Menu Close

බ්ලොග් වසන්තය 2017 | Sri lanka bloggers award ceremony

තුන්වැනි වතාවටත් බ්ලොග් වසන්තය සම්මාන උළෙල රත්නපුරේ සප්තපාදී හෝටලයේ දී අති සාර්ථකව පැවැත් වුණා. බ්ලොග් ලියන කියවන කාටත් මහත් විනෝදයක් ගෙනදුන් මේ අවස්ථාව උදාවුණේ ඉන්දික කොඩිතුවක්කු, දුශාන් කරවිට වගේම අතුල තිලක් රණසිංහ කියන බ්ලොග් කරුවන් තිදෙනා නිසයි.
බ්ලොග් කරුවන් බ්ලොග් ලෝකයෙන් ඈත්ව යන වකවානුවක ඉන්දික හා දුෂාන්ගේ සංකල්පයක් මත තමයි මේ බ්ලොග් වසන්තය ආරම්භ වුණේ. 

කොළඹ සිට රත්නපුරයට යන්න වාහනයේ පටන් සෑම සියලු දෙයක්ම ඉතාමත් මැනවින් සංවිධානය කර තිබුණා.
ගමන පටන් ගත් මොහොතේ පටන් ම එයට එක්වූ සෑම සියලු දෙනාම මහත් වින්දනයක් ලැබූ බව නම් කිව යුතුමයි.
මේ දවසේ මතක සටහන් පුංචි වීඩියෝවකට හසු කරගත්තේ මෙහෙමයි. විනාඩි හයයි. බොහොම කෙටියෙන් මේ තියෙන්නේ. මේ වීඩියෝවේ සියලුම පසුබිම් සංගිතයන් හා ගායනා අප අතර සිටි අපේ ම අයගේ වීම සුවිශේෂයි.
බ්ලොග් වසන්තය 2017 සම්මානලාභීන්……

ජනප්‍රිය බ්ලොග් රචක – ලක්මාල් කන්දේවිදාන
ජනප්‍රිය බ්ලොග් රචක – කීර්ති කුළසේකර
ජනප්‍රිය බ්ලොග් රචක – සුරංග ලියනගේ

ජනප්‍රිය ප්‍රතිචාරක – චම්පික ප්‍රසන්න 
ජනප්‍රිය ප්‍රතිචාරක – ලක්මාල් කන්දේවිදාන
ජනප්‍රිය ප්‍රතිචාරක – දුමින්ද අබේසේකර

විශේෂ සම්මානය – ජීවන ප්‍රනාන්දු
විශේෂ සම්මානය – රසික සූරිය ආරච්චි
අපගේ උණුසුම් සුභපැතුම් ඔබ සැමට.


ඉතින් යු ටියුබ් වීඩියෝව නරඹලා, මගේ චැනලයත් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම හැකිනම් ෂෙයා කරලා සහයක් දෙන්න.

%d bloggers like this: