Menu Close

මධ්‍යම අධිවේගය


රටක් දියුනු වනවානම් ඒ රටෙහි සංවර්ධන ව්‍යාපෘතීන් ඇතිවිය යුතුය.ඒවා රටෙහි ඉදිරි ගමනට වැදගත් වනුයේ එම සංවර්ධන ව්‍යාපෘතීන් කොතෙක් දුරට මහජනතාවට ප්‍රයෝජනවත් වනවාද සහ රටහි ආර්ථිකයට උරදෙනවාද යන කාරණය මතයි.එසේම ඒ හරහා මහජනතාවට පීඩාවක් හා ජීවිත වලට ඛේදවාචකයක් නොවීමට වගබලා ගත යුතුය.එහෙත් දිගින් දිගටම අපට දක්නට ලැබෙන්නේ ජනතාවයේ ජීවිත අනතුරේ හෙලමින් සිදුවන ලබන සංවර්ධන ව්‍යාපෘතීය.පරිසර පනත් උල්ලංගනය කරමින්,රටේ ජීවනාලය බඳු වනාන්තර විනාශ කරමින් සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපෘතීන් හරා සිදුවන හානිය කාලයත් සමඟ උග්‍ර වන ස්වරූපයට ඕනෑවටත් වඩා උදා හරන අප රට තුලින්ම ලබාගත හැකිය.

එසේ පරිසර පනත් තඹේකට මායිම් නොකර සිදුකරන උමා ඔය ව්‍යාපෘතියේ හානිය අප සියල්ලෝම හොඳින්ම දනිමු.අවතැන් වූ පවුල් සිය ගනනක්ය,එහි මිනිසුන් දහස් ගනනක්ය.ජලය නොමැතිවූ පවුල් දහස් ගනනක්ය,එහි මිනිසුන් දහස් ගනනක්ය.තවත්  ඝෘජුව සේම වක්‍රව අපහසුතාවට පත්වන මිනිසුන්ද ඒ ප්‍රරමානයට වඩිමිස අඩුනොවේ.මිනිසුන්ට වැරදීන් ස්වාභාවිකය.ඒවා පාඩම් කරගෙන නිවැරදි කර ගැනීම් විය යුතුය.එහෙත් සංවර්ධය ව්‍යාපෘතීන් තුලදී ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව පැහැදිලිවම දැක ගැනීමට හැකිය.පෞද්ගලික ඕනෑ එපාකම් උදෙසා ක්‍රියාත්මක වෙමින් ඒවා මුදුන් පමුණුවා ගැනීමට උත්සහ ගන්නවා විනා එතනින් එහාට යොමුවූ දූරදර්ශී ක්‍රියාමාර්ග පවතින්නේ අත්ශය දුර්වල මට්ටමකය.

‘දළදා වඳින්ඩ යන පාර’ ලෙස මහාමාර්හ අමාත්‍ය වරය හදුන්වන මධ්‍යම අධිවේගයේ ක්‍රියා වලියද මේ ආකාරමය ය.මධ්‍යම අධිවේගය ඉදිකරමින් ජනතාවගේ ජීවිත අනතුරේ හෙලන ආකාරය රාවය පුවත්පත තුලින් කිහිප විටක්ම පෙන්වා දී ඇත.අප මාර්ගය ඉදිකිරීමට පොරොත්තුවද,ඉදිකරමින් සිටින විටද ජීවිත සහ දේපල වලට ඇති අවධානම පැහැදිලිව පෙන්වා දුනි.එහෙත් ඒ අවධානම දිගින් දිගටම නොසලකා හැරීමට අමාත්‍ය වරයා ඇතුලු නිළධාරීන් කටයුතු කරමින් සිටී. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාම ජනවාරි මස පළවන දා ස්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්තානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ පරිසර වාර්තා උල්ලංගනය කරමින් සිදු කළ දක්ෂින අධිවේගයේ ඉදිකිරීම් නිසාවෙන් එය ගංවතුරට යටවූ බවයි.ඒ අනුව ඔවුන්ම පිළිගන්නා කාරනය ,එනම් පරිසර වාර්ථා උල්ලංගනය කරමින් සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් හරහා ආපදා සිදුව බව , ඔවුන් දැන දැනම උල්ංගනය කරමින් ජනතාවගේ ජීවිත අනතුරේ හෙලයි.
මෙසේ මිනිස් ජීවිත වලටා හා පරිසරයට උග්‍ර හානි සිදුකරමින් මධ්‍යම අධිවේගය උදෙසා පාරිසරික සම්පත් යොදා ගැනීම දැකගන්නට ලැබේ.මෙහිදී ඉදිකිරීම් සඳහා අවශ්‍ය පස් සහ ගල් සපයා ගැනීම උදෙසා විශාල ජෛව විවිධත්වයකින් හෙබි කඳුකර ප්‍රදේශ මේ වන විට විනාශ කරමින් පවතී.එමගින් සුවිශාල පාරිසරික හානියක් ඇතිවනවා සේම මිනිස් ජීවිතද අනතුරේ හෙලීමක් සිදුවේ.


පස් කපීම
කිසිඳු විභාගයකින් තොරව ගෙපල් කපන මුවාවෙන් සිදුකරන පස් කඳු කැපීම් වනාහි නායයාම් ඇතුලු ස්වාභාවික ආපධා රැසකට අත වනන්නකි.සාමාන්යෙන් ප්‍රාදේශීය ලේඛම් වරයෙකුට අවසර ලබා දිය හැක්කේ ගෙපලක් කැපීම සඳසා පස් කියුබ් 35 කට පමණි.එහෙත් එම පස් කියුබ් 35 බලපත්‍ර ලබාගෙන ගෙපල් කපන මුවාවෙන් දිනකට පස් කියුබ් සියගනන් ඉවත්කරනු ලබයි.මෙසේ පස් ඉවත්කරනු ලබන්නේ උස කඳු පොළොවටම සමතලා කිරීමෙනි.නැතිනම් පිහිටි ගල තෙක් කැපීමෙනි.අපට මේ ත්ත්වය අලව්ව විල්ගමුව වත්ත ප්‍රදේශයේදී පැහැදිලි ලෙසම නිරීක්ශනය කිරීමට හැකිවිය.ප්‍රදේශය බැලූ බැල්මටම ජෛව විවිධත්වයෙන් අනූන පේදේශක් බව පෙනේ එහෙත් ගම්මානය තුලට යත්ම ඒ හරිතපැහැ පරිසර වෙනුවට දැකගත හැක්කේ කාන්තාර මෙන් දුඹුරු පැහැයට හැරුනා වූ භූමියයි. සාමාන්යයෙන් දිනකට පස් කියුබ් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කරන බව ගම් වාසීන් පෙන්වා දෙයි. මේ හරහා සිදුවන පරිසර හානිය සුලුපටු නොවේ.අප විල්පත්තුව පිළිබඳ කතා කරමින් සිටී.ඒ සමගාමීවම වෙනත් වන විනාශයන් පිළිබඳවද කතා කරමින් සිටී.ඒ අතරතුර රජය විසින් මේ ආකාරයෙන් ක්‍රියා කිරීම අතිශය පිළිකුල් සහගතය.එය ජනතා තීරන හෑල්ලුවට ලක්කිරීමකි.සංවේදී පරිසර පද්ධතීන් ආරක්ෂා කරනවා යැයි පරිසර ඇමති ලෙස ජනාධිපති තුමන් කරන ප්‍රකාශ හෑල්ලුවට ලක්වීමකි.
මේ වන විට ප්‍රදේශයේ කන්දක පැත්තක් සම්පූර්ණයෙන්ම කපා ඉවත්කර ඇත.මේ වන විට ඉතිරව ඇත්තේ එහි එක් පැත්තක් පමණි.ඒ පැත්තේ පවුල් විශාල ප්‍රමානයක් මේ වන විට පදිංචි වී සිටී ඒ පිළිබඳ එම පදිංචි කරුවන් දක්වන්නේ මෙවැනි ප්‍රතිචාරයකි.

“අපේ කන්දෙ  සම්පූර්ණයෙන්ම එහා පැත්තකපල.දැන් කන්ද නායයන තත්වෙක තියෙන්නෙ.එතකොට අපේ ජීවිත වලට වගකියන්නෙ කව්ද” එම පස් කැපූ ප්‍රදේශයේ පස් ඉවත්කර ඇත්තේ සම්පූර්ණයෙන්ම දළ බෑවුමක් ලෙසටය.ඒ හෙයින් මොවුන් ප්‍රකාශ කරන්නේ සත්‍යක් බව බැලූ බැල්මටම අවබෝධ වේ. රාමස්සර ඛේදවාචකය,මාවනැල්ල අරනායක ඛේදවාචකය ඔබට මතක ඇතුවාට සැක නැත.විල්ගමු වත්තද එවැනි ඛේදවාචකයට බොහෝ දුරට ලංවී ඇති බව ගම්වාසීන්ගේ මතයි.

ගම්මානය වටාම කඳු වැටි සියල්ලම කපා ඉවත්කිරීමේ වැඩප්ළිවෙලක් ක්‍රියාත්මක වන මේ මොහොතේ මිනිසුන් නිවාස සදාගෙන කඳු බෑවුම් වල සිටිනා විට එවනි අවධානමක් නොමති බව කිසිවෙකුටත් ප්‍රකාශ කළ හැකි නොවේ. ඒ මහා ඛේදවාචක වූ සමයේ බොහෝ දෙනා විවිධ හේතු සාධක පෙන්වමින් එම විනාශයන්ට හේතු වූ කරුණු දැක්වීය.එම කරුණු වල දැකගත හැකිවූ ප්‍රධාන කරුණක් නම් කඳු බෑවුම් වල ඇති ගස් කැපීම හා විනාශ කිරීම එම නායයාම් වලට බොහෝ විට හේතු වූ බවයි.එය එසේ වෙද්දී මේ දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සහ ගන්නේ තවත් ඛේදවාචකයක් ඇති කර විමට දැයි සැකයක් මතුවේ.


මේ ආකාරයට ජල පෝෂක ප්‍රදේද විනාශ කිරීම හේතුවෙන්මිනිසුන්ගේ එදිනෙදා ජීවන කටයුතු වලට පවා විශාල තර්ජනයක් එල්ල වී ඇත.එසේම ප්‍රදේශය පුරාවටම විශාල දුවිල්ලක්ද පතිර පවතිනු දකත හැකි විය.මේ පස් කැපීම හරහා කෙත්‍රම් ටර්ජනයක් සිය ජීවිත වලට එල්ල වී ඇද්ද යන්න ඔවුන් මෙසේ ප්‍රකාශ කරයි.

 “පළවෙනිම දේ අන්තිමට මේ මිනිස්සුන්ට බොන්ඩවත්,නාන්ඩවත් වතුර ටිකක් නැතුව යනව.අඩුම තරමෙ ගොවිතැනක්වත් කරගන්ඩ වතුර ටිකක් නැතුව යනව.”මේවා නිකම්ම හිතලු ලෙස ඉවත දැමිය හකි නොවේ,හේතුව නම් පොළොව ගැන දන්නේ පොළොවේ ජීවත්ව මිනිසුන් නිසාය.

මේ වන විට සිදුවී ඇති විනාශටේ තරම අන්තාර්ජාල සිතියම් ආශ්‍රයෙන් පවා දැක ගැනීමට හැකිය.එක දිගට විශාල දුරකට මෙසේ පස් ඉවත් කිරීම සිදුකරයි.ඒ හරහා ප්‍රදේශයේ ඇති ජල උල්පත් බොහෝ ඒවා සිඳී ගොසින්ය.ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී ගොසින්ය.එය එසේ වී ඇත්තේ පස් ඉවත්කල මේ කඳු වැටි ජළ පෝෂක ප්‍රදේශ නිසාවෙනි.එනිසා සිදුවන පස් කපීම් නිසා මතුවන ප්‍රධානතම ගැටලුව නම් ජල උල්පත් සිඳී ගොස් ප්‍රබල ජල අර්බුධයක් ඇති වීමයි. මේවන විට විශාල ළිං ප්‍රමානයක් සේම ජළ මූලාශ්‍ර ප්‍රමානයක් ප්‍රදේශ්යේ සිඳී ගොස් ඇත.එසේම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය විසින්ම මීට කාලයකට පෙර සිදුකරන ලද ජල ව්‍යාපෘතියක්ද මෙම කඳු කැපීම හේතුවෙන් සිඳී ගොසින්ය.මේවන විට ලබෙන වර්ෂා ජලයෙන් කුඹුරු ගොවිතැන සිදු කළද සති කිහිපයක් ජළය නොමති වූවොත් පොළොවේද සංචිත ජලය නොමති නිසාවෙන් ඉදිරියේදී විශාල ජල අර්බුධයකට මුහුන දීමට සිදුවනු ඇත.
මේ ආකාරය සිදුවන විශාල ප්‍රමාණයෙන් සිදුවන පස් කැපීම් වලට භූවිද්‍යා හා පතල් කාර්‍යංශයෙන් අවසර ලබාගත යුතු වුවත් මේ සඳහා එවැනි බලපත්‍ර ලබාගෙන නැති බවත් ලබාගෙන ඇත්තේ ගෙපල් කපීමේ බලපත්‍ර පම නක් බවත් ඒ බව ප්‍රාදේශීය ලේකම්  කාර්‍යාලයෙන් තම් වෙත ප්‍රකාශ කළ බව ගම්වාසීන් පවසයි. 

“දැන් අවුරුදු දෙක තුනක ඉඳල මෙහෙ කඳු කපනව.ඒත් මේ තරන් ලොකුවට පටන් අරන් දැන්මාස දෙක තුනක්.අපි දන්න තරමින් මේවට අවසර අරන් නෑ.අපිට ඒජි ඔෆිස් එකෙන් කීව පර්මිට් දාල නෑකියල”
මොවුන් ගම්වාසීන් ලෙස දිගින් දිගටම මේ පිළිබඳව වගකිවයුතු පිරිස් වලට දැනුම් දුන්නද තවම කිසිඳු යහපත් ප්‍රතිපලයක් ලැබී නැත.දිගින් දිගටම සිදුවන්නේ රැවටීම් හා මඟහැරීම් බවට ගම්වාසීන් චෝදනා කරයි.වරක් ප්‍රාදේශීය ලේකම් වරයා පැමිණ නිරීක්ෂනය කර ගියද කිසිදු යහපත් ප්‍රතිචාරක් නොලැබුන බව ඔවුන්ගේ මතයයි.

මොවුන්ගේ මෙම උත්සහය මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් නවත්වන්නයයි කෙනෙකුට තර්ක කළ හැකිය.එහෙත් ඔවුන්ට එවැනි කිසිඳු බලාපොරොත්තුවක් නැත.ඔවුන්ට උවමනා වන්නේ ස්වකීය ජීවිත හා දේපළ වල ආරක්ෂාව තහවුරුකර ගැනීමය.එහෙත් එම ආරක්ෂා වීම පිළිබඳව ගටලුවක් ඇතිවී තිබෙන්නේ ඇස් පනාපිටම සිදුවනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාපයන් හරහාය.

මේ කඳුකර ප්‍රදේශ විනශ කිරීම හරහා සිදුවන තවත් හානියක් ලෙස වනසතුන් පහළ ගම්මාන වලට පිවිසීම දැකිය හකිය.බොහෝ කාලයක සිට වන සතුන් ජීවත් වූ කළෑ එළිපෙහෙලිවීම් හා ස්වකීව වාසස්ථාන නොමැති වීම හේතුවෙන් ඔවුහු ගම්මාන වලට පැමිනිති.ඒ පිළිබඳව ගම්වාසීන් දරන්නේ මෙවැනි අදහසකි “මේ කැලේ සත්තු හිටිය.ඌරො හිටිය මුවෝ හිටිය මොනරු හිටිය.උන් කොහෙ යන්ඩද දැන්? සත්තුන්ට ඉන්ඩ තිබ්බ භූමිය නැතිවෙලා.බොන්ඩ වතුර නෑ.කන්ඩ දෙයක් නෑ.”ඔවුන් පෙන්වා දේන කාරනාව පිළිබඳව කිසිවෙකු මේදක්වා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නති බව ඔවුන් පවසයි.වනජීවී දෙපාර්තුමේන්තුව හෝ වනසතුන් සම්බඳව ක්‍රියාකරන කිසිඳු ආයතනයක් මේවන විට මේ සම්බඳව ක්‍රියා නොකිරීම කනගාටුවට කරුණකි.

මැර ප්‍රහාර

පස් කපා ඉවත්කිරීම් හා ඒ සම්බන්දව ක්‍රියාකරන ව්‍යාපාරිකයන්ද ගමේ මිනිසුන් වෙති.ඔවුන් මුදලට ගිජුවී මෙම කාර්ය වල නියැයෙන බව ගම්වාසීහු චෝදනා කරති.ඒසේම ඔවුන් පිටුපස දේශපාලන බළපුලුවන්කාරකම්ද පවතින බවත් ඒ නිසාවෙන් තමන් වෙත නිරන්තරයෙන් බළපෑම් එල්ල වන බවත් එකමුතු පරිසර සංවිධානය පවසති.ඔවුන් පෙන්වා දෙන්නේ පස් ව්‍යාපාරිකයන්ගේ මැර ක්‍රියාකාරකම් නිසාවෙන් මිනිසුන් පස් කපීම් වලට විරුද්ධව කතා කිරීමට පවා බියවී සිටින බවයි. ඒ නිසාවෙන් පස් ජාවාරම අඛන්ඩව කෙරීගෙන යන ආකාරය ඔවුහු පෙන්වා දෙති.මෙම සංවිධානය් ගොඩ නගී ඇත්තේ විනාශ වීගෙන යන පරිසරය ආරක්ෂාකරගනීමේ අරමුණින් ගම් වැසියන්ගේ සහභාගීත්වයෙනි.

මීට ආසන්න කාලයකදී ගම්වසියෙකු මර ප්‍රහාරයකට මුහුණ දුන් බව ඔවුන් පවසයි. “පස් ව්යාපාරිකයොඅපිට තර්ජනය කරනව.මේ ලඟදි ඊට සම්ම්බන්ද කෙනෙක් අපට ගැහුව,අපි මේවට විරුද්ධ හින්ද ගොඩක්අය අපි එක්ක තරහයි”ඔවුන් විසින් දිගින් දිගටම මේ සම්බඳව විවිධ පාර්ෂවයන් දැනුවත් කලද ඔවුන්ගෙන් මේ වනතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර කිසිඳු විසඳුමක්ද ලබාදී නැත. මෙසේ මැර ප්‍රහාර එල්ල වන්නේ පස් කපීම නතර උවොත් දේශපාලන නියොර්ජිතයන් ඇතුලු දූශිත නිළධාරීන් බහුතරයකගේ සාක්කු නොපිරෙන බැවිනි.එ බවින් පස් කැපීමට එරෙහි වන්නන් දැකීම ඇසට කටුඅනින්නාක් තරම් ඔවුන්ට වේදනාකාරී වී ඇත
ගල් කැඩීම

පොතුහැර වදාකඩ වදාව ප්‍රදේශයේ මේවන විට විශාල වශයෙන් කලුගල් කැඩීම සිදුවේ.ප්‍රදේශවාසීන් මේ සම්බඳව ප්‍රකාශ කරන්නේ මේ නිසාවෙන් තමන් මහත් පීඩාවන්ට ගොදුරු වී සිටින බවයි.මෙම ප්‍රදේශය අනවසර ගල්කොරියක් ලෙස පවත්වාගෙන යන බවට ඔවුන් වැඩි දුරටත් චෝදනා කරනු ලබයි.ප්‍රදේශයේ ජනතාව එක් රැස් කරමින් ප්‍රමුඛ කාර්‍යයක නි‍යැලෙන ගල්කඩවල ඥානීස්වර හිමියන් ප්‍රකාශ කළේ මෙම ගල් කොරිය හේතුවෙන් විශාල ජළ ගැටලුවක් ප්‍රදේශයේ නිර්මාණය වී ඇති බවයි.එසේම එම ඉදිකිරීම් හා ක්‍රියාකාරකම් වලට සම්බඳ ආයතන විසින් ගැඹුරට හාරා සාදා ඇති නළ ලිං මේම ජළ ගැටලුවට ප්‍රමුඛ හේතුවක් වී ඇති බවයි.


ඔය ගල් දිගේ ඉස්සර වතුර ගැලුව.ගමට,වෙල් යායට වතුර ආවෙ ඔය කඳු හරහා.දැන් ඒ කඳු වල දිය සීරාවක් වත් නෑ.ඔක්කොම වතුර පාරවල් හිඳිල” උන්වහන්සේ වර්ථමාන තත්වය පහැදිළි කරයි.”කිලෝමීටරයක් විතර ප්‍රදේශයක මේ වෙද්දි ගල සම්පූර්ණයෙන්ම කඩල.ඕක ගල් කන්ද උනාට හොඳට ගහ කොළ තිබ්බ .තව ටික කාලෙකින් වතුර පොදක් නතුව මිනිස්සුන්ට වේලිල මරෙන්ඩයි වෙන්නෙ” ගල් කඩන කඳු වලට සමීපව ඇති පරිවාර කඳු වැටිද ගල් කදු වූවත් ඒවායේ ඇත්තේ සරුව වැඩුනු ගහ කොළ වලින් යුත් වනාන්තරයි.ඒවාද තව ටික දිනකින් ගල් කොරියට ගනීමට නියමිත බව උන්වහන්සේ පවසීය.ඒබව අපටද පහදිළි වූයේ ගස් ඉවත්කර එළිපෙහෙළි කරන ලද කන්දක් අපද දුටු නිසාවෙනි.
තත්වය සුලුපටු නොවේ.මීටර් සීයකටත් වඩා උස කඳු කඩන්නේ කිසිඳු ආරක්ශක උපක්‍රමයක් හෝ භාවිතා කරමින් නොවේ.එ යට හොඳම උදාහරනය නම් බෝර දමන විට විසිවී ගිය ගල් කැබල්ලක් අසල නිවසක වහලය මතට වටීමයි.එසේම කිලෝමීටරයක් පමන වන ගල් කොරියේ දමන බෝර නිසාවෙන් අවට නිවාස ඉරිතලීම් වලට පවා ලක්වී ඇතයි නම ප්‍රකාශ කිරීමට අකමැති වූ ගම්වාසියෙකු සඳහන් කළේය.ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඒ හරහා ඇතිවන දෙදරුම් තත්වයන්ද අතිශය පීඩා කාරීවන බවයි.

ඓතිහාසික  උරුම

මේ ප්‍රදේශය අයත් වනුයේ දඹදෙනියටය.එනම් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රදේශයකි.ඥානීස්වර හිමියන් ප්‍රකාශ කරන ආකාරයට මේ ප්‍රදේශයේ ඇති පෞරාණික හා පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ගලක්ද මේ වන විට විනාශ කර ඇත.”දළදා වහන්සෙ ප්‍රදර්ෂණයට තියල තිබ්බ තැනක් තිබ්බ මාලිගාගොඩ කියල පුංචි ගල් පව්වක්. ඒ ගලේ ගල් පඩි පවා කොටල තිබිල තියනව. මේ වෙද්දි  අධිවේගය හදන මිනිස්සු ඒක කඩල විනාශ කරල දාල ” පුරාවිද්‍යා හෝ ඓතිහාසික උරුමයක් යනු රටක ශ්‍රී විභූතිය හෙළිකරවන්නකි.එවන්නක් රටකට ආලෝකයකි.එනිසා බොහෝ දෙනෙකු එවැනි ඓතිහාසික දේ රක ගැනීමට බොහෝ විට උත්සහ ගනිති.එහ්‍රත් මෙහිදී සිදුවී ඇත්තේ අනෙකකි.පුරාවිධ්‍යා දෙපාර්තුමේන්තුවෙන් හෝ මේ පිළිබඳව කිසිඳු සොයා බලීමක් නොකිරීම කණගාටු දායකය.මේ හරහා අහිමි වන්නේ අනාගත පරපුරට සිය උරුමයයි.
මේ පිළිබඳව බළදාරීන්ට දැනුම්දීම් සිදු කළද මේ වනතෙක් කිසිඳු බළධාරියෙකු මේ පිළිබඳව නිරීක්ෂනයට හෝ නොපැමිණි බවට ගම්වාසීන් චෝදනා කරයි.

“අපි හයිවේ හදනවට විරුද්ධ නෑ.අපිට මේ වෙන හානිය නැතිකරල දෙන්ඩ” අනෙක් අසාධාරනයට ලක්වූවන් සේම මොවුන්ගේ ඉල්ලිමද එයයි.

මොවුන් අන්තගාමී නැත.අධිවේගී මාර්ග වලට විරුද්ධ නැත.නිළධාරීන් කියන්නා සේ සංවර්ධනයට අකුල් හෙලන්නේ නැත ඔවුන් ඉල්ලන්නේ තමන්ට වන අවධානම ඉවත්කර දෙන ලෙසට අහිංසක ඉල්ලීමකි.

(රාවය පුවත්පතට 2017.12.31 දින ලියුන ලද ලිපියකි.මෙය සංකරණයක් කර නොමැත)
%d bloggers like this: