Menu Close

පොහොර සහ වී

 ලංකාවේප්රධාන අහාරය වන්නේ බතයි.එහෙත් බත කරන ගොවියන්ට දිගින් දිගටම ලැබෙනුයේ කුඩම්මාගේ සැලකිලිය.පසුගිය දශක කිහිපය පුරා ලංකාවේ කෘශිකර්මාන්තය දෙස බැලූවිට එය මනාව තහවුරු වන කාරනයකි.

වර්ථමානයේදීගොවියා මුහුන දී ඇති ප්රධානතම ගැටලුව නම් පොහොර හිඟය යි.රජය විසින් දිගින් දිගටම රට තුල පොහොර හිඟයක් නොමැති බවද,පොහොර හිඟය රජය අපහසුතාවට පත්කිරීම උදෙසා මාධ් විසින් මෙහෙයවන මාෆියාවක් බවද  පවසනු ලබයි.එහෙත් ඔඹට අනුරාධපුරය,තඹුත්තේගම,පොළොන්නරුව ආදී ප්රදේශවල සංචාරය කිරීමට හැකියාවක් ඇත්නම් පැහැදිලි ලෙසම පොහොර හිඟයෙන් ගොවියක් දුක් විඳින ආකාරය දැක ගැනීමට හැකියාව ලැබේ. මේ ප්රදේශ වල මිනිස්සුන්ගෙ ප්රධානතම ආදායම් මාර්ගය ගොවිතැන වේ.රාජාංගනය ව්යාපරයේ පමණක් ගොවි පවුල් හතලිස් පන්දහසක පමණ ප්‍රමාණයක් සිටී.

රසායනික පොහොර නැතුව වගා කළ නොහැකිද?

වර්ථමානයේ විවිධ සංවිධාන, විවිධ පුද්ගලයන් සේම පාලකයන්ද ජනතාව කාබණික පොහොර කෙරෙහි නැඹුරු කිරීමට උත්සහ දරනු ලබයි.එහෙයින් වී ගොවිතැන උදෙසාද කාබණික පොහොර භාවිතා කර වගාකිරීම් සිදුකළහොත් මෙයට සෑබෑ පිළිතුරක් ලැබෙතැයි ඇතැමෙකුට තර්ක කළ හැකිය එහෙත් එහිදී මතුවන ගැටලුව ප්‍රායෝගිකය.ලංකාවේ දැනට ගොවීන්ට ලබාදෙන බීජ සුදුසු වන්නේ,එයින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ රසායනික පොහොර භාවිතා කරමින් වගාවන් සිදු කලොතින් පමනයක්.ඒ පිළිබඳව ගැමුණු එක්සත් ගොවි සංවිධානයේ ලේකම් ඩී.පී. උපාලි ජයවංශ මහතා මෙසේ පැහැදිලි කළේය.”රටේ කාබණික පොහොර වලට ගැලපෙන පොහොර නිශ්පාදනය කරල නෑ.ගොවියගෙ ප්රධානතම ආදායම් මාර්ගය ගොවිතැන.ඔහු ඒක හන්ද වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වෙනව.එහෙම වැඩි අස්වැන්නක් ගන්ඩ පුලුවන් කාබණික බීජ අපි ලඟ නෑ.එතකොට කෘතිම පොහොර වලට හුරුවෙච්ච බීජ වලට කාබණික පොහොර යොදල ලොකු අසවැන්නක් ගන්ඩ බෑ.එහෙම ගන්ඩනන් දෙමුහුන් බීජ නිශ්පාදනය වෙන්ඩ ඕනෙ.ගොවියට හැමෝම කියන්නෙ කෘතිම පොහොර අඩුවෙන් පාවිච්චි කරන්ඩ කියල.ඒත් පොහොර අඩුවෙන් ගැහුවහම අස්වැන්නත් අඩුයි.අස්වැන්න අඩු වෙද්දි ගොවිය ජීවත්වීමේ ප්රශ්නයකට මැදිවෙනව.මොකද ගොවීන් වගා කරන්නෙ ණයට අරන් නැත්තන් පොළියට අරන්.ගොයන් ගහ කපද්දි ණය කාරයො එතන.ඉතින් ගොවියට ණයයි පොළියයි ගෙවල අතට ගානක් ඉතුරු කරගන්ඩ වැඩි අස්වැන්නක් ගන්ඩනන් රසායනික පොහොරම පාවිච්චි කරන්ඩ වෙනව”
 
අනුරාධපුර,පොළොන්නරුව,තඹුත්තේගම,කුරුණෑගල ආදී ප්‍රදේශවල බොහෝ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ වී ගොවිතැන යි.එනිසා වැඩි ප්‍රතිලාබ ලබා ගැනීමක් උදෙසා ඔවුන් යොමුවීම වැදගත් වේ.එනිස කාබණික පොහොර විකල්පයක් ලෙස යෝජනා කිරීම සාධාරන වන්නේ නැත.කාබණික පොහොර වලින් වගා කිරීමට නම් ඊට ගැලපෙන බීජ නිශ්පාදනය විය යුතුය.එකී අවශ්‍යතාවය පූරණය නොවී ගොවියා කාබණික වගාවට යොමුකිරීමේ හැකියාවක් නැත.

උතුරු මැද දිස්ත්‍රික්ක වල පළාතේ බහුල ලෙස වකුගඩු රෝග උක්ත ප්‍රදේශවල දැක ගත හැක්කේද කාබණික පොහොර භාවිතා කිරීමට නොහැකි වීමත්,ඒ නිසාවෙන් රසායනික පොහොර භාවිතා කිරීමත් නිසාය.

පසුගිය අලාභ.

මේ වනවිට දිවයින පුරා බොහෝ ගොවීන් කන්න දෙකක් ඇතැම් විට තුනක්ද වගා කිරීමට නොහැකිව වගාවන් අතහැර දැමීමට සිදුවිය.අප සංචාරය කළ රාජාංගනය,කුරුණෑගල,දේවහුව ආදී ප්‍රදේශවල තත්වය වඩාත් උග්‍ර ලෙස පැතිරී තිබිණි.ගොවීන් ප්‍රකාශ කළේ පසුගිය කාලයේ පැවති ගං වතුර සහ නියඟ තත්වයක් ඊට හේතු වූ බවයි.දෙදහස් දහසය වසරේ සිට මේ දක්වා වන විට අත් හැරී ඇති කන්න ප්‍රමානය කන්න තුනකි.අවුරුද්දක කන්න දෙකකි.ඒ යල කන්නය සහ මහ කන්නය ලෙසටය.ඒ අනුව එක් කන්නයක කාලසීමාව මාස හයකි.මේ අනුව පසුගිය කාලය තුල අවුරුධු එක හමාරකින් පමණ ගොවිතැන් සිදු කිරීමට නොහැකි වී ඇත.ඒ අවුරුදු එක හමාරක කාලය තුල වගාකර ඇත්තේ දළ වශයෙන් සම්පූර්ණ ප්‍රමානයෙන් සියයට විස්සකටත් අඩු ප්‍රමාණයකි.එහෙත් මේ වන විට,එනම් කන්න තුනකින් පොරොත්තු වී ගොවිතැන් කරන ලද ප්‍රමානය සියයට අනූව,අනූ පහ තරමේ වෙයි.
ඒ අනුව පසුගිය කාල සීමාවට වඩා වගාකරන ලද ගොවීන්ගේ ප්‍රමානය ඉහල ගොස් ඇති බව දැක ගත හැකිය.ඒ හෙයින් පොහොර නොමැතිව අසරණ වී සිටින ගොවීන්ගේ ප්‍රමානය ඉහළය.

පොරොන්දු.

ගොවීන් මේ මහ කන්නයේ වැඩ ආරම්භ කිරීමට පොරොත්තුව ඔවුන්ට පොහොර සහ මුදල් ලබාදෙන බව පොරොන්දු ලබා දී ඇත.ඒ පිළිබඳව ඔවුන් අපට මෙසේ ප්‍රකාශ කළේය.” ගොවි සංවිධාන වල නියෝජිතයො,අදාල නිළධාරීන් පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ් අධියක්ෂක ඔක්කොමල කීවෙ වැඩ කරල සති දෙක යද්දි පොහොර,පොහොර මුදල් දෙනව කියල.හැබැයි වැඩ කරල දැන් මාසෙකටත් වැඩී අද වෙනකන් කිසිම දෙයක් දීල නෑ. හැමදාම කියනව පොහොර ගන්ඩ සල්ලි දාල කියල.බැංකුවලනන් නෑ ඒ ගොල්ලන්ගෙ ගෙවල් වලනන්  ඇති. අපි හරි අසරණ වෙලා ඉන්නෙ.පොහොර ගන්ඩම තැනක් කොහෙවත් නෑ.රජෙන් හැමදාම ටීවී එකේ කියනව පොහොර දෙනව දෙනව ජියල ඒත් අපට දෙන්නෑ.,සල්ලිත් නෑ.”
ඔවුන්නිළධාරීන් දී ඇති පොරොන්දු මත පදනම්ව වගාවන් ආරම්භ කර ඇත.ඒවා මේ වන විට මාසයක ම ඉක්ම ගොසින්ය,ඇතැම් ඒවාට මාසයකුත් දවස් විස්සද ගෙවී ගොසින්ය. ඇතැම් කුඹුරු වලට එක් වතාවක් පමණක් පොරොර යොදා ඇත.මොවුන් අතරින් වැඩිදෙනා මෙසේ ගොවිතැන් කර ඇත්තේ මුදල් ණයට හෝ පොළියට ලබා ගනිමිනි. නිසාවෙන් ඔවුන් මේවන විට මුහුණ දී ඇත්තේ දැඩි අසීරුතාවකටය.
අපට අතර මඟදී හමුවූ ගොවියෙකු ද පොහොර ගැටලුව පිළිබඳ දොඩමලු විය.ඔහු සිටියේ පාපැදියක නැගී.මුදලක් මිට මොළොවාගෙනය.ඔහු මෙසේ කීවේය.”පොහොර ගන්ඩසල්ලි අතේ තියාගෙන ඇවිඳිනව ඔහෙ නෑ. මම දැන් හැතැම්ම දහයකට එහා බයිසිකලේ පැද්ද. පොහොර ටිකක් ගන්ඩ තැනක් නෑ. බැංකුවට සල්ලි ඇවිල්ලත් නෑ.බැංකුවෙන් අහපුවහම සල්ලි නෑ කියනව.දැන් අපි මොකද කරන්නෙ මේකට. මේ සල්ලි වලින් වහ ටිකක් බීල නිදාගන්ඩ තමයි වෙන්නෙ.”
අදමගෙ මහත්තයො මේ,වැලිකැටයක් ගානෙ කඹුරනව,මට සල්ලි නෑ,ගෙදර කන්ඩ තිඹුන වී උරේ ගිහින් දීල තමයි කුඹුරට තෙල් ටික ගැහුවෙ.” හඬමින් අප වෙත ඔවුන්ගේ අවනඬුව කී තවත් ගොවි මහතෙකි. ඔවුන්ව මෙතැනට පත්කර ඇත්තේ වගකීම් විරහිත නිළධාරීන්ගේ පොරොන්දු සහ ක්රියා කලාපයන්ය.

කාළෙ පැනල.

මේ වන විට කුඹුරු වලට පොහොර යෙදිය යුතු කාළ සීමාව ඉක්ම ගොසින්ය.එනිසා අප නිරීක්ෂණය කළ කුඹුරු බොහොමයක් කහ පැහැයට හැරී තිබෙනු අපට දැකගත හැකිවිය.සාමාන්‍යෙන් වී වගා කිරීමෙන් අනතුරුව දින හතලිස් පහෙන් බංඩි පොහොර යෙදීම කළ යුතුය.එසේ නොකළ හොත් ගොයමට නිසි පෝෂයන නොලැබී,නයිට්‍රජන් ප්‍රමානය අවම වීම නිසා ගොයම් ගස කහ පැහැයට හැරීම සිදු වේ.එහෙත් පෙර ලියුම් කරු විසින්ම සඳහන් කරන ලද ආකාරයට ඇතැම් කුඹුරු වලටදින හතලිස් පහ ඉක්මව ගොස් ඇති මුත් පොහොර නොමති නිසා සහ මුදල් ලබාදී නොමැති නිසා පොහොර යොදා නොමැත.මෙසේ දිගින් දිගටම පොහොර යෙදීම අතපසු කිරීම හරහා ඇතිවන ත්වත් ගැටලුවක් නම් පණු රෝඅග ඇති වීමයි.ඒ බව අපට නිරීක්ෂනය කිරීමට හැකියාව ලබුණි.“ගොයමට මාසඑකහමාර ගියායින් පස්සෙ පොහොර වැඩකුත් නෑ ගොයමට. දැන් ගොයම් ගහ කහ වෙලා.අද හෙටම පොහොර නොගැහුවොත් තව කහ වෙනව.ඊට පස්සෙ ගහ පුපුරනව. .පොහොර අඩු උන ගමන් ගොයම් ගහ හැදෙන්නෑ .පොහොර නොගැහුව කියන්නෙ මේ කුඹුරෙන් ආදායමක් ගන්ඩ බෑ,ඉවරයි. අපි මේව ණය වෙලා කරන්නෙ.අන්තිමට ණය ටික ගෙවා ගන්ඩවත් අස්වැන්නක් ගන්ඩ බෑ. දැන් යායටම පණු රෝගෙකුත් ඇවිල්ල.ඒව බලන්ඩ කවුරුත් නෑ.රතු කැටයි,කළු කැටයි,යූරියයි,බංඩි පොහොරයි ඔය අනන් මනන්කලවං කරපු පොහොර එකක් තියනව ඒව ගහල වැඩක් නෑ. ඒක බාල පොහොර එකක්”

වැඩි මිළට.

මේව්වන විට වෙලඳ පලේ ඇති සුලු පොහොර ප්රමාණයද විකුණනු ලබන්නේ වැඩි මිළටය.එය රුපියල් දෙදහස් හය සියයේ සිට රුපියල් තුන්දහස අතර අගය පරාසයක් ගනී. මේ හේතුවෙන් ගොවියන්ද පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටය.ණයට වේවා,පොළියට වේවා,උගසට වේවා  මුදල්ගෙන පොහොර මිලදී ගන්නා මුදල නැවත ලැබෙන්නේ නම්  පාඩුවවන්නේ ගෙවීමට වන පොළී මුදල පමණක්ය.එහෙත් රජය විසින් ලබා දෙන සහනාදාරයේ වටිනාකම වන්නේ සහතික පොහොර මිළ පමණක්ය.ඔවුන්ට වැඩි මිළට පොහොර ගැනීමට සිදුවූ විට පොහොර වලට වැඩියෙන් ගෙවූ මිළ ණයේ පොළී මුදලද යන දෙකම වැඩියෙන් ගෙවීමට සිදුවේ. එවිට ගොවියෙකුට කන්නයක් උදෙසා ඉතා සුලු ලාභයක් ලබා ගැනීමට විශාල මුදලක් යට කිරීමට සිදුවේ.
එසේම දිනෙන්දින යෙදවුම් වල මිළ ඉහළ යමින් පවතී. පිළිබඳව ඔවුන් දරන්නේ මෙවැනි අදහසකි.
එකගොවියෙක්ට මෙහෙ දීල තියෙන්නෙ අක්කර දෙකයි.අක්කර දෙකට රුපියල් දහදාහයි දෙන්නෙ, කියන්නෙ පොහොර මිටි හතරයි.ඒත් වැඩි මිළට ගත්තොත් හතරක් ගන්ඩත් බෑ. සමහර කඩ වල පොහොර තියනව,ඒත් අඳුරන අයට විතයි දෙන්නෙ.මොකද වැඩිමිළට විකුණන හින්ද.පංගුවක් කඩවල රුපියල් දෙදාස් හයසීයයි,තසීයයි අටසීයි.ඒත් ඉතින් අඳුරන්නෙ නැත්තන් දෙන්නෙ නෑ. ගොවිජන සේවා එකට පොහොර ඕනෑ තරන් ගේන්නෙ නෑ.පොඩ්ඩක් ගේනව එක දවසින් ඉවරයි. දවසින් දවස මිළ  වැඩී.පොහොරකොට්ටෙ මිළ වැඩී,උඩලු තලේ මිල වැඩී,කෘමිනාශක මිළ වැඩී,වල් නාශක මිළ වැඩී එතකොට කම්කරු කුරී,හාන කුලී ගොවියට දරා ගන්ඩ බෑ
“ගියසැරේ නන් කෑ ගහල ගත්ත.මේ සැරේ කෑගැහුවෙ නැති හන්දද කොහෙද පොහොර නෑ. අපි දුන්න ඡන්ද අරගෙන ගිහිල්ල රඟපාන ඔය මිනිස්සුම තමයි අපිව නන්නත්තාර කරල,චාටර කරල ඉවර කරල තියෙන්නෙ.ගිය සැරේ අර  අනාතහාල් දුන්න. හාල් කනවට වඩා හොඳයි වහ ටිකක් කනව.මොන මාලු ගත්තත් ජිරි ජිරි ගගා හැපෙන්නෙ.ගොයමට ඕනෙ වෙලාවට තෙල් ටික නැත්තන්,ඕනෙ වෙලාවට වතුර ටික නැත්තන්,ඕනෙ වෙලාවට පොහොර ටික නැත්තන් ගොවිතැන් කරල වැඩක් තියනවද.”ඔවුන් සිතෙහි ඇති ආවේගය වචන බවට පෙරලයි.ඒ අතර ඇතැමෙක්ගේ ඇස් තෙත්වේ.
මඩ සෝදාගත් කළ ගොවියා රජ කමටත් සුදුසු වේ යයි පැරණි කියමනක් ඇත.එනම් එකළ ගොවියාට රජෙකුට සේ සැලකීමට සමාජය සූදානම්ව සිටියේය.ඒ එකල සමාජයට බත සැපවූයේ ඔවුන් නිසාවෙනි.අදද එතරම් වෙනසක් නැත.ජනතාවගෙන් බහුතරයකගේ ප්‍රධාන ආහාරය බත්ය.එහි උත්පාදකයෝ ගොවියෝ ය.එනිසා ඔවුන් මේ වැලපෙන්නේ රටක බහුතරය උදෙසාය.බහුතරයකගේ සුභ සිද්ධිය උදෙසාය.බහුතරයකට කෑම සැපයීම උදෙසාය.එනිසා ගොවියා රැක ගනීම අපයේ යුතුකමද වගකීමද වියුතු බව ලියුම් කරු අවසාන වශයෙන් සඳහන් කරමි.
“කන්න ගානක්වී ඇටයක් ගත්තෙ නෑ. දැන් වඩකරන්ඩ ගත්තහම පොහොර නෑ.”
අක්කරයක් වගා කිරීම
සඳහා යන පිරි වැය
(දළ වශයෙන්)
v බිම් සැකසීමට                       රු.10 000
v බිත්තර වී                           රු .  5 000
v කෘමිනාශක හා                  රු.   4 000
වල් නාශක                
v පොහොර                           රු.   5 000
v යාන්ත්රික
(අස්වැනු නෙලීමට )           රු.10 000
v කෑම බීම                              රු. 7  000
v ශ්රමික පිරිවැය                    රු. 10 000
එකතුව රු.
මුලු දළ පිරිවැය (පොහොරසඳහා අක්කරයකට රජය රු. 5 000 ලබාදේ)රු.51 000-  රු.5 000
                         =  රු. 46 000.00
අක්කරයක ආදායම
(දළ වශයෙන්)
අක්කරයකින් ලැබෙන වී කිලෝ ප්රමානය –  කි.ග්රෑ.2000
වී කිලෝවක සාමාන් වෙලඳ පොළ මිළ–    රු.42
අක්කරයකින් ලබෙන දළ ආදායමරු. 42* කිලෝ ග්රෑ. 2000
                                                              =රු.84 000.00
ගොවියාට ලැබෙන ශුද්ධ දළ ආදායම  රු.84 000 – රු.46 000
                                                               =රු.38 000.00
(මේදත්ත වාර්ථාව සාදා ඇත්තේ ගොවියන්,ක්ෂේත් නිළධාරීන්ගෙන් ලබාගත් තොරතුරු මත හා වර්ථමාන වෙළඳපොල වී මිලඳී ගැනීමේ වටිනාකම්  සලකමින්.)
(රාවය පුවත්පතට ලියන ලද සංස්කරනය නොකරන ලද ලිපිය )

%d bloggers like this: