Menu Close

මං කැමති ඇත්තටම….

මං කැමති ඇත්තටම
කැතම කැතම කොල්ලෙක්ට…
තෙල් බිදක් නොගෑවුන
රැළි ගැහුනු කොන්ඩෙකට

යටි පතුල් ගෙවී ගිය
ඉරි තැලුනු දෙපයකට
තැනින් තැන මල කාපු
ඉරී ගිය ඩෙනිමකට

කපන්නට හිතෙන් නැති
වැවුනු යටි රැවුලකට
හරි හමන් ජොබක් නැති
බිසී නැති කොල්ලෙක්ට

අත්ල මත හාදු පොදි
තවරනා දෙතොලකට
නිදි නැතුව රතු වෙච්ච
සෙනෙහෙබර දෙනෙතකට

අව්වටම පිච්චිච්ච
කලුම කලු මූනකට
ඇත්තටම මං කැමති
කැතම කැත කොල්ලෙක්ට….

%d bloggers like this: