතකින් අටකින් වගේ ප්‍රමාණයකින් මේ කිරි ගාන ලේසියෙන්ම ගන්ඩ පුළුවන්.”.එසේ වැඩි ගවයන් ප්රමාණයකින් සාපේක්ෂව සුලු කිරි ප්රමාණයක් ලබා ගැනීමට ගොවියක් කටයුතු කිරීම ඉඩ කඩ ප්රශ්නයට විශාල හේතුවක් බවට පත්වී ඇත. නිසා ඉඩ කඩ ප්රශ්ණයය ජය ගැනීමට ඇති තවත් මඟක් ලෙස ගොවියන්ට අවශ් තාක්ෂණික සහයෝගය ලබා දෙමින් අඩු ගවයන් ප්රමාණයකින් වැඩි කිරි ප්රමාණයක් ලබා ගැනීමට උනන්දු කිරීමද වැදගත්වේ. හරහා ගොවියාට දැරීමට සිදුවන පිරිවැය අඩුවනවා සේම,මතුවන ඉඩකට ප්රශ්ණයටද මනා පිළියමක් ලැබේ.
වෙළඳ  ඒකාධිකාරිය

දළ වශයෙන් කිලි ලීටරක් නිපදවීමට ගොවියෙකුට අවම පිරිවැය රුපියල් 38-40 අතර ප්‍රමානයක් ගනී.එහෙත් ඒ මිළට ප්‍රවාහන වියදම් හා අනෙකුත් ගාස්තු හා ශ්‍රම වියදමද එක් කළ විට විචලන විය හැකිය.එවිට සහතික මිළට කිරි ලීටරක් ලබා දුන්නද ගොවියාට ලැබෙන ලාභය ඉතාම අවම වේ.එහෙත් ව්‍යාපරිකයන් කිරි මිළදී ගන්නේ ඒ සහතික මිළටද නොවේ.ව්යාපාරිකයෝ  මෙහිදී  ඔවුන්ගේවෙළඳ ඒකාධිකාරිය නිර්මාණය කොටගෙනසිටී.
පාළනමිල කුමක් වුවත් ඔවුන් කිරි මිළදී ගන්නේ ඔවුන්ගේ මිළට ය.ඔවුන් වින්ම නිර්මාණය කරගෙන හා පවත්වාගෙන යන එම මිළ හේතුවෙන් ගොවියන් දැඩි පීඩාවකට පත්ව සිටී.මේ ව්යාපරිකයන් අතර මැදියන් ලෙසට වෙනත් නම් වළින් පෙනී සිටියද ඔවුන් සැබෑ ලෙසම ප්රධාන කිරි නිෂ්පාදන ආයතන වල නියෝජිතයන් ය.මොවුන් වෙළඳපොළ ආක්‍රමනයට යොදා ගන්න ක්රම අතිශ් සූක්ශම හා ආකර්ෂනීය වේ.රජයේ කිරි මිළදී ගැනීමේ ආයතනය විසින් කරනු ලබන අක්රමිකතා හා දුර්වලතා හොඳින් අවබෝධ කරගනිමින් ගොවියා වෙතට සමීප වීමට ඔවුන් කටයුතු කරයි.ඔවුන් නිසි වෙළාවට පැමිණ කිරි ගොවියාගෙන් ලබා ගැනීම සිදුකරනු ලබයි.ඉක්මනින් මුදල් ලබාදේ,ඔවුන්ගේ සමිති සමාගම් වල විවිධ උත්සව අවස්ථා වලට සහයෝගය ලබාදේ,එහෙත් කිරි වලට නිසි මිළක් ලබාදීම සිදු කරනු නොලබයි.එහෙත් ඔවුන් එය තුල මනා වූ ආකර්ෂණීය ස්වරූපයක් මවනු ලබ යි. සූක්ෂම හා සැඟවුනු ක්රියා වලිය මෙසේ ය.
එමවිශාල බහුජාතිය සමගම් මුලින් මෙසේ ඔවුන්ගේ නිළ නොවන හෝ නිළ නියෝජිතයන් හරහා කිරි මිළදී ගැනීම සිදුකළේ නැත.ඔවුන් සඳහා යොදාගනු ලැබුවේ සබෑ කිරි අතරමැදි කරුවන්ය.එහෙත් ඔවුන් එහිදී එම අතරමැදි කරුවන්ගෙන් කිරි මිළදී ගැනීම කරන ලද්දේ අතිශය අවම මිළකටය. නිසාවෙන් අතර මැදියන් ඔවුන්ටද ලාභයක් ලබා ගැනීමට අවැසි නිසාවෙන් ගොවියන්ගෙන් කිරි මිළදී ගත්තේ රුපියල් 63 හෝ 60 අඩු ප්රමානයකිනි. හරහා රජයේ මිළදී ගැනීම් යම් ස්තාවර මට්ටමක පැවතියත් රජයේ පැවති අකාර්යක්ෂම බව සහ ගොවියාට සමීප නොවීම හේතුකොට ගෙන ගොවියා සඳහා එතරම් යොමුවීමක් දක්නට නොලැබුණි.
මේතත්වය දිගින් දිගටම පවත්වාගෙන යමින් බොහෝ කාලයක් පුරාවට ගොවියාගෙන් කිරි මිළදී ගැනීම සිදු කෙරුනේ සහතික මිළටත් වඩා ඉතාම අඩු මිළ ගනන් යටතේ .එහෙත් පසුව අතරමැදියන් වෙනුවට කිරි සමාගම් වල නිළ නොවන නියෝජිතයන් කිරි ගොවීන් වෙතට පැමිණ කිරි මිළදී ගැනීම් වල නිරත් විය. පෙර අතර මැදියන් ගොවීන්ගෙන් කිරි ලබාගත් මිළට වඩා වැඩි ගනන් යටතේය.උදාහරණයක් ලෙස පෙර අතරමැදියන් කිරි මිළදී ගත්තේ රුපියල් 60 ත් 62 ත් අතර මුදලකට නම් මොවුන් රුපියල් 65 පමණ කිරි මිළදී ගැනීම සිදු කරයි.මේ , ම්ළ සහතික මිළට වඩා අඩු උවත් ගොවීන් පෙර හුරුකරනු ලද මිළට වඩා වැඩි මිළක් බැවින් ගොවියන්ට මෙය විශාල ලෙස් ආකර්ෂණීය ලෙස දිස් වේ. නිසාවෙන් ගොවියක් එම මිළදී ගැනීම් වලට විරෝධතාවක්නොදක්ව යි.එහෙත් සහතික මිළ රුපියල් 70 නිසාවෙන් ගොවියන්ට සිදුවන පාඩුව කිරි ලීටරයකින් රුපියල් 5 ප්රමණයක් ගනී. මේ මිළ ලාබය සමාගම් වලට ලබාගැනීමට හැකියාව ඇත්තේ කිරි ගොවීන්ගෙන් කිරි මිළදී ගැනීම් සිදු කරහොත් පමණි. නිසාවෙන් එම සමාගම් විශේෂ වරප්රසාද ගොවීන් වෙත ලබා දීමට යොමුවේ.
මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ එකම ආකාරය මෙය නොවේ.. ඔබටමතක නම් මීට වසර කිහිපයට පෙර  පැවතිකිරි ගොවීන්ගේ උද්ඝෝෂණ,කිරි මඟ දිගට හලමින්,කිරි හරකුන් පෙරටු කරගෙන පැවති විරෝධතා,මේවාද මේ ක්රියාවලියේම තවත් ස්වරූපය.එසේ නොමැති නම් රුපියල් දස දහස බැගින් දී කිරි හරකුන් ගෙන්වීමට වත්,වතුර මිශ් කළ කිරි හලන්නටවත් උවමනාවක්  නැත. උද්ඝෝශන හරහා කිරි මිලේ අර්බුධයක් මවා ස්වකීය වැඩ පිළිවලේ අවශ්යතාවය මතුකර ලීමට ව්යාපාරික ඒකාධිකාරියට හැකියාව ලැබුණි.
මෙහිදීපැහැදිලි ලෙසම සිදු වන්නේ ගොවියාව රැවටීම .ගොවියාට සමීප ලෙස පෙන්වමින් ඔහුගෙන් සූරා කෑම මේ සමාගම් විසින් සිදු කරනු ලබයි.ඒනිසා පැහැදිලි කාරණාව නම් කිරි ගොවීන්ගේ කිරි මිළ පිබඳව ගැටලුව වෙළඳ ඒකාධිකාරිය ස්වකීය අවශ්යතාවය මතම ගොඩනගන ලද්දක් බව යි. කිරි මිළ ස්තාවර මට්ටමක පවත්වා ගැනීමට නම් මුලින්ම මෙම ව්යාපාරික ඒකාධිකාරියෙන් කිරි ගොවියා ගලවා ගත යුතු ය.
ආශිත නිශ්පාදන

කිරිගොවියාට කිරි වලට සහතික මිළක් නොලැබෙන තැන ඔහුට තමන් විසින්ම කිරි ආශ්රිත නිශ්පාදන වල නියැලීමේ හැකියාවක් පවතී.එහෙත් ඊට එරෙහිව ඇති භාදක පිළිබඳව සිසිල් මද්දුම බංඩාර මහතා මෙසේ ප්රකාශ කරයි.”අපිට ස්වං රැකියාවක් විදිහට යෝගට් හදන්ඩ,චීස් හදන්ඩ වගේ දේවල් වලට යොමුවෙන්ඩ පුලුවන්,ඒත් දැන් තියන තරඟෙත් එක්ක දේ කරඬ අමාරුයි.මොකද දැන් තියන නිශ්පාදන ලොකු කොලිටි එකක් එකක් එන්නෙ.ඒත් අපට තනියම තැනට යන්ඩ බෑ.”
වර්ථමානවෙඳපළ සමඟ තරඟ කරමින් ගොවියාට ස්වකීය නිශ්පාදන ඉදිරිපත් කිරීමට රජයේ උපදෙස් සේම උපකාරයද යොමුවීම වැදගත්ය.එසේත් නැත්නම් රජය විසින් මැදිහත් වී එවැනි නිශ්පාදන කළ හැකි ආයතනයක් නිර්මාණය කිරීම වැදගත ය. හරහා කිරි වෙලඳපළ තුල තරඟකාරී අවස්තාවක් ඇති කරමින් මනාවූ මිළක් පවත්වාගෙන යාමේ හැකියාව ලැබේ.
ව්යාපාරයක් ලෙස

කිරිගොවීන් කිරි ගොවිතැනේ නියැලෙන්නේ ව්යාපාරික ස්වරූපයකින් නොවේ. තේතුවෙන් ඔවුන්ට තුලින් ලාභ උපයා දියුනු කිරීමේ අවසිතාව මගහැරෙමින් පවතී. සාමන්යෙන් කිරි විකිනීමෙන් එදිනෙදා ලබාගන්න මුදලින් සතුන්ද නඩත්තු කර ස්වකීය පවුලද පෝෂණය කරමින් දියුනු වීමට කිරි ගොවියාට හැකියාවක් නොමැත. නිසාවෙන් එදා සිට අද දක්වාම කිරි ගොවියා එකම තැන,ත්වරනයක්  නොලබමින්සිටී.
සමාන්යෙන් කිරි පට්ටියක ඉපදෙන වසුපැටවුන් තරමක් වැඩුනු පසු මසට ලබාදිය යුතුය.එසේ නොමැතිව ඔවුන් පෝෂනය කරමින් රැක බලා ගැනීම ව්යාපාරික අතින් බලන කළ මහත් පාඩුවකි.එසේම කිරි ලබා ගැනීමට නොහැකි එළදෙනුන් ද මසට ලබා නොදී රැකබලාගැනීම ලාභ ඉපයිය හැකි ක්රමයක් නොවේ.එහෙත් මේ සඳහා ප්රායෝගික ගටලුවක් පවතී.
ලංකාවේබහුතරක් කිරි ගොවියෝ ස්වකීය සතුන් මසට ලබා දීමට දැඩි විරෝධතාවක් දක්වයි.ධර්මපාල චින්තනමය ස්වරූපය බොහෝ කිරි ගොවීන් සතුව පැවතීම මෙයට හේතුවයි.එහෙත් මේ සම්බඳව සුදුසු වැඩපිළිවෙලක අවශ්යතාවය පවතී.එසේ නොමැතිව කිරි ගොවියා නගා සිටුවීමට හැකියාවක් නැත.මේ අවශ්යතාවය පූරණය නොකිරීම පසුගිය රාජපක්ෂ රජයේ කිරි ගොවියා නගා සිටුවීමේ වැඩපිළිවෙල තුල දැකගත හැකි වූ දුර්වල තාවයකි

මේස්වරූපයෙන් කිරි ගොවිතැන පැවතියහොත් දියුනු කිරීම කෙසේ වෙතත් අනාගතයේ ලංකාවෙන් කිරි ගොවියන් තුරන් වී යා හැකිය. බව එක් කිරි ගොවියෙකු මෙසේ පැවසුවේය.”අපි එළදෙනක් අරගෙන හදන්නෙ බොහොම අමාරුවෙන්.පුන්නක්කු වල මිළ වැඩී,ඛණිජ වල මිළ වැඩී.තණ කොළ ටිකක් හොයා ගන්නෙ බොහොම අමාරුවෙන්.මෙහෙම ගියොත් මේක නවත්තල දානඩ වෙන්නෙ.බඩුවල මිළ කොච්චර වැඩි උනත් කිරි වල මිළ කවදාවත් වැඩි වෙල නෑ.ඒක එහෙම්මමයි.හදිස්සියකට ණයක් ගන්ඩ ගියොත් ඒක ගන්ඩ බෑ.කොහොමද අපි මේක කරන්නෙ.” අවසන පිළිතුරු සැපයිය යුතු ගැටලුවකි.
%d bloggers like this: