Menu Close

සමාජ ජාල ඇත්තටම අවුල්ද?

අද ෆේස්බුක් ගිනුමක් නැතිකෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි. මේ බ්ලොග් එක කියවන ඔය ඇත්තොනම් ඊටත් එහා
ගිය නානාප්‍රකාර සමාජ ජාල ගොඩක ඉන්නව ඇති.

දෙයක් ප්‍රචලිත වෙන්න පටන්ගත්තහම ඒක ඇද හොයන සෙට් එකකුත් අනිවා ඉන්නවනෙ. ඔය කට්ටිය ආටිකල් දෙක තුනක්
හොයාගෙන
, ඒව උඩ දාගෙන “ෆේස්බුක් මාරයා” ගැන කතා කරන්න පටන් ගන්නව. “දේකට ගෙවන්නෙ නැත්තම් ඔයා
තමයි වෙළඳ භාණ්ඩෙ”, “ඕකට දාන දත්ත වල අයිතිය ඒගොල්ලන්ගෙ” වගේ බය හිතෙන කතා ගොඩක් ඔය සෙට් එකෙන් අහගන්න
පුළුවන්.

මේ හැමදේම වැරදියි කියල මම කියන්නෙ නෑ. විශේෂයෙන්ම බුකී සමාගමත්, ඒගොල්ලන්ගෙ බිස්නස් කෙරීගෙන යන විදිහත්, ඒගොල්ලො වෙළඳ දැන්වීම වලට ඔබව නතුකරගන්න යොදන උපාය මාර්ගත් දැක්කහම අපිට ඔකෙ නරක පැත්ත ගැන යම් වැටහීමක්
ලැබෙනව. ඒත් එක්කම එකේකාගෙ ඕපාදූප හොයන්නයි, රට ගිනි තියන පට්ට පල් බොරු ගහන්නයි, අල්ලපු ගෙදර මිනිහට
පේන්න නයි අරින්නයි බුකී යන ඕනෙතරම් මිනිස්සු ඉන්නව.

හැබැයි ඔය ඔක්කොටම වඩා සමාජ ජාලත්, විවෘත අන්තර්ජාලයත් හරහා අපිට ඉතාමත්ම වැදගත් දෙයක් ලැබෙනව.

1971 ජවිපෙ කැරැල්ලෙදි කැරලිකරුවො අත්පත් කරගන්න හදපු ඉතාමත්ම වැදගත් මරමස්ථානයක් විදිහට අපිට ශ්‍රී ලංකා ගුවන්
විදුලි සංස්ථාව හඳුනගන්න පුළුවන්. ඒ දවස් වල ටී. වී. ඇවිත් තිබුනෙ නෑ. රටෙ ලෝකෙ වෙන දේ දැනගන්න සාමාන්‍ය මිනිහෙකුට
තිබිච්ච එකම විදිහ රේඩියෝවයි. ඒ වගේම ආණ්ඩුවත් තම පාලනය ගෙනියන්න, විරුද්ධ මත යටපත් කරන්න ගුවන් විදුලිය
උපයෝගී කරගත්ත. එහෙම වැදගත් දෙයක් අල්ලගන්න කැරලිකරුවො ප්‍රමුඛතාව දෙන එක ඉතිං පුදුමයක් නෙමෙයි.

අද කැරැල්ලක් ඇතිවුනොත් වෙබ් සයිට්, බුකි පිටු, ට්විටර් අකවුන්ට් කී දාහක් කියල අල්ලගන්න ද?

Traditional vs Social Media

අද එහෙම කරන්න බෑ. තොරතුරු පිළිබඳව ආණ්ඩුවටත්, මාධ්‍ය ආයතන වලටත් තිබිච්ච ඒකාධිකාරිය අද බිඳ වැටිල. ඉහත කියපු
කැරලි කාලෙදි වගේම, 80/90 දශකවල යුද්ධ පුවත් වාරණයත් ඒ දවස් වල රෑට ප්‍රවෘත්ති බලපු ඕනම කෙනෙක්ට මතක ඇති. අද
මේ දේ කරන්න බොහොම අමාරුයි. මොකද මේ සියල්ල සමාජ ජාල තුළින්, ඡායාරූප/වීඩියෝද ඇතුළුව විදුලි වේගෙන් පැතිරෙන
නිසා. ආණ්ඩු පෙරලීමේ බලය බුකියට තියෙනව කියන්න අමාරුයි, ඒත් ආණ්ඩුව වගේම විවිධ ව්‍යාපාරද සමාජ ජාල නිසා සීරුවෙන්
ඉන්නව කියල කියන්න පුළුවන්. පාරිභෝගිකයන්ට සලකන ආකාරයේ ඉඳල විවිධ අක්‍රමිකතා වගේ දේවල් සමාජ ජාල වලින් පැතිරිලා,
එම සමාගම් අසරණ වෙච්ච වාර අනන්තයි.

පාලක පැලැන්තිය සමාජ ජාල වලට බයයි කියල අපිට උපකල්පණය කරන්න පුළුවන්. තමන්ගෙ බලය හීණ වෙන ඕනැම දෙයක් ගැන
සැකෙන් ඉන්න මේ උදවිය පාලනය කරන්න කොහෙත්ම බැරි සමාජ ජාල නිසා තමන්ගෙ පට්ටම නැතිවෙයි කියල බයවෙලයි ඉන්නෙ.

සමාජ ජාලත්, ඉන් පිටත විවෘත අන්තර්ජාලයත් 100% හොඳ දෙයක් නෙමෙයි. ඒත් ඒකෙ තියන නරක දේට වඩා අපිට ලැබෙන
බලය වැදගත් කියන එකයි මම හිතන්නෙ. ගතානුගතිකව අපිට කියවෙන, ඇහෙන, බැලෙන, ආකල්පමය වශයෙන අපිට සමාන
අදහස් තියෙන අපේම මිත්‍ර කණ්ඩායමට (“echo chamber”) එහා ගිහින්, එහා පැත්තෙ මිනිහ කියන්නෙ මොනාද කියල
බලන්න අපිට අවස්ථාවක් ලැබෙනව. සමාජයේ එක් සීමිත පිරිසක් අරක්ගත්ත “ජන සන්නිවේදනය” කියන එක හැබෑවෙන්ම “ජනතාවට” උරුම කරන්න සමාජ ජාල වලට හැකි වෙලා තියෙනව. එච්චර වදගත් දෙයක් මුළුමුනින්ම “අවුල්” කියල ඉවත දාන
එක අන්ත මෝඩකමක්.

අර උඩ ලින්ක් කරපු NPR ආටිකල් එකේ තියෙනව වගේ:

Kraut’s advice: “Don’t treat it as simple entertainment and consume everything that is put in front of you,” he said. “Use it more proactively to communicate with people that you care about.”

%d bloggers like this: