Menu Close

පිස්සකුගේ දින සටහන් හා පුවත්


ජුනි විසිහතර

අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර එළිය මගේ මාපට ඇඟිල්ලට වැටුණ විදිහෙන්. එහෙම ඉර එළිය වැටෙන්න හරියටම අට වෙන්න ඕන. දැන් තමයි ඒ මහත මිසි බෙහෙත් අරන් එන්නේ. මම කොට්ටෙන් ඔළුව ටිකක් උස්සලා බලන්නේ ඈත තියාම එයා එන විදිහ බලන්න. වම දකුණ වම දකුණ එයා එන්නේ පැද්දී පැද්දී. අදවත් මම මහත මිසීට කියන්න ඕන ” දැන් මට පිස්සු නෑ කියලා” 
ජුලි හය
මහත මිසී දවස් දෙකකින් ඇවිත් නෑ. කෙට්ටු මිසී දුන්න බෙ⁣හෙත් වල පුදුම තිත්තක් තිබුණේ. තුන්වෙනි දවසේ මම කෙට්ටු මිසී දුන්න බෙහෙත් බිව්වේ නෑ. මම බෙහෙත් බොනකම් කෙට්ටු මිසී බලාගෙන උන්නෙත් නෑ. මිසී ගියාට පස්සේ මම බෙහෙත් පෙතී ඔක්කෝම සිරිපාලයාගේ කොට්ටේ යටට දැම්මා. කොයි වේලාවක හරි සිරිපාලයා බැනුම් අහාවී. ඕකට හොඳ වැඩේ.ඒ පිස්සා දවස් දෙකක්ම මහත මිසීට පාර හරස් කරලා බැන්නා. මහත මිසී ආවම මේ ඔක්කෝම කියලා හිනා වෙන්න ඕන. 

ජුලි දහය
මම රෑ වෙනකම්ම තමයි බලාගෙන හිටියේ. අද රෑ වැඩ මහත මිසී කියලා කෙට්ටු මිසී උදේ බෙහෙත් දෙන්න ආපු වෙලාවේ කිව්වා. මහත මිසී දවස් ගානකින් දකිද්දි කළින්ට වඩා කෙට්ටු වෙලා තිබුණා. ඒකයි ලඟට එනකම්ම අඳුනගන්න බැරි උනේ. ” වජිරට අපිව අමතකත් වෙලා” කියලා මහත මිසී කියපු විදිහට දුක හිතුනා. ඔළුව අත ගලා බෙහෙත් පෙති ටික අතේ තියද්දි ආයෙමත් ඒ දුක නැතුව ගියා. හෙටවත් මම මහත මිසීට කියන්න ඕන “දැන් මට පිස්සු නෑ. මම මිසීට ගොඩක් ආදරේයි කියලා” 
ජුලි දහතුන
මහත මිසී ඒක අහලා හරි ලස්සනට හිනා වුනා. “වජිර පොඩි එකෙක් වගේ” කියලා වෙනදාට මහත මිසී තමයි කියන්නේ. “අද මහත මිසීත් පොඩි එකෙක් වගේනේ” මම මහත මිසීට කියනවා. ” ඉතිං වජිර, වජිරත් පොඩියි, මමත් පොඩියි. ඒකනේ අපි ගැලපෙන්නේ.”
——————————-




ඉතුරු ටික මෙතනින් කියවන්න. ඒ පෝස්ට් එකට කලින් තියෙන පෝස්ට් එකනම් කීප දෙනෙක් කියවලා තියෙනවා. ඒක මම කියවල තියෙන හොඳම බ්ලොග් පෝස්ට් එකක්. ඒක මෙතනින්.


ඒ බ්ලොග් එක follow කරන්න වටින එකක්.  


———————-

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

%d bloggers like this: