Menu Close

කුමරියේ බැලුම් හෙළන

තට්ටු තරාදිය කොක්ක උඩින්
වමතින් ඔසවාගෙන
දෙපැත්ත කැපෙන කඩුව
අනික් අතින්ගෙන
නීල දෑස රෙදිකඩකින්
වසා අඳකර
ජිප්සි සාය රැළි වළලුකර
වටා හැඩකර
කුමරියේ…

මලකඩ බැඳි
හයි වුණ පුරුක් දම්වැල්
එල්ලෙන තට්ටු යුවළ
දණ්ඩ මැද්දෙන් කොක්ක බදාගෙන
කිරන්නේ කෝමද සම බරව…
තිබුනට මුවහත දෙපැත්තේ
එක වගේ නැති කඩුව
කපන්නේ කෝමද සම සමව…
ඇත්ත කියාපන්
කුමරියේ…
දිරාපත්ව සිදුරු පෑදුණ
ඇස්බැඳි රෙදිකඩ තුළින්
නුඹ බලනවා නේද
නොපෙනෙනා සේ…

විඩාබර නම්
කුමරියේ…
පසෙකලා මොහොතක්
ඇස්බැඳි රෙදිකඩ 
තට්ටු තරාදිය
දෙමුවහත් කඩුව
දැතේ ඇඟිලි තුඩුවලින්
මෑත්කර විහිදුවා
රැළි සාය රවුමට
නටමු 
අහිකුණ්ඨික නැටුමක් 
සංගීතෙ තාලෙට…

English version: Beauty in Sad
%d bloggers like this: